මහසෝනෝ, උඹ අන්තිමට දාල තිබුනේ නම් එල post එකක් මචන්! මාර කෑලි නේ උඹ දාන්නේ... අර හරක් පට්ටි කතාව... 2600 තියා 3600 දී වත් බැරි කතාව... කොහෙන්ද බං ඕව එන්නේ?? talks වලින් උඹ 'කිඹුලා' වගේමයි වෙලාවකට! ඒත් 'කිඹුලා' කියල ආපු පොරගෙන් විද්‍යමාන වෙච්ච කරුණු අනුව ඌ මට චුට්ටක් හරි පක්ෂපාත වෙන්න විදියකුත් නැහැ... දැන් උඹ මාව දන්නවා! ඒත් එක්කම කිඹුලත් silence, ග්‍රාමයත් silence! මේක නම් මාර අවුලක්!! ඇයි බං ඒ? ඇත්තටම නම් ඔය IDs 3 නේ කතාව මංම දැනගෙන තීරණය කලත් නෙවෙයි... WinSriLanka ගෙන් තමයි මුලින්ම දැනගත්තේ. ඒත් මම කිව්වා මේ characters වලින් මහසෝනා වෙනස්, අනික් දෙන්න නම් එකයි කියල... ඒත් ඌ confirm කරලම කිව්වනේ මේ එකෙක්මයි කියල! ඉතින් මම ටිකක් out ගියා. හැබැයි ඌම කිව්වා මායි ඉසුරුසිරියි දෙන්නයිත් එකෙක්මයි කියල ඌ හොඳටම දන්න බව!! අන්න ඒකෙන් මම දැනගත්ත ඌත් නිකම් හිතල කියපු කතාවක් මිසක් ඔය හරියට information හොයාගෙන, තිතටම දැනගෙන කියපු කතාවක් නෙවෙයි බව. මම පොරට කිව්වා 'ඔහේ නාගෙන!' කියල. වෙන මොනවා කියන්නද? කොහොම හරි අද වෙනකම් උඹගෙයි, කිඹුලගෙයි, ග්රාමසේවකයගෙයි සම්බන්ධය දැනගන්න ලැබුනේ නැහැ. අවුලකුත් නැහැ. මොකද ඒකෙන් වැඩකුත් නැහැ දැන්. හැබැයි කිඹුලා වෙන එකෙක් නම් ඌට try කලොත් ධර්මය අල්ලන්න පුළුවන් ඔලුගෙඩියක් තියනවා කියල විතරක් නම් මට හිතෙනවා, කලින් ඌට අනම් මනම් කිව්වට. (ඒකත් ඌ පිස්සෙක් වගේ දඟලපු හන්ද!) මචං නවී උඹත් මට එක එක දේවල් කියපු බව ඇත්ත. ඒත් ඒවා ගණන් ගන්න එපා. ඒ කිසිදෙයක් මගේ හිතේ නැහැ. උඹගේ පලවෙනි post එකෙන්ම මට තේරුණා උඹ යමක් දන්න, දැනගන්න උනන්දුවෙන එකෙක් කියන එක. උඹ කිව්වේ කවුරුවත් කිව්වට ගන්නෙත් නැහැ... විසිකරන්නෙත් නැහැ... තිතටම තේරෙනකම් කියල. නේද? මට ලාවට ලාවට මතකයි. උඹ මුලදී අර පුනරුප්පත්තියක් ඇතිවෙන හැටි එහෙම (මෙතනින් තව තැනකට මොකුත්ම ගෙනියන්නේ නැහැ... ඒත් කල්ප කෝටි ප්‍රකෝටි ගණන් තිස්සේ එකතුවෙච්ච මතකය එහෙම්පිටින්ම transfer වෙනවා) දැනගෙන නොහිටිය නම්, ඒක දැන් උඹට පැහැදිලි ඇතිනේ... අඩු ගනනේ idea එකක් වත් ඇතිනේ... නේද? මාත් ඕව කල්පනා කරන්න තියාගත්තයින් නේ මේවා පේන්න... පේන්න... ගත්තේ. ඉතින් ඒ සේරම මට නම් දැන් තිතටම පැහැදිලියි. (දැන් හිතෙනවා ඔය අහල කියවල තියන high-tech කතන්දර master කරපු කට්ටිය ටිකක් set කරගත්තා නම් විඥාණය පැලවෙන, නිරුද්ධවෙන එක බලන්න meter වගේ මොන මොනවා හරි හදන්නත් පුළුවන් වෙයි කියල... එතකොට අරහත් උනාම දැනගන්නත් පුළුවන්! එලට හිටියි නේද? ඒත් රහත් කරන්න මොකුත්ම ක්‍රමයක් නැහැ! ඒකට බුදුහාමුදුරුවෝ කියාදීපු ක්‍රමය විතරමයි!!) හිතන්න හිතන්න එක එක දේවල් කල්පනා වෙනවා... ඒත් වැඩක් නෑ. මේ හොඳටම ඇති!!
මම කිඹුලත් නෙමෙයි කිඹුලා මමත් නෙමෙයි
කිඹුලා තුල මම නැහැ මා තුල කිඹුලා නැහැ
... කොහොමද මගේ ටිකිරි මොලේ ...
මම උඹට කැමති එක දෙයක් නිසා ... "දැන්ම මේක කරගන්න පුළුවන්.. පරක්කු නොවි කරගනිල්ලා" ... මෙන්න මේ වචනේ අද ඔය ඉන්න අග්ගමහ පණ්ඩිතලත් කියන්නේ නැහැ... මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වැඩේ බාර දීලා උන්නාන්සෙලා තමන්ගේ පාඩුවේ බිස්නස් එකක කරගෙන ඉන්නවා




ඊයේ රූපවාහිනියේ ඥාණන්ද හාමුදුරුවන්ගේ වටිනා දේශනයක් තිබ්බා (... උන්නාන්සේ කිව්වේ "වචන හරිද.. ව්‍යාකරන හරිද... ඒවා බලන්න එපා.. ඒකේ තියෙන අදහස ගන්න කියලා... " හේතුව ලස්සනට වචන ව්‍යාකරන හදලා කුණුහරපත් ලියන්න පුළුවන් නිසා ...)

මොනවා උනත් උඹනම් තැනේ හැටියට ඇනේ ගහන්න දන්න එකෙක්. ඒක නෙවෙයි, "දැන්ම මේක කරගන්න පුළුවන්.. පරක්කු නොවි කරගනිල්ලා" කියපු එකට කැමති වෙච්ච උඹ දැන් ඒ කියපු විදියටම වැඩේ කරන් යනවද? මොකද අන්තිමට බලනකොට හැම එකාම කරලා තියෙන්නේ නිවණ ගැන කතා කරකර හිටපු එක විතරක් උනොත්?? ඒත් මල කෙලියයි නේ! යම රජ්ජුරුවෝ අහවි, 'තොපි හිතුවේ ඕක කියව කියව, වාද කරකර, තර්ක කරකර හිටියාම හරි කියලද බොල?' කියල!! තව චුටි එකක්... දැන් එතකොට කිඹුලා තෝ තුල නැත්නම් ඌ කොහෙද ඉන්නවා ඇත්තේ?
. හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔය උදවියට පුළුවන් වෙයි අනික් ප්‍රමාද වෙච්ච අයගේ ගමන් මාර්ගය වෙනස් කරන්න try කරන්න! ඒත් sure එකක් ඇතුව එහෙම කරන්න නම් තමන් ඉස්සෙල්ල 'ඉහලටම නැගල' ඉන්න ඕනේ!!
