බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mahasoana

Member
Aug 6, 2010
149
9
0
මහසෝනෝ, උඹ අන්තිමට දාල තිබුනේ නම් එල post එකක් මචන්! මාර කෑලි නේ උඹ දාන්නේ... අර හරක් පට්ටි කතාව... 2600 තියා 3600 දී වත් බැරි කතාව... කොහෙන්ද බං ඕව එන්නේ?? talks වලින් උඹ 'කිඹුලා' වගේමයි වෙලාවකට! ඒත් 'කිඹුලා' කියල ආපු පොරගෙන් විද්‍යමාන වෙච්ච කරුණු අනුව ඌ මට චුට්ටක් හරි පක්ෂපාත වෙන්න විදියකුත් නැහැ... දැන් උඹ මාව දන්නවා! ඒත් එක්කම කිඹුලත් silence, ග්‍රාමයත් silence! මේක නම් මාර අවුලක්!! ඇයි බං ඒ? ඇත්තටම නම් ඔය IDs 3 නේ කතාව මංම දැනගෙන තීරණය කලත් නෙවෙයි... WinSriLanka ගෙන් තමයි මුලින්ම දැනගත්තේ. ඒත් මම කිව්වා මේ characters වලින් මහසෝනා වෙනස්, අනික් දෙන්න නම් එකයි කියල... ඒත් ඌ confirm කරලම කිව්වනේ මේ එකෙක්මයි කියල! ඉතින් මම ටිකක් out ගියා. හැබැයි ඌම කිව්වා මායි ඉසුරුසිරියි දෙන්නයිත් එකෙක්මයි කියල ඌ හොඳටම දන්න බව!! අන්න ඒකෙන් මම දැනගත්ත ඌත් නිකම් හිතල කියපු කතාවක් මිසක් ඔය හරියට information හොයාගෙන, තිතටම දැනගෙන කියපු කතාවක් නෙවෙයි බව. මම පොරට කිව්වා 'ඔහේ නාගෙන!' කියල. වෙන මොනවා කියන්නද? කොහොම හරි අද වෙනකම් උඹගෙයි, කිඹුලගෙයි, ග්‍රාමසේවකයගෙයි සම්බන්ධය දැනගන්න ලැබුනේ නැහැ. අවුලකුත් නැහැ. මොකද ඒකෙන් වැඩකුත් නැහැ දැන්. හැබැයි කිඹුලා වෙන එකෙක් නම් ඌට try කලොත් ධර්මය අල්ලන්න පුළුවන් ඔලුගෙඩියක් තියනවා කියල විතරක් නම් මට හිතෙනවා, කලින් ඌට අනම් මනම් කිව්වට. (ඒකත් ඌ පිස්සෙක් වගේ දඟලපු හන්ද!) මචං නවී උඹත් මට එක එක දේවල් කියපු බව ඇත්ත. ඒත් ඒවා ගණන් ගන්න එපා. ඒ කිසිදෙයක් මගේ හිතේ නැහැ. උඹගේ පලවෙනි post එකෙන්ම මට තේරුණා උඹ යමක් දන්න, දැනගන්න උනන්දුවෙන එකෙක් කියන එක. උඹ කිව්වේ කවුරුවත් කිව්වට ගන්නෙත් නැහැ... විසිකරන්නෙත් නැහැ... තිතටම තේරෙනකම් කියල. නේද? මට ලාවට ලාවට මතකයි. උඹ මුලදී අර පුනරුප්පත්තියක් ඇතිවෙන හැටි එහෙම (මෙතනින් තව තැනකට මොකුත්ම ගෙනියන්නේ නැහැ... ඒත් කල්ප කෝටි ප්‍රකෝටි ගණන් තිස්සේ එකතුවෙච්ච මතකය එහෙම්පිටින්ම transfer වෙනවා) දැනගෙන නොහිටිය නම්, ඒක දැන් උඹට පැහැදිලි ඇතිනේ... අඩු ගනනේ idea එකක් වත් ඇතිනේ... නේද? මාත් ඕව කල්පනා කරන්න තියාගත්තයින් නේ මේවා පේන්න... පේන්න... ගත්තේ. ඉතින් ඒ සේරම මට නම් දැන් තිතටම පැහැදිලියි. (දැන් හිතෙනවා ඔය අහල කියවල තියන high-tech කතන්දර master කරපු කට්ටිය ටිකක් set කරගත්තා නම් විඥාණය පැලවෙන, නිරුද්ධවෙන එක බලන්න meter වගේ මොන මොනවා හරි හදන්නත් පුළුවන් වෙයි කියල... එතකොට අරහත් උනාම දැනගන්නත් පුළුවන්! එලට හිටියි නේද? ඒත් රහත් කරන්න මොකුත්ම ක්‍රමයක් නැහැ! ඒකට බුදුහාමුදුරුවෝ කියාදීපු ක්‍රමය විතරමයි!!) හිතන්න හිතන්න එක එක දේවල් කල්පනා වෙනවා... ඒත් වැඩක් නෑ. මේ හොඳටම ඇති!!

මම කිඹුලත් නෙමෙයි කිඹුලා මමත් නෙමෙයි
කිඹුලා තුල මම නැහැ මා තුල කිඹුලා නැහැ

... කොහොමද මගේ ටිකිරි මොලේ ...

මම උඹට කැමති එක දෙයක් නිසා ... "දැන්ම මේක කරගන්න පුළුවන්.. පරක්කු නොවි කරගනිල්ලා" ... මෙන්න මේ වචනේ අද ඔය ඉන්න අග්ගමහ පණ්ඩිතලත් කියන්නේ නැහැ... මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වැඩේ බාර දීලා උන්නාන්සෙලා තමන්ගේ පාඩුවේ බිස්නස් එකක කරගෙන ඉන්නවා :D:D:D:D

ඊයේ රූපවාහිනියේ ඥාණන්ද හාමුදුරුවන්ගේ වටිනා දේශනයක් තිබ්බා (... උන්නාන්සේ කිව්වේ "වචන හරිද.. ව්‍යාකරන හරිද... ඒවා බලන්න එපා.. ඒකේ තියෙන අදහස ගන්න කියලා... " හේතුව ලස්සනට වචන ව්‍යාකරන හදලා කුණුහරපත් ලියන්න පුළුවන් නිසා ...)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152

:yes::yes::yes:
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොමද මගේ ටිකිරි මොලේ...

    උඹගේ ටිකිරි මොලේ නම් මරු... නියමෙට ලිස්සල ගිහින් තියනවා.:lol: මොනවා උනත් උඹනම් තැනේ හැටියට ඇනේ ගහන්න දන්න එකෙක්. ඒක නෙවෙයි, "දැන්ම මේක කරගන්න පුළුවන්.. පරක්කු නොවි කරගනිල්ලා" කියපු එකට කැමති වෙච්ච උඹ දැන් ඒ කියපු විදියටම වැඩේ කරන් යනවද? මොකද අන්තිමට බලනකොට හැම එකාම කරලා තියෙන්නේ නිවණ ගැන කතා කරකර හිටපු එක විතරක් උනොත්?? ඒත් මල කෙලියයි නේ! යම රජ්ජුරුවෝ අහවි, 'තොපි හිතුවේ ඕක කියව කියව, වාද කරකර, තර්ක කරකර හිටියාම හරි කියලද බොල?' කියල!! තව චුටි එකක්... දැන් එතකොට කිඹුලා තෝ තුල නැත්නම් ඌ කොහෙද ඉන්නවා ඇත්තේ?:lol: ආසයි උගෙනුත් මොකක් හරි කට කැඩිච්ච කතාවක් අහන්න! ඒවගේම අර GS කාරයටත් මොනවා වෙලාද දන්නේ නැහැ. කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩක් ඇවිත් දඟලල යන්න හිතෙන්නේ නැද්ද දන්නෑ... කාලයක් මෙතන දෙවනත් කරන්න හදපු ගොයියෝ නේ... දැන් අනිත්‍ය වෙලා ගිහින් උනාට.
     
    Last edited:

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙන්න බලපන් නියම explanation එකක් තියෙනවා විශ්වය ගැන.(buddhist cosmology). මේක ලියල තියෙන්නේ චමිත කියලා කෙනෙක්. එය මගේ classmate වෙලා හිටියා ධර්මරාජ එකේ මම ඉගෙන ගන්නකොට (Year 1 to Year 5) . මිනිහගේ දැනුම නම් එල ම එල.

    http://chamithar.blogspot.com/search?updated-max=2009-07-19T20:46:00+05:30&max-results=50
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න බලපන් නියම explanation එකක් තියෙනවා විශ්වය ගැන...

    අම්මප ඇත්තමයි... එකසිය නෙවෙයි, එක් ලක්ෂ ගන්නට දුවන මීටරයක්! ඒත් බලන්නේ වටපිටාව ගැනම නේ... ඔය බලන බැලිල්ල තමා දිහාවට යොමු කළා නම්, සුටුස් ගාල 'නිවිලා යන්න' ඉඩ තියනවා!! විශ්වයට ඔහේ තියන විදියට තියෙන්න ඇරලා තමන් කවුද? මොකද්ද මේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? කියන දේවල් ගැන හොයන්න පටන් ගන්න කියන්න... ඒක තමයි යාලුවට කරන්න පුළුවන් ලොකුම උපකාරය.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අහපු, කියවපු හුඟාක් කතාවල ධර්මය කතාකරන්න එන, කියන උදවිය කියන්නෙම ආසාව අතහරින්න ඕනේ... ආසාව නැතිකරගන්න ඕනේ... ආසාව තියාගෙන මොකුත් බෑ... වගේ කතන්දර! අද පෝය දවසෙත් ඕකම අහන්න ලැබුන. හැමෝම ආසාවමයි 'හාල්පොත' වගේ ඉස්සරහට ඇදගන්නෙම! දවසක් බුදුහාමුදුරුවෝ හමුවට ආව දෙවි කෙනෙකුත් ඕකම කිව්වා... බුදුහාමුදුරුවෝ දීපු උත්තරය තමයි "නෑ... නෑ... ඒකට එච්චර හදිස්සිවෙන්න එපා! ඒක පස්සේ හරියාවි... මුලින්ම කරන්න ඕනේ, බොහොම හදිස්සියකින් කරගන්න ඕනේ සක්ඛාය දිට්ඨියෙන නිදහස්වීමයි" කියලයි!!! ඔය සක්ඛාය දිට්ඨිය කියන එක කොච්චර හොඳට තෝරලා දීල තියෙනවද? 20 ආකාරයකට වෙච්ච රැවටීමක් නේ... රැවටුනේ නොදැන හිටිය හන්ද! දැනගත්තයින් පස්සේ රැවටෙන්නේ නැහැ!! අන්න එතනිනුයි පටන්ගන්න තියෙන්නේ. මේ අපි ඇතුළු සියලුම ලෝක සත්වයෝ සකස්වෙන ක්‍රමය, පටිච්චසමුප්පාදය බුදුහාමුදුරුවෝ සොයා දැනගෙන එහෙම්පිටින්ම තෝරලා දීල තියනවනේ... මුලටම තියෙන්නේ අවිද්‍යාව! අන්න එකයි මූලික ප්‍රශ්නය. 'මම' කියල කුට්ටිය පිටින් බදාගෙන හිටියට කවුරුවත් දන්නේ නැහැ මේක දුකක්ය, මේ දුක ඇතිවුනේ හේතුවක් හන්දය, ඒ හේතු නැතිකලොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ය කියන බව!! මෙතනින් හරි විදියට පටන් ගත්තොත් ප්‍රශ්නය ලිහීගෙන ලිහීගෙන යනවා ලස්සනට!! එතකොට මහා අමාරුවක් නැතුව ලොකු ලොකු අවුල් නිරවුල් වෙනවා. ආසාව නිකන්ම නැතිවෙලා යනවා!!

    මට හිතෙනෙනේ මුලින්ම ආසාව නැතිකරන්න ඕනේ... කියන කතාවත් මහ එක්කෙනාගේ නිර්මාණයක් වෙන්න ඕනේ! මොකද එහෙම කියපු ගමන් සේරම පොරවල් 'අපොයි! ඒක නම් බැරියෝ...' කියල කෙලින්ම brake ගහනවා! එතකොට මහ එක්කෙනාගේ උවමනාව ඉටුවෙනවා. ඇයි? හුඟක් එවුන් ධර්ම මාර්ගයට යොමුවෙන්නේ නැහැ! ඒක ගැන කියපු ගමන් දුවනවා. ඒත් හරියට කල්පනාකරන්න පුළුවන් නම් තේරෙන්න එපාය, ආසාව නම් මේ සේරටම මුල, ආසාව ඇතිකළේ පොලිසියෙන්ද?? කියලවත්! ඇයි හැමදේම වෙන්නේ හේතුවක් හන්ද කියද්ද කියද්දීත්, ආසාව මුල හැටියට ගත්තොත් ඒක හේතුවක් හන්ද නෙවෙයි ඇතිවෙලා තියෙන්නේ! ඉබේ!! එතකොට හරිද? පටිච්චසමුප්පාදයට අනුව ආසාව ඇතිවුනේ විඳපු හන්ද... වින්දේ ආයතන 6 හන්ද... ආයතන ඇතිවුනේ නාමරූප හන්ද... ඔහොම ඔහොම කෙළවරටම ගියාම අන්න තියනවා case එක පටන්ගත්තු හේතුව! අවිද්‍යාව! අවිද්‍යාව නැතිවෙන කොට අනික්වා ටිකෙන් ටික හරියනවා. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා!! ඕක හරිවිදියට නොකිය, හරි විදියට තේරුම් නොකර, ආසාව කියන එක බදාගෙන, ඒකම ඉස්සර කරගෙන කියව කියව යන්නේ ධර්මය නොදන්නා, ධර්මය නොදැක්ක 'බයිලා කාරයෝ' කියල තමයි මම නම් කියන්නේ!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ආසාව ඇතිකළේ පොලිසියෙන්ද?? කියලවත්! ඇයි හැමදේම වෙන්නේ හේතුවක් හන්ද කියද්ද කියද්දීත්, ආසාව මුල හැටියට ගත්තොත් ඒක හේතුවක් හන්ද නෙවෙයි ඇතිවෙලා තියෙන්නේ! ඉබේ!! එතකොට හරිද? පටිච්චසමුප්පාදයට අනුව ආසාව ඇතිවුනේ විඳපු හන්ද... වින්දේ ආයතන 6 හන්ද... ආයතන ඇතිවුනේ නාමරූප හන්ද... ඔහොම ඔහොම කෙළවරටම ගියාම අන්න තියනවා case එක පටන්ගත්තු හේතුව! අවිද්‍යාව! අවිද්‍යාව නැතිවෙන කොට අනික්වා ටිකෙන් ටික හරියනවා. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා!! ඕක හරිවිදියට නොකිය, හරි විදියට තේරුම් නොකර, ආසාව කියන එක බදාගෙන, ඒකම ඉස්සර කරගෙන කියව කියව යන්නේ ධර්මය නොදන්නා, ධර්මය නොදැක්ක 'බයිලා කාරයෝ' කියල තමයි මම නම් කියන්නේ!

    දමිත , මේක පොඩ්ඩක් උදාහරණයක් එක්ක පැහැදිලි කරනවද ? මට පොඩ්ඩක් අවුල් වගේ . හරියට කියාගන්න තේරෙන්නේ නැහැ හැබැයි මොකක්හරි තේරෙන්න වගේ. ඇත්තටම මොකක්ද එතකොට මේ ආසාව ?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    (වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර) සහ (රූප වේදනා සඥා සංස්කාර විඥාන) යන දේවල් එකක්ද? නැතිනම් දෙකක්ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත , මේක පොඩ්ඩක් උදාහරණයක් එක්ක පැහැදිලි කරනවද ? මට පොඩ්ඩක් අවුල් වගේ . හරියට කියාගන්න තේරෙන්නේ නැහැ හැබැයි මොකක්හරි තේරෙන්න වගේ. ඇත්තටම මොකක්ද එතකොට මේ ආසාව ?

    ජීවිතේ පටන් ගත්තු තැන ඉඳල නිකමට හිතුවොත්, අපි ඉපදෙන්නේ මොකුත්ම නොදැන නේ... අඩු ගනනේ අම්ම, තාත්ත කියල වත් දන්නේ නැහැ. ඒක තමයි පටන්ගන්න තැන. මොකුත්ම දන්නේ නැහැ! ඊට පස්සේ ටිකෙන් ටික අහන, දකින, විඳින දේවල් එක්කල තමයි ටිකෙන් ටික ඉගෙන ගෙන හැදී වැඩෙන්නේ. ඉතින් ලොකු මහත් වෙනකොට ගොඩක් දේවල් අහල, දැකල, විදලා ඒවා පැලපදියම් වෙලා වැඩේ සැහෙන දුරදිග ගිහින් තියෙන්නේ. වෙනස් කරන්න සැහෙන අමාරුයි. ඉතින් අමාරු දෙයක් මුලටම දාගත්තම වැඩේ නොකෙරෙන පැත්තටම නේ බර. ඊළඟට බලන්න දැන් මතක් වෙනකොටත් කටට කෙල උනන, ආසාවෙන්ම කන කෑමකට ඒක මුලින්ම රස විඳලා taste එක දැනගන්න කලිනුත් ඔය විදියටම ආසාවක්, කන්න උවමනාවක් තිබුනද? නැහැ නේද? ආසම කරන පහසක් ගැන හිතුවත් ඒකත් විඳින්න ලැබුනට පස්සේ තමයි අපිට නැතුව බැරි තත්වයක් ආවේ. ඔය රස පහස වගේ ආසාවෙන් බැඳිච්ච සේරම පටන්ගත්තේ එහෙම. විදපු හන්දයි ප්‍රශ්ණේ පටන් ගත්තේ... හරි නේ. දැන් ඊළඟට අපි මේ පිරිසුදු බුද්ධ දේශනා අහල මේ අපේ ශරීර ගැන, ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න ලැබෙනකන්ම හිතාගෙන හිටියේ මේ 'මම'ය කියලයි. හිතාගෙන හිටියේ 'මම රසවිඳිනවා', 'මම පහස විඳිනවා' ආදී වශයෙනුයි. ඒත් බුද්ධ දේශනා හොඳට ඉගෙන අරන් නිවැරදිව කල්පණා කරකර බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ?? මේ ඇඟවල් කියන්නේ තනිකරම ලේ මස් වලින් හැදිච්ච සක්‍රිය ආයතන 6 ක එකතුවක්. ඒවායින් විඳින දේවල් අනුව 'හිත' සැප/දුක/සැපදුක් නැති කියන 3 ආකාරයකට හැසිරෙනවා මිසක් 'මම' කියල කෙනෙක් ඉඳල මොකුත් රස විඳලා, පහස විඳලා නැහැ!! ඔය කිසිදෙයක් හරි ආකාරයෙන් නොදැන සිටිනිසා වෙච්ච රැවටිල්ලක් තමයි අන්තිමට බැලුවම මේ සේරම! ඉතින් ඇත්ත දැනගත්තට පස්සේ ආසම කෑමක්, බීමක්, පහසක් කියලද තමන්ට වැටහෙන්නේ? නැත්නම් ආ... මේ දිව කියන ආයතනයට රසයක් දැනුන, ආ... මේ කය කියන ආයතනයට පහසක් දැනුනා කියලද? හරියට අවබෝධය ඇතිඋනයින් පස්සේ අහන, දකින, විඳින, මෙනෙහිකරන හැම දේකදිම කල්පනාවට එන්නේ ඒවායේ යථා ස්වාභාවයෙන්මයි. මුලාවක් නැහැ!! ඉතින් ආසාව තණ්හාව කියල අතහරින්න දෙයක් අමුතුවෙන් ඉතුරුවෙන්නේ නැහැ!!! ඒවා තමන්ටවත් නොතේරී බැහැර වෙනවා... නො ඇල්මෙන් නිරුද්ධ වෙනවා!!!
     
    ඒතකොට ආයතන 6 නිසා අසව ඇති වෙනවා . අසව ඇති නිසා ආයතන හය පවතිනවා . එකද චක්‍රය ? එතකොට ඔය දෙකන් මොකද මුලින් අවේ කියන එක හරියට නිකන් කිකිලිද බිතරේද මුලින් අවේ වගේනේ ? ඇත්තටම නිවන කියන්නේ එතකොට මේ චක්‍රයේ නවතිමද ? හරි අපි හිතමු ඔබ ඔය කියන ආකාරයට අපි නුවනින් විමසනවා කියල ඔය ආයතන වලට එන දැනීම් . එත් එපමණකින් අපි කොහොමද කියන්නේ අපේ දුක් විදීම එවර උන කියල . කොහෙටද ඇත්තටම අපි මේ ඇලිල ඉන්නේ ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒතකොට ආයතන 6 නිසා අසව ඇති වෙනවා . අසව ඇති නිසා ආයතන හය පවතිනවා . එකද චක්‍රය ? එතකොට ඔය දෙකන් මොකද මුලින් අවේ කියන එක හරියට නිකන් කිකිලිද බිතරේද මුලින් අවේ වගේනේ ? ඇත්තටම නිවන කියන්නේ එතකොට මේ චක්‍රයේ නවතිමද ? හරි අපි හිතමු ඔබ ඔය කියන ආකාරයට අපි නුවනින් විමසනවා කියල ඔය ආයතන වලට එන දැනීම් . එත් එපමණකින් අපි කොහොමද කියන්නේ අපේ දුක් විදීම එවර උන කියල . කොහෙටද ඇත්තටම අපි මේ ඇලිල ඉන්නේ ?

    මේ... මේක seriously අහපු එකක්ද? නැත්නම් 'කොමිටල්' ද? මොකද දන්නවද මේක ඇහුවේ seriously නම් ඔබතුමා ගැන මට බොහොම කණගාටුයි!! කලින් ඉඳන් කියපු කරපුව අනුව මම හිතුවේ යමක් දන්නා කෙනෙක් වෙන්න ඕනේ කියලයි... ඒත් මේකට අනුව හිතුවොත් මොකුත්ම නොදැන නේ පිස්සු කියවල තියෙන්නේ. තරහවෙන්න එපා කිව්වට. ලොකු ඔලුව දාගෙන කියන දෙයක් අහන්නේ පිළිගන්නේ නැතුව යකා නටනකොට තමයි මාත් යකා mark දාන්නේ. නැත්නම් ඕනෙම කෙනෙකුට මට පුළුවන් උපරිමයෙන් කියල දෙන්න try කරනවා විතරයි. දැනුත් මේ conservative ට උත්තරයක් ලිය ලිය ඉන්නේ. මේ... මම thread එකේ මේවා සේරම හොඳටම පැහැදිලි කළා නේ. දැක්කේ නැද්ද?? ආයි හොඳට බලන් එන්න. මොකද මට sure කෙනෙක් උවමනාවෙන් බලන් ආවොත් ආයේ non-returner හරි කෙළවරටම හරි ගිහින් මිසක් මග නවතින්නේ නැති බව!! නිවණ මට දැන් ගෙදර වගේ... ඒකයි.

    ඔයා අහල තියනවා වගේ ආයතන නිසා ආසාව ඇතිවෙනවා... ආසාව නිසා ආයතන පවතිනවා කියන එකත් චක්‍රයට ඇතුලත්. ඒත් හාරගෙන හාරගෙන පතුලටම ගිහින් බැලුවම තියන case එක විඥාණ පච්චයා නාමරූපං <===> නාමරූප පච්චයා විඥාණං කියල පෙනෙනවා. ඔය චක්‍රය බිඳින එක තමයි ඇත්තටම නිවණ. මේ... කිකිලිද බිත්තරද කියල හොයන්න වෙන්නේ පටන්ගත්තු තැන හොයන්න ගියොත් නේ... ඒක ගැන worry වෙන්න එපා! බුදුහාමුදුරුවොන්ට වත් පේන්නේ නැහැ කියපු එකේ ආයි මොනවා හොයන්නද? ආසාව නැති උනාම දුක ඉවරයි කියන්නේ, 'දුක' මේ ජීවිතය, හටගත්තේ ආසාව තිබුණු හන්දයි. කලින් වතාවේ කාම,භව,විභව කියන කිසිම ආකාරයක ආසාවක් නොතිබුනා නම්, දැන් mensoft මෙතන නැහැ!!;) මෙතැනදී එහෙම ආසාව එහෙමපිටින් නැතුව ගියොත් (ආශ්‍රව වශයෙන් තියන සේරමත් එක්ක) ආයේ නැහැ!! මෙතනින් ඉවරයි!!! "යායං තන්හා පොනෝ භවිකා" යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇතිකරයි!! ඉතින් ආසාවක් නැතිනම් පුනර්භවයක් ඇති නොකරයි!! මෙතනින් ඉවරයි!! ඇත්තටම අපි මොකකට වත් ඇලිල නැහැ!! රැවටිල්ලකට අහුවෙලා ඉන්නේ... නොදැනුවත් කමට!! අවිද්‍යාව හන්ද...
     
    එතකොට කෙනෙක් මැරෙන වෙලාවේ කිසිම දෙයක් ගැන ආසාවක් ඇති නොකරගත්තොත් . ඒ කියන්නේ තමන්ලග තිබිණ දේවල් නැති වීම ගැනවත් ඊළගට තමන්ට ලබෙඅ දෙයක් ගැනවත් මොනම විදිහකින් හෝ පොඩි හරි ආසාවක් ඇතිකර නොගෙන හිටියොත් එය ගොඩද ? ය අයෙත් නැවත උපදින්නේ නැද්ද ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට කෙනෙක් මැරෙන වෙලාවේ කිසිම දෙයක් ගැන ආසාවක් ඇති නොකරගත්තොත් . ඒ කියන්නේ තමන්ලග තිබිණ දේවල් නැති වීම ගැනවත් ඊළගට තමන්ට ලබෙඅ දෙයක් ගැනවත් මොනම විදිහකින් හෝ පොඩි හරි ආසාවක් ඇතිකර නොගෙන හිටියොත් එය ගොඩද ? ය අයෙත් නැවත උපදින්නේ නැද්ද ?

    'චුති චිත්තය' කතාව පැත්තටද යන්න හදන්නේ? හරියන්නේ නැහැ කොලුවෝ! එහෙම last moment එකේ ගොඩ යන්න try කලාට වැඩක් වෙන්නේ නැහැ. last moment එකේදී තමන්ට උවමනා විදියට හිත පාලනය කරන්, ඔය හිතෙන දේවල් කරන්න ලැබෙයිද කියලත් sure නැහැ! සේරටම වඩා බුදුහාමුදුරුවෝ ඔය ඊළඟ ආත්මභාවය සකස්වෙන ආකාරය තෝරලා දුන්නේ සකස්වෙච්ච භවයට අනුවයි උපතක් කරා යැවෙන්නේ කියලයි. ඉතින් අන්තිමට වෙන්නෙත් cross-fade වගේ වැඩක්. ඒ කියන්නේ අලුත් තැන අල්ලාගෙන විඥාණය මේකෙන් ඒකට මාරු වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවත් චුති චිත්තය ඇතිවෙනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි! ඊළඟට යන තැනට set වෙලා ඉවරයි! හැබැයි ජීවත්ව සිටියදී, transfer වෙන්න පටන්ගන්න කලින්, බලවත්ව ඇතිකරන්න පුළුවන් චේතනාවකින් දිසාව වෙනස් කරන්න පුළුවන්! අහල තියනවද පෙරේත ලෝකෙට යන්න set වෙලා හිටිය ආච්චි කෙනෙක්ව බුදුහාමුදුරුවෝයි, ආනන්ද හාමුදුරුවොයි මැදිහත්වෙලා දිව්‍යලෝකේ යැව්වා... ආයේ තව කතාවක තියනවා නිරයට යන්න ලැස්තිවෙලා හිටිය කෙනෙක්ව ක්‍රම ක්‍රමයෙන් හිත වෙනස් කරලා අන්තිමේ අනාගාමි බ්‍රහ්ම ලෝකයකටද කොහෙද යැව්වා... මට ඒ කතාව හරියට මතක නැහැ! කොහොමහරි ඒ තැනැත්තාව තව ඉස්සරහට ගෙනිච්ච නම් පිරිණිවන් පාන්නත් තිබුන කියල බුදුහාමුදුරුවෝ කිව්වා! වැඩේ තියෙන්නේ ඒවායේදී වෙනකෙනෙක් මැදිහත්වෙලා උපකාර කරපු හන්දයි මාර්ගය වෙනස් කරන්න පුළුවන් වුනේ... නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ! තමන්ට තනියම හිතන රටාව වෙනස් කරගන්න පුළුවන් කමක් තියන කෙනෙක් නම්, last moment වෙනකම් ඉන්න ඕනෙයි?? වේලපහම ඕනේ දෙයක් කරගන්න බැරිය!! ඒකටනේ මාත් මේ _ක ඉරාගෙන දඟලන්නේ:P. හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔය උදවියට පුළුවන් වෙයි අනික් ප්‍රමාද වෙච්ච අයගේ ගමන් මාර්ගය වෙනස් කරන්න try කරන්න! ඒත් sure එකක් ඇතුව එහෙම කරන්න නම් තමන් ඉස්සෙල්ල 'ඉහලටම නැගල' ඉන්න ඕනේ!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එහෙනම් මේ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවාද?

    ළමය 'කොමිටල්' කරනවද කියලයි මම බැලුවේ... ඇයි අප්පා ඔය ගැන කොච්චර විස්තර කරලා තියනවද? උවමනාවකින් බලල නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනවා... මේවා කොච්චර කියෙව්වත්, ඇහුවත් අවුල් අවුල් වගේ තමයි! ඒකට හේතුව මේ 'සත්වයා' කියන සකස්වෙච්ච ඉතාම සංකීර්ණ දෙයක අභ්‍යන්තර කතන්දර, ඇතුලේ සිද්ධ වෙන දේ, තමයි එක එක විදියට බලබල, එක එක විදියට බෙදල විග්‍රහ කරකර දක්වල තියෙන්නේ. එහෙම විස්තර විභාග කරලා බලනකොට එකම දෙය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්! එකම දේ විවිධ අයුරින් තියනවා පේනවා! මේක හරියට ඔය තැනකින් තැනකට පාරවල් කියද්දී පොදු හන්දි වල නම්, මාර්ග විස්තර කිහිපයකම සඳහන් වෙනවා වගේ දෙයක්! නැත්නම් technically, හරියටම කිව්වොත් cross-linked files වගේ! (upset වෙච්ච hard drive එකක data recover කරනකොට එකම sectors ටිකක් files කිහිපයකට අයිති හැටියට පෙන්නේ... දන්නේ නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ! නැත්නම් double trouble!) ආයේ මෙහෙමත් බලන්න, දැන් මොකක් හරි ඉස්කෝලෙකින් ඉගෙනීම ආරම්භ කරපු කෙනෙක්, අවසාන විභාගය හොඳින් paas වෙලා campus යනවා... එතනින් pass වෙලා doctor කෙනෙක් වෙනවා... ඊළඟට වෙන රටක පදිංචියට යනවා කියල ගනිමු. අහවල් අවුරුද්දේ අහවල් පන්තියේ හිටිය අය කියල එයා හිටිය පන්තිය ගැන කතාකලොත් එයාගේ නම සඳහන් වෙනවා. ආයි, අහවල් අවුරුද්දේ අවසාන විභාගය හොඳින් සමත් වෙච්ච අය කියල එයා pass වෙච්ච අවුරුද්ද ගැන කතාකලොත් එතනදිත් එයාගේ නම සඳහන් වෙනවා. අහවල් ඉස්කෝලෙන් අහවල් campus එකට select වෙච්ච අය කියල ගත්තමත් එතනත් එයාගේ නම සඳහන් වෙනවා. ඔයවගේ තව කොච්චරක් විදි තියනවද කල්පණා කලොත් එයාගේ නම සඳහන් වෙන? ඉතින් නොයෙකුත් අවස්ථාවල එකම නම සඳහන් උනාට මේ එකම දෙයක් ගැනද කතා කරලා තියෙන්නේ? නැත්නම් එකම දෙයක විවිධ ස්වරූපයන්, විවිධ ගතිලක්ෂණ වගේ දෙයක්ද? මේ කියවෙන්නේ එක එක විදියට බලනකොට පෙනෙන විවිධ ගති ලක්ෂණ, various properties ගැන නේ...

    මෙතන වේදනා, සංඥා කියල එකම නම් තැන් දෙකකදී සඳහන් වෙනවා දැකල හොල්මන් වෙන්න එපා! එහෙම උඩින් පල්ලෙන් බලන්න ගියාම වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙනවා. චක්ඛු විඥාණය, සෝත විඥාණය, ඝාන විඥාණය කියා කියා දැක්කමත් එතනත් විඥාණයක්... මෙතනත් විඥාණයක්... අතනත් විඥාණයක්... මොන මගුලක්ද මේ කියල හිතේවි! එතකොට තේරෙනවා වෙනුවට 'මඤ්ඤං' වෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!" කිව්වේ ඔන්න ඕක හන්දයි. මොකද නිකම් පිටින් බලපුවහම පෙනෙන්නේ එකම වචන ටිකක් විතරයි. කිව්වත් ලිව්වත් එහෙම්මමයි. ඒත් ඒවායේ තේරුම් වෙනස්!! ඒක කොහොමද දැනගන්නේ?? අන්න ඒකට තමයි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ!! අයිනක් අල්ලාගෙන වාඩි වෙලා මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්නයි තියෙන්නේ. මේකම තමයි විදසුන් වඩනවා නැත්නම් විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියල බොහොම බරකරලත් කියන්නේ. හැබැයි කල්පණා කරන එකත් නිවැරදිව කරන්න ඕනේ! ඒ හැකියාව තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඊළඟට කල්පණා කරන්නත් කරුණු දැනගෙන ඉන්න එපාය... ඒකට මේ කරුණු එක එක විදියට විස්තර කෙරෙන, තෝරලා තියෙන බුද්ධ දේශනා ගොඩාක් අහල කරුණු මතක තබාගෙන සිටීම ඉතා වැදගත් වෙනවා!! මම හිතනවා මේ කරුණු හැමෝටම වැදගත් වෙයි කියල. මොකද අපි දිනුවේ ඔය අවශ්‍ය දේවල් ඒ විදියටම කරපු හන්ද!! මොකුත් කරගන්න බැරිවෙච්ච උදවිය නිකම් පිස්සු කියව කියව ඉන්නේ වැඩේට උවමනාවකින් බැහැපු නැති හන්ද!! තම තමන් හරියට කලයුතු දේ කලොත් "අපි නිවන් දැක්කා..." කිව්වම 'අනේ පලයන් බං යන්න...' කියන්න වෙන්නෙත් නැහැ! නැත්නම් කට ඇරන් බලන් ඉන්න වෙන්නෙත් නැහැ!!

    ඉතින් ඔය අහල තිබුන වේදනා, සංඥා, චේතනා, ඵස්ස සහ මනසිකාර කියන ටික තමයි පණ තියන සත්වයෙකුගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. නාමරූප වල නාම කොටස, මානසික කොටස, සජීවී බව කියල ගත්තම හොඳට තේරෙයි. තමන්ට ලැබිල තියෙන ආයතන සක්‍රියව තියන තාක් කල් ඒවාට ගම්‍ය වෙන බාහිර දේවල් ගැටෙන කොටම ආයතනවලින් ඒ බව දැනගන්නවා. ඇහැට නම් රූපයක් වැටිච්ච ගමන් ඒක දැනගන්නවා... කනට නම් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා... අන්න ඒ විදියට. ඔය සිද්ධවෙන ක්‍රියාවලිය නේ බුදුහාමුදුරුවෝ 6 ආකාරයක ඉස්පර්ශය කියල හඳුන්වල දුන්නේ. ඉතින් ඒ ඉස්පර්ෂ මනසිකාර කලොත් විඳීම ඇතිවෙනවා. ඊටපස්සේ ඒ වින්ද දේ තමයි හඳුනගැනෙන්නේ. ඊළඟට ඒ අඳුන ගත්තු දේට අනුවයි චේතනා පහල කරලා හිතන, කියන, කරන දේවල් සිද්ධ වෙන්නේ. මනසිකාරය නොකර හිටියොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔය නින්දේදී සද්ද එහෙම ඇහුනට අපි දන්නෙවත් නැත්තේ... ඒ නිදි වෙලාවේදී මනසිකාරය සිදුනොවෙන නිසා තමයි. device scan කරන එක නැවැත්තුව වගේ. එතකොට ඇහැට රූප වැටුනට හිතට මොකවත් යන්නේ නැහැ... කනට සද්ද ඇහුනට හිතට මොකවත් යන්නේ නැහැ... තේරිලා ඇතිනේ ඔය බර කල්පනාවක ඉන්න වෙලාවට කවුරුවත් ලඟට ආවත් දන්නේ නැහැ... කතා කලත් දන්නේ නැහැ... අන්න ඒවගේ.

    දෙවනියට තියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ කියන්නේ අපි උපාදානය කරගෙන ඉන්න දේවල්, බැඳිලා ගිහිල්ල තියන දේවල්. රූප කිව්වේ හතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච ඕනෙම දෙයක් සහ එහෙම හැදිච්ච ඒවා නිසා හටගත් අනෙක් අතුරු ඵල සේරටම. ඇහැට දැකපු රුප, කනට ඇහුනු සද්ද, නහයට දැනුනු ගඳ සුවඳ සේරම අයිති වෙන්නේ රූප කොටසට. ඊළඟට ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්. ඊළඟට එහෙම විඳලා හඳුනගත්තු දේවල්. ඊළඟට ඒ හඳුනාගත් දේවල් අනුව චේතනා පහල කරකර හිතපු, කියපු, කරපු සේරම. ඊළඟට ඔය හැමදෙයකින්ම දැන අවබෝධ කරගත්තු සේරම. ඕනෙම කෙනෙකුගේ ජීවිතයක් ඇරන් බැලුවොත් තියෙන්නේ ඔච්චරයි! කොච්චර සාර භාර විදියට දැක්කත් කල්පණා කලත් තියෙන්නේ ඔච්චරයි! වෙන මොකුත්ම නැහැ! ඉතින් ඔය විදියට බැඳී ගියපු 5 ජාතියම අතීත / වර්තමාන, තමන්තුළ / තමන්ට බාහිර, ලොකු / කුඩා, හීන / ප්‍රනීත, දුර / ළඟ කියන ඕනෙම ආකාරයකින් අරගත්තම ඇඳින්වුව 'ස්කන්ධ' කියල. එතකොට පංච+උපාදාන+ස්කන්ධ -> පන්චුපාදනස්කන්ධය කිව්වා.
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    [FONT=&quot]මට ඔබ සියළු දෙනා වෙනුවෙන් යම් කාරණාවක් කියන්නට සිතුණා. [/FONT]

    [FONT=&quot]අපේ ආච්චි අම්මා වයසට ගිහිල්ලා ගොඩාක් අසනීප තත්වයේ ඉන්නේ. රෑට වේදනාවෙන් පෙළෙමින් නින්ද යන්නේ නැතිව කෙඳිරි ගාන හඬ මගේ කාමරයට ඇහෙනවා. එහෙමෙ ඉන්නකොට මම ගිහිල්ලා බෙල්ල උරහිස එහෙම අතුල්ලලා වේදනාව අඩුකරන්න බලනවා. එදා ඔවුන් වැඩකරපු තරමින් දහසින් එක පංගුවක්වත් තරම්වත් මම වෙහෙස මහන්සි වෙන්නේ නැති තරම්. මට මතකයි මම පොඩි කාලේ එක දවසක් අපේ ආච්චි අම්මා යනින් ගමන් මට බිස්කට් පැකට් එකකුත් අරන් දීලා මාව කුඹුරේ පැලේ නවත්තලා තියලා කුරක්කන් කපනවා එහෙම. ඒ ගිනි අව්වේ වැඩකරපු, අත පය යකඩ වගේ වෙච්ච ඒ ආච්චි අම්මා දැන් ඉන්න තත්වය ඉතාමත් දුක්බරයි. අපේ අනිත් ආච්චිලා සීයලාගේ තත්වයත් ඒ වගේමයි.[/FONT]

    [FONT=&quot]ඉතින් යහළුවනේ මේ තත්වය ඔවුන්ට වගේම ඔබටත් මටත් ඉස්සරහට අත් විඳින්නට සිදුවෙන තත්වයක්. [/FONT][FONT=&quot]දේවදූත සුත්‍රයේදී කියල තියනෙවා [/FONT][FONT=&quot]වගේ මේ තමයි අපට ඉස්සරහට ලැබෙන්න තියෙන දේ පිළිබදව පෙන්වාදෙන දේව දූතයින්. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් මේ දේවල් පෙන්නෑ වගේ ඇහෙන්නෑවගේ ඉන්නත් පුළුවන්. අපි ජීවත් වෙනකොට මේ වගේ දේවල් අපට ඕනෑතරම් මුණගැසෙනවා. එත් නුවණින් විමසා බැලුවොත් විතරයි මේ දේවල් තේරෙන්නේ. බුදු රජාණන් වහන්සේ අපට කියලා දීලා තියනවනේ ඇස කණ ආදී ඉන්ද්‍රියන්ගේ [/FONT][FONT=&quot]සංවරය[/FONT][FONT=&quot] ඇතිව වාසය කරන්න කියලා. එහෙම කියලා තියෙන්නේ රාගය, ද්වේෂය, මුලාවීම ඇතිකරන දේවල් වලින් ඉවත් වෙන්න කියලනේ. නමුත් ගොඩාක් දෙනා මේ වගේ දේවල් හමුවුණාම ඇස කණ ආදිය උපරිමයටම ලොකු කරලා විවෘත කරනවා. එත් ජීවිතයේ ඇත්ත තත්වය කියාදෙන දේවල් හමුවුණාම ඒ ගැන ගානක් නැහැ. නුවණින් විමසන්න හිත යොදවන්නේ නැහැ.[/FONT]

    [FONT=&quot]අපේ මේ තරුණ කාලය තමයි දුකෙන් ගැලවෙන්නනම් වැඩ කරන්න ඕනේ හොඳම කාලය. මොකද දැන් ඔබේත් මගේත් ඇඟ පත රිදෙන්නෙත් නැහැ. යමක් විමසා බලන්න පුළුවන් විදියට ස්මරණය එහෙමත් තියෙනවා. වයසට ගිහිල්ලා අපෙත් ඇඟ පත, නහරවැල් වේදනා දෙන්න පටන් ගත්තම වෙනත් දේවල් ගැන හිත යොදවන්න අමාරුයි. අනෙක අපට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. හැමදාම නොලැබෙන අවස්ථාවක්. මොකද මේ අවස්ථාව අපි නුවණින් විමසන්න පුළුවන් ජීවියෙකු විදියට ඉපදිලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේම බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශණා කරණ ලද ධර්මය ලෝකය තුළ පවතින ඉතාම කෙටි කාල සීමාවක්‌. ඒ වගේම ඒ ධර්මය අසන්නට ලැබෙන පරිසරයකම අපි ඉපදිලා ඉන්නවනේ.[/FONT]

    [FONT=&quot]ඉතින් මේ ලබුන අවස්ථාවේත් ප්‍රයෝජනයක් ගන්නට නොලැබුණොත් ඒක ලොකු අහිමිවීමක්‌. ඒකනිසා දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ වෙනත් අරමුණු වලට යටවෙලා දුකෙන් මිදෙනවා කියන කාරණය අතපසු වෙන එකයි. එහෙම අමතක වෙලා ප්‍රමාද වුණොත් දුකෙන් මිදෙන්නට ඔබටත් මටත් ලැබුණු මේ අවස්ථාවත් අහිමි වෙයි.[/FONT]

    [FONT=&quot]දමිත්ගේ මේ උත්සාහයත් ඒ අප්‍රමාදය අප තුළ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]තිකරවීමයි. [/FONT]

    [FONT=&quot]මම දමිත් සමග කරපු පෞද්ගලික කථාබහේදී ඔහු මට ලියා තිබුණු දේ ඔබගේ ප්‍රයෝජනය පිණිස ඔහුගේද අනුමැතිය ඇතිව පහත පලකරමි.[/FONT]

    [FONT=&quot]Extract [/FONT]
    [FONT=&quot][ පොත්වල එක එක දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. ඒ එයාලගේ අදහස්. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා! ඕනෙම එකක් ධර්මයට දාල බලල[/FONT][FONT=&quot], ධර්මානුකූලව කල්පනා කරලා හරිනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කියල දුන්නේ. ඒත් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කට සත්‍ය ධර්මය දැනගෙන ඉන්න ඕනේ!! පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ලැබෙන එකේ වටිනාකම තියෙන්නේ ඔතන තමයි. මොකද මොකුත්ම නොදන්නා කෙනෙකුට මොනවා අහන්න කියවන්න ලැබුනත් හරි වැරදි හොයාගන්න තෝරාගන්න හැකියාවක් නැහැනේ... එතකොට ඒ මනුස්සය නිකන්ම නාස්ති වෙලා යනවා. අහල නැද්ද අලුත මහන වෙච්ච 500 නමක් දේවදත්ත ඔය විදියට කාල දාන්න හදපු වෙලාවේ, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය හන්ද යන්තම් උන්වහන්සේලව බේරගත්ත එක. ඒ 500 නමම රහත් උන. නැත්නම් ඉවරෙටම ඉවරයි... මාත් ඇත්තටම මෙහෙම එලි බැස්සේ ඒ සේරම හිතට වද දෙන්න ගත්තු හන්දයි. මමත් එක එකාගේ කතා අහල අනාථ උනා නම් මං කොච්චර පව්ද කියල හිතෙනකොට මේ එක එක මැටි හරක්, ගිහි පැවිදි හැම එකාම, නොදන්නා කෙහෙල්මල් කියල මිනිස්සු අමාරුවේ දාන එක ගැන ලොකු කණගාටුවක් ඇති උනා. අපේ හාමුදුරුවොත් ඔය විදියටමයි අනික් උදවියට උපකාරය පිණිස යොමුවෙලා තියෙන්නේ. උන්වහන්සේ එහෙම නොකරන්න මට මොකද වෙන්නේ කියල හිතනකොටත් කඳුළු එනවා... හැබැයි ඉතින් අපිට බැහැ හැමෝම සසරින් එතෙර කරන්න. ඒත් විශ්වාසයෙන් පිළිගන්න ඕනේ කෙනෙක් ආයේ දෙපාරක් හිතන්න ඕනේ නැහැ! sure ම තමයි. මේ තනිකරම මාරයාගේ ආධිපත්‍ය යටතේ තියන ස්ථානයක සිද්ධවෙන වැඩක්. එයා හිතන තරම් ලේසියෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒත් නිශ්ශබ්දව පිරිසුදු බුද්ධ දේශනාම උපකාරකරගෙන කෙනෙක් වීර්ය කරලා කරලා ගොඩ ගියොත් මාරයා හබක්. එයාට ගොඩගිය අයව නටවන්න බැහැ! sorry වෙනවා. ඊට පස්සේ ඒ ගොඩ ගිය අයට පුළුවන් තව එන එන ඕනෙම කෙනෙක්ව ගොඩට ගන්න. ඒකත් වලක්වන්න බැහැ. ...................... හැබැයි කෙලවරට නොගිය අය ධර්ම කතන්දර වල බැස්සොත් 'මහත්තය' ලස්සනට වැඩේ දෙනවා... අන්තිමේ බැලුවම යන්න පටන් අරන් තියෙන්නේ එකකට ගිහිල්ල බලනකොට කැලේ... ඕව දකින්න හැබැයි මුලින් තමන් එහෙමපිටින් නිරවුල් වෙලා ඉන්න එපාය. මේ ඔයාට උවමනාව තියනවා නම් අපේ හමුදුරුවොන්ගේ දේශනා වලින් පිරිසුදු බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්න. මගේ thread එකේ (බුදුන් වදාළ දේ technical විදයට දකිමු) full technical explanation එකකුත් ඇති. ඒවා සේරම තියෙද්දී මාරයට බයවෙන්න ඕනේ නැහැ. වැඩේ කරන් යන්න. [/FONT]

    [FONT=&quot]aththatama mewa mokawathma ahala nathi his minissu thamayi godaak inne. ithin kohomin kohoma hari mewa danagena Dharmayata yomu unoth kochchara deyakda? ekayi. ]

    Extract - End.
    [/FONT]
     
    Last edited:

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    image.php

    උඹ කවදාද බං සිවුරු ඇරියේ. ?:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ඔබ සියළු දෙනා වෙනුවෙන් යම් කාරණාවක් කියන්නට සිතුණා....

    නියමයි යාළුවා!
    තෙරුවන් සරණයි!!!

    Me said:
    පොත්වල එක එක දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. ඒ එයාලගේ අදහස්. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා! ඕනෙම එකක් ධර්මයට දාල බලල, ධර්මානුකූලව කල්පනා කරලා හරිනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කියල දුන්නේ. ඒත් එකට සත්‍ය ධර්මය දැනගෙන ඉන්න ඕනේ!! පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ලැබෙන එකේ වටිනාකම තියෙන්නේ ඔතන තමයි. මොකද මොකුත්ම නොදන්නා කෙනෙකුට මොනවා අහන්න කියවන්න ලැබුනත් හරි වැරදි හොයාගන්න තෝරාගන්න හැකියාවක් නැහැනේ... එතකොට ඒ මනුස්සය නිකන්ම නාස්ති වෙලා යනවා. අහල නැද්ද අලුත මහන වෙච්ච 500 නමක් දේවදත්ත ඔය විදියට කාල දාන්න හදපු වෙලාවේ, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය හන්ද යන්තම් උන්වහන්සේලව බේරගත්ත එක. ඒ 500 නමම රහත් උන. නැත්නම් ඉවරෙටම ඉවරයි...

    මේ කරුණු ටික ඕනෙම කෙනෙකුට වැදගත්වෙන නිසා ඔයා මේක publish කල එක ගැන මම සතුටු වෙනවා!