එත් කලින් ඔය කරන්න ඕනේ දේවල් ඔක්කොම කරලා ඉවරකරපු, තව හැකියාවලුත් ගොඩක් තියන කෙනෙකුට, මොනවා හරි වෙනසක් කරන්න බැරිවෙයි කියල හිතෙන්නේ නැද්ද? මට හිතෙනවා මොනවා හරි කරන්න පුළුවන්මයි!
පස්සේ electronics වලට ඇදිල ගියා. හිතාගන්න බැරි development එකක්! මට මුල අල්ලලා දීපු අයත් පස්සේ මගෙන් අහගන්න ගනනට ආව. අලුත් අලුත් designing වගේ දේවලුත් කලා. බැහැ කියල කියපු repairs වගේ ඒවත් කරලා තියනවා.
ගොඩාක්ම (සමාජ සම්මත විදියට නම්) ඉහලටම යන්න ලැබෙන විදියට කරුණුත් යෙදුන. ඒපාරේ ගියානම් ලෝකේ leading engineer කෙනෙක් වෙලා සල්ලි/දේපල ඇතිපදමට, පරම්පරා ගණනකට ඇතිවෙන්න හම්බකරන්න තිබුන කියල දැන් හොඳට තේරෙනවා. එත් වෙලාවට ඒක miss උනා... නැත්නම් හරි අපරාදේ! දැන් වැඩකරන තැන තමයි ධර්මය ලබන්න internet පහසුකම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සේරම ලැබුණු තැන. දැන් ඉතින් නිවන් අවබෝධ කරලත් ඉවරයි! හුඟ දෙනෙක් පිළිගන්න එකකුත් නැහැ. ඒත් ඇත්ත ඒකයි.
මම කිව්වනේ මන් ටිකක් අමුතු කෙනෙක් කියල. මම සාමාන්‍යයෙන් කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ කියල, මම හරි එක විදියක්, මම කාටවත් නැවෙන්නේ නැහැ කියල සැහෙන චෝදනා තිබුන මට. දැන් කල්පනා කරන් යනකොට කතාව ඇත්ත. ඒත් හුඟක් වෙලාවට අවුලක් උන නම් උනේ මම නොදන්නා ඒවා දන්නවා වගේ කරන්න ගිහින් අනුනානම් විතරයි.
ඒත් ඉතින් බුදුසසුනේ උපරිම ඵලය නෙලාගත් අය අතරේ නිකම්ම නිකම් එක එක ජාතිවල 'මාර බඩුත්' හිටිය. එයාල වැඩේ ඉවරවෙලා පස්සෙයි සිල්වත් උනේ. ඒත් upset එකක් නැහැනේ! අපිට 'වැඩක්' කරන්න තියනවා. ඒක කෙරෙනවා නම් හරිනේ. පස්සේ අනික්වා හරියාවි.
මාත් 'වැඩ' ඉවර කරලා නේ මෙහෙම එකකට ආවේ. ඉතින් මේ ක්‍රමෙත් හරි කියල පේනවා. දැන් ඔය computer පාවිච්චි කරන අය සේරමලා 'IT ගුරු' ල නෙවෙයි නේ. මේකටත් ගොඩක් දන්නා කෙනෙක් උනොත් upset. පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැහැ නේ!
එත් මට දෙයක් කියන්න වෙනවා. අමනාප වෙන්න නම් එපා! මම මේක කරන්න ගත්තේ ඇත්තටම මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! ඒකාලේ කවුරුවත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක යෙදිල ඉන්න බවක්වත්. මටත් පුදුමයි මම ආව ගමන!
(මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල)
මෙහෙම explanation එකක් මෙච්චර කාලෙකට මටවත් අහන්න ලැබිල නැහැ. දැන් හොඳටම තේරෙනවා මෙහෙම වැඩක් කරන්න සාමාන්‍ය කෙනෙකුට කීයට වත් බැහැ කියන එක නම්. නිවන ගැන කතාකරන්න නම් දැකල, අවබෝධවෙලා තියෙන්නම ඕනේ! අනික technical දේවල් ගැන උපරිමයෙන්ම දැනගෙන ඉන්න වෙනවා, හුඟාක් කල්පනා කරන්න වෙනවා. මම මෙච්චර කාලෙකට මං වගේ හුඟක් පැතිවලින් එකවගේ tallented/qualified අය දැකල නැහැ.
මම ගොඩක්ම දැක්කේ, ආශ්‍රය කරලා තියෙන අය අතරේ වැඩිපුරම ඉඳල තියෙන්නේ, මගෙන් copy කරන් ගිහින් එයාලගේ වගේ කියල/කරලා ප්‍රසිද්ධ වෙන අය තමයි. දැනටත් සමහරු ඉන්නවා තැන ගන්න, නම ගන්න ලොකු අමාරුවක් තියන උදවිය. ඉතින් යමක් කරපුවයින් පස්සේ කියනවා, උඹට කලින් මම ඕව කරලා තියෙනවා, උඹට කලින් මම ඕව ගැන දන්නවා කියල එහෙම. ඇයි නමගන්න ප්‍රසිද්ධවෙන්න ලොකු උවමනාවකින් නේ ඉන්නේ. ඉතින් මේ අදහසත් එලියට දාපු ගමන් තව තව දේවල් හතු පිපෙන්න වගේ එන්න පුළුවන්, එක එක නම් වලින්, එක එක trade names වලින් එහෙම. හුඟ දෙනෙකුට නැත්තේ අලුතෙන් හිතල යමක් (invention) කරන්න හැකියාවනේ.