බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
අද CCDs සම්බන්ධ විස්තර වගයක් හොයන්න ගිහින් අහම්බෙන් වගේ 'Cornell Center for Materials Research' කියල site එකකට යැවුණ. ඒකෙ interesting Q&A වගයක් දැකල පොඩ්ඩක් බැලුව. මෙතන මේ මම දාපු 'technical explanation' එකට සම්බන්ධ තොරතුරු වගයක් තිබිල පොඩි උපුටාගැනීමක් කලා...

** Many adults think that dogs and cats cannot see any colors, only shades of gray. But this is not true. Cats and dogs can see some colors but not all of them. So in a sense they are like adults who are colorblind. Cats and dogs have cells in their eyes that respond well in bright and dim light. At night, cats and dogs use cells called rods that are sensitive to dim light. They are found in a lining at the back of the eye called the retina. When light falls on the rods, they send a message to the brain to explain the image that they see. For the bright light of day, you need cells called cones. But having cones in your eyes also means that you can also see color. Humans have three kinds of cones that allow them to see blue, red and green. So humans (and monkeys!) can see in full color. Dogs and cats only have two kinds of cones sensitive to blue and green light. So they do see some colors. By the way, if you have a horse or pony at home, they have red and blue cones. Horses see some colors, but they can't tell green from gray. **

** "Ringing" in the ears is called tinnitus. It happens when delicate cells inside your ear that send sound messages to your brain are injured or over-stimulated. These cells have projections on them that look like hairs, and they are called "hair cells". The perception of sound starts when pressure waves moving through the air reach your ears. This causes your eardrums to vibrate, and these movements are transferred to the fluid in the inner ear, where the hair cells are located. Movement of the inner ear's fluid leads to bending of the tiny hairs on the hair cells. This bending excites the hair cells, and causes them to send electrical signals to your brain through a nerve called the "auditory nerve". Your brain interprets the electrical signals from the auditory nerve as sound. **


මේ ඉතින් ඔය (අ)විද්‍යාඥයෝ දැන් මනුස්ස සරීර ගැන හොයාගත්තු දේවල්! (අ)විද්‍යාඥයෝ දැන් හොයාගත්තට බුදුවරු ඕව ඔයිටත්වඩා හොඳට අවබෝධකරන්නේ සෑහෙන 'බර කාලෙක' ඉඳන්! ඕව නිවැරදි හන්ද තමයි දැන් ඔය වෛද්‍ය විද්‍යාවෙන් එහෙම එක එක ජාතියේ 'හාස්කම්' පෙන්වන්නේ! මම කලේ අන්න ඒවිදිය, නිවැරදි බව තහවුරු වෙච්ච කරුණු, බුදුහාමුදුරුවෝ කියපු දේවල් එක්ක ගලපලා මේ සංසාර ගමනට අදාළ මුළු විස්තරයම තව විදියකට පැහැදිලි කරපු එකතමයි! ඒක හැබැයි හොඳටම 'මීටර්' වෙන්නේ technical කෙනෙකුටම තමයි!

ඉතින් විද්‍යාව කොච්චර දියුණුවෙලා by-pass කතන්දර වගේ serious දේවල් කරලා හිටන් බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතුව හැම කෙනෙක්ම 'කූරිය ගහන එක' ටික කාලෙකට හරි කල්දාන්න දැන් හැකියාවක් ලබා ගත්තට, දවසක definitely 'කූරිය ගහන්න' වෙනවම තමයි!!! ඒක වෙනස් කරන්න බැහැ. ඉතින් ඔය ඉවරයක් නැතුව මැරෙන්න වෙන එක ඇහුවම, මම නම් ඇත්තටම 'අම්බානට' බය උනා... ඒත් ඒකෙන් ගැලවෙන්නත් බැහැලු නිවන් අවබෝධ කරගන්නේ නැතුව!! අන්න ඒක හන්දයි මම නම් maxa try එකක් දාල, නිවන් අවබෝධකරලම නතර උනේ... නැතුව මෙතන ඉන්න අයට කියන්නවත්, පෙන්නන්න වත් නෙවෙයි! ඉතින් දැන් මම නම් දන්නවා මට සම්බන්ධ සේරම අබල් බබල් මෙතැනින්ම අහවර බව!!

try කරලා try කරලා ඔයාලත් ඒක කරගන්න!!! මේ 'මෝඩ චුන්' ගන්න තැනක් නෙවෙයි! 'මෝඩ චුන්' වලට වෙලාවකුත් නෙවෙයි!! visa තියෙන්නේ තව කොච්චර කාලෙකටද කියල කවුරුවත් දන්නෙත් නැහැ නේ...

ctrl + c ctrl + v :D:D:D:lol::lol::lol::lol:
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තද වෙන එකනම්.. රහතන්වහන්සේගේ ගතිය නෙමෙයි තමයි... :) ... අනෙක බණ කීයනවා නම අනෙක් අයට තේරෙන්න කියන්න ඕන... එකයි මම මූට නිතරම කිව්වේ.. ඉලෙක්ට්‍රෝනික්ස් නැතුව.. සරලව කියපන්.. කියල... අද කාලෙට ගැලපෙන විදිහිට... ඒත් මූ ඒක අතහැරිච්ච බවක් නම් පෙන්න තිබ්බෙ නැහැ.. :lol::lol:

    moko ban me deparak daala?

    ane matto umbata hari hinaa neda? mama kiwwe... tho anaagaththoth ithin oya wikaara wada handama thamayi!

    me dan ethakota umbala 'thada wenawa' kiyala maninne oya 'akuru' walinda?? aaa ban, api nam ehema neweyi. raagayen, dweshayen, mohayen andha wechcha ewunta saamaanyayen nam serama wada anenawa. uthura dakunath maaruwenawa. uu eeta passe hitha paalanaya karaganna baruwa e keles aramunu walama bahagena anaathawela, ekko kaluwela, ekko rathuwela, eka winaasayak wenawa. eelangata 'suddha sinhala' bhawitha karanawa, badu muttu polawe gahanawa... onna ohomayi wenawa kiyanne!
    methana mama nam ithin oya sarin sare liyapu samaharak ewata wenas akuru, wenas wachana pawichchikala. ekath me buru maamalata hondin kiwwata therenne nathi nisayi. samahara harakunta 'ha... yan putha' kiwwama ahanawa, samahara harak 'jaha jaha' kiyala deka thunak dunnama thamayi ahanne. mamath oya eka eka jathiwala ayata e ayata galapenna uththara dunna witharayi! mata mokuthma amuththak naha! therunayi??

    eelangata, kaaleta galapena, 'kaaleena bana' kiyala dekuth naha. Dharmaya gamburumayi!! eka kohoma kiwwa kiyalath gambura aduwenne naha!! 'gambheera tho jaayan patichchasamuppaadan' kiyala thiyanawa ne... uthsaha karalamayi therumganna one. thopi pissu kelinawa misak eka karanne naha ne...
     
    Last edited:
    May 25, 2010
    554
    27
    0
    Bakery
    තද වෙන එකනම්.. රහතන්වහන්සේගේ ගතිය නෙමෙයි තමයි... :) ... අනෙක බණ කීයනවා නම අනෙක් අයට තේරෙන්න කියන්න ඕන... එකයි මම මූට නිතරම කිව්වේ.. ඉලෙක්ට්‍රෝනික්ස් නැතුව.. සරලව කියපන්.. කියල... අද කාලෙට ගැලපෙන විදිහිට... ඒත් මූ ඒක අතහැරිච්ච බවක් නම් පෙන්න තිබ්බෙ නැහැ.. :lol::lol:

    බුද්ධාගම අද එක එකාගේ අවශ්‍යතා පුරවන්න නේ යොදාගෙන තියෙන්නෙ.

    කට්ටියක් සිවුරෙ ඉඳන් යන්ත්‍ර මන්ත්‍ර කරනවා.
    එකෙක් සිවුරෙ ඉඳන් කවි බණ කියල මිනිස්සුගෙන් හම්බ කරගන්නවා.
    එකෙක් සිවුරේ ඉන්නේ "අඬවන බණ" කියලා හම්බ කරගන්න.
    කිරිබත් ගොඩයා උගේ "බුද්ධ දර්මේ" ප්‍රචාරය කරල හම්බ කරනවා.

    දමිතයා උගේ පිස්සුව නිසා දොඩවනවා.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    [FONT=&quot]අර්යාෂ්ටන්ගික මාර්ගය [/FONT]follow [FONT=&quot]කරන කෙනෙකුට සෝවාන් වෙන්න පුලුවන්ද? එසේ පුළුවන් නම් කරුණාකර ආර්ය අශ්ටාංගික මාර්ගයේ තිබෙන කරුණු අටම වෙන [/FONT]thread [FONT=&quot]එකක් [/FONT]open [FONT=&quot]කරලා [/FONT]explain[FONT=&quot] කලොත් ඒක හුඟාක් දෙනෙකුට වටීවී.[/FONT]
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කිඹුලා බනිස්;8930325 said:
    බුද්ධාගම අද එක එකාගේ අවශ්‍යතා පුරවන්න නේ යොදාගෙන තියෙන්නෙ.

    කට්ටියක් සිවුරෙ ඉඳන් යන්ත්‍ර මන්ත්‍ර කරනවා.
    එකෙක් සිවුරෙ ඉඳන් කවි බණ කියල මිනිස්සුගෙන් හම්බ කරගන්නවා.
    එකෙක් සිවුරේ ඉන්නේ "අඬවන බණ" කියලා හම්බ කරගන්න.
    කිරිබත් ගොඩයා උගේ "බුද්ධ දර්මේ" ප්‍රචාරය කරල හම්බ කරනවා.

    දමිතයා උගේ පිස්සුව නිසා දොඩවනවා.

    නැහැ එහෙම කියන්න එපා . උට තියන්නේ පිස්සුවකට වඩා පොඩි හීනමානයක් වගේ දෙයක් . නිකන් උ තරම් දන්නා පොරක් නැහැ කියනවා වගේ ගතියක් උට තියනේ . ඕක වෙන්න ඇත්තේ මු ඔය අනන් මනං කැලි අටවනකොට ඕව හරියට වැඩ කරන්නේ නැතුව යන්න ඇති . ඉඳ හිටලා එකක් දෙකක් හරිගියම් මුට මර අතල් . ඔය මුට හීනෙන් පෙන්න ඇත්තේ මු ඔය මොනාහරි LED වලින් කරපු එකක් වෙන්න ඇති . මු එකට රැවටිලා නිවන කියල . මහසෝනා කිව්වා එක හරි . මුටම තේරෙන්නේ නැහැ මු නිවන කියල අයෙමත් අල්ලාගෙන තියන්නේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් කියල . එක අතහරින්න මුට් බැහැ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    [FONT=&quot]අර්යාෂ්ටන්ගික මාර්ගය [/FONT]follow [FONT=&quot]කරන කෙනෙකුට සෝවාන් වෙන්න පුලුවන්ද? එසේ පුළුවන් නම් කරුණාකර ආර්ය අශ්ටාංගික මාර්ගයේ තිබෙන කරුණු අටම වෙන [/FONT]thread [FONT=&quot]එකක් [/FONT]open [FONT=&quot]කරලා [/FONT]explain[FONT=&quot] කලොත් ඒක හුඟාක් දෙනෙකුට වටීවී.[/FONT]

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කෙරෙන බුද්ධ දේශනා නම් කොච්චරක් කියල තියෙනවද? කරුණු අට හැටියටනම් හුඟදෙනෙකුට කටපාඩම් ඇති! ඒත් වැඩේ තියෙන්නේ ඒවා කවුරුවත් අනුගමනය කරන්නේ නැහැ නේ... අනික මේ 'මාර්ග අටක්' කියන එකෙන් දේශනාකරලා තියෙන්නේ මොකද්ද කියලවත් හරියට 'click' වෙන්නේ නැතුව, තමන්ට පැහැදිලිව වැටහෙන්නේ නැතුව, මොනවා කියල කරන්නද, නේද?? හැබැයි මෙතන මම කියපු කතාවේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරුණු අට හැටියට නැතුව, ප්‍රයෝගිකව ජීවිතේට සම්බන්ධ වෙන විදියට පැහැදිලි කරලා ඇති!! ඉතින් දැන් ඔයාට මොකද්ද කෙරෙන්න ඕනේ... කරුණු අට, කරුණු අට හැටියටම ආයි පාරකට අහල, මතක තියාගෙන මන්තරයක් වගේ කියව කියව (ජපකර කර) ඉන්නද?? නැත්නම් කරුණු අටෙන් කියල දීපු දේවල් (හරය) වත්/පිළිවෙත්, කලයුතු/නොකළයුතු දේ හැටියට ජීවිතේට සම්බන්ධ කරගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිලා, සෝතාපන්න මාර්ගයට පැමිණිලා, ඒක ප්‍රගුණ කරලා, මේ ජීවිතයේදීම, ප්‍රගුණ කළා...! කියල තමන්ම පූර්ණත්වයට පත්වෙන එකද?? අරහත්වයටම පත්වෙන එකද???

    ඇත්තටම කාලයක් තිබුනා මාත් මේ මොකවත්ම දන්නේ නැති කාලේ, නිවන් දකිනවා, අරහත්වයට පත්වෙනවා කියල කියන කොට 'dim වෙලා' හිටපු! දැන් නම් ඉතින් මොන නායක පට්ටම් තියන කෙනෙක් උනත් මේ ගැන කතාකරන්න ආවොත් මට අලුතෙන් හිතන්න මොකවත් නැහැ! ඇත්තටම වෙන්නේ නම්, බුදුරජාණන්වහන්සේ ප්‍රඥාවන්ත, බුද්ධිමත් මිනිස්සු කියල අඳුන්වල දීපු, යෝනිසෝමනසිකාරය තියන, කෙලෙස් අඩු පුද්ගලයෝ නම්, ධර්ම කරුණු කණට වැටිච්ච ගමන් 'shock උනා' වගේ, වෙනස් වෙන්න ගන්නවා!! එයාල එහෙම්මම silence, නිශ්ශබ්ද වෙනවා!! කර කර හිටපු දේවල්, තම තමන්ගේ දින චරියාව පවා, පට පට ගාල වෙනස් වෙනවා, කොටින්ම කියන්නේ එයා ධර්ම මාර්ගයට පැමිණෙනවා!! ධර්මාවබෝධය ලබාගැනීම වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැප කරනවා!!! හාමුදුරු කෙනෙක් උනත් සිවුර කරට අරගෙන දඟලන කෙනෙක් නම්, සමාජේ පිළිගන්න ඕනෙම 'ලොකු' ඇත්තෙක් උනත් ලෝකේ පෙරලන්න බෙරිහන්දෙන, තමන් ලොකුමිනිහෙක් කියල පෙන්වන්න දඟලන කෙනෙක් නම්, ඒ 'බණ'/ ශ්‍රී සද්ධර්මය අහල නැති කෙනෙක්! එහෙම නැත්නම් කොච්චර ඇහුවත් මොකවත්ම නොතේරිච්ච අමු මැට්ටෙක්!! උදාහරණ ඕනේ නම්, මේ thread එකේ එහෙම අය කීප දෙනෙක්ම දැකගන්න ලැබෙයි!

    computer programming දන්නා කෙනෙක් නම් මම ලස්සන උදාහරණයක් දෙන්නම්. දැන් අපි ඔය java, VB, C# වගේ එක එක languages වලින් වැඩසටහන් ලියනවනේ... ඔය ලියද්දි අපිට comments කියල දේවල්, program කරන අයට, ඒවායේ හරි වැරදි බලන අයට ප්‍රයෝජනවත් වෙන දේවල්, එහෙම ගොඩක් දාන්න වෙනවා. ඒත් computer එකට වැඩේ කරන්න ඔය දේවල් මොකුත්ම ඕනේ නැහැ! ඒකට ඕනේ කරන්නේ instructions ටිකයි data ටිකයි විතරයි!! ඊළඟට use කරන language එකකින් මේ අපිට තේරෙන විදියට program එක ලිව්වට, computer එකට දෙද්දී, compile කරලා, computer වලට තේරෙන භාෂාවෙන් (machine codes) වලින් දෙන්න ඕනේ! ඇත්තටම බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන දේශනා සේරම එක පුද්ගලයෙකුට, නැත්නම් එකම පිරිසකට දේශනා කරපුව නෙවෙයි! ඒ ඒ අවස්ථාවේ හිටිය පුද්ගලයන් අනුව, ඔවුන්ට තේරෙණ අයුරින් ධර්මකරුණු කියාදෙන්න බුදුහාමුදුරුවොන්ට හැකියාව තිබුන!! (ඒක සාමාන්‍ය උදවියට කොහෙත්ම නැහැ!) උන්වහන්සේ වදාළ දේශනා හරියටම කියනවනම්, එක එක languages වලින් ලියල තියෙන programs වගෙයි!! හැබැයි ඔය බුද්ධ දේශනා හොඳට යෝනිසෝමනසිකාරයේ යෙදෙමින්, අවබෝධ කරගැනීමට වෙහෙසෙමින් ඇහුවොත් තේරෙන්න පටන් ගන්නවා මේ හැම එකකින්ම ශ්‍රාවකයාව යොමුකරන්නේ එකම ඉලක්කයකටයි කියන එක! ඒ තමයි සසර දුකින් නිදහස්වෙලා නිවන් අවබෝධකරගෙන සංසාරෙන් එතෙර වීම.

    අපි කරන්න ඕනේ එක්කෝ පුළුවන් තරම් පිරිසුදු බුද්ධ දේශනාම, අවබෝධයෙහි සිත පිහිටුවාගෙන, අහගෙන අහගෙන යන්න ඕනේ. නැත්නම් කියවගෙන කියවගෙන යන්න ඕනේ. මොකද අපි ඉගෙන ගත්තනම් යමක් එක්කෝ අහල, එක්කෝ කියවල. එහෙම කලාම තමන්ට තේරෙන්න ගන්නවා ධර්ම කරුණුයි, ඊළඟට තමන් කලයුතු දේයි!! එකියන්නේ data ටිකයි, instructions ටිකයි. හරියට computer එකට අවශ්‍ය ටික වගේ... අපි කරන්න ඕනේ කරුණු දැනගෙන, අපි ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන එකයි! හුඟ දෙනෙක්, ඒ කියන්නේ හාමුදුරුවරු, උපාසක, උපාසිකාවෝ හැමෝම 99% ක් විතරම ඔය විදියට කරන්නේ නැහැ!! නිකම් කියෝ කියෝ ඉන්නවා විතරයි!!! අපි/මම කියව කියව, ලෝකෙට පරකාසේ දාගෙන, හිටියේ නැහැ!! මම බුදුහාමුදුරුවෝ කියපුවිදියටම වැඩකළා!! මම ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්තා!!! මෙතන මේ thread එකක් දිග ඇරගෙන කලේ ජීවිතේ, සංසාර ගමන කියන්නේ මොකද්ද කියන data සේරම කියා දීල, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, වලින් පෙන්වා වදාළ කරුණු ටික, instructions කෙලින්ම ජීවිතේට සම්බන්ධවෙන්න ඕනේ කොහොමද, කොයි විදියටද කියල පෙන්වල දුන්න එක තමයි. මේක උවමනාවෙන් follow කලානම් ගොඩම තමයි! ඒක guaranteed! වෙන වෙන ඒවා ඕනේ වෙන එකක් නැහැ!! හැබැයි තේරෙනකන්ම බලන්න ඕනේ. ලක්ෂ වාරයක් හරි කමක් නැහැ! කලයුතුදේ ඒ විදියටම කරන්නත් ඕනේ! අනික මගේ ගැන, නැත්නම් මම නිවන් දැකලද කියන එක ගැනත් නෙවෙයි, ධර්ම කරුණු ටික බලාගෙන, කරන්න තියන parts තමුනුත් ඒ විදියටම කරන්න ඕනේ!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නැහැ එහෙම කියන්න එපා . උට තියන්නේ පිස්සුවකට වඩා පොඩි හීනමානයක් වගේ දෙයක් . නිකන් උ තරම් දන්නා පොරක් නැහැ කියනවා වගේ ගතියක් උට තියනේ . ඕක වෙන්න ඇත්තේ මු ඔය අනන් මනං කැලි අටවනකොට ඕව හරියට වැඩ කරන්නේ නැතුව යන්න ඇති . ඉඳ හිටලා එකක් දෙකක් හරිගියම් මුට මර අතල් . ඔය මුට හීනෙන් පෙන්න ඇත්තේ මු ඔය මොනාහරි LED වලින් කරපු එකක් වෙන්න ඇති . මු එකට රැවටිලා නිවන කියල . මහසෝනා කිව්වා එක හරි . මුටම තේරෙන්නේ නැහැ මු නිවන කියල අයෙමත් අල්ලාගෙන තියන්නේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් කියල . එක අතහරින්න මුට් බැහැ.

    මම කලිනුත් කිව්වේ බං...

    [දැන් මේක නේ බන් case එක... උඹට මාත් එක්ක 'ඩෝන්' ගිහිල්ල ඉන්නේ දැන් අම්බානට! ඉතින් දැන් බොට නිකම් ඉන්නම බෑ... සෑහෙන කහනවා. උඹ හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් කියල පෙන්නගෙන හිටියට, යටින් ගිනිකඳු පුපුරනවා! තොටත් නොදනිම තොගේ හිත තෝව පලිගන්න මෙහෙයවනවා!! ඉතින් උඹ මඩ ගහන්න පුළුවන් විදි හොය හොයා මඩ ගහනවා! අවුලක් නැහැ!! උඹ පිළිගත්තනේ උඹ 100% පෘතග්ජනයෙක් කියල. එහෙම අය ඔහොම තමයි!! upset එකක් නැහැ. උඹ කැමති විදියකට කරගෙන කරගෙන යමන්... මොකද, පෘතග්ජනයින්ට ඔයිට වඩා දෙයක් බෑ!! අනික උඹ කොහොමටවත් පිළිගන්න එපා මම නිවන් දැකල කියන එක. මොකද උඹ ඒක පිළිගත්තොත් මට 'ගස්ලබු' වගෙයි! පිළිගත්තේ නැති උනොත් මට 'පැපොල්' වගෙයි!! ...උඹේ මොලේ හිලක් බන්. හදන්න පුළුවන් එකෙක් කියල තේරුණා නම් මම තොට private එකේ හරි කතාකරල බලනවා. වැඩක් නෑ, උඹව හදන්න බෑ]


    උඹට තියෙන කේන්තියට දැන් උඹට නිකම් ඉන්නම බැහැ! සෑ...හෙන කහනවා!! අර 'කසාන' හැදුනම කසන්න කසන්න ආතල් වගේ දැන් උඹට, මට මඩගහන්න මඩගහන්න ආතල්! මාව තලලා තලලා චප්ප කරලා දාන්න පුළුවන් නම් ඒකමයි උඹට ඕනේ! කමක් නෑ... මොකද උඹ හාමුදුරුවෝ නිතර නිතර මුණගැහුනත් තාම 100% පෘතග්ජනයෙක් නේ... උඹට ආතල් නම් ඕනේ තරම් බැනපන්! දවල් රෑ නැතුව insult කරපන්!! අවුලක් නෑ.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම කලිනුත් කිව්වේ බං...

    [දැන් මේක නේ බන් case එක... උඹට මාත් එක්ක 'ඩෝන්' ගිහිල්ල ඉන්නේ දැන් අම්බානට! ඉතින් දැන් බොට නිකම් ඉන්නම බෑ... සෑහෙන කහනවා. උඹ හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් කියල පෙන්නගෙන හිටියට, යටින් ගිනිකඳු පුපුරනවා! තොටත් නොදනිම තොගේ හිත තෝව පලිගන්න මෙහෙයවනවා!! ඉතින් උඹ මඩ ගහන්න පුළුවන් විදි හොය හොයා මඩ ගහනවා! අවුලක් නැහැ!! උඹ පිළිගත්තනේ උඹ 100% පෘතග්ජනයෙක් කියල. එහෙම අය ඔහොම තමයි!! upset එකක් නැහැ. උඹ කැමති විදියකට කරගෙන කරගෙන යමන්... මොකද, පෘතග්ජනයින්ට ඔයිට වඩා දෙයක් බෑ!! අනික උඹ කොහොමටවත් පිළිගන්න එපා මම නිවන් දැකල කියන එක. මොකද උඹ ඒක පිළිගත්තොත් මට 'ගස්ලබු' වගෙයි! පිළිගත්තේ නැති උනොත් මට 'පැපොල්' වගෙයි!! ...උඹේ මොලේ හිලක් බන්. හදන්න පුළුවන් එකෙක් කියල තේරුණා නම් මම තොට private එකේ හරි කතාකරල බලනවා. වැඩක් නෑ, උඹව හදන්න බෑ]


    උඹට තියෙන කේන්තියට දැන් උඹට නිකම් ඉන්නම බැහැ! සෑ...හෙන කහනවා!! අර 'කසාන' හැදුනම කසන්න කසන්න ආතල් වගේ දැන් උඹට, මට මඩගහන්න මඩගහන්න ආතල්! මාව තලලා තලලා චප්ප කරලා දාන්න පුළුවන් නම් ඒකමයි උඹට ඕනේ! කමක් නෑ... මොකද උඹ හාමුදුරුවෝ නිතර නිතර මුණගැහුනත් තාම 100% පෘතග්ජනයෙක් නේ... උඹට ආතල් නම් ඕනේ තරම් බැනපන්! දවල් රෑ නැතුව insult කරපන්!! අවුලක් නෑ.

    හරි හරි ඉතින් අන්න තරම් දෙයක් උනේ නැහැනේ .

    අ ආ අ ........
    නාඩා ඉදින් පොඩි එකෝ . ඕකට ඉතින් ඔයතරම් දුක් වෙන්න ඕනේ නැනේ . ඔහොම තමයි අටලෝ දහමේ හැටි . දැන් ඉතින් නාඩා ඉදපන් . මෙට පස්සේ අපි උඹට විහිලි කරන්නේ නැහැ .උඹ ඉලෙච්රෝනික් වලින් නිවන් දැකල . මම හාමුදුරුවෝ හම්බෙන්නෙත් නැහැ . මම දැන් ප්රුතග්ජනත් නැහැ . උඹේ බන අහල අපි නිවන් දැක්ක . හරිම ලස්සනයි . GOLD පාටයි . මාරු .FULL BLACKOUT උනා. දැන් හරිනේ ? හොද එක වගේ දැන් නාඩා හිත හද ගනින් . ඔහොම ක ගහල අඩුවට ප්‍රශ්න විසදෙන්නේ නැහැනේ . හරි හරි ඔන් උඹ විජ්ජා කරය . නිවන් දැකපු එකා . කාටවත් හදන්න බැරි උනා radio හදපු එකා . උඹ ඔය එක එකාගේ විහිළු වලට නාඩා ඉදින්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කපන්න බැරි උනොත් ඉඹිනවා!! 'අපි' නම් එහෙමයි!!

    ඒත් මේ පිස්සු කෙලින ඒවායේ රඟේ තේරෙන්නේ නැහැ නේ මුන්ට... මේක වෙන කෙනෙක් කරපු thread එකක් වෙලා, මම මොකුත් නොදන්නා මැට්ටෙක් හැටියට මෙතනට set උනා නම් එහෙම, මම නම් මොලේ උලුක් වෙනකම් හරි කල්පනා කරලා කරලා මේකත් තිතටම අල්ලාගෙන, අදාළ දේශනා හොයාගෙන අහලා, කියවලා තව තව කරුණු හොයාගෙන 'දැන් හරි!' කියල confirm වෙනකම් try කරනවා මිසක්, ආයේ මලාට වැඩේ අතහරින්නේ නැහැ!! කලින් එහෙම කරගත්තු හන්ද තමයි මම නම් මේ බය නැතුව, relax එකේ ඉන්නේ... ඒත් තමන් දැන් අනතුරුදායක තත්වෙන් වත් ගොඩ ඇවිල්ලද කියල කිසිම sure එකක් නැති උදවිය, ඒ ගැන කිසිම වගක් විභාගයක් නැතුව, මෙන්න කරන වැඩ!! කාටද පාඩු?? ඕක හන්ද තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "නියසිලට ගත පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි ධර්මය අවබෝධකරන්නේ..." කියල. නැතුව මේ වැඩේ කරන්න බැරි දෙයක්ය කියල එහෙම නෙවෙයි...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කපන්න බැරි උනොත් ඉඹිනවා!! 'අපි' නම් එහෙමයි!!

    ඒත් මේ පිස්සු කෙලින ඒවායේ රඟේ තේරෙන්නේ නැහැ නේ මුන්ට... මේක වෙන කෙනෙක් කරපු thread එකක් වෙලා, මම මොකුත් නොදන්නා මැට්ටෙක් හැටියට මෙතනට set උනා නම් එහෙම, මම නම් මොලේ උලුක් වෙනකම් හරි කල්පනා කරලා කරලා මේකත් තිතටම අල්ලාගෙන, අදාළ දේශනා හොයාගෙන අහලා, කියවලා තව තව කරුණු හොයාගෙන 'දැන් හරි!' කියල confirm වෙනකම් try කරනවා මිසක්, ආයේ මලාට වැඩේ අතහරින්නේ නැහැ!! කලින් එහෙම කරගත්තු හන්ද තමයි මම නම් මේ බය නැතුව, relax එකේ ඉන්නේ... ඒත් තමන් දැන් අනතුරුදායක තත්වෙන් වත් ගොඩ ඇවිල්ලද කියල කිසිම sure එකක් නැති උදවිය, ඒ ගැන කිසිම වගක් විභාගයක් නැතුව, මෙන්න කරන වැඩ!! කාටද පාඩු?? ඕක හන්ද තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "නියසිලට ගත පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි ධර්මය අවබෝධකරන්නේ..." කියල. නැතුව මේ වැඩේ කරන්න බැරි දෙයක්ය කියල එහෙම නෙවෙයි...

    උඹ ධර්මය කොච්චර දන්නවා උනත්, ඔය කේන්තියන එක අඩුකරන්න බැරි ඇයි:rolleyes::rolleyes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ ධර්මය කොච්චර දන්නවා උනත්, ඔය කේන්තියන එක අඩුකරන්න බැරි ඇයි:rolleyes::rolleyes:

    ඈ... උඹ දිවැසින් වත් දැක්කද මට කේන්ති ගිහින් කියල? හරි, මං කේන්තියෙන්මයි කියමු! ඒකෙන් අනික් අයට තියන බලපෑම?? :confused:

    කොයි එකත් එකයි බැලුවම. හොයන්නෙම, අල්ලගන්නෙම වැඩකට නැති මොකක්හරි කොනක්! කෙරෙන්න අවශ්‍ය දේ තේරුම් ගන්නෙත් නැහැ, ඒකට යොමු වෙන්නෙත් නැහැ!
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඈ... උඹ දිවැසින් වත් දැක්කද මට කේන්ති ගිහින් කියල? හරි, මං කේන්තියෙන්මයි කියමු! ඒකෙන් අනික් අයට තියන බලපෑම?? :confused:

    කොයි එකත් එකයි බැලුවම. හොයන්නෙම, අල්ලගන්නෙම වැඩකට නැති මොකක්හරි කොනක්! කෙරෙන්න අවශ්‍ය දේ තේරුම් ගන්නෙත් නැහැ, ඒකට යොමු වෙන්නෙත් නැහැ!

    අවවාදයට වඩා ආදර්ශය උතුම් නේද..? අයියට තරහ යනවා කියලා දකින අයට පේනවා හොඳින්ම.
    ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම උසස්, ඒක ඒවා ඔයාම අනුගමනය කරනවාද කියා සැකයක් එනවා:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අවවාදයට වඩා ආදර්ශය උතුම් නේද..? අයියට තරහ යනවා කියලා දකින අයට පේනවා හොඳින්ම.
    ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම උසස්, ඒක ඒවා ඔයාම අනුගමනය කරනවාද කියා සැකයක් එනවා:D

    ආ... අන්න එහෙම එනවනම් කොච්චර හොඳද මල්ලි. ඇත්තටම නම් කේන්තියන්නෙම නැහැ කොල්ලෝ! බුදුහාමුදුරුවෝ නරකයි, එපා කියල සඳහන් කරපු දෙයකට හිත නැමෙන්නේ නැහැ! හදිස්සියෙවත් එහෙම ඒවා එනවානම්, ඊට කලින් elert වෙනවා! මොකද චිත්තානුපස්සනා එහෙම පුරුදු පුහුණු කරලා තියෙන හන්ද. ඒත් මේ සාමාන්‍ය මිනිස්සු එක්ක ගැටෙන්න සිද්ධවෙන තැන් වලදී, පොඩි පොඩි රඟපෑම් කරන්න වෙනවා! අවශ්‍ය තාවය තියෙන්නේ 'හරක් පට්ටිය හරි තැනට දක්කන එක' විතරයි! ලඟින්ම ආශ්‍රය කරලත් කෙනෙක්ව තේරුම් ගන්න අමාරු කොට, ඔයාල කොහොමද මේ ලියපු වචනවලින් කේන්තියෙන්ද, නැද්ද කියල දැනගන්නේ? ඒ වගේ පටු කල්පනාවල හිරවෙන්න එපා! මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ වේදනාව සුළඟ වගේ දකින්නය කියල කියා දුන්න අහල තියනවද? සුළඟ කියන්නේ හැමතිස්සෙමත් නැහැ, එකම පැත්තෙන් එනවා කියලත් නැහැ, එකම ගනනට එනවා කියලත් නැහැ! එහෙම නේද? ඒත් සුලන් නැතිවෙන්නේ වත්, නවත්වන්න වත් බැහැ නේ... ඔන්න ඔය විදියට තමයි පෘතග්ජන කෙනෙක්ගේ උනත්, ආර්ය ශ්‍රාවකයෙකුගේ උනත්, රහතුන් වහන්සේ නමකගේ උනත් ශරීරයේ ක්‍රියාකාරිත්වය. ආයතන බිඳිලා, විනාස වෙලා යනකම් ඒවා දිගටම වැඩ! හැම පැත්තෙන්ම හුලන් හමනවා. ඉතින් පැහැදිලිව තේරුම් ගන්න රහත් උනා කියලත් හීන පෙන්නේ නැතුව යනවා, හැඟීම් දැනීම් මොකවත්ම නැතුව යනවා, කියල වගේ මොකවත්ම නැහැ!! ඒ සේරම ඔය එක එක පිස්සු මිනිස්සු, (මහන වෙච්ච අයද, සාමාන්‍ය අයද කියන එක අදාළ නැහැ) ධර්මය හරියට දන්නෙත් නැතුව, ධර්ම මාර්ගය අනුගමනය කරලා සාර්ථක ප්‍රතිඵල ලබාගන්නෙත් නැතුව, හිත හිතා කියපු, ගොතල කියපු, නිකම්ම නිකම් හිස් කතන්දර විතරයි!!! කතාවක් තියෙනවා නේද අර දවස් 7 කට වඩා ඉන්න බැහැය, පිරිණිවන් පානවය, මොන මොනවද කියලත්. ඒ කතන්දරත් අර අනික් ඒවා වගේම මැන්ටල් ඒවා තමයි!!! තම තමන්ගේ ඔළුගෙඩි වලට ඒවගේ පදනමක් නැති කුණුහරුප කතා වැටිලා, පැල වෙලා මුල් ඇදල තියෙනවනම්, ගලවල විසික්ක කරලා දාන්න! ඇත්ත කතන්දරේ නම් 'කොච්චර හුලන් හැමුවත්' රහතුන් වහන්සේ සැලෙන්නේ, සෙලවෙන්නේ මොකුත් නැහැ!!! එච්චරයි. රසට කන්නත් පුළුවන්, ලස්සනට අඳින්නත් පුළුවන්, හොඳට සැපසේ ජීවත් වෙන්නත් පුළුවන්. හතරමහා ධාතු, හතරමහා ධාතු අතරේ සිද්ධවෙන ඕනේ දෙයක් සාමාන්‍ය අයුරින්ම සිද්ධ වෙනවා. ශරීරයයි, බාහිර පරිසරයයි අතරේ interactive processes සේරම කිසි වෙනසක් නැතුව දිගටම යනවා. ඒත් රහතුන් වහන්සේ ගේ සිත, විඥාණයේ ක්‍රියාකාරිත්වය, ඔය කිසිම සිදුවීමකින් සැලෙන්නේ, වෙනස් වෙන්නේ නැහැ!! අන්න ඒකයි 'රහතුන්වහන්සේලා සැප විඳින්නේ සැපයත් එක්ක එක් නොවී' කියල අර්ථ දක්වලත් තියෙන්නේ...

    මේක තව ටිකක් පැහැදිලිවෙන්න, අර ඇතුලේ දුවන operating system එකට වෙන දේ ගැන චුට්ටක් බැලුවනම් හරි! මතකනේ කලින් සාමාන්‍ය කෙනෙකුගේ OS එක මෙහෙමයි... කියල පොඩි උදාහරණයක් හදල පෙන්නුවා. ඉතින් අපේ හිතත් අර සුලන් හමන දිශාව පෙන්වන එක වගේ සුලන් හමන දිශාවට හැරෙනවා. බාහිර පරිසරයෙන් මොකුත් නැති වෙලාවට හිතේ පැලපදියම් වෙච්ච මොන මොනවා හරි ඒවාට හරියන්න මනසින් හුලන් හමන්න ගන්නවා, එතකොට ඒවාට හැරෙනවා. ඉතින් කොයි වෙලෙත් කුලප්පු වෙච්ච ගමන්ම නේ... අරහත්වයට පත්වෙද්දී ඔය වැඩපිළිවෙල සදහටම, සහමුලින්ම වෙනස් වෙලා යනවා! ඊළඟට මෙන්න මේ වගෙයි.

    1) Start (විඳීමක් ඇතිඋනා...)
    2) මනසිකාර කරනවද... ඕනෙද? එපාද? ඕනේ නම් 3 ට යන්න එපානම් 9 ට යන්න
    3) විඳීම මොකද්ද? සැපසහිත එකක් නම් 6 ට යන්න
    4) විඳීම මොකද්ද? දුක්සහිත එකක් නම් 7 ට යන්න
    5) 9 ට යන්න
    6) කොච්චර 'සැප' උනත් වැඩක් නැහැ, අනිත්‍යවෙලා යනවනේ... අල්ලලා දාන්න! 9 ට යන්න
    7) කමක් නැහැ ඉවසන් ඉන්න! ජීවිතය තියනකම් විතරනේ...
    8) // ජීවිතය පවතිනකම්, ආයුෂ තියෙනකම්, නොනවතින ක්‍රියාවලිය! (Loop)
    9) ජීවිතය වදයක් වගේද? නිරෝධසමාපත්තියට යනවනම් 14 ට යන්න
    10) විඳීමක් ඇතිඋනොත් 2 ට යන්න
    11) යුතුකමක්, වගකීමක්, උපකාරයක් කරන්න තියනවනම් කරන්න
    12) කාටවත් නරකක් නැති, වදයක් නැති දෙයක් කරන් තමුංගෙ පාඩුවේ ඉන්න
    13) 9 ට යන්න
    14) අතීතයේදී වින්ද, හඳුනගත්ත හැමදෙයක්ම අනිත්‍ය වෙලා ගියා... තව කොච්චර කලත් එච්චරම තමයි...
    15) මේ නිෂ්ඵල භව පැවැත්මෙන් නිදහස් වෙන්න ලැබිච්ච එකමයි හොඳ!
    16) ඇලීම්, ගැටීම, මුලාවීම් සේරගෙන්ම නිදහස්වෙලා ලබන මේ නිර්වානයමයි උතුම්ම සැපය!!
    17) // මෙතනට ආවම වැඩසටහන නවතිනවා! ආයේ දුවන්න එක්කෝ කවුරුහරි 'සද්දේ daala', අල්ලලා, හොල්ලල ධ්‍යානය බිඳින්න ඕනේ.
    18) // ටිකක් ගැඹුරට ගියාම නම් බාහිරින් කරන මොනම දේකින්වත් ධ්‍යානය බිඳින්න බැරිවෙනවා, තමන්ම මිදෙන්න ඕනේ කියලයි දැනගන්න තියෙන්නේ
    19) // දවස් 7 කින් 'hardware reset එකක් වෙලා' (නැත්නම් කය පවත්වන්න බැහැ නේ) ඉබේම ධ්‍යානයෙන් මිදෙනවා කියලත් අහල තියෙනවා
    20) // (මටත් 17 ට එනකම් හොඳට පුරුදුයි! අහම්බෙන් වගේ තරමක් deep ගියපු වෙලාවලුත් තියනවා. ඒත් ගොඩක් වෙලා ඉන්න ලැබිල නැහැ, උවමනාවකුත් නැහැ)


    දැන් එතකොට කතාව පැහැදිලිද? ඉතින් රහත් උනාම අරව වෙනවා, මේවා වෙනවා කියල අහල තිබිච්ච 'බයිලා' අල්ලලා දාන්න. වෙන්නේ, 'ඛීයති නො පචීයති' (කර්ම ගෙවිල යනවා රැස්වෙන්නේ නැහැ), 'ඒවං අපචිනතෝ දුක්ඛං, සන්තිකේ නිබ්බාණන්ති උච්චති' (මේ ආකාරයෙන් දුක බැහැර කරනවිට නිවනට ලංඋනා වෙනවා) ටික විතරයි!! අනික මෙතනට ආවම තියන 'සැප' කියල වැඩක් නැහැ!! ඒක වෙන මොනම දේකින් වත්, මොනම විදියකින්වත් ලබන්නත් බැහැ!! ඉතින් උත්සාහ කරන්නමයි තියෙන්නේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් ඔයාලට තේරුණාද රහතුන් වහන්සේ කෙනෙකුගෙයි සාමාන්‍ය කෙනෙකුගෙයි වෙනස? රහතුන් වහන්සේ දැක්කොත් දැක්ක විතරයි! ඇහුවොත් ඇහුව විතරයි! ගඳක්, සුවඳක්, රසක්, පහසක් වින්දොත් වින්ද විතරයි! යම් අරමුණක් මෙනෙහි කලොත් මෙනෙහි කළා විතරයි! ඒ කිසිම එකක් මත්තේ දිගින් දිගට හිත හිතා, දිගින් දිගට පවත්වාගෙන යන්නේ නැහැ. ඇත්තටම ඒක බොහොම වෙහෙසක් දරල, මහන්සියෙන් ආයාසයෙන් කරන්න වෙන්නේ නැහැ... ඉබේටම, නිරායාසයෙන්ම, හිත ඔය අවුල් සේරගෙන්ම නිදහස් වෙලා ආයේ ධර්මයටම එනවා!! හරිම සැහැල්ලුයි!! මොකද හිතන පරක්කුවෙන්, කොච්චර දුරකට කල්පනා කලත්, සංසාරේ නිසරු බව පැහැදිලිවම පේනවා! අවබෝධය සර්වසම්පූර්ණයිනේ... හිතෙන්නෙම මේ නිදහස්වීම කොච්චර දෙයක්ද?? නැත්නම් තව කොච්චර කාලයක් දුක් විඳින්න වෙන්න තිබුනද?? කියලාමයි. ඒවගේම තමයි තමන්ට නිදහස ලබාගන්න උපකාර කරපු ශාස්තෘන් වහන්සේට, ධර්මය තමන්වෙත ගෙනා කල්‍යාණ මිත්‍රයන්ට, නිරායාසයෙන්ම ඇතිවෙන ආදර ගෞරවය!!! ...මේ හැමදේම මම ඔයාලට කියන්නේ අත්දැකීමෙන් මයි. ඒ හන්ද විශ්වාසයකින් ඉක්මනටම ධර්මයට උනන්දුවෙන්න! ධර්ම මාර්ගයටම යොමුවෙන්න!! මේක තමයි අපි හැමෝටම තියන එකම විසඳුම!!!

    ඉතින් බුදුරජාණන්වහන්සේ වදාළ තව කරුණක් කියන්නද? 'මෙයමයි ශාන්ත... මෙයමයි ප්‍රනීත' කියල නිවණ ගැනම මෙනෙහිකරන, බාහිර දේවල් එක්ක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලාවෙන්නේ නැතුව නිවිසැනසිල්ලේ වාසයකරන රහතුන් වහන්සේට බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නේ, නිවන්මගට බැසගත් කෙනා... නිවන්දොරට හේත්තුවී සිටින කෙනා... කියලයි! එයාට වෙන හිතන්න දෙයක්වත්, කරන්න දෙයක්වත් නැහැ!! අනිවාර්යයෙන් ආයුෂ ඉවරවෙනවත් එක්කම පිරිණිවන් පානවා!!

    technical කෙනෙකුට නම්, මම ගෙනාපු technical explanation එකෙන්, මේ කතාව හොඳ ලස්සනට පෙනේවි! මට වෙලා තියෙන්නෙම ඒක නේ... හිතන පරක්කුවෙන් circuits හිතේ simulate වෙන්න ගන්නවා, එතකොට ආ... මේ point එකේ මේවිදියටයි ඇත්තේ... මේක මෙහෙමයි වෙන්න ඕනේ කියල 'පේනවා'. උවමනාවෙන් ආයෙම බලන්න. මම ලකුණු ගන්න, ලොක්ක වෙන්න කරපු දෙයක් නෙවෙයි මේක! කොහොම කොහොම හරි කරලා ඔය හැමෝම මෙතනින් එහාට ආයෙනම් පහලට වැටෙන්නේ නැහැ කියල confirm වෙන්න බලන්න... බුදුරජාණන්වහන්සේ වදාළ විදියටනම්, දැන් සාසන පරිහානිය සිද්ධවෙලත් ඉවරයි! අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ හන්දා, අපිට බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුණේ... ඒත් මේ අවස්ථාවත් දිග... කාලෙකට පවතින්නේ නැහැ. හැකි ඉක්මනට සෝවාන් මාර්ගයට ආවොත් මිසක්, මෙතනින් එහාට, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ ලොවට වඩිනා තෙක්ම, සංසාර ගමනේ යෙදෙන්න තියන පාර නම් තිත්ත කළුවරයි! ඒක sure!!! ධර්මය නැතිකාලෙක ලෝකේ ගැන කතාකරන්න වත් දෙයක් නැහැ!!! ඉතින් කොහොම කොහොම හරි උත්සාහ කරලා කරලා, ජීවිතය අවබෝධකරගන්න!!

    ඔයාලට මතකනම් අර මාලුන්ඛ්‍යපුත්ත හාමුදුරුවෝ 'තංස අජ්ජෝසාය චිත්තං' කියල කියපු කොටස, මම ඒකට සම්බන්ධකරලා පෙන්නුවා ඔය amplifiers වල සිද්ධවෙන feedback වීම, නැත්නම් high frequency oscillate වීම. අර කන් පැලෙන්න 'හූ' කියල එන්නේ, නැත්නම් speakers 'rost' වෙලා යන්නේ... අන්න ඒ case එක. ඒක ඇත්තටම Amp වල හැටි! ඒවායේ ස්වභාවයෙන්ම තියන 'ලෙඩක්'! ඇත්තටම මේ ජීවිත අපිට වැරදුනෙත් අන්න ඒ විදියටම තමයි. අපි සත්‍ය නොදැන උන්නු නිසා, හිත වහගෙන උන්නු කෙලෙස් (රාග/ද්වේශ/මෝහ), අපිව oscillate වෙන Amps වගේ කලා. පොඩ්ඩ බැරිවෙච්ච ගමන්, හිත ඒ කෙලෙස් අරමුණුවල බැහැගන්නවා!! ඒවයිම හිරවෙනවා!! ඉතින්, පිස්සු හදාගෙන දඟලනකොට, විඥාණය එකසිය ගානට පැලවෙනවා. ඒක හන්දනේ මේ එකතැනක තවදුරටත් ඉන්න බැරි තත්වයක් එද්දී තව තැනක් අල්ලගන්න එක සිද්ධ වුනේ! එක ගෙයක් කඩන් වැටෙනකොටම තව ගෙයක් හම්බවුනේ! (නැවත නැවත ඉපදීම) ඉතින් ඇත්ත හොඳටම දැනගත්ත, අවබෝධ කරගත්ත, කෙනෙක් උනාම අර feedback වෙන, oscillate වෙන, ලෙඩ හරිගස්සපු Amps වගේ වෙනවා!! 'අජ්ජෝසාය චිත්තං' ඊටපස්සේ නැහැ!! ඉතින් විඥාණය පැලවෙන්නේ නැහැ! මෙතැනින්ම නිරුද්ධ වෙනවා!! දැන් ඔය Amps අපි කොච්චර දේවල් වලට පාවිච්චි කරනවද. උවමනා විදියට 'පැලෙන්න අරින්න' පුළුවන් නේ... කොච්චර volume කලත්, අපි signal in කරන එක නවත්වපු ගමන් සේරම silence වෙනවා නේ... එහෙම නැතුව speakers පුච්චගෙන, කන් පලාගෙන ඒවා 'ඉබේ' දුවන්නේ නැහැනේ!! අන්න ඒ විදියටම තමයි, රහතුන්වහන්සේටත් ඕනේ දෙයක් කාල බීල, කැමතිදෙයක් කරන්, සතුටින්, සැපෙන් ආයුෂ තියනකන්ම ජීවත්වෙන්න පුළුවන්! මොකුත්ම upset එකක් නැහැ!! හැබැයි අවසානය්දී ඉතුරුවෙච්ච මොකුත් නැහැ! නිකන්ම switch off වුනා වගේ තමයි!! ඇත්ත තෙරුම්ගත්තයින් පස්සේ කිසිම කෙනෙකුට අවැඩක්, නරකක් වෙන දෙයක් කෙරෙන්නේත් නැහැ! ඕනෙම කෙනෙක් ගැන අවන්කවම ඇතිවෙන්නේ අනුකම්පාවක්!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔය ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති කියන එකේ හතරක් තියෙනවා. ඒ තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා. කායානුපස්සනා තව හතරකට බෙදල තියෙනවා , ආනාපානසති, ඉරියාපථ , සහ තව දෙකක් තියෙනවා. එත් අපිට ඕවා ඔක්කොම කරන්න කොහෙද වෙලාවක් ?? මගේ අධ්‍යාපන කටයුතු එක්ක කොහොමද ඕව ඔක්කොම කරන්නේ ??
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති කියන එකේ හතරක් තියෙනවා. ඒ තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා. කායානුපස්සනා තව හතරකට බෙදල තියෙනවා , ආනාපානසති, ඉරියාපථ , සහ තව දෙකක් තියෙනවා. එත් අපිට ඕවා ඔක්කොම කරන්න කොහෙද වෙලාවක් ?? මගේ අධ්‍යාපන කටයුතු එක්ක කොහොමද ඕව ඔක්කොම කරන්නේ ??

    anna honda prashnayak! habayi dan oyata wadagath mokadda kiyala issella hithanna one. gewagena aawa sansaara gamanath ekka baluwama me jeewitha kaalaye pramaanaya ganan ganna tharam wath deyak naa kiyalayi apata kiyaa deela thiyenne. hariyata 0.0000000000000000000000000000001nS withara wage kiyala hithamu!!

    dan e sulu kaalaya oyata labune sansaare karapu pin walin, me dukin pirunu sansaara gamanen nidahas wenna awasthaawak ekka! dan mokadda wada wadagath? me sulu kaalaya mahaa lokuwata dakala, godaak igena gena, lokoooooo rassawak hoyaagena.... loka bolen 1/2k withara salli walata ganna tharame mahaa dhanawathek welaa... ehemada?? nathnam pulu puluwan widiyata chutta chutta hari sasara duken ethera wenna awashya dewal karaganna ekada??

    anika bhawanaa karanna one kiwwama oyata issellama hithenne kalaawadinna, nathnama kawuruwath nathi paalu/hudakala thanakata yanna one kiyala nam, anna therum gaththu widiya waradiyi. ehema serama piliwelatama karanna perum puranna giyoth me chance eka miss wenna chance eka thamayi wadi!

    mama karapu widiya kiwwane... bhaawanaawa uwamanaa wenne hitha paalanaya karagana, dharma karunu nuwanin menehi kara kara awabodha karaganna kiyana dekata. eka weerayayen kalayuthu deyak misak inna thana, inna iriyaw, kana bona de, karana rassaawa wage ewa ekata adaalama naha.

    awashya wenne me shareeraya gana hondata danaganna. dhaathu washayen meka hadila thiyana hati, aayathana hatiyata meka hadila thiyana hati, hitha hasirena hati wage ewa hondatama therum gannayi. ethakota attha penenna gannawa! eelangata meke thiyana pilikul sahagataha bawa, anithya bawa hithala therum gaththama koholla wage alena swabhaawayath nathiwenawa.

    owa kalpanaa karanna oyaata train eke yana welaawa, awidan yana welaawa, nikam oya sindu aha aha, tv bala bala naasthi karana kaale yodaagaththaa nama welaawa one tharam labewi!! wadagathma de thamange uwamanaawayi, unanduwayi, kapaweemayi witharayi!!!
     
    • Like
    Reactions: cd_akhila

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    [FONT=&quot]මට හොඳ [/FONT]plan [FONT=&quot]එකක් තියෙනවා. මේක හොඳයිද කියන්නකෝ? ඔන්න මම මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව හොඳට කරලා, පස්සේ දිව්‍යලෝකයේ උපත ලබනවා. එහෙ ඉන්නවා ධර්ම කතික දෙවියන්. (මෙ පිළිබඳව ඔබ දන්නවා ඇති.) ඔවුන්ගේන් බන අසා සෝවාන් ඵලයට පත්වෙනවා. එතකොට ගොඩ තමයි.[/FONT]
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බෑ කොලුවෝ!!! ඒ plan එක එහෙම්පිටින්ම upset!!!

    ප්‍රධාන හේතුව මේකයි. අපිව අඳුන්වල තියෙන්නේ වතුරෙන් උඩට මතුවුණ ice කඳු වලට උපමා කරලයි. අපිට පේන්නේ මේ උඩට මතුවෙච්ච චුට්ටක් විතරයි උනාට, වතුර යට කොච්චර පදාසයක් තියනවද කියල කාටවත් පේන්නේ නැහැ! ඒ කිව්වේ මේ වාසනාවන්ත මනුෂ්‍ය උපතක් ලබන්න පින් තිබුනට, යටපත්වෙලා තියන, සංසාරේ කරපු අකුසල කර්ම තොගයක්, 'පව් අම්බානක්!' නැත්නම් 'දාර size කරුම අලයක්!' මේ හැම එකාටම තියනවා. ඕක විපාක දෙන්න set උනොත් sorry වෙනවා කොච්චර පින් කර කර හිටියත්! අහල නැද්ද බුදුහාමුදුරුවෝ කිව්වා, "සමහරු පින්කර කර ඉඳල අපාගතවෙනවා, සමහරු පව්කර කර ඉඳල දිව්‍ය සම්පත් ලබනවා" කියල... අන්න ඒ කිව්වේ ඕක ගැන තමයි! ඒ හන්ද ඔයාගේ higher education කල්දාන්න!! ඉස්සෙල්ල සොතාපන්නවත් වෙලා ඉන්න!!

    අපිනම් ඕනෙම කෙනෙකුට කියන්නේ, "ඉස්සෙල්ල රහත්වෙලා හිටපන්!! පස්සේ කල් තිබුනොත් අනික් ඒවා කරගන්න පුළුවන්!!" කියලයි. ඒක joke එකක් නෙවෙයි. බුදුරජාණන්වහන්සේ අපට කියාදීල තියෙන්නේ එහෙමයි! "හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න උත්සහ කරන්න කලින් සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න ඕනේ!" නැත්නම් "ආයුධයකින් පහරකාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් කරන්න තියෙන හදිස්සියට වඩා ලොකු හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕනේ!" කියලයි. මොකද දන්නවද ඒක තමයි Gateway එක! ඒක pass කලොත් නම් ආයේ ආපස්සට වැටෙන්නේ නැහැ!!! එතනින් එහාට කොච්චර 'late පොරක්' උනත් අවුලක් නැහැ, 'නතේ භවං අට්ඨමං ආදියන්ති!' කියල, කියාදීල තියනවනේ...

    අහල ඇතිනේ, අර මහා විසාල කන්දක් පාමුලට හාමුදුරුවරු පිරිසක් සමග වැඩිය වෙලාවක, බුදුරජාණන්වහන්සේ චූටි ගල්කැට 7 ක් පේලියට තියල හාමුදුරුවරුන්ගෙන් අහල තියෙනවා, "මහණෙනි මේ ගල්කැට ටිකද, නැත්නම් අර කන්දද වැඩිය ලොකු?" කියල. ඊටපස්සේ කියුවනේ "යමෙක් සෝතාපන්න උනොත්, ඔහු අර මහා විසාල කන්ද වගේ දුක් කන්දරාවක් නිමා කළා වෙනවා! ඔහුට ඉතිරි මේ චූටි ගල්කැට 7 තරමේ දුක් ස්වල්පයක් පමණයි!! කියල. ඉතින් කොලුවෝ, අන්න ඒකයි හරි ක්‍රමේ! මේ දැන්ම ඔයාගේ present plan එක 'ඩස්පින්' කරලා, මේ හරි plan එක load කරගන්න!