මම මුල ඉඳලම කියපු 'එක එකාගෙන් බණ අහල අනාගෙන...', 'එක එකාගෙන් බණ අහල හරියන්නේ නැහැ...', 'අපේ හමුදුරුවොන්ගෙන්ම බණ අහන්න...' වගේ දේවල් හන්ද සමහරුන්ගේ හිත් රිදෙන්න ඇති! ඒත් හිත් රිදෙනවනේ... හිත් රිදෙන්න පුළුවන් නේ... කියල එහෙම නොකිය ඉන්න මට බැරි උනේ, මම ඒකම repeat කර කරම කිව්වේ, මම ඇත්ත හොඳටම තේරුම් ගත්තු හන්දයි!!! හේතු සාධක සහිතව කියපු ඒ දේට challenge කරන්න පුළුවන් කවුරුවත් මේ කතාවට සම්බන්ධ උන උදවිය අතරේ නැහැ!! කට්ටිය කොයි කොයි විදියට හිතුවත් ඇත්ත විස්තරේ නොදැන, නිකම් හිතෙන හිතෙන දේවල් කිව්වට වැඩක් වෙන්නේ නැහැ... ඔය 'හාමුදුරුවරු' කියන කොට්ඨාශය 'ධර්මය' කියන මතෘකාවේදී ගුරුවරු හැටියට අරන් බැලුව නම්, ඔය එක එක හාමුදුරුවරු බදාගෙන දඟලන ප්රශ්නය නම් නිකන්ම නිරාකරණය වෙයි. දැන් කොහොමද උගන්වන නැත්නම් tution කරන sir ල madam ල ගැන බැලුවොත්? සමහරු ඈත එනවා දැක්කම ඈනුම් යනවා... සමහරු ඔහේ කියාගෙන කියාගෙන යනවා මොකවත් තේරෙන්නේ නැහැ... තව සමහරු ඉන්නවා ඉන්න සේරගේම අවධානයත් ඇදල අරගෙන 'බොක්කටම වදින්න' කියල දෙන්න පුළුවන් අය! තව අය ඉන්නවා ප්‍රශ්ණයක් ඇහුවොත් උත්තර දෙන්න බැහැ... පොතේ තියන ටික කියන්න පුළුවන්, පොතේ තියන දෙයින් පිට, හිතලා කල්පණා කරලා අහන කෙනාට වඩාත් තේරුම් ගන්න උදව්වෙන්න, තේරුම් ගන්න පහසුවෙන්න කියා දෙන්න බැහැ! ඕව එක එක්කෙනාගේ අවබෝධය සහ හැකියාවන් වෙනස් නිසා ඇතිවන ප්‍රශ්ණ. හාමුදුරුවරුත් දහයක් ගත්තොත් එයාලගේ හැකියාවල් වෙනස්! අවබෝධ කරගෙන තියන මට්ටම් වෙනස්! ඉතින් ඔය උදවිය තෝරගත්තෙ තමන්වත් ධර්මය හරියට තේරුම් අරන් නැති, අහන කෙනාට හරියන්න තෝරලා දෙන්න දන්නෙත් නැති කෙනෙක් උනොත් මොකද වෙන්නේ?? ඊළඟට 'ධර්මය' කියන මාතෘකාව සම්බන්ධයෙන් නම් කියන එකක් බාරගන්නවා මිසක් වාද කරන්න, ප්‍රශ්ණ කරන්න හුඟක් අය යන්නෙත් නැහැ. එහෙම කරන්න තමන්වත් හරියට දන්නෙ නැතිකොට කියන දෙයක් අහන් ඉන්න වෙනවා! මොකුත් තෝර බේරගන්න බැරිවෙනවා! පස්සේ ඒවා ඔලුගෙඩිවල පැලපදියම් උනාම හරි දෙය ඇහුනට බාරගන්න, පිළිගන්න බෑ!! ලොකු ගැටීමක්... වාද කරන්න තියා ගන්නවා... ඔය මාත් එක්ක crash වෙච්ච හුඟක් අයට උනේ ඕකයි.
අපේ හාමුදුරුවොන්ගෙන්ම බණ අහන්න කියල කියපු දේට පදනම් කරගත්තු, අපේ හාමුදුරුවොන්ගෙන්ම අසා දැනගත් සත්‍ය කතාන්දරය නම් සැහෙන භයානක එකක්!!! ඇත්තම කතාන්දරය නම් මේ වෙනකොට මාර්ගඵල ලබපු කෙනෙක් උනත්, අපි සැහෙන ප්‍රමාද වෙච්ච පිරිසක්!!! ඇත්තටම අපි යන්තම්, දසමෙන්, 99.9999 න්, නුලෙන් බේරුණේ... අපි ඉපදිලා තියෙන්නේ බුද්ධ රාජ්‍යයක නෙවෙයි, බුද්ධ සාසනය අතුරුදහන් වෙච්ච කලෙක!!! මීට අවුරුදු 400 ගණනකට කලින් වෙච්ච අහඹු සිදුවීමක් හන්දයි අපිට ආයෙම පාරකට ගෞතම බුද්ධ සාසනය නැවතත් මතුකරගෙන, පිහිටුවාගෙන, එහි පිළිසරණය ලබන්න යන්තම් පුංචි අවස්ථාවක් හරි ඉතුරුවෙලා තියෙන්නේ! අහල තියනවද මේවා? (මහමෙව්නාවේ media conferrence එකේදී මේ ගැන කියවෙනවා. උවමනා නම් ඒ video set එකම බලන්න) මීට අවුරුදු 400 ගණනකට කලින් දුර්භික්ෂයකට අහුවෙලා ධර්මය දරාගෙන සිටි රහතුන් වහන්සේලා 12,000 සිතුල්පව්වේදී පිරිණිවන් පාල තියනවා. යන්තම් ජීවිතය බේරාගත් සියගණනක් රහතුන් වහන්සේලා දෙපිරිසක් එකතුවෙලා, ධර්මය සුරක්ෂිත කරගන්නේ කොහොමද, මේ ශ්‍රී සද්ධර්මය අනාගත පරපුරට සුරක්ෂිත කරලා දෙන්නේ කොහොමද කියල කල්පණා කරලා ගත්තු දූරදර්ශී ක්‍රියාමාර්ගයකට අනුව උන්වහන්සේලා පාලි භාෂාවෙන් මතකයේ දරාගෙන සිටිය ශ්‍රී සද්ධර්මය සම්පූර්ණයෙන්ම, සිංහල අකුරින් ග්‍රන්ථාරූඪ කරලා තියනවා. අන්න ඒ පොත් වහන්සේලා පමණයි අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ. ඒත් පස්සේ ඒ පොත් පවා පාවිච්චිවෙලා තියෙන්නේ දොරට අඩ තියන්න වගේ දේවල් වලට! මිනිස්සු අතරෙන් බුද්ධ සාසනය අතුගෑවිලාම ගිහිල්ල... පොත් වහන්සේලා යන්තම් ඉතුරුවෙලා තිබිල විතරයි!! ඊළඟට සමාජයේ මිනිසුන් අතර ඉතුරුවෙලා තියෙන්නේ කට වහරේ තිබුණු ජාතක කතා, ගාථා වගේ ඒවා විතරයි! බුද්ධ සාසනයක් කියන්නේ බුදුකෙනෙක් විසින් එලිකරලා දෙන නිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් එතෙර වීමේ වැඩ පිළිවෙලට, ආර්යෂ්ඨාන්ගික මාර්ගයට! බුද්ධ සාසනයක පැවැත්ම කියන්නේ එම ධර්ම මාර්ගය අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියන එකට! ඒත් ඔය මොකවත්ම ලෝකේ ඉතුරුවෙලා තිබුනේ නැහැ!! ඒ කියන්නේ බුද්ධ සාසනය පිරිහිලයි තිබුනේ!!
මේ විස්තර හොඳටම දැනගන්න, අවුරුදු 10-12 කට කලින් ධර්මයට යොමු වුන, ඒ දවස්වල සමාජයේ පැවතුනු ධර්මය යයි සම්මත, මිනිස්සු ධර්මය හැටියට සලකපු ඒවා ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ!! නැතුව මේ අද ඊයේ නැත්නම් අවුරුදු 3-4 ක ඉඳන් ධර්මයට යොමුවෙච්ච උදවියට නම් ඇත්ත දකින්න වෙන්නේ නැහැ. දැන් ධර්මය බබලන්න අරගෙන ටිකක් කල්... මේ වෙනකොට පිරිස් කල්ලි හැදිලා, ධර්මය බෙදාගෙන බදාගෙනත් ඉවර හන්ද දැන් ඇත්ත පේන්නෙත් නැහැ! අපි නම් හැබැයි සැහෙන කලෙක ඉඳල ධර්ම කතන්දර අහන දකින හන්ද ගොඩාක් දේවල් තේරුණා. ඉස්සර තිබුනේ ජාතක කතා කියන, මව් පිය ගුණ වනන, මල් හඳුන්කූරු පූජාකරන, මයිත්‍රී බුදුන් එනකම් පෙරුම් පුරන කතන්දර ගොඩක් විතරයි!! ලොකු ලොකු හාමුදුරුවරු, නායක / මහා නායක හැමෝම කළේ ඕව විතරයි!!! ඒත් පිරිසුදු ශ්‍රී සද්ධර්මය අර පොත්වහන්සේලා තුල ඒ විදියටම පරිස්සම් වෙලා තිබුන. පාලියෙන් තිබුන හන්ද කවුරුවත් ඒවා මොනවද කියලවත් දැනගෙන උන්නේ නැහැ!!! හැමෝම ඔහේ යන්නන් වාලෙ පතාගෙන පතාගෙන ගියා මයිත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියල... ඒක වෙනස් කරන්න ඔය ලොකු ලොකු හාමුදුරුවරු කාටවත් බැරි උනා!! මොකද අර පොත්වහන්සේලා තුල සැඟවිල තිබුණු ධර්මය කියවල, නිවැරදිව තේරුම් අරන්, අවබෝධ කරන්, නිර්භයව ලෝකයට එලිකරලා දෙන්න... නැවත ගෞතම බුද්ධ සාසනය ප්‍රතිෂ්ඨාපනය කරන්න හැකි පුද්ගලයෙක් හිටියේ නැති නිසා. පාලි භාෂාදැනුම තිබුන, තමන් ළඟ තියන පොත්වහන්සේලා පරිශීලනය කරලා යමක් අවබෝධ කරගත්තු, නිහඬ පැවිදි ජීවිත ගත කරපු අහිංසක පින්වත් ස්වාමින්වහන්සේලා ඉන්න ඇති. ඒත් සාමාන්‍ය ජනතාව ගොඩදෙනෙකුට තේරෙන්න කියල දෙන්න, නැවතත් ශ්‍රී සද්ධර්මය ලෝකයේ බබළවන්න පුළුවන්කම තියන නියම පින්වත් කෙනා එනකම් සැහෙන කලක් ධර්මය නැතුව තිබුන! පුරුවේ වාසනාවට කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ට ඔය පොත්වහන්සේලා මුණගැහුණු නිසා, උන්වහන්සේ පාලි භාෂාව හොඳින් ඉගෙනගත් කෙනෙකු වූ නිසා, හැමෝගෙම පිනට උන්වහන්සේට එම පොත්වහන්සේලා තුල තිබු ශ්‍රී සද්ධර්මය වැටහෙන්නට වූ නිසා තමයි නැවතත් වරක් ගෞතම බුද්ධ රාජ්‍යය කියල දෙයක් ගැන අපිට අහන්නවත් ලැබුණේ!!! පෙරුම් පුරාගෙන යන රැල්ල තිබිච්ච කාලේ, මයිත්‍රී බුදුන් වැඩියහම නිවන් දකින්න ලෑස්තිවෙලා හිටපු කාලේ, මිනිස්සුන්ගේ ඇස් අරවලා, ඕක නෙවෙයි ඇත්ත... මෙන්න මේකයි කතන්දරේ... මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි කියන්නේ මේ දැන් උනත් අවබෝධ කල හැකියි!! කියන සේරම කියල, ගමන් මග වෙනස් කළේ අපේ හාමුදුරුවෝ තමයි!!! ඊට පස්සේ තමයි ඔය දැන් නියම දිශාවට යන රැල්ල පටන් ගත්තේ!!!