මස් කන එකයි, හාමුදුරුවෝ ඒ ගැන ලියපු පොතයි ගැන ලාවට කතාවෙච්ච එකේ, මෙන්න මේ ටික වැදගත් වෙයි කියල හිතනවා...
බුදුරජාණන්වහන්සේ ප්රාණඝාතය තෝරලා දීපු හැටි චුට්ටක් බලමු...
යමෙක්, ලුද්ධෝ (කෘරයි නම්), ලෝහිත පානී (ලේ තැවරුණ අත් වලින් යුතු නම්), හත පහතේ නිවිට්ඨෝ (දඬු මුගුරු දරාගෙන කොටන මරණ උදවිය නම්), අදයාපන්නෝ සබ්බ ප්රාණ භුතේසු (කිසිම සතෙක් ගැන දයානුකම්පාවක් නැති උදවිය නම්) අන්න එයා තමයි ප්රාණඝාතය නමැති පාප කර්මය කරන කෙනා. දැන් කල්පණා කරලා බලන්න තමුන් එහෙම කෙනෙක්ද, නැද්ද කියල... තමුන් එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ කරන පව් වලට විඳවන්න වේවි!! නැත්නම් අවුලක් නැහැ!!
ඊළඟට බලන්න ආර්ය ශ්රාවකයෙක් ආහාර ගන්නේ කොයි වගේ අවබෝධයකින්ද කියල... (මේවා නම් තිතටම මතකත් නැහැ...)
නේව දවාය (ජවය පිණිස නොවේ - ශක්තිය ගන්න එහෙම) න' මදාය (මත්වීම පිණිස නොවේ) න' මන්ඩණාය (හැඩ වැඩ වීම පිණිස නොවේ) ඉති පුරානන්ච වේදනං පටිගහතාය (පෙර ඇතිවූ වේදනාවන් සමනය කරගැනීම සඳහාය) නවන්ච වේදනං නුප්පාදාය (අලුතෙන් වේදනාවන් හටනොගැනීම පිණිසය) යාව ජීව ඉමස්ස කායස්ස තිථියාය (ධර්මයේ හැසිරීම පිණිස කය පවත්වාගෙන යාම සඳහාය)
ඉතින් බැලු බැල්මටම පේන්නේ නැද්ද මස් කන එකයි, ධර්මයේ හැසිරෙන එකයි කියන්නේ දෙකක් බව?? "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" නේ case එක!! ඒ චේතනාව upset නැත්නම්, අනික් කිසිම දෙයක් upset නැහැ!!! ඥාණානන්ද හාමුදුරුවෝ බුද්ධ වචනය හිස්මුදුනින්ම පිළිගන්න කෙනෙක්!! කවුරු මොනවා කිව්වත්, කවුරු කොහොම හිතුවත්, උන්වහන්සේ බුද්ධ වචනයට පටහැනි නොවන, බුද්ධ වචනයට අනුකූල දේවල් කියන්න බයත් නැහැ! පසුබට වෙන්නෙත් නැහැ!!
මේ... හැබැයි මස් කෑවට, ඒවාට limitations තියනවා! මස් කියන්නේ පෘතුවි සාරය උරාගෙන හැදෙන, ආයේ පොළවටම ජීර්ණය වෙලා යන දෙයක්!! ඒත් මස් නිකම් ගස් වගේ හැදෙන්නේ නැහැ!! මස් හැදෙන්නේ කාගේ හරි කරුමෙට!! දන්නවද ඒක??? බුදුහාමුදුරුවෝ, "පුරාණ මිදං භික්ඛවේ කම්මං..." කියල කිව්වේ. ඉතින් අයිතිකාරයා, කරුමක්කාරය බලෙන් පන්නල දාල, ඒකගෙ මස් ටික උදුරගන්න (මරාගෙන කන්න) කාටවත් අවසරයක් නැහැ!!! ඕනෙම නම් ගත්තත් කමක් නැහැ... මොකද ස්වභාවධර්මයෙන් ඒකටත් නියම වැඩ පිළිවෙලක් හදල තියෙන්නේ... හරියට 'ඇතුල් වීම නොමිලේ... පිටවීමට 1000/= යි' වගේ!!
බුදුහාමුදුරුවෝ කන්න එපාය කියපු මස් වර්ග ගොඩක් තියනවා. මිනි මස්, කොටි/සිංහ/වලස් වගේ ඒවා. අන්න ඒවා ඇරෙන්න අනික් ඒවා 'කන්න උනොත්' හොයල බලල කන්න... නැතුව පෙරේතකමට කන්න එපා!!! ඒත්... කොහොමද අපේ කස්ටිය වළඳන හැටි?? yam... yam... කිය කිය, චර බර ගාලනේ taste එකට පෙරේත කමේ දෙසා බාන්නේ! අන්න එතනයි upset එක තියෙන්නේ... චේතනාව කචල්! ඒකයි කැත වැඩේ... එහෙම නැතුව ආහාරයක් විදියට මසක් කන්න උනොත් මෙන්න මේ කරුණු 3 අදාළ නැත්නම් (ත්රිකෝටික පාරිශුද්ධිය!) කන්න... කිසි අවුලක් නැහැ.
තමන් වෙනුවෙන් මැරුව සතෙකුගේ කියල දැනගන්න ලැබුනොත් කන්න එපා! (දැනගන්න ලැබුනොත් මරන්න දෙන්නත් එපා... මම නම් එහෙමයි)
තමන් වෙනුවෙන් මාරුව කියල අහන්න ලැබුනොත් ඒ කන්නත් එපා!
දැනගන්න/අහන්න නොලැබුනත්, යන්තම් වත් ඒ ගැන සැකයක් තියනවා නම් ඒ කන්නත් එපා! එච්චරයි.