යාලු, මම එළිපිටම ඇඳන් ඉන්න එක ගැන සලකන්නේ නැතුවම, ගොබ්බ / මොට්ට පොරවල් කිය කියා 'පෝම ගව්රව සම්ප්රයුක්තව' ඇමතුවේ ඔය කියන ජාතියේ බයියලට තමයි!! (හැබැයි ධර්මය / ධර්මකරුණු සම්බන්ධයෙන් විතරයි. ඊට පරිබාහිර කරුණු ගැන මෙතන කොහොමත් කතාවක් නැහැ). මම එහෙම කිව්වෙත් පදනමක් ඇතුව!! බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසාන වතාවට දීපු උපදෙස නිසයි ඒ!!! බුදුහාමුදුරුවෝ කිව්වා නායක මහනායක හිමිවරු කිව්වත් කියන කියන හැම එකම බාරගන්න එපා! වැඩි පිරිසක් කියන දේ කියලත් කියන හැමදේම පිලිගන්නත් එපා! ප්රසිද්ධ වැදගත්ය කියල සම්මත හැමෝම කිව්වත් කියන කියන ඒවා පිළිගන්න එපා! වගේ කරුණු ගොඩාක්. බුදුරජාණන්වහන්සේ දීපු උපදෙස තමයි අහන්න / දැනගන්න ලැබෙන ඕනෙම දෙයක් ධර්මයට දාල, ධර්මානුකූලව කල්පනා කරලා, ධර්මයට එකඟ නම් පමණක් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියන එක!! මොකා කොහොම කිව්වත් අපි පිළිගන්න ඕනේ බුදුරජාණන්වහන්සේ අපිව දැනුවත් කල ආකාරයටම filter කරලා තමයි. බුදුරජාණන්වහන්සේයි, පිරිසුදු ශ්රී සද්ධර්මයයි, ආර්ය ශ්රාවක පිරිසයි (බුද්ධ වචනය ඒ විදියටම කියන සංඝරත්නයත්, ගිහි පිරිසත්) විතරයි අපි පිළිගන්න ඕනේ!!! ධර්මයෙන් බැහැරව, ධර්මයට පටහැනිව කටයුතුකරන, 'කතන්දර කියන' ඕනෙම කෙනෙක් දෙපාරක් හිතන්නේ නැතුව discard කරලා දාන්න! මම නම් අම්ම තාත්ත කියලවත් care කරන්නේ නැහැ! අපි හැමෝම තනි තනියෙන් සංසාරේ අතරමන් වෙලා අනන්ත දුක් විඳගෙන එන පිරිසක්!! මොකෙකුට වත් තව කෙනෙක්ව ගොනාට අන්දන්න, වටේ යවන්න කිසිම අවස්ථාවක් දෙන්න ඕනේ නැහැ!! කවුරුවත් කාගෙවත් බොරු කතා අහල මේ ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත අවස්ථාවත් මගහැරගෙන ආයේ පාරකට අසරණ වෙන්න ඕනෙත් නැහැ!! කරන්න තියෙන්නේ තම තමන් හරියට ධර්මය ඉගෙන ගෙන, අවබෝධ කරගෙන, ගැලවීම සලසගන්න එකයි... තව පුළුවන් තරමක් පිරිස අඩුම ගනනේ නිදහස් වීමේ මාවතට වත් යොමුකරන එකයි තමයි...