[/SIZE]
මේක හරි. රහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නට ඔයා කියනවා වගේ ඒක විඳින්නේ නෑ. ඒ කර්මය සැපයක් උනත් දුකක් වුනත්. මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක වෙනස්. අපිට සැපක් ලැබුනම අපි සතුටු වෙනවා. දුකක් දැනුනම අපි දුක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් සාමාන්‍ය පෘථග්ජනයා අටලෝ දහමින් හෙලවෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාගන්ධියා විසින් අපහාස කරද්දි නගරෙන් පිටත් වෙලා යමු කියලා ආනන්ද හාමුදුරුවෝ කරන යෝජනාවට බුදු හාමුදුරුවෝ දෙන උත්තරය. ඒ වගේම තවත් පැහැදිලි අවස්ථාවක් තමයි මුගලන් මහරහතන් වහන්සේ විසින් ආයුෂ අතහරින අවස්ථාව. මුල් අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නොවුන නිසා ඒ සිදුවීම දැකපු විදියයි අද දවසෙ අපිට ඒ වගේ දෙයක් වුනොත් අපි හැසිරෙන විදියයි ටිකක් සමානයි. නමුත් මුගලන් හාමුදුරුවන්ගේ සිදුවීමේදී හැසිරෙන විදිය වෙනස්. ඇට කැඩෙන්න ගුටිකාපු සාමාන්‍ය මිනිහෙක් මහරහතන් වහන්සේ කෙනෙක් විදියට හැසිරෙයි කියලා කිසිකෙනෙක්ට කියන්න බෑ.
තව දෙයක් උපසේන රහතන් වහන්සේ තමන් පරිනිර්වාණයට පත් වෙද්දී තමන්ගේ ඇඟේ විෂකුරු සර්පයා ගෑවීම මස් දියවෙද්දී දැනෙන වේදනාව කියනවා උවටැන් කරන හාමුදුරුවන්ට. නමුත් විඳින්නේ නෑ.
බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට සේඛ පිළිවෙත දේශනා කරන්න ඉඩ දෙන්නේ ආනන්ද මගේ පිට රිදෙනවා මට වෙහෙසයි කියලා කියමින්. තවත් වෙලාවකදි බුදුහාමුදුරුවොත් කාශ්‍යප මහරහතන් වහනසේත් ආනන්ද හාමුදුරුවොත් ඝෝෂිතාරාමයේ වැඩ වසමින් සිටින විටකදී කාශ්‍යප හාමුදුරුවන්ට තමන්ගේ අත පෙන්වලා කියනවා කාශ්‍යප මගේ අග දැන් රැලි විටිලා ඒත් බලන්න මාගේ වයසෙම වන ආනන්ද රන්වන් පාටින් බබළනවා කියලා. ඒ වෙලේදි කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමිණී මමත් දැන් වයසයි මට ළඟ පෙනුනත් දුර පෙනෙන්නෙ නෑ හරියට, ඔබ වහන්සේ පෙන්නුම් කරද්දියි දැක්කෙ කියලා.
රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා. ඒකෙ තර්කයක් නෑ. නමුත් තියෙන වෙනස තමයි ඒ අයට පුළුවන් තමන්ගේ ශක්තියෙන් ඒ වේදනාවක් දුකක් තියේනම් ඉවස ගන්න. ඒ නිසා තමයි අපිට හැම වෙලාවෙදිම උන්වහන්සේලා දේශනා කරන්නේ අකුසල් වලින් ඇත් වෙන්න කුසලයේ යෙදෙන්න කියලා. අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ හැකි හැම විටම කුසල් වර්ධනය කරන්න. ඒ තුලින් නිවන ඇතුළු පරම සැනසීම ලබන්න අපිට පුළුවන් වෙනවා. හැකි උපරිමයෙන් අපි අකුසල් අපේ ජිවිත වලින් ඈත් කරමු.
මේ කතාවත් මට තේරෙන විදිහට හරි .
ඔබට සැහෙන දැනුමක් තියෙනවා කියල හිතෙනවා.


