මුහුණු ආවරණ භාවිතය තහනම් : ජනපතිගෙන් නියෝගයක්
මහජනතාවට සහ ජාතික ආරක්ෂාවට බාධාවක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට බාධාවක් වන සියළුම මුහුණු ආවරණ භාවිතයන් හෙට (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.
අනන්‍යතාවය පැහැදිලි කර ගැනිමේ මුලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරිමේ අවශ්‍යතාවය බව එම නියෝගයෙන් තව දුරටත් පැහැදිලි කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමි සහ සහජිවනයෙන් යුත් සමාජයක් ගොඩනැගිමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
Source




