බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මටනම් හිතෙන්නේ ඔය සමහර අය එකම දේශනාවකින් එකම වචනෙකින් නිවන් අවබෝද කරගන්නේ ඒ ය ඊට පෙර අතම වල ගොඩක් පුලුදු පුහුණු කරලා නිවන් අවබෝදයට බොහොම ලංවෙලා හිටපු හින්ද කියලයි . නමුත් අපි එහෙම හරියටම අවරුදු හතකින් අපිට නිවන් අවබෝද කරන්න පුළුවන් කිව්වම එක හරියට . අවරුදු හතේ පටමලාවක් හදාරලා සෙටිෆිකට් එකක් ගන්නවා වගේනේ ? බුදුන්වහන්සේටනම් පුළුවන් ඇති අපේ ගැන බලල අපිට හරියන විදිහට දෙශනේ දෙන්න . නමුත් කොහොමද මෙතරම් උත්තරීතර දෙයක් අපි හරියටම කියන්නේ අවරුදු හතක අවසානේ ලැබෙනවා කියල ?
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හිතයි ගතයි දෙකම නිවුනා සහොදරයා බොහොම පින් පොස්ට් එකට,කිරිබත්ගොඩ සුවමින්වහන්සෙගෙ ඔක්කොම පොත් හොඳයි නිර්මාංශ ප්‍රශ්නය පොත හැර,මෙම පොතින් උන්වහන්සෙ කියන්නෙ මස් මංශ අනුබව කරට කම් නැ කියා ය,එයනම් මා නොපිලිගනිමි,-තෙරුවන් සරණ්යි!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙම පොතින් උන්වහන්සෙ කියන්නෙ මස් මංශ අනුබව කරට කම් නැ කියා ය,එයනම් මා නොපිලිගනිමි,-තෙරුවන් සරණ්යි!
    :yes::yes::yes:

    එත් චේතනාව ක්‍රියාවට වැඩ බලවත්නේ. උන් වහන්සේගේ පොතේ කියන විදිහටනම් මස් කියන්නේ නිකන්ම නිකන් මලකුනක් විතරයි . නමුත් හිතට එකගව මටනම් මස් කනවා කියන්නේ වරදක් ලෙසයි හිතෙන්නේ ? හැබැයි ඉතින් මස් නොකා හිටිය කියල අපි ගොඩ යනෙත් නැහැනේ . මස් කනවද නොකනවද කියන එක සංසාරෙන් ගැලවෙන්න බලපන් මහලොකු හේතුවක් නෙමෙයි .
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මටනම් හිතෙන්නේ ඔය සමහර අය එකම දේශනාවකින් එකම වචනෙකින් නිවන් අවබෝද කරගන්නේ ඒ ය ඊට පෙර අතම වල ගොඩක් පුලුදු පුහුණු කරලා නිවන් අවබෝදයට බොහොම ලංවෙලා හිටපු හින්ද කියලයි . නමුත් අපි එහෙම හරියටම අවරුදු හතකින් අපිට නිවන් අවබෝද කරන්න පුළුවන් කිව්වම එක හරියට . අවරුදු හතේ පටමලාවක් හදාරලා සෙටිෆිකට් එකක් ගන්නවා වගේනේ ? බුදුන්වහන්සේටනම් පුළුවන් ඇති අපේ ගැන බලල අපිට හරියන විදිහට දෙශනේ දෙන්න . නමුත් කොහොමද මෙතරම් උත්තරීතර දෙයක් අපි හරියටම කියන්නේ අවරුදු හතක අවසානේ ලැබෙනවා කියල ?

    :yes::yes: ඉඳලා හිටලා අපි දෙන්නා ඔළු හප්පගත්තත් .. මේ කියපු ටිකට නම මම උඹේ කරට අත දාගෙනම එකඟයි...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඔය අවුරුදු හතෙන් කියක් උඹ ඉවර කරලා තියෙනවද ? අවුරුදු හත ඉවර වෙලාද...?

    මොකද්ද ඇහුවේ... ආයේ පිස්සු කෙලිනවද? නැත්නම් සිරාවටද?

    මම කලිනුත් කියල ඇති නේ බං, මම නම් අවුරුදු 2-3 කින් සේරම ඉවරයක් දැක්ක... ඒකත් චතුරංග සමන්නාගත වීර්යයෙන් try කරලත් නෙවෙයි!! normal එකේ අනික් වැඩ සේරමත් එක්කමයි මම ගියේ... හැබැයි idle time එකේ තනිකරම ධර්මය වෙනුවෙන් තමයි වෙහෙසුනේ! ඉන්නේ කොහෙද? කර කර ඉන්නේ මොනවද? ඒ කිසිදෙයක් බාධාවක් කරගත්තේ නැහැ!! bus එකේ යද්දී බහින තැන් upset වෙලා පයින් ගිය ඒවා පවා මම ලියල ඇති... මම වෙලාව ගොඩක් හදා ගත්තේ නිදාගන්න එක අඩුකරලා... උඹල මොනවද කරන්නේ?? අදටත් ඉන්නේ පිස්සු කෙල කෙල නම් sorry තමයි පුතෝ. උඹලට කියනවට වඩා හොඳයි...
     
    සිරාවට ඇහුවේ... කෙටියෙන් කියනවා නම උඹට රහත්ඵලය තියෙනවා ? ඔව්/නැහැ
    (අඩ්ඩෝ අදනේ උඹේ මුහුණ දැක්කේ :D:D)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මටනම් හිතෙන්නේ ඔය සමහර අය එකම දේශනාවකින් එකම වචනෙකින් නිවන් අවබෝද කරගන්නේ ඒ ය ඊට පෙර අතම වල ගොඩක් පුලුදු පුහුණු කරලා නිවන් අවබෝදයට බොහොම ලංවෙලා හිටපු හින්ද කියලයි . නමුත් අපි එහෙම හරියටම අවරුදු හතකින් අපිට නිවන් අවබෝද කරන්න පුළුවන් කිව්වම එක හරියට . අවරුදු හතේ පටමලාවක් හදාරලා සෙටිෆිකට් එකක් ගන්නවා වගේනේ ? බුදුන්වහන්සේටනම් පුළුවන් ඇති අපේ ගැන බලල අපිට හරියන විදිහට දෙශනේ දෙන්න . නමුත් කොහොමද මෙතරම් උත්තරීතර දෙයක් අපි හරියටම කියන්නේ අවරුදු හතක අවසානේ ලැබෙනවා කියල ?

    certificate? බම්බුවක් කතා කරන්න එපා බං.

    උඹල කරන්නේ අර නොකෙරෙන මොකද්ද එකට මොනවද මොනවද ඕනේ කියනවා වගේ කතන්දර කියව කියව ඉන්න එක නේ!
    ඇයි බං මේ brake ගහගෙන, බැරි බැරි වාදමම දාගෙන? ඇයි බොලාට බැරි කොන්ද කෙලින් තියාගෙන, මට පුළුවන්! මම full try එකක් දානවා! කියල අධිෂ්ඨාන කරන් වැඩේට බහින්න??
    උඹලට +Ve thinking නැද්ද?? පරම්පරාවෙන් එන ජානගත ලෙඩක් ද??
    Try කරපන්!! definitely පුළුවන්! දන්න හන්දයි කියන්නේ! කරලා ඉවර වෙලයි කියන්නේ!! කට කහනවට නෙවෙයි.

    මේ තනිකරම පින් මතම රඳා පවතින දෙයක්. පෙර පින් ඕනෙම තමයි!! බොලටත් එහෙම පින් තිබිච්ච හන්ද තමයි මේ ශ්‍රී සද්ධර්මය ඇහෙන අවස්ථාවක මනුස්ස ආත්ම ලබල ඉපදිලා තියෙන්නේ!! උඹලගේ බුද්ධිමත් කම ගැන නම් මට තේරෙන්නේ නැහැ...
    අවබෝධ කරන්න පින් මදි කියමු! ඒත් මේකට යොමු උනා කියන්නේ පින් අමුතුවෙන් ඕනේ නැහැ... භාවනා කියන්නේ උපරිම පින් රැස්වෙන දෙය!! අනිත්‍යය මොහොතකට මෙනෙහිකලා කියන්නේ ආත්ම 5000000000000000 ක් විතර දාන දීල, මල්/පහන් පූජකරලත් රැස්කරගන්න බැරි තරම් පින් කන්දරාවක්!! උඹල මොනවද දන්නේ??
    එක එකාගේ කතා අහන්න එපා! බුද්ධ රාජ්‍යය බුදුරජාණන්වහන්සේගේ දෙයක්!!! බුදුරජාණන්වහන්සේ පුළුවන් කිව්වා නම් ආයේ දෙපාරක් හිතන්න කිසිම උවමනාවක් නැහැ!!!
    බොලට වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්ණේ තියෙන්නේ කොතනද? සේරම අපිට නම් හොඳට පේනවා... උඹලගේ ශ්‍රද්ධාවේ හිලක්!!
    සද්දහති තථාගතස්ස බෝධීන් වෙනුවට උඹල ඇතිකරන් තියෙන්නේ වෙන වෙන කෙහෙල්මල්.
    බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති, ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති, සංඝේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති තියනවද නෙවෙයි, අහලවත් තියෙනවද කියල දන්නේ නැහැ. (මම thread එකේ ඕව සේරම කිව්වා... ඒත් උඹ දැකල තිබුනේ මගේ tronic කෑලි ටික විතරනේ...)
    අනේ මන්ද?? කොහොම හරි ඔය අඩුපාඩු හදාගෙන මොනවහරි කරගන්න බලහල්ල. කරගත්තොත් උඹලටම තමයි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    :yes::yes: ඉඳලා හිටලා අපි දෙන්නා ඔළු හප්පගත්තත් .. මේ කියපු ටිකට නම මම උඹේ කරට අත දාගෙනම එකඟයි...

    අහ් ඔවා ගණන් ගන්න එපා . වාද විවාද තියන තරකයකින් අවසානේ තමයි හොද අවබෝදයක් ලැබෙන්නේ . නැතුව කියන කියන හැම එකටම එහෙයි අපේ හාමුදුරුවනේ කියල හරියන්නේ නැහැනේ .
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මොකද්ද ඇහුවේ... ආයේ පිස්සු කෙලිනවද? නැත්නම් සිරාවටද?

    මම කලිනුත් කියල ඇති නේ බං, මම නම් අවුරුදු 2-3 කින් සේරම ඉවරයක් දැක්ක... ඒකත් චතුරංග සමන්නාගත වීර්යයෙන් try කරලත් නෙවෙයි!! normal එකේ අනික් වැඩ සේරමත් එක්කමයි මම ගියේ... හැබැයි idle time එකේ තනිකරම ධර්මය වෙනුවෙන් තමයි වෙහෙසුනේ! ඉන්නේ කොහෙද? කර කර ඉන්නේ මොනවද? ඒ කිසිදෙයක් බාධාවක් කරගත්තේ නැහැ!! bus එකේ යද්දී බහින තැන් upset වෙලා පයින් ගිය ඒවා පවා මම ලියල ඇති... මම වෙලාව ගොඩක් හදා ගත්තේ නිදාගන්න එක අඩුකරලා... උඹල මොනවද කරන්නේ?? අදටත් ඉන්නේ පිස්සු කෙල කෙල නම් sorry තමයි පුතෝ. උඹලට කියනවට වඩා හොඳයි...

    අනේ මචෝ බස් එකෙන් බහින තැනත් අමතක වෙනවා කියන්නේ උඹ එලබ සිටි සිහියෙන් ඉන්න බහ කියන එකනේ . ;)එතකොට ඒ තරම් දෙයක්වත් හරියට හිතේ තියාගන්න බැරිනම් . උඹ කොහොමද මේ කුලුහරකෙක් වගේ කුලප්පු උන හිතක් මෙල්ල කරේ ? :shocked:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සිරාවට ඇහුවේ... කෙටියෙන් කියනවා නම උඹට රහත්ඵලය තියෙනවා ? ඔව්/නැහැ
    (අඩ්ඩෝ අදනේ උඹේ මුහුණ දැක්කේ :D:D)

    ඔව් බං තියනවා! සිරාවටම!! ඒ උනාට ඒක ප්‍රසිද්ධිය පිණිස තියන, පත්තරේට දාන්න තියන එකක් නෙවෙයි!!!

    මම මෙතනට ආවෙත් යමක් කරන්න! හැමෝම ධර්මයට උනන්දුවෙන උදවිය නෙවෙයි නේ... මම ආවේ බොල වගේ පිස්සු කෙල කෙල ඉන්න එවුන්වත් දක්කන් යන්න බලන්න! ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන හන්දයි එලි කලේ!! බොරු කාරයන්ට අහිංසක (ගොං) මිනිස්සු අමාරුවේ දාන්න ලැබෙන්නේ හරි එවුන් field එකේ නැති උනාමයි!!!

    මේ වෙනකම් මොකුත්ම නොදන්නා, 0 වේ ඉන්න එවුන් උනත් මේ දැන් ඉඳල...

    මාගේ ශරීරයේ ලේ මස් වියලී යතොත් වියලී යේවා...
    ඇට නහරවැල් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා...
    යම් පුරුෂ වීර්යයකින්, යම් පුරුෂ ධෛර්යයකින් අවබෝධ කලයුතු යමක් වේද,
    එය අවබෝධ කොටගෙන මිස මෙතනින් නොනැගිටිමි!!!

    ... කියල වැඩේට, 'ණිවන් මගට' බැස්සොත්, 2018 දී 'EK රහතුන්ගේ සංගමය' කියල එකක් හදන්න පුළුවන්!!! 100% sure!

    ඒයි, ඔය මුනත්තහඩුව දාන්න හිතුනේ ඕක දැකල දැකල දැන් මට එපා වෙලා බං!:lol: උඹල දැන් ඕක දිහා බලාගෙන හිටහල්ල... එතකොට වයසට යයි!!:lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඒයි, ඔය මුනත්තහඩුව දාන්න හිතුනේ ඕක දැකල දැකල දැන් මට එපා වෙලා බං!:lol: උඹල දැන් ඕක දිහා බලාගෙන හිටහල්ල... එතකොට වයසට යයි!!:lol::lol:

    ඔය ඇත්තටම උඹේ මුනද ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනේ මචෝ බස් එකෙන් බහින තැනත් අමතක වෙනවා කියන්නේ උඹ එලබ සිටි සිහියෙන් ඉන්න බහ කියන එකනේ...

    උඹ කියන දෙයක් වත් හරියට තේරුම්ගන්න හැකියාවක් නැති මෝඩ පොරක් බව හැබෑව! මේ වෙනකොට හුඟක් එවුන් ඒ බව තේරුම් අරගෙනත් ඇති. ඒත් ඇයි බං මෙහෙම ගොං කතා අහල/කියල උඹේ මෝඩකම තව තවත් ප්‍රදර්ශණය කරන්නේ?? මේ වගේ ඒවායින් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මඩ ගහල ආතල් එකක් ගන්නද? උඹ කැපිල පේන්නද? මොකද්ද වෙන්න ඕනේ?? මට නම් උඹලගේ ඔය බහුබූත වැඩවලින් කිසි අවුලක් වෙන්නේ නැහැ... මම මේකේ ඉන්නේ වැඩක් ගන්න එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා කියල දන්න හන්දයි, නිකම් අපතේ යන කාලේ මොකෙකුට හරි ප්‍රයෝජනවත් වෙයි නේ... කියලයි මිසක් උඹ වගේ එවුන්ට ආතල් දෙන්න නෙවෙයි... sorry මචං!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හිතයි ගතයි දෙකම නිවුනා සහොදරයා බොහොම පින් පොස්ට් එකට,කිරිබත්ගොඩ සුවමින්වහන්සෙගෙ ඔක්කොම පොත් හොඳයි නිර්මාංශ ප්‍රශ්නය පොත හැර,මෙම පොතින් උන්වහන්සෙ කියන්නෙ මස් මංශ අනුබව කරට කම් නැ කියා ය,එයනම් මා නොපිලිගනිමි,-තෙරුවන් සරණ්යි!

    නියමයි නේ සහෝදරයා!
    ඔයා අලුත් කෙනෙක් නේ... ඉතින් මම ඔයාටම යමක් කියන්නම්!!
    අද ඔයා ඔය 'මස් කන' කතන්දරේට ඔච්චරට upset උනාට, ගෙවාගෙන ආව සංසාරේ ඔයාම පැටව් වදලා ඔයාම උන්ව කාල තියන බව පිළිගන්න!! එච්චරට අවාසනාවන්ත, එච්චරට පිළිකුල් කටයුතු සංසාර ගමනකයි අපි මේ සැරිසරලා තියෙන්නේ... ඔයා කැමතිද තව දුරටත් ඒ කුණු සංසාර ගමනේ යෙදෙන්න? මමයි මගේ ලඟින්ම ඉන්න යාළුවයි මේවා දැනගත්තු ගමන් තීරණය කලේ, 'ආයේ නම් එක ආත්මයකටවත් යන්නේ නැහැ!! මේක මෙතැනින්ම නවත්වනවා!!' කියල තමයි. අපි ඒ අනුව කටයුතු කළා... අපි දිනුවා...
    තෙරුවන් සරණයි!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    උඹ කියන දෙයක් වත් හරියට තේරුම්ගන්න හැකියාවක් නැති මෝඩ පොරක් බව හැබෑව! මේ වෙනකොට හුඟක් එවුන් ඒ බව තේරුම් අරගෙනත් ඇති. ඒත් ඇයි බං මෙහෙම ගොං කතා අහල/කියල උඹේ මෝඩකම තව තවත් ප්‍රදර්ශණය කරන්නේ?? මේ වගේ ඒවායින් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මඩ ගහල ආතල් එකක් ගන්නද? උඹ කැපිල පේන්නද? මොකද්ද වෙන්න ඕනේ?? මට නම් උඹලගේ ඔය බහුබූත වැඩවලින් කිසි අවුලක් වෙන්නේ නැහැ... මම මේකේ ඉන්නේ වැඩක් ගන්න එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා කියල දන්න හන්දයි, නිකම් අපතේ යන කාලේ මොකෙකුට හරි ප්‍රයෝජනවත් වෙයි නේ... කියලයි මිසක් උඹ වගේ එවුන්ට ආතල් දෙන්න නෙවෙයි... sorry මචං!

    උඹට කේන්ති ගියද බන් . මම ඇහුවේ දැනගන්න . මඩගහන්න කිසිම උවමනාවක් නැහැ . අනික කැපිල පෙන්න හදනවා කියන්නේ අයි බන් ? . මම මගේගන මම කරපු වැඩ ගැන කියන්නේ නැති නිසාද ?

    ඉතින් බන් ඇත්තටම අවරුදු හතෙන් රහත් උනාම තමන් යන තැන බස් එකෙන් බහින තැන අමතක වෙනවද ?
    උඹට ලස්සන හින එහෙමත් පේනවද ?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මස් කන එකයි, හාමුදුරුවෝ ඒ ගැන ලියපු පොතයි ගැන ලාවට කතාවෙච්ච එකේ, මෙන්න මේ ටික වැදගත් වෙයි කියල හිතනවා...

    බුදුරජාණන්වහන්සේ ප්‍රාණඝාතය තෝරලා දීපු හැටි චුට්ටක් බලමු...
    යමෙක්, ලුද්ධෝ (කෘරයි නම්), ලෝහිත පානී (ලේ තැවරුණ අත් වලින් යුතු නම්), හත පහතේ නිවිට්ඨෝ (දඬු මුගුරු දරාගෙන කොටන මරණ උදවිය නම්), අදයාපන්නෝ සබ්බ ප්‍රාණ භුතේසු (කිසිම සතෙක් ගැන දයානුකම්පාවක් නැති උදවිය නම්) අන්න එයා තමයි ප්‍රාණඝාතය නමැති පාප කර්මය කරන කෙනා. දැන් කල්පණා කරලා බලන්න තමුන් එහෙම කෙනෙක්ද, නැද්ද කියල... තමුන් එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ කරන පව් වලට විඳවන්න වේවි!! නැත්නම් අවුලක් නැහැ!!

    ඊළඟට බලන්න ආර්ය ශ්‍රාවකයෙක් ආහාර ගන්නේ කොයි වගේ අවබෝධයකින්ද කියල...
    (මේවා නම් තිතටම මතකත් නැහැ...)
    නේව දවාය (ජවය පිණිස නොවේ - ශක්තිය ගන්න එහෙම) න' මදාය (මත්වීම පිණිස නොවේ) න' මන්ඩණාය (හැඩ වැඩ වීම පිණිස නොවේ) ඉති පුරානන්ච වේදනං පටිගහතාය (පෙර ඇතිවූ වේදනාවන් සමනය කරගැනීම සඳහාය) නවන්ච වේදනං නුප්පාදාය (අලුතෙන් වේදනාවන් හටනොගැනීම පිණිසය) යාව ජීව ඉමස්ස කායස්ස තිථියාය (ධර්මයේ හැසිරීම පිණිස කය පවත්වාගෙන යාම සඳහාය)

    ඉතින් බැලු බැල්මටම පේන්නේ නැද්ද මස් කන එකයි, ධර්මයේ හැසිරෙන එකයි කියන්නේ දෙකක් බව?? "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" නේ case එක!! ඒ චේතනාව upset නැත්නම්, අනික් කිසිම දෙයක් upset නැහැ!!! ඥාණානන්ද හාමුදුරුවෝ බුද්ධ වචනය හිස්මුදුනින්ම පිළිගන්න කෙනෙක්!! කවුරු මොනවා කිව්වත්, කවුරු කොහොම හිතුවත්, උන්වහන්සේ බුද්ධ වචනයට පටහැනි නොවන, බුද්ධ වචනයට අනුකූල දේවල් කියන්න බයත් නැහැ! පසුබට වෙන්නෙත් නැහැ!!

    මේ... හැබැයි මස් කෑවට, ඒවාට limitations තියනවා! මස් කියන්නේ පෘතුවි සාරය උරාගෙන හැදෙන, ආයේ පොළවටම ජීර්ණය වෙලා යන දෙයක්!! ඒත් මස් නිකම් ගස් වගේ හැදෙන්නේ නැහැ!! මස් හැදෙන්නේ කාගේ හරි කරුමෙට!! දන්නවද ඒක??? බුදුහාමුදුරුවෝ, "පුරාණ මිදං භික්ඛවේ කම්මං..." කියල කිව්වේ. ඉතින් අයිතිකාරයා, කරුමක්කාරය බලෙන් පන්නල දාල, ඒකගෙ මස් ටික උදුරගන්න (මරාගෙන කන්න) කාටවත් අවසරයක් නැහැ!!! ඕනෙම නම් ගත්තත් කමක් නැහැ... මොකද ස්වභාවධර්මයෙන් ඒකටත් නියම වැඩ පිළිවෙලක් හදල තියෙන්නේ... හරියට 'ඇතුල් වීම නොමිලේ... පිටවීමට 1000/= යි' වගේ!!

    බුදුහාමුදුරුවෝ කන්න එපාය කියපු මස් වර්ග ගොඩක් තියනවා. මිනි මස්, කොටි/සිංහ/වලස් වගේ ඒවා. අන්න ඒවා ඇරෙන්න අනික් ඒවා 'කන්න උනොත්' හොයල බලල කන්න... නැතුව පෙරේතකමට කන්න එපා!!! ඒත්... කොහොමද අපේ කස්ටිය වළඳන හැටි?? yam... yam... කිය කිය, චර බර ගාලනේ taste එකට පෙරේත කමේ දෙසා බාන්නේ! අන්න එතනයි upset එක තියෙන්නේ... චේතනාව කචල්! ඒකයි කැත වැඩේ... එහෙම නැතුව ආහාරයක් විදියට මසක් කන්න උනොත් මෙන්න මේ කරුණු 3 අදාළ නැත්නම් (ත්‍රිකෝටික පාරිශුද්ධිය!) කන්න... කිසි අවුලක් නැහැ.
    තමන් වෙනුවෙන් මැරුව සතෙකුගේ කියල දැනගන්න ලැබුනොත් කන්න එපා! (දැනගන්න ලැබුනොත් මරන්න දෙන්නත් එපා... මම නම් එහෙමයි)
    තමන් වෙනුවෙන් මාරුව කියල අහන්න ලැබුනොත් ඒ කන්නත් එපා!
    දැනගන්න/අහන්න නොලැබුනත්, යන්තම් වත් ඒ ගැන සැකයක් තියනවා නම් ඒ කන්නත් එපා! එච්චරයි.
     
    දැන් එතකොට ඔය මස් කඩවල්වල මැරිලා ඉන්න සත්තු ඔක්කොම අපි වෙනුවෙන් කන්න මරපු උන් නෙමෙයිද ? ඒ හැම සතම අනේ මව මරල මිනිසුන්ට කන්න දෙන්න කියල ඉදිරිපත් උන උන්ද ? එහෙම බැලුවම අපි කඩෙන් අරගෙන මස් කන එක පවක් වෙනවා නේද ?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙන්සොෆ්ට් ගේ කතාව හරි.

    හරි මෙහෙම හිතමු. දැන් ලංකාවේ මස් කන කට්ටිය ඔක්කොම ඒක තැනකට රැස්වෙලා මෙහෙම යෝජනා කළා

    "මචන්ලා අපි ඔක්කොම මේ මස් කන ඒක පොඩ්ඩකට නවත්තමු නේ."

    එයින් පස්සේ වෙන දේවල් පොඩ්ඩක් හිතල බලන්න. කවුරුත් මස් කන්නේ නැහැ. එතකොට මස් මුදලාලිලා මෙහෙම හිතයි "අය්යෝ බලන්න අපේ මස් විකිනෙන්නේ නැහැනේ? මස් විකුනලා වැඩක නැහැනේ බන්. අපි මේක නවත්තමු". එහෙම හිතුවොත් සත්තු කී දෙනෙක් ගේ ජීවිත ඉතුරු වෙයිද?

    ඊට පස්සේ අයෙ සැරයක් ලංකාවේ කට්ටිය එකතුවෙලා මෙහෙම හිතුවොත්, "මේ අපි ආයේ මස් කමු නේද?" බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. මස් කඩවල් වලට Demand ඒක වැඩියි, එතකොට මස් මුදලාලිලා ," ඔන්න මචන් ආයේ අරගොල්ලෝ මස් කන්න පටන්ගෙන, අපි මේ හරක් ටික මරලා අපේ මස් ටික විකුනගමු." එතකොට අර සත්තුන්ගේ ජීවිත ආයේ විනාශ වෙනවනේ නැද්ද?

    එතකොට මේ මිනිස්සුන් අර සත්තුන්ගේ ජීවිත වලට Direct Effect එකක් කරේ නැද්ද?

    සමහරුනම් කියන්නේ effect එකක් නැහැ කියල . මොකෝ දෙවියෝ සත්තු මවල තියන්නේ අපේ කැමට.:lol::lol::lol: උන්ට කරුණාවෙන් සාමය උද කරලා දීල අපේ බඩජරිකම රැකගන්න හැටි පොත්වල ලියලම සදහන් කරලා තියනවා . නමුත් මොලේ තියන මිනිසත් බාවයක් ලබපු ඔබ කුමන ආගමකට අයිති උනත් . තවත් සතකුගේ මස්කන එක මහා පපතරි ම්ලේච්ච ක්‍රියාවක් ලෙස නොදකින්නේ ඇයි ? තමන්ගේ ඇති බඩජාරීකම , මස් වලට ඇති ප්‍රේතකම තවත් සතෙකුගේ ජීවිතයක් නසන්න තරම් ත්‍රස්තවාදියෙකු වීම දේව කැමැත්ත කියා අවන්කවම තමන්ගේ හර්දෂක්ෂියට එකගව පිළිගත හැකිද ? :(