බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඇත්තටම ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ මොකක්ද එතකොට

සාමාන්‍යයෙන් අර්ත දෙකක් එනවා ... ආර්‍යයෝ පාවිච්චි කරන්නේ එක අර්තයකින් ලෝකයා එක අර්තයකින්... ලෝකයා ආරෝග්‍ය කිව්වේ ..ලෙඩ නැති කයකට... නමුත් ආර්‍ය අර්තය එන්නේ "නිවන" කියන එකයි... ඒකයි පෙර නොඇසු විරූ දහම ...
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හරි. එහෙමනම මෙහෙම හිතමු. සියලු සංස්කාර ධර්මයන් කැමතිසේ නෑ!!! අනිත්‍යයි.(අපි කැමති ඒවා නිත්‍ය ලෙස පවත්වන්න එත් ඒවා වෙනස්වෙනවා, අනිත්‍යයි).

ඒවා අනිත්ය වූ නිසාත්, කැමති සේ නැති නිසාත් දුකක් හටගනියි.

එහෙනම් ඒ කැමතිසේ නැති දේවල් සහ අනිත්යවූ දේවල් වලට ඇල්ම , උපාදානය , තන්හාව ඇතිකරගන්න එපා. ඒවා අසාරයි . පස්සෙන් ගිහින් වැඩක නැහැ. :no::no::no:

මෙහෙම හිහන කොට මට පුදුම සහනයක් දැනෙනවා. :yes::yes::D:D:D

මම නම හිතන්නේ ඔය කැමති සේ නෑ කියන එකේ අනිත්‍ය කියන එක ගැබ් වෙලා තියෙනවා.
:yes::yes:
 
  • Like
Reactions: conservative

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    සාමාන්‍යයෙන් අර්ත දෙකක් එනවා ... ආර්‍යයෝ පාවිච්චි කරන්නේ එක අර්තයකින් ලෝකයා එක අර්තයකින්... ලෝකයා ආරෝග්‍ය කිව්වේ ..ලෙඩ නැති කයකට... නමුත් ආර්‍ය අර්තය එන්නේ "නිවන" කියන එකයි... ඒකයි පෙර නොඇසු විරූ දහම ...

    ඔකේ ඉංග්‍රීසි version එක තමයි මේ

    ආරෝග්‍ය පරමා ලාබා ----- Physical wellbeing
    සන්තුට්ඨි පරමාණ ධනං ----- Mental Wellbeing
    විශ්වාශ පරමා ඥාති ----- Social wellbeing
    නිබ්බාණං පරමං සුඛං ----- Spiritual Wellbeing

    ඕක සුමනපාල ගල්මන්ගොඩ සූරීන් තමයි දොරමඩලාවට ඇවිත් කිව්වේ.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    සාමාන්‍යයෙන් අර්ත දෙකක් එනවා ... ආර්‍යයෝ පාවිච්චි කරන්නේ එක අර්තයකින් ලෝකයා එක අර්තයකින්... ලෝකයා ආරෝග්‍ය කිව්වේ ..ලෙඩ නැති කයකට... නමුත් ආර්‍ය අර්තය එන්නේ "නිවන" කියන එකයි... ඒකයි පෙර නොඇසු විරූ දහම ...

    මම ආයේ අහල තියනවා ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා. ඒ තමයි ලෞකික එක සහ ලෝකෝත්තර එක කියල. කරුණාකරලා මට කියන්න මොකක්ද ලෝකෝත්තර එක කියලා?

    අපි මෙච්චර කල් follow කරගෙන ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද දන්නේ නෑ?:shocked:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම ආයේ අහල තියනවා ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා. ඒ තමයි ලෞකික එක සහ ලෝකෝත්තර එක කියල. කරුණාකරලා මට කියන්න මොකක්ද ලෝකෝත්තර එක කියලා?

    මේ UniMatrixZero සහෝදරයා ඔහොම අර්ථ දෙකක් එනවා කියල තියෙන්නේ එයාට එහෙම පෙනිච්ච, හිතිච්ච හන්දයි. නැතුව ඔහොම කතාවක් ඇත්තටම නම් නැහැ!! මට නම් එයාගේ කතාව දැක්ක ගමන් හිතුනේ මොන පිස්සු කතාවක්ද මේ? කියලයි... ඇයි ආරෝග්‍යා කියන එක නිවණ කියල හිතුවොත්, අනික් පේලි 3 ගැන මොකක් හිතන්නද?? නිවණ තමයි උපරිම!! ඊට එහා දෙයක් නැහැ. එතකොට සන්තුට්ඨිං, විශ්වාසා, නිබ්බානං සේරගෙන්ම කියල තියෙන්නෙත් නිවණ ගැන කියල ගන්න වෙනවා. ඒක එහෙම නම් මේ විදියට පේලි හතරකින්, කරුණු 4 ක් වෙන වෙනම දක්වන්න ඕනෙත් නැහැනේ... පිස්සු! මම නම් ඔහොම හිතෙන හිතෙන ඒවා කියවන එක ගැන බොහොම කණගාටු වෙනවා. ඊයෙම මේ ගැන reply නොකලෙත් යාලුවෝ හම්බවෙලා උන්ගෙනුත් අදහස් අහලම ලියන්න තීරණය කරපු නිසයි!

    මෙයා මේ 'පෙර නොඇසූ විරු දහමක්...' කෑල්ල අල්ලාගෙන තියෙන්නේ "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුන් උදපාදී, ඥාණං උදපාදී, පන්ඥා උදපාදී..." ආදී වශයෙන් කියවෙන දේශනාවෙන් වෙන්න ඕනේ! ඒත් එතැනදී කියවෙන්නේ වෙන දෙයක් ගැන. ඒක මේ ආරෝග්‍යා කතාවට කොහෙත්ම අදාළ නැහැ.

    Mr. cons ආර්යෂ්ඨාංගික මාර්ගයට ලෞකික ලෝකෝත්තර කියල දෙකක් බුදුහාමුදුරුවෝ නම් කියල නැහැ!!! එහෙම දෙකක් තියනවා කියල කිව්වොත් ඒ මොකෙක් හරි 'ලෝකෝත්තරයෙක්' කියපු කතාවක්ම වෙන්න ඕනේ!!! එහෙම හිතෙන හිතෙන විදියට 'හදාගත්තු මාර්ග' වල ගියාම ණිවන් යන්න බැහැ... ණිවන් ආව කියල හිතාගෙන ගියාම යමරජ්ජුරුවෝ අල්ලගන්නවා 'ආ... තෝ ආවද?' කියල.:lol::lol:

    මේ සම්මා දිට්ඨියට විතරක් ලෞකික, ලෝකෝත්තර කියල දෙකක් තියනවා. ඒ දෙක primary step, secondary step කියල ගත්ත නම් වඩාත් හොඳයි!!! එතකොට පැටලීම් මොකුත් නැහැ! ආර්යෂ්ඨාංගික මාර්ගයේ කතාවෙන සම්මා දිට්ඨිය, "කතමන්ච භික්ඛවේ සම්මා දිට්ඨි? දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං..." ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම තෝරලා දීල තියනවා!!! ඒකට වෙන වෙන definition දාන්න මොකෙකුටවත් බැහැ!!! ඉතින් හරි සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය පිලිබඳ අවබෝධඥාණයයි. ඒත් යමෙක් ආර්යෂ්ඨාන්ගික මාර්ගයට යොමුවෙන්න පදනමක් තියෙන්න එපාය! මොකද ආර්යෂ්ඨාන්ගික මාර්ගය තියෙන්නේ ණිවන් අවබෝධය පිණිස පමණයි. ඒකෙන් වෙන වෙන දේවල් කරන්න කියල නෙවෙයි.

    ඉතින් මුලින්ම මේ ධර්ම කතා අහන පෘතග්ජන මිනිහෙකුට / ගෑනියෙකුට හිතෙන්නේ මොන කෙහෙල්මලකට මේ ආර්යෂ්ඨාන්ගික මාර්ගයේ යනවද? මොකට ණිවන් අවබෝධ කරනවද? කියලයි. ඒ උන් ලෞකික සම්මා දිට්ඨිය කියන primary step එකටවත් ඇවිත් නැති නිසා ඇතිවන කල්පනාවක්!! උන් කර්ම හා කර්මඵල විශ්වාස කරන්නේ නැහැ!, ගැලවීමට තියන එකම විසඳුම නිවණ කියන එක පිළිගන්නේ නැහැ! බුදුරජාණන්වහන්සේ ගැලවීමට මාර්ගය කියා දී තිබෙන බව පිළිගන්නෙත් නැහැ! ආර්ය ශ්‍රාවකයෝ ඒ මාර්ගයේ ගමන් කරලා නිදහස් උනා කියන එක පිළිගන්නේ නැහැ! ඉතින් උන්ට මොකුත්ම කරගන්න ලැබෙන්නෙත් නැහැ! කවදාවත් ගලවීමකුත් නැහැ!! සදහටම මැරෙනවා... ඉපදෙනවා... මැරෙනවා... ඉපදෙනවා...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම ආයේ අහල තියනවා ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා. ඒ තමයි ලෞකික එක සහ ලෝකෝත්තර එක කියල. කරුණාකරලා මට කියන්න මොකක්ද ලෝකෝත්තර එක කියලා?

    අපි මෙච්චර කල් follow කරගෙන ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද දන්නේ නෑ?:shocked:

    දෙකක් ? කව්ද මේක කිව්වේ ? දෙකක් තියනවා කියන්න එකක මොනාහරි අඩුපාඩුවක් තියනවා කියන එකනේ. හිතුවද බුදුවරයෙක් පෙන්නලා දෙන මාර්ගයක අයෙත් ධුප්ලිකෙට් පාරවලුත් ඇති කියල ? එහෙමනම් එක හරි විහිළුවක් වෙනවා . මේවට අහුවෙන්න එපා .
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඕක කිව්ව හාමුදුරුවොම මාර කතාවක් කිව්වා. ඒ තමයි ඉර රස්නේ නැතිලු. ඉර කියන්නේ Just a light source එකක් ලු. ඉර පෘතුවියට එන කොට ඔසොන් ස්ථරයේ වැදිලා ඒ ඇතිවන ගර්ශනයටලු අපිට රස්නේ ඇතිවෙන්නේ. ඉර රස්නේ නම අපි උඩට යන්න යන්න රස්නය වැඩි වෙන්නේ ඕනේ නේ කියලත් ඒ හාමුදුරුවෝ කියනවා. බොරුනේ.

    http://www.hiddendhamma.net/section-blog/28-current-users/11-grahaapala

    1) ඉරේ න්‍යෂ්ටික ක්‍රියාවලියක් සිදුවෙනවා, ඒ තමයි Nuclear fusion කියන ඒක.
    Nuclear fusion එකක් වෙනකොට අධික ප්‍රමාණයක් තාපය පිට වෙනවා. ඉතින් ඉරේ ප්‍රමාණය හැටියට හිතා ගන්න පුළුවන්නේ කොච්චර තාපයක් පිටෙනවද කියලා.

    2)අනික ඒකතමයි ආලෝකය කවදාවත් ගර්ශනය ඇති කරන්නේ නැහැ.

    3) උඩට යන්න යන්න තාපය වැඩි වෙන්නේ නැති හේතුව තමයි, මේ ආලෝකය කියන ඒක වාතය උෂ්ණත්වයට පත් කරන්නේ නැහැ. ඒත් අව්ව වැඩි දවස වලට අපිට රස්නේ දැනෙන හේතුව තමයි ඉරෙන් එන ආලෝකය අපේ පොළොවට වැදුනාම පොලොව ඒ ආලෝකය infra red කිරණ ලෙස පරාවර්තනය කරනවා. එකයි රස්නේ. දැන් උඩට යන්න යන්න සීතල වෙන්නේ අපි උඩට යන්න යන්න පොළොවෙන් ඈත වෙනවා. එතකොට අපි අර
    infra red කිරණ වලින් ඈත් වෙනවා. ඒක නිසා අපිට සීතල දැනෙනවා. අනික උඩට යන්න යන්න පීඩනය අඩුයි, ඒක නිසාත් සීතලට එකත හේතු වෙනවා.

    අපි කොයි හාමුදුරුවෝ කිව්වත් බුද්ධියෙන්, ප්‍රඥාවෙන් , තර්කයෙන් filter කරලා ගන්න ඕනේ. නැත්තන් මහා අව්ලක් වෙනවා.

    මේ හාමුදුරුවන්ගේ හොඳ ධර්ම දේශනාත් තියෙනවා. නැත්තේත් නෑ.
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඕක කිව්ව හාමුදුරුවොම මාර කතාවක් කිව්වා. ඒ තමයි ඉර රස්නේ නැතිලු. ඉර කියන්නේ Just a light source එකක් ලු. ඉර පෘතුවියට එන කොට ඔසොන් ස්ථරයේ වැදිලා ඒ ඇතිවන ගර්ශනයටලු අපිට රස්නේ ඇතිවෙන්නේ. ඉර රස්නේ නම අපි උඩට යන්න යන්න රස්නය වැඩි වෙන්නේ ඕනේ නේ
    [/COLOR]

    මොකක්ද බන් මේ විහිළු කතාව ? එතකොට ඕසෝන් ස්තරයක් නැති අනිත් කිසිම ග්‍රහලෝවකට රෙන් රස්නේ එන්නේ නැහැ ? මොලයක් තියෙන්නේ එක පොඩ්ඩක් පාවිචි කරන්න .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලු, මම එළිපිටම ඇඳන් ඉන්න එක ගැන සලකන්නේ නැතුවම, ගොබ්බ / මොට්ට පොරවල් කිය කියා 'පෝම ගව්රව සම්ප්‍රයුක්තව' ඇමතුවේ ඔය කියන ජාතියේ බයියලට තමයි!! (හැබැයි ධර්මය / ධර්මකරුණු සම්බන්ධයෙන් විතරයි. ඊට පරිබාහිර කරුණු ගැන මෙතන කොහොමත් කතාවක් නැහැ). මම එහෙම කිව්වෙත් පදනමක් ඇතුව!! බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසාන වතාවට දීපු උපදෙස නිසයි ඒ!!! බුදුහාමුදුරුවෝ කිව්වා නායක මහනායක හිමිවරු කිව්වත් කියන කියන හැම එකම බාරගන්න එපා! වැඩි පිරිසක් කියන දේ කියලත් කියන හැමදේම පිලිගන්නත් එපා! ප්‍රසිද්ධ වැදගත්ය කියල සම්මත හැමෝම කිව්වත් කියන කියන ඒවා පිළිගන්න එපා! වගේ කරුණු ගොඩාක්. බුදුරජාණන්වහන්සේ දීපු උපදෙස තමයි අහන්න / දැනගන්න ලැබෙන ඕනෙම දෙයක් ධර්මයට දාල, ධර්මානුකූලව කල්පනා කරලා, ධර්මයට එකඟ නම් පමණක් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියන එක!! මොකා කොහොම කිව්වත් අපි පිළිගන්න ඕනේ බුදුරජාණන්වහන්සේ අපිව දැනුවත් කල ආකාරයටම filter කරලා තමයි. බුදුරජාණන්වහන්සේයි, පිරිසුදු ශ්‍රී සද්ධර්මයයි, ආර්ය ශ්‍රාවක පිරිසයි (බුද්ධ වචනය ඒ විදියටම කියන සංඝරත්නයත්, ගිහි පිරිසත්) විතරයි අපි පිළිගන්න ඕනේ!!! ධර්මයෙන් බැහැරව, ධර්මයට පටහැනිව කටයුතුකරන, 'කතන්දර කියන' ඕනෙම කෙනෙක් දෙපාරක් හිතන්නේ නැතුව discard කරලා දාන්න! මම නම් අම්ම තාත්ත කියලවත් care කරන්නේ නැහැ! අපි හැමෝම තනි තනියෙන් සංසාරේ අතරමන් වෙලා අනන්ත දුක් විඳගෙන එන පිරිසක්!! මොකෙකුට වත් තව කෙනෙක්ව ගොනාට අන්දන්න, වටේ යවන්න කිසිම අවස්ථාවක් දෙන්න ඕනේ නැහැ!! කවුරුවත් කාගෙවත් බොරු කතා අහල මේ ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත අවස්ථාවත් මගහැරගෙන ආයේ පාරකට අසරණ වෙන්න ඕනෙත් නැහැ!! කරන්න තියෙන්නේ තම තමන් හරියට ධර්මය ඉගෙන ගෙන, අවබෝධ කරගෙන, ගැලවීම සලසගන්න එකයි... තව පුළුවන් තරමක් පිරිස අඩුම ගනනේ නිදහස් වීමේ මාවතට වත් යොමුකරන එකයි තමයි...
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    දෙකක් ? කව්ද මේක කිව්වේ ? දෙකක් තියනවා කියන්න එකක මොනාහරි අඩුපාඩුවක් තියනවා කියන එකනේ. හිතුවද බුදුවරයෙක් පෙන්නලා දෙන මාර්ගයක අයෙත් ධුප්ලිකෙට් පාරවලුත් ඇති කියල ? එහෙමනම් එක හරි විහිළුවක් වෙනවා . මේවට අහුවෙන්න එපා .

    මහණනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණනි, මම සම්‍යග්දෘෂ්ටිය්ත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වු උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණනි ආර්‍ය වූ අනාස්‍රව වු ලෝකොත්තර මාර්ගාංග වු සම්‍යග්දෘෂ්ටියක් ඇති.

    මහණනි, සම්‍යක්සංකල්ප කවර යත්: මහණනි, මම සම්‍යක්සංකල්පයත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වු උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යක්සංකල්පයක් ඇත. මහණනි ආර්‍ය වූ අනාස්‍රව වු ලෝකොත්තර මාර්ගාංග වු සම්‍යක්සංකල්පයක් ඇති.

    මහණනි, සම්‍යග්වචන කවර යත්: මහණනි, මම සම්‍යග්වචනයත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වු උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්වචනයක් ඇත. මහණනි ආර්‍ය වූ අනාස්‍රව වු ලෝකොත්තර මාර්ගාංග වු සම්‍යග්වචනයක් ඇති.

    මේ ආකාරයට මුළු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයම දෙයාකාරයෙන් (ලෞකික සහා ලෝකොත්තර වශයෙන්) මහා චත්තාරිසක සුත්‍රයේ මැනවින් විස්තර කර ඇත. මෙසේ එහෙම නැහැ කීමට නම තමන් සතුව ඉතාම්ත් විශාල දැනුමක් හෝ ත්‍රිපිටක ධර්ම සියල්ල දැන සිටිය යුතුය. එසේ නොමැතිව තමන් දන්නා බව හෝ නිගමන වලට එකපාරටම එළඹීම එතරම් නුවනට හුරු නැත.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~මහණනි, මම සම්‍යග්දෘෂ්ටිය්ත් දෙ පරිදි කොට කියමි...

    මේක නම් මම එක පාරටම පිලිගන්නවා! මොකද කරුණු දක්වල තියන බුද්ධ දේශනාවේ නමත් ඔයා දීල තියනවා. ඇත්තටම මම 'මහා චත්තාරීසක සුත්‍රය' අහලත් තියනවා හැබැයි දැන් මතක නැහැ! ඒ හන්ද ඔන්න දැන් ආයේ අහන්නයි යන්නේ... ආයේ ඇහුවත් හැබැයි මම කියන දේවල් වල වෙනසක් නම් වෙන්නේ නැහැ!!

    මෙතන මම ගන්නෙම, උලුප්පල දක්වන්නෙම, කියන්නෙම මේ 'අවුල' මෙතැනින්ම ඉවරයක් දකින්න වැදගත් වෙන විදියට විතරයි!! මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ජීවිතයේදීම අනාගාමී නැත්නම් අරහත් කියන තත්වයටම යන්න, බැරිම නම් අඩුම ගනනේ සෝතාපන්න වත් වෙන්න, මේ සංසාර ගමන පවත්වන්න තරම් යහපත් ආරක්ෂාකාරී එකක් නෙවෙයි කියලයි!!

    මේ දැන් තමනුත් හොඳට ධර්මය දන්න, බහුශ්‍රුත හැමෝම මේක හොඳට තේරුම් ගන්න!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී අපි අනන්තවත් මහනවෙලත් ඉඳල තියනවා. මෙහෙම නිකම් කියව කියව නෙවෙයි, ධර්ම කතන්දර වල 'බැහැලත්' ඉඳල තියනවා!! ඒත් කර කර ඉඳල තියෙන්නේ පිස්සු මරගාත!! බූරු වැඩ!! මොකද හරියට වැඩේ කළා නම් ඔය කවුරුවත් දැන් ඉන්න විදියක් නැහැ!!! ලොකුවට කිව්වට මාත් කර කර ඇවිත් තියෙන්නේ එහෙම බූරු විදියටම තමයි!! නැත්නම් මේ වෙනකම් මාත් සංසාරේ තැග්ගැහි ගැහී ඉන්න විදියක් නැහැ!! හැබැයි බුදුරජාණන්වහන්සේ ගේ විසඳුම සන්දිට්ඨිකයි!! අකාලිකයි!! ඒ කියන්නේ මේ දැන්, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුක්තව, හරියට වැඩේට බැස්සනම්, උපරිම වශයෙන් අවුරුදු 7 කින් අරහත් ඵලය සාක්ෂාත් කරනවා මයි!!! ඒක එහෙම නෙවෙයි කියන කෙනෙක් ඉන්නවා නම් එන්න... මට ආසයි හොම්බට දෙකක් අනින්න :growl:

    කොච්චර ධර්මය දන්නවා උනත්, ත්‍රිපිටකය කට පාඩම් උනත් වැඩක් නැහැ!!! ණිවන් අවබෝධය ප්‍රමාද වෙන විදිය කතා මොකුත් එපා!! හිතන්නවත් එපා!! අපි ඇත්ත තේරුම් අරන් ප්‍රතිඵල නෙලාගනත් ඉවර නිසා, ඔය කවුරුවත් මේ සැරෙත් late වෙනවට කිසිම කැමැත්තක් නැහැ!!!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    , උපරිම වශයෙන් අවුරුදු 7 කින් අරහත් ඵලය සාක්ෂාත් කරනවා මයි!!! ඒක එහෙම නෙවෙයි කියන කෙනෙක් ඉන්නවා නම් එන්න... මට ආසයි හොම්බට දෙකක් අනින්න :growl:[/color]
    අව්රුදුද ? ආත්මද ?
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මේ දැන් තමනුත් හොඳට ධර්මය දන්න, බහුශ්‍රුත හැමෝම මේක හොඳට තේරුම් ගන්න!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී අපි අනන්තවත් මහනවෙලත් ඉඳල තියනවා. මෙහෙම නිකම් කියව කියව නෙවෙයි, ධර්ම කතන්දර වල 'බැහැලත්' ඉඳල තියනවා!! ඒත් කර කර ඉඳල තියෙන්නේ පිස්සු මරගාත!! බූරු වැඩ!! මොකද හරියට වැඩේ කළා නම් ඔය කවුරුවත් දැන් ඉන්න විදියක් නැහැ!!! ලොකුවට කිව්වට මාත් කර කර ඇවිත් තියෙන්නේ එහෙම බූරු විදියටම තමයි!! නැත්නම් මේ වෙනකම් මාත් සංසාරේ තැග්ගැහි ගැහී ඉන්න විදියක් නැහැ!! :

    මට මතක් වෙන්නේ අර අවරුදු ගානක් මහණදම් පුරපු හාමුදුරුවෝ ලස්සන මාලුවෙක් වෙලා හිටපු හැටි .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මොනවා ? මටනම් මේක අදහා ගැනවත් බැහැ. :shocked:

    ඔය ඇත්තටමද? මොනවද හලෝ එහෙනම් මෙච්චර කල් අහල තියෙන්නේ??

    ඕක තමයි පිරිසුදු බුද්ධ දේශනා ඒ විදියටම තෝරලා දෙන කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, අපේ හාමුදුරුවෝ (මගේ ගුරු හාමුදුරුවෝ) කියා දෙන බුද්ධ දේශනා අහන එකෙයි, වෙන වෙන අයගේ කතන්දර අහන එකෙයි වෙනස!! ඒත් තමුන් කිව්වා අපේ හාමුදුරුවෝ ලඟින්ම ආශ්‍රය කරන කතාවකුත්... ඉතින් ලැජ්ජ නැද්ද මෙහෙම කියන්න? හමුදුරුවොන්ටත් හරි නෑ නේ... බැලුවම ඔහෙත් නිකම් හමුදුරුවොන්ගේ නම විකුණලා විතරනේ...

    ඔය උපරිම වශයෙන් අවුරුදු 7 කින් ණිවන් අවබෝධ කරන්න පුළුවන් බව අහල පුදුමයට පත්වුන උදවිය බුදුරජාණන්වහන්සේ ඔය සම්බන්ධයෙන් කියපු කතාව එහෙමපිටින් ඇහුවොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ!! හීතල වෙලා උණ ගන්නත් එක්ක මම ඒ ටිකත් ලියන්නම්...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය කියමන තිබුණු දේශනාව, කාටද ඔය ටික කිව්වේ කියන විස්තර නම් මට මතක නැහැ... ඒත් උවමනාම කෙනෙක් ඉන්නවා නම් දේශනාවම හොයල දෙන්නම්!

    ඔය ණිවන් මගට නොබැස, නිකම් කියව කියව ඉන්න උදවිය එක එක ජාතිවල වැල් වටාරම් කිව්වට, ණිවන් අවබෝධය සම්බන්ධයෙන් බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ මෙහෙමයි!!

    උපරිම වශයෙන් අවුරුදු 7 කින් අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියපු බුදුහාමුදුරුවෝ ඊළඟට කිව්වා, නෑ නෑ සමහරුන්ට අවුරුදු 7 ක් යන්නෙත් නැහැ! සමහරු අවුරුදු 2-3 න් ගමන සම්පූර්ණ කරනවා!! කියල. ඊළඟට කිව්වා එච්චර යන්නෙත් නැහැ සමහරු අවුරුද්දෙනුත් කරගන්නවා!! කියල. ආයේ කිව්වා ඔය කිව්වට සමහරු මාස 2-3 නුත් සම්පූර්ණ කරගන්නවා කියල... ඊළඟට කිව්වා තවත් සමහරු මාසෙන්, නැත්නම් සුමන 2-3 නුත් ප්‍රතිඵල ලබනවා!! කියල. එච්චර විතරක් නෙවෙයි... තවත් සමහරු දවස් 7 න්, දවසෙන් දෙකෙන් හිට අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියලත් කිව්වා. තවත් අයට උදේ දේශනාවක් කලාම හැන්දෑ වෙනකොට අරහත්වයට පත්වෙලා... නැත්නම් රාත්‍රියේදී දේශනාවට ඇහුම්කන් දීපු කෙනා එළිවෙනකොට අරහත්වයට පත්වෙලා... කිව්වා. එච්චර විතරක් නෙවෙයි අනේ... සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරලත් ඉවරයි!! කිව්වා!

    ඉතින්, තාම මොනවද කරන්නේ?? මාත් දැන් මාස ගණනක් තිස්සේ නේ කියන්නේ...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔය ඇත්තටමද? මොනවද හලෝ එහෙනම් මෙච්චර කල් අහල තියෙන්නේ??

    ඕක තමයි පිරිසුදු බුද්ධ දේශනා ඒ විදියටම තෝරලා දෙන කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, අපේ හාමුදුරුවෝ (මගේ ගුරු හාමුදුරුවෝ) කියා දෙන බුද්ධ දේශනා අහන එකෙයි, වෙන වෙන අයගේ කතන්දර අහන එකෙයි වෙනස!! ඒත් තමුන් කිව්වා අපේ හාමුදුරුවෝ ලඟින්ම ආශ්‍රය කරන කතාවකුත්... ඉතින් ලැජ්ජ නැද්ද මෙහෙම කියන්න? හමුදුරුවොන්ටත් හරි නෑ නේ... බැලුවම ඔහෙත් නිකම් හමුදුරුවොන්ගේ නම විකුණලා විතරනේ...

    ඔය උපරිම වශයෙන් අවුරුදු 7 කින් ණිවන් අවබෝධ කරන්න පුළුවන් බව අහල පුදුමයට පත්වුන උදවිය බුදුරජාණන්වහන්සේ ඔය සම්බන්ධයෙන් කියපු කතාව එහෙමපිටින් ඇහුවොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ!! හීතල වෙලා උණ ගන්නත් එක්ක මම ඒ ටිකත් ලියන්නම්...

    එකම තමයි මට තියන ප්‍රශ්නෙත් . ඔය කියන විදිහට හාමුදුරුවෝ ලග අවරුදු හතට වැඩ ඉන්න ය තියා . හමුදුරුවොවත් තාම අරහත් වෙලා නැහැ. හැබැයි ඉතින් හමුදුරෝවෝ ලගින් අස්රේ කරන එකයි හාමුදුරුවන්ගේ නම විකුණන කතාවනම් වැරදි . මට එහෙම කිසිම උවමනාවක් නැහැ . අනික මම කොහෙදිවත් කියල නැහැ කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන එක විතරමයි හරි කියල . මට තියන ගැටලුව බුදුහාමුදුරුවන්ගේ ලගින්ම හිටපු ආනන්ද හමුදුර්වොවත් බුදුන් පිරිනිවන් පානකන්ම අරහත් නොවුන එකේ . මේ කියන කතාව මොකක්ද කියන එක .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එකම තමයි මට තියන ප්‍රශ්නෙත්...

    දැන් එච්චරම මල පනින්නේ නැහැ වගේ නේද? ඒ ගැන සන්තෝසයි!!

    මේ... 'හාමුදුරුවෝ වත් තාම රහත්වෙලා නැහැ' වගේ කතා කියන්න ඔයාට පුලුවන්ද??? :no::no::no: මේ... වැඩි වැඩ කරන්න යන්න එපා!!!

    එක එක්කෙනා එක එක මට්ටමේ උදවිය. යම් දේකට ඔයා මට වඩා දක්ෂ වෙන්න පුළුවන්... තව දෙයකට මම ඔයාට වඩා දක්ෂ වෙන්න පුළුවන්. කවුරු ගැන උනත් ඔච්චරයි! ණිවන් අවබෝධයට අවශ්‍ය කරුණු ටික මතකද? යෝනිසෝමනසිකාරය... නිවැරදිව නුවණින් කල්පනා කිරීමේ හැකියාව! අන්න ඒක කෙනෙකුගෙන් කෙනෙකුට එහෙමපිටින් වෙනස්! ඊළඟට අවබෝධ කිරීමේ හැකියාව... අන්න ඒකත් කෙනෙකුගෙන් කෙනෙකුට එහෙමපිටින් වෙනස්!! ඉතින් තමන්ගේ හැකියාවේ ප්‍රමාණයෙන් අනික් අයව මනින්න, අනික් අය ගැන හිතන්න, තක්සේරු කරන්න යන්න එපා!!

    ඔය යෝනිසෝමනසිකාරය, අවබෝධකිරීමේ හැකියාව, ප්‍රඥාවන්ත බව වගේ ඒවායේ ප්‍රමාණය කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් හන්ද තමයි ඔය ණිවන් අවබෝධය සම්පූර්ණ කරගන්න එකටත් එක එක්කෙනාට, එක එක ප්‍රමාණ වලින් කාලය අවශ්‍ය වෙන්නේ. ඔයාගේ ඔය හැකියාවන් අඩු හන්දයි ඔයාට තාම ඉවරයක් දකින්න බැරි උනේ. මට ඒ හැකියාවල් හොඳින් තිබිච්ච හන්ද මම වේලපහින්ම වැඩ ඉවරයක් කරගත්ත. හැබැයි මේක ගැටළුවක් කරගන්න අවශ්‍ය නැහැ!

    ඔය බුදුහාමුදුරුවෝ දක්වපු කාල සීමා වලින් අවුරුදු 7 කියන්නේ, යෝනිසෝමනසිකාරය / අවබෝධකිරීමේ හැකියාව / බුද්ධිමත් බව සේරම අඩුම මට්ටමේ තියන කෙනෙකුට උනත් චතුරංග සමන්නාගත වීර්යයෙන් උත්සහ කලොත් ණිවන් අවබෝධ කරන්න ගතවෙන උපරිම කාලය තමයි! ඒ කියන්නේ වීර්යය කියන එක බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච ගනනට යෙදුවොත්, බොලා වැඩි දෙනෙක් තව අවුරුදු කිහිපයකින් රහත් වෙනවා කියන එකයි!!!;) මට තොපිලත් එක්ක මල පනින්නේ බොල වැඩේ හරියට කරන්නේ නැති නිසයි!!!:growl: තේරුණයි??

    මේ... බුදුහාමුදුරුවෝ ළඟ ඉඳලත් ආනන්ද හාමුදුරුවෝ පරක්කු උනේ එයා ධර්මය ගබඩාකරගන්නවට වඩා දෙයක් හිතුවේ නැති හන්ද වෙන්න ඕනේ... ඒ උදවිය පෙරුම්පුරගෙන ඇවිත් ගෞතම බුද්ධ සාසනයට ඇතුලත්වෙච්ච අය!! ඒත් කොහොමද ආනන්ද හාමුදුරුවෝ ණිවන් අවබෝධ කරන්න ඕනේ කියල හිතුවට පස්සේ වෙච්ච විදිය? එක රැයකින් නේ අරහත්වයට පත්වෙලා පොලවෙනුත් කිමිදිලා ඇවිත්ම අනික් ශ්‍රාවක සංඝයා ඉදිරියේ පෙනී සිටියේ... කෝ, උඹල එහෙම ණිවන් අවබෝධ කරන්න ඕනේ කියල හිතන්නේ නැහැ නේ... කොන් හොයා හොයා ඉන්නවා මිසක්.:D

    මේ අනික් ප්‍රධාන කරුණ කවුරු කොහොම හිතුවත්, කිව්වත්, කලත් මම නම් කියන්නේ මගේ ගුරුහාමුදුරුවෝ ගැනම තමයි!!! මගේ හිත දන්නවා උන්වහන්සේ නැතිඋනා නම් මම මේ පාරත් හබක් වෙන්න තිබුන කියල!
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔය කියමන තිබුණු දේශනාව, කාටද ඔය ටික කිව්වේ කියන විස්තර නම් මට මතක නැහැ... ඒත් උවමනාම කෙනෙක් ඉන්නවා නම් දේශනාවම හොයල දෙන්නම්!

    ඔය ණිවන් මගට නොබැස, නිකම් කියව කියව ඉන්න උදවිය එක එක ජාතිවල වැල් වටාරම් කිව්වට, ණිවන් අවබෝධය සම්බන්ධයෙන් බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ මෙහෙමයි!!

    උපරිම වශයෙන් අවුරුදු 7 කින් අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියපු බුදුහාමුදුරුවෝ ඊළඟට කිව්වා, නෑ නෑ සමහරුන්ට අවුරුදු 7 ක් යන්නෙත් නැහැ! සමහරු අවුරුදු 2-3 න් ගමන සම්පූර්ණ කරනවා!! කියල. ඊළඟට කිව්වා එච්චර යන්නෙත් නැහැ සමහරු අවුරුද්දෙනුත් කරගන්නවා!! කියල. ආයේ කිව්වා ඔය කිව්වට සමහරු මාස 2-3 නුත් සම්පූර්ණ කරගන්නවා කියල... ඊළඟට කිව්වා තවත් සමහරු මාසෙන්, නැත්නම් සුමන 2-3 නුත් ප්‍රතිඵල ලබනවා!! කියල. එච්චර විතරක් නෙවෙයි... තවත් සමහරු දවස් 7 න්, දවසෙන් දෙකෙන් හිට අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියලත් කිව්වා. තවත් අයට උදේ දේශනාවක් කලාම හැන්දෑ වෙනකොට අරහත්වයට පත්වෙලා... නැත්නම් රාත්‍රියේදී දේශනාවට ඇහුම්කන් දීපු කෙනා එළිවෙනකොට අරහත්වයට පත්වෙලා... කිව්වා. එච්චර විතරක් නෙවෙයි අනේ... සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරලත් ඉවරයි!! කිව්වා!

    ඉතින්, තාම මොනවද කරන්නේ?? මාත් දැන් මාස ගණනක් තිස්සේ නේ කියන්නේ...

    දැන් ඔය අවුරුදු හතෙන් කියක් උඹ ඉවර කරලා තියෙනවද ? අවුරුදු හත ඉවර වෙලාද...?