බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mahasoana

Member
Aug 6, 2010
149
9
0
මග හරිනම් results sure කියන එක හරි යනවා අපි කල්ප ගානක් ගැන කතා කරනවා නම්. ගොඩ දෙනෙක්ට මේ ජීවිත කාලය තුලදී results ලබා ගන්ඩ බැහැ, ඔය දමිත් කාරියවසම් එයා ගත්තා කිවුවා වගේ. ඒකයි results ලැබෙන එක පුද්ගලානුබද්ධයි කිවුවේ.

ඔව් ඒක පැහැදිලියි .. :yes::yes::yes:

දමිත් කාරියවසම් කිවුවා මග හරි නම් results තියෙන්ඩ ඕනේ(එයා ගත්තා වගේ), නැති හින්දා ඔය යන පාර වැරදියි කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි.

පලවෙනි එක තමා තාම දැන් results නැති වුනාට පස්සේ ලැබෙන්ඩ පුලුවන්

දෙවෙනි එක තමා එකම පාරේ වුනත් වෙනස් පුද්ගලයන් ගමන් කරන්නේ වෙනස් විදි වලට.

අනිත් එක තමා කිවුවා වගේ හරි පාරේ ගියත් results ලැබෙන්නේ ඒ ඒ පුද්ගලයාට අනුව.

ඒ හින්දා results ලැබෙන එක පුද්ගලානුබද්ධ දෙයක්, ඔය දමිත් කාරියවසම් කතා කරන රාමුව තුල.(එයා කතා කරන්නේ මේ ජීවිත කාලය තුල results ලබා ගැනීමක් ගැන )

ඔව් ... සමහර විට වැරදි මාර්ගෙ යන කෙනෙක් ගත්ත වැරදි අවබෝධයක් නිසා.. හරි මාර්ගෙ යන කෙනෙක් වැරදියට පෙන්න පුළුවන්...

නමුත් හරි ධර්මයක් ඇහුනා නම් ... මේ ජීවිතේදිම අවශ්‍ය දේ කරගන්න පුළුවන්.. අපි දන්නේ නැහැ නේ .. අපි කොච්චර කාලයක් ඉඳන්... නිවන් දකින්න බලාපොරොත්තුවෙන් එනවද කියලා ?
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔව් ... සමහර විට වැරදි මාර්ගෙ යන කෙනෙක් ගත්ත වැරදි අවබෝධයක් නිසා.. හරි මාර්ගෙ යන කෙනෙක් වැරදියට පෙන්න පුළුවන්...
    නමුත් හරි ධර්මයක් ඇහුනා නම් ... මේ ජීවිතේදිම අවශ්‍ය දේ කරගන්න පුළුවන්.. අපි දන්නේ නැහැ නේ .. අපි කොච්චර කාලයක් ඉඳන්... නිවන් දකින්න බලාපොරොත්තුවෙන් එනවද කියලා ?

    පිස්සු dial එකක් ගනනට පටන් ගත්තට මම මුලදීම හිතුව උඹ හොදටම යමක් කමක් දන්නා එකෙක් තමයි කියල... උඹට perfect view එකක් තියෙනවා කියල මට තේරෙනවා. fit තමයි!
    මාත් අර ඉස්සෙල්ලම තමන්, බුදුන් වහන්සේයි, ශ්‍රී සද්ධර්මයයි දිහා බලල නිවැරදි වෙලා ඉන්න ඕනෙය කිව්වේ ඔයා පළවෙනියට සඳහන් කරපු කරුණ හන්ද තමයි. අපි ඕනේ කෙනෙක් මුලින්ම තමන් හරිද කියල හරියට දැනගන ඉන්නම ඕනේ. නැත්නම් වරදිනවා! ඉස්සෙල්ලම පුළුවන් ඉක්මනට තමන්ගේ tracking හදාගන්න ඕනේ. නැත්නම් අපරාදේ මේ ලැබිච්ච වාසනාවන්ත ජීවිතේ!
    දෙවෙනි කරුණත් හරියටම හරි! ඒත් මේ අපි එකෙකුටවත් මේ ජීවිතේ මුලවත් මොකවත් මතක නැති එකේ, කවදාහරි සෝතාපන්න වෙලා ඇතිද කියල දන්නේ නැහැනේ... පින් කරලා, පින් කරලා, ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී මොන තත්වයකට ආවත්, සෝතාපන්න නැත්නම් ආරක්ෂාවක් නැහැ කියල පැහැදිලිවම කියල තියෙද්දී, කල් ද දා ඉන්න එක කීයටවත් අනුමත කරන්න බැහැ නේ... බුදුහාමුදුරුවෝ කිව්වේ සක්විති රජ උනත් අපායේ වැටෙනවා කියල නේ... අපිත් කොච්චර කාලයක් තිස්සේ bump වෙවී එන ගමනක්ද මේ අපට මතක නැති උනාට. මෙතනින් එහාට නම් ලෝකේ ලස්සන වෙන්නේ නැහැ කියල මටනම් හොඳටම තේරිලා තියෙන්නේ! අපේ හාමුදුරුවොත් කියන්නෙම ඕක!! අඩුම ගන්නේ දිව්‍ය ලෝකයකට වත් පැනගන්න බලන්නය කියලයි උන්වහන්සේ කියන්නේ!! ඒත් අපි එහෙ ඉඳල නැති එකක්ද? එහෙ ගිය කියලත්, මේ සැරෙත් ධර්මය අල්ලගන්න කලින් අපායට ඇදන් වැටුනොත්! මේ පාරත් lost වෙනවා නේ... මෛත්‍රී බුදුහාමුදුරුවෝ එන්නෙත් මේ මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු 10 ටම අඩුවෙලා, ආයෙම පාරකට 80,000 වෙනකම් වැඩි උනායින් පස්සෙනේ... මටනම් හිතනකොටත් මාර shock! ඉස්සරහ තිත්ත කළුවරයි.... මම ගොඩ ගියාට මට හොඳටම මදි! ඒකයි මෙහෙම වැඩකටත් බැස්සේ...
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ධර්මය සම්බන්ධයෙන් එක එක්කෙනාගේ මතිමතාන්තර කාටවත් වැඩක් නැහැ! මේක ශාස්තෘන් වහන්සේ මූලික කරගෙන විතරක් තියෙන දෙයක්! ඔයා, ඔයාගේ මත, අදහස් ඔයා ලඟම තියාගෙන ඔයාට කැමති විදියකට කරන් යන්න! ඔයා අනික් අය සම්බන්ධයෙන් අදහස් දක්වන්න උවමනාවක් නැහැ!! අනික් අයට ඔයාගේ අදහස් වලින් වැඩකුත් නැහැ! මොකද තනි තනියෙන් කරන්න තියෙන වැඩක්!

    ඔබතුමා මේ කියපු දේ හොඳට කියවලා, තමාත් ඒක තේරුම් ගන්නවානම් ඉතාම අගෙයි.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    නමුත් හරි ධර්මයක් ඇහුනා නම් ... මේ ජීවිතේදිම අවශ්‍ය දේ කරගන්න පුළුවන්.. අපි දන්නේ නැහැ නේ .. අපි කොච්චර කාලයක් ඉඳන්... නිවන් දකින්න බලාපොරොත්තුවෙන් එනවද කියලා ?

    ඇත්ත. ඒත මෙතන key word එක "අපි දන්නේ නැහැනේ" කියන එක. ඒ හින්දා ඒක මේ ජීවිත කාලෙදිද නැද්ද කියලා හරියට කියන්ඩ බැහැනේ. විශේෂයෙනම කවදාවත් දැකලා වත්, හමුවෙලා කතා කරලාවත් නැති කෙනෙක්, යන පාර වැරදියි කියලා කියනනේ කොහොමද?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    දැන් results නැති උනාට පස්සේ ලැබෙන්න පුළුවන්... මේ සේරම මාර talks ම තමයි!
    මං කියපු දේම නේද ආයෙත් කියන්නේ? එතකොට results පස්සේද ලැබෙන්නේ? sure නැත් ද?

    බුදුහාමුදුරුවෝ කියපු විදිය විතරක් අනුගමනය කරන්න!!!
    උන්වහන්සේ අපට උපදෙස් දුන්නේ ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා ලොකු හදිස්සියකින් මේ සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සහ කරන්නයි කියලයි!!
    මොකද සෝතාපන්න මාර්ගයට හරි ආපු කෙනෙක් නම් විතරක්, සෝතාපන්න වෙනකන්ම ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ! කියල විතරක් ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට සෝතාපන්න උනායින් පස්සේ අනිවාර්යයෙන්ම ගොඩ!!
    නිවණම අරමුණු කරන්න ඕනේ, 'හඳට යන්න try කලොත් අඩුගනනේ ගෙයි වහලට වත් නගින්න පුළුවන් වෙයි' කියන විශ්වාසයෙනුයි! මොකද, නිකම් ලාවට ලාවට, ඔය එක එක්කෙනා කියන විදියට මොන මොනවා හරි කරලා, පස්සේ හිමි හිමින් නිවන් දකින්න පුළුවන් කමක් තිබුන නම්, ඔයාල අපි කිසිම කෙනෙක් මේ වෙනකම් සංසාර ගමනේ රැඳී සිටින්න විදියක් නැහැ!!!
    මේ අපි සංසාර ගමන පටන්ගත්ත ගමන් කියල හිතුවද? ආයේ පොඩ්ඩක් මුල්ම හරියේ ඉඳල බලන් එන්න... අපි මේ වෙනකොට සිය දහස් වාරයක් මහණවෙලා, බ්‍රහ්මචාරීව ඉඳලත් තියෙනවා! ඒත් හැම එකේම බොරුකරකර ඉඳල, නැත්නම් බොරුකාරයන්ට අහුවෙලා අපි තාම සංසාරේ! මේ පාර වරද්දගන්න එපා! ඒකයි මගේ එකම උපදේශය!!!
    මම කලින් වතාවකත් කිව්වනේ... ඉස්සරහට තව තව කට්ටිය ඒවි අදහස් දක්වන්න!! ප්‍රශ්නයක් කරගන්න එපා! posts ටික පිළිවෙලට බලාගෙන එන්න...
    ඔයාල මේක බලල ප්‍රයෝජනයක් ගත්තනම් එච්චරයි...

    මම කරුණු දෙකක් ඉගෙන ගත්තා.

    (1) නිවන් අවබෝධ කරගත්තු අයටත් සමහර වෙලාවට වරදිනවා.(වෙන්ඩ පුලුවන්. හැමෝටම වරදිනවානේ)

    (2) ඒත් ඒ නිවන් අවබෝධ කරගත්තු අය වැරැද්ද පිලිගන්ඩ මැලි කමක් දක්වනවා. මම හිතන්නේ සියලු කෙලෙස් දුරු කරපු නිසා වෙන්ඩ ඕනේ.
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මං කියපු දේම නේද ආයෙත් කියන්නේ? එතකොට results පස්සේද ලැබෙන්නේ? sure නැත් ද?



    මම කරුණු දෙකක් ඉගෙන ගත්තා.

    (1) නිවන් අවබෝධ කරගත්තු අයටත් සමහර වෙලාවට වරදිනවා.(වෙන්ඩ පුලුවන්. හැමෝටම වරදිනවානේ)

    (2) ඒත් ඒ නිවන් අවබෝධ කරගත්තු අය වැරැද්ද පිලිගන්ඩ මැලි කමක් දක්වනවා. මම හිතන්නේ සියලු කෙලෙස් දුරු කරපු නිසා වෙන්ඩ ඕනේ.

    මේකත් ඉගෙන ගත්තා නම් වටිනවා.
    3) out put mode ඉන්න සමහර අයට මොනවා කිව්වත් තේරුමක් නෑ
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මේකත් ඉගෙන ගත්තා නම් වටිනවා.
    3) out put mode ඉන්න සමහර අයට මොනවා කිව්වත් තේරුමක් නෑ

    4) මාරයා විදිහට declare කල අයටත් ධර්මය තේරෙනවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජීවිතේ කතාන්දරයයි, සංසාර ගමනයි ගැන අහන්න ලැබුණම, කල්පනාකිරීමේ හැකියාවක් තියන ඕනෙම ස්වාධීන කෙනෙකුට ඇතිවෙන්නේ පුදුමාකාර බයක්! එහෙම නැත්නම් අහපු එක තේරිලා නැතුව විතරයි!! ඒත් මේ විස්තරයි, ධර්ම මාර්ගයයි ගැන දැනගන්න ලැබුණම, මටනම් බයක් මොකවත් දැනුනේ නැහැ! අවුරුදු ගණනක් බඩගින්නේ ඉඳපු එකෙකුට කන්න හම්බවුනා වගේ උනා මට අපේ හමුදුරුවොන්ගේ ධර්ම දේශනා හිතට වැදුනයින් පස්සේ... ඊට පස්සේ වෙන දේවල් කල්පනා කරන්න අමතක උනා! අහගන අහගන, කියවගෙන කියවගෙන ගියා! අනික් අයට බාධා එනවා කියල අහල තිබුනට මට ඒකෙ අනික් පැත්ත. වැඩ අඩුවෙලා සල්ලි අතින්, ගෙවල්වල හොඳ හිත අතින් එහෙමනම් case උනා. ඒත් ඕව හන්ද ලැබිච්ච විවේකය මට අනුග්‍රහයක් උනා. ගෙදරදීත් දේශනා අහනවා, කියවනවා office එකේදිත් එහෙමයි. මට තේරුණ අනික් ලොකුම අනුග්‍රහය තමයි දැන් ඔය දේශනා අහල, කල්පනා කර කර යනකොට එක එක ගැටළු, අපැහැදිලි තැන් එනවනේ... ගෙදරදී හුඟක් වෙලාවට randomly select කරගන්න දේශනාවක් අහන්නේ. මෙන්න මට ඕනේ සේරම ඒකෙ යනවා... ආයේ office එකේදී යාළුවා තමයි එකක් select කරලා දාන්නේ, හුඟක් වෙලාවට ඒකත් මට ඕනෙම කරලා තියන කරුණු සඳහන් වෙලා තියන එකක්! මෙහෙම වෙලා ඇති 20-30 පාරක්. ඉතින් ලොකු උනන්දුවකින්, උවමනාවකින් මම මගේ වැඩේ කරන් ගියා. යාළුවා මට වඩා සැහෙන senior, එයා මටවඩා සැහෙන කලින් වැඩේට බැස්සේ! ඉවර කරන් තිබුනෙත් මට කලින්. මටත් මගේ අතීතය කල්පනා කරද්දී හිතුනේ ඉවරයක් දකින්නමයි එන්න ඇත්තේ... දැන් හරි කියල තමයි! හැබැයි එකම case එක, අපි මේ අනික් උදවියට පේන්න සිල් රැක්ක අයනම් නෙවෙයි!! අපි කට්ටියක් නිතර නිතර 'set' වෙන්නත් පුරුදුවෙලා හිටිය. පස්සේ නම් හුඟක් වෙලාවට යාළුවයි මායි විතරයි set උනේ, අනික් අය ඈත් උනා. අපි නම් හැම වෙලාවේම කතාකලේ මේ 'බණ' කතන්දරමයි. ඉතින් අන්තිමේ සේරම කතන්දර ඉවරයක් දැක්ක! අපි උවමනාවෙන්, උනන්දුවෙන්, by-heart, කරපු දේක ප්‍රතිඵල ලබුවයි කියන එකක් අනික් උදවියට තේරෙන්නේ/පෙන්නේ නැහැනේ... හැමෝටම පෙන්නේ පිටින් දකින රූපය විතරනේ...

    අපි පස්සේ පස්සේ තමයි මේ කතාන්දරය ගැන අනික් අයට කියන්න උනන්දු උනේ. ඒකත් මේ අපි ගැනවත්, අපි මෙහෙමයි මෙහෙමයි කියලවත් නෙවෙයි. අවන්කවම ධර්මය ගැනයි! ශ්‍රී සද්ධර්මයම අහල තේරුම් ගන්න උත්සහයක් දරන්න කියන එකයි ගැනයි අපි හැමෝටම කිව්වේ! එදා ඉඳල හැම තැනම අහන්න දකින්න ලැබුනේ මේ forum වල විදියටම, මේකට අදාළ නැති, විරුද්ධ කතාම තමයි හුඟක් වෙලාවට! කීප දෙනෙක් මාත් එක්කමත් වාද කරන්න ආව. ඔයා කොහොමද ඕක හරිය කියන්නේ. අපි ඔයිට වඩා කොච්චර දේවල් කරලා තියනවද, අපි භාවනා පන්ති යනවා, අහවල් අහවල් තැන්වලට යනවා, පින් කම් වලට යනවා, සිල් ගන්නවා. ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඔයා කියනවිදියට ඔහොම කරන්න පුළුවන් නම් මොකටද බුදුහාමුදුරුවෝ කල්ප ගණනක් පෙරුම් පිරුවේ? මේ ගෙවල් වල ඉඳගෙන ඕව කරන්නේ කොහොමද? දැන් කාලේ මාර්ගඵල ලාභියෝ නැහැ! මම නම් කීයටවත් ඔය කතා විශ්වාස කරන්නේ නැහැ, වගේ අනම් මනම් එක එක විකාර කියව කියව. මම, පාර හරිනම් results ලැබෙන්නම ඕනේ! නැත්නම් පාර වැරදියි, කිව්වෙත් මේ කරුණු හන්දයි. ඇත්තට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි අවන්කවම කලේ පිරිසිදු බුද්ධ දේශනාම අහල තනි තනියෙන් තේරුම් ගන්න උත්සාහයක යෙදිච්ච එක විතරයි! අපි ලොකු උවමනාවකින් ඒක කළා!! ප්‍රතිඵල ලැබුවා!!! ඒක මේ අපිත් එක්ක අමනාප වෙන්න, එක එක ඒවා කියන්න හේතුවක් නෙවෙයි නේ...

    බුදු හාමුදුරුවෝ ධර්මාවබෝධයට අවශ්‍ය කරුණු 6 ක් දක්වල තිබුන...
    1)ධර්මශ්‍රවණයට ඇති කැමැත්ත 2)සවන් යොමු කිරීම 3)අවබෝධයෙහි සිත පිහිටුවා ගැනීම 4)අදාළ දේ ගැනීම 5)අදාළ නැතිදේ බැහැර කිරීම 6)තමාට ගලපා ගැනීම
    ඉතින් ඕනෙම කෙනෙක් මේ කරුණුවලින් යුක්තව, පිරිසුදු බුද්ධ දේශනාම ඇහුවොත් ප්‍රතිඵල නොලබා ඉඳීද? මේ කියල තියෙන්නේ බුදුරජාණන් වහන්සේම නේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි මේගැන ගොඩක් කල්පනා කළා. ඇයි කියනවනම් අපි දන්නා කියන අයම කිසිම පලක් ප්‍රයෝජනයක් නොලබා කලකිරිලා ඉන්නත්, අන්තිමේ ධර්මයට ද්වේශ කරන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ! අපිට ධර්මය මුනගස්වපු උදවිය වත් ඵල නෙලාගෙන නැහැ. සමහරුන්ට ගාථා එහෙම වතුර වගේ කට පාඩම්. ඒත් ප්‍රයෝජනයක් නැහැ. අපි පන්සල් ගිය, සිල් ගත්ත අයත් නෙවෙයි. ඒත් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන! ඇත්තටම හොයන්න දෙයක් තිබුනේ නැහැ! බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නේ! මේකට 'හැඳි' වගේ නැතුව 'දිව' වගේ උදවිය වෙන්න ඕනේ. නැත්නම් කට පාඩම් කරන් අනික් අයට කියා කියා ඉන්න පුළුවන්, තමන්ට (රස) දැනගන්න, අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ! ආයේ මෙතැනදී අරහත් උනා! නිවන් අවබෝධ කළා! කියනකොට සාදු සාදු කියන ශ්‍රද්ධාව (අමූලිකා ශ්‍රද්ධා) නෙවෙයි, කරුණු දැනගෙන, අවබෝධයෙන් ඇතිවූ ශ්‍රද්ධාව (ආකාරවතී ශ්‍රද්ධාව) තියෙන්න ඕනේ! අදාළ දේ ගන්න, අදාළ නැතිදේ අතහරින්න, තමන්ට ගලපාගන්න, කෙරෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියල හිතාගන්න, ඇත්තටම මාර 'මීටරයක්' වෙන්නම ඕනේ! ඒකනේ බුද්ධිමත් මිනිස්සුන්ටය කියල කියලම තියෙනේ... අපිට උපකාර උනේ, අපි ඇවිල්ල ඉන්න field එක අනුව, කරන රස්සාවල් අනුව, ඇස්වලින් දකිනවට වඩා මොලෙන් දකින්න, මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්න හුරු පුරුදු උදවිය වෙච්ච එක තමයි! හැබැයි කෙනෙකුට තනියෙන්ම, කෙරෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියල කල්පණා කරලා තීරණය කරගන්න ශක්තියක් නැති උනාට, කියල පෙන්වල දීපු ගමන් 'පටස්' ගාල අල්ලගන්නවා! වැඩේ වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට කියන්න කලින් තමන් හරියටම දැනගෙන ඉන්න එපාය! (අපේ හාමුදුරුවෝ වඩිනකම් අපිත් හිටියේ පුස්සෝ හැටියට නේ...) ඉතින් උදව් කරන්න අය අඩු එකනේ මූලික ප්‍රශ්ණේ... ඉතින් ඔන්න අපිත් වැඩේට බැස්ස!! ප්‍රතිඵලත් දැක්ක!! මේ කරන්න ගත්තෙත් එහෙම දෙයක්. නිවන තියන ඉසව්වක් ගැනවත් තේරුමක් නැතිව හිටිය හුඟ දෙනෙක් මොනවහරි දැනගන්න ඇති. (follow කරන කිහිප දෙනෙක් කිව්වා දැන් තමයි idea එකක් ආවේ කියල) ඉතින් ඔහොම කරන් යමු.

    මේ තමයි ඇත්ත කතාන්දරය! අපට කරන්න තියෙන්නේ තනිකරම හිතත් එක්ක කරන යුද්ධයක්! ඒකට කෑම, බීම, අඳින, පළඳින දේවල් වලට වඩා ගොඩාක්ම අවශ්‍ය අවංකවම මේකට තමන්ගේ උනන්දුවයි, උවමනාවයි තමයි. තමන් දරණ උත්සාහය, යොදන වීර්ය අනුව අනික් සේරම අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්! කිසිම සැකයක් නැහැ. මම කළා... අපි කළා... කියල ආවේ 'වැඩර්' ල කියන්නවත්, පෙන්වන්න වත් නෙවෙයි. යං යං මේ වැඩේ කොහොම හරි කරමු කියල ඇදගෙන යන්නයි!! තනි තනියෙන් ගොඩක් දුක්විඳගෙන ආපු මේ ජීවිත ගමනේ, කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම වාසනාව තමයි ශ්‍රී සද්ධර්මය අහන්න, ඒ අහල අවබෝධ කරන් ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබීම. ඉතින් ඒකට උත්සහ කරන්න. හැබැයි දැන් මේ ඉතුරු සේරම කරන්න තියෙන්නේ භාවනාවෙන්! ඒකටත් බයවෙන්න එපා! මේ යකා කියන තරම් කළු නැහැ! ලා දුඹුරු පාටයි!! fit එකේ කරගන යමු... වියදමක් යන්නෙත් නැහැ, මොකුත් නැති නාස්ති වෙන්නේ වත් නැහැ. කැපවීම තමයි ඕනේ! ඉවරයක් දකින්න දක්ෂ උනොත් බොහොම නිදහසේ, හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන්න නම් පුළුවන් වෙනවා!! sure එකටම. ජීවිතේ ඇත්ත දැක්කනම්, අවසානයක් නොදැක්ක කියල එච්චර කණගාටුවෙන්නත් ඕනේ නැහැ! දැන් රාග, ද්වේශ, මෝහ වලින් දුරු උනා කියන්නේ නිවනට ලං උනා කියන එක නේ...

    ආයේ තව චූටි එකක්! මේ... කෙනෙක් කියන්න පුළුවන් අපිට මේවට පින් මදි!!! ඉස්සෙල්ල පින් කරලා ඉන්න ඕනේ එහෙම කියල... දැන් එතකොට එහෙම උදවිය කොහොමද පින් කරන්න, පින් රැස් කරගන්න හිතන් ඉන්නේ? දාස් ගණනින් වියදම් කරගෙන ලෝකේ පුරාම තියන සිද්ධස්ථාන වැඳ වැඳ ගිහිල්ලද? නැත්නම් කෝටිගණන් වියදම් කරලා පන්සල්, දේවාල හදලද? මහා සද්දෙන් ඔය එක එක radio channels වලින් එහෙම දෙන පිරිත්, තුන්වේල දාගෙන ඉඳලද? දන්සල් දීල ඒත් නැත්නම් ගාථා කිය කියා මල් හඳුන්කූරු පූජා කරලද?? දැන් මෙහෙමයි! පින්, කුසල් කියන දේවල් ගැනත්, ඒවායේ අනුසස්, ඵල විපාක ගැනත් සේරම කියල දුන්නේ බුදුහාමුදුරුවෝ නේ... ඉතින් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, යමෙක් මොහොතකට වත් අනිත්‍ය මෙනෙහි කලොත්, අවන්කවම මෛත්‍රී කලොත්, ජීවමාන බුදුරජානන් වහන්සේ නමකට දන්වෙලක් පිළිගැන්වූව හා සමානව මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලයි! ඊළඟට යමෙක් බුදුරජානන් වහන්සේ සරණ ගිහින්, සසරින් මිදෙන්න උවමනාවක් ඇතිකර ගත්තොත් පුණ්‍ය ගංගාවක් එයා කරා ගලා එන බවයි! ඔයාල විශ්වාස කරන්නේ කොහොමද? 'බුද්ධං සරණං ගච්චාමි', 'ධම්මං සරණං ගච්චාමි' කියනවනම්, කියන්න ඕනේ නම්, බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට වැඩ කරන්න! මේ පාරට ආවත්, පින් රැස්වෙන්න ගන්නේ නැව් ගණන්!!! ඒකයි ඇත්තම ඇත්ත කතාන්දරය! වෙන වෙන දේවල් හිතන්න උවමනා නැහැ! අනික මාරයා එයාගේ ගෝලයෝ ලව්වා මිනිස්සුන්ට කියනවා... මේ පිරිත දිනපතා දැම්මොත් මේ මේ ප්‍රතිඵල ලැබෙනවා, දුක් දුරුවෙනවා, ධන නිධාන පහළවෙනවා එහෙම කියල. ඔය බොරු වැඩවලට යන්න එපා! අනික හිත මූලික වෙලා හැදිච්ච අවුලක් ලිහන්න හිතේ වැරැද්ද හදනවා වෙනුවට වෙන වෙන විකාර කරලා තේරුමක් නැති බව දැනගන්න! අර කතාවකුත් තියෙන්නේ ඉසේ කැක්කුමට කොට්ටෙ මාරු කරනවා කියල... එහෙම ඒවායින් වැඩක් නැහැ! චේතනාවයි වැදගත්. ඉතින් පුණ්‍ය චේතනාවෙන් යෙදෙන්න පුළුවන් දේවල් වලින් තමයි වැඩක් තියෙන්නේ. ඒවයෙනුත් වඩාත්ම ඵල ප්‍රයෝජන තියන, මහත්ඵල මහානිසංස තියන කිසිම වියදමක් නොයන, මහන්සි වෙන්න, කරදර වෙන්න අවශ්‍ය නැති පින් කම් දැන් ඉතින් දන්නවනේ... එහෙම කරන්න!
     
    Aug 29, 2010
    55
    2
    0
    මට මේ විස්තරයෙන් ලැබුන ලොකුම දේ තමයි අර හීතල පහර කාපු මනුස්සයා සියල්ල අත්හැර ඊතලයයෙන් ජිවිතය ගලවගන්න වෙහෙසෙනව වගේ සසරින් එතෙරවෙන්න අඩු තරමෙ පලමු නිවරණ තුනකින්වත් ගැලවෙන්න උත්සාහකරන්න කියන බුද්ද දේසනාව තව තවත් හොදින් හිතට වැදුනා.මොකද බුදු කෙනෙක් එහෙම කියන්නෙ මෙතන තියන බයානකකම දන්න නිසා.
    තවත් පාඩමක් තමයි මම කියන කෙනා ගැන තිබුන මුලාව වැඩියෙන්ම වැටහුනා.
    මේ සේරම ඉස්සර අහලා කියවලා තිබ්බට දැන් තියන දැක්ම නිරවුල්.පිං සිද්ද වේවා!
     
    Aug 29, 2010
    55
    2
    0
    කිඹුලා බනිස්;8326693 said:
    ඉසුරුසිරි අයියේ, උඹ පැල් රකිනවද නැත්තං, නිවන් දැකලද? මෙන්න මෙහෙ වැඩේ අල වෙන්නයි යන්නෙ.:lol::lol::lol:
    මල්ලි කියවන දේ වල්-පල් ගැන උත්තර දිදි ඉන්නවට වඩා මගේ විමුක්තිය මම හොයාගන්න දගලනවා-වෙහෙසෙනවා.පොත් කියක් තිබ්බත් කවුරු මොන විදිහකට කිව්වත් දර්මය දැනෙන්නෙ නිසි පුද්ගලයාටයි
    විස්තර ලියන්න සිංහල දැනුමත්-කාලයත් මදි:sorry:
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඇත්ත. ඒත මෙතන key word එක "අපි දන්නේ නැහැනේ" කියන එක. ඒ හින්දා ඒක මේ ජීවිත කාලෙදිද නැද්ද කියලා හරියට කියන්ඩ බැහැනේ. විශේෂයෙනම කවදාවත් දැකලා වත්, හමුවෙලා කතා කරලාවත් නැති කෙනෙක්, යන පාර වැරදියි කියලා කියනනේ කොහොමද?

    ඔව්... ඒ වුනාට... වඩලා තියෙනවා නම් ... මාර්ගය හරිද වැරදිද කියලා තමන්ට අවබෝධ කරගන්න පුළුවන්... තමන්ට අවංකව හිතන්න පුළුවන්නේ... මේක ධර්මයට ගැලපෙනවද... සූත්‍රයට ගැලපෙනවද... විනයට ගැලපෙනවද කියලා....
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔව්... ඒ වුනාට... වඩලා තියෙනවා නම් ... මාර්ගය හරිද වැරදිද කියලා තමන්ට අවබෝධ කරගන්න පුළුවන්... තමන්ට අවංකව හිතන්න පුළුවන්නේ... මේක ධර්මයට ගැලපෙනවද... සූත්‍රයට ගැලපෙනවද... විනයට ගැලපෙනවද කියලා....

    තමන්ට පුලුවන්, ඒ කතාව හරි. ඒත් අනිත් කෙනා යන පාර හරිද නැද්ද කියන එක කරුණු හරි හැටි නොදැන කීමට යාම වැරදියි. මේක ඔය තරම් කතා කරන්ඩ දෙයක් නෙවයි, මට හිතෙන්නේ පැහැදිලි දෙයක්.

    Damith Kariyawasam ට එතුමාගේ කාර්යය කරගන්ඩ දීලා මම පැත්තකට වෙනවා. මට වැරදි කියල හිතෙන යමක් දැක්කොත් ආයෙත් ඒක සාකච්චා කරනවා.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ආ පොඩි එකෝ ... උඹ තාම වැලි සෙල්ලම් කර කර හිටිපන්...

    අනේ ඉතින් පුංචි අපි වේලි සෙල්ලම් නොකර වෙන මොන කරන්නද මාමි.
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    තමන්ට පුලුවන්, ඒ කතාව හරි. ඒත් අනිත් කෙනා යන පාර හරිද නැද්ද කියන එක කරුණු හරි හැටි නොදැන කීමට යාම වැරදියි. මේක ඔය තරම් කතා කරන්ඩ දෙයක් නෙවයි, මට හිතෙන්නේ පැහැදිලි දෙයක්.

    Damith Kariyawasam ට එතුමාගේ කාර්යය කරගන්ඩ දීලා මම පැත්තකට වෙනවා. මට වැරදි කියල හිතෙන යමක් දැක්කොත් ආයෙත් ඒක සාකච්චා කරනවා.

    ඔව් ඒක මම පිළිගන්නවා .. කෙනෙකුට තමන් ගැන මිසක් අනුන් ... ගැන කියන්න බැහැ... (හැබැයි .. තමන් ගමන් කරන් මාර්ගෙයේ ප්‍රතිඵල තියෙනවා නම්.. තමන්ට අවබෝධ නම් හරි මාර්ගෙ ඉන්නෙ කියලා..[මම ඉහත කියපු ක්‍රමයට] එතකොට හරියටම කියන්න පුළුවන් අනෙකා යන්නේ .. වැලේ වැල් නැතුව කියලා...

    සැ:යු - මම මේ කියන්නේ Damith Kariyawasam ගැන නෙමෙයි... වරදවා හිතන්න එපා... )
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... මට පොඩි ප්‍රශ්නයක් තියනවා! උඹල දැන් මේ set වෙලා ඉන්නේ එක එකාට කොට කොටා ඉන්නද?:growl: බොල කිසි එකෙක් මේකෙන් වැඩක් ගන්න චුට්ටක් හරි බලන්නේ නැද්ද??:growl::growl: මම ඊළඟට කියන්නම් 'හිත' කියන කෙහෙල්මල කූරු ගාල ගාල, මම අල්ලගත්තු කතන්දර ටිකක්! මමත් homosapien හන්ද, බොලත් ඒ ජාතියෙන් නම්, මේවා බොලටත් valid වෙන්නම ඕනේ! try කලොත් ඉස්සෙල්ල නිවන් අවබෝධ කරන්, ඊට පස්සේ හොඳ මනුස්සයෙක් වෙන්න, සිල්වත්, ගුණවත් කෙනෙක්, විශේෂයෙන්ම තිත්ත කුණුහරප නොකියන එකෙක්, වෙන්න පුළුවන්!;)