බුරුවෙක් ඔන් රන් නිම්නයක් හොයල දීලයි කිය&#3505

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    බුරුවෙක් ඔන් රන් නිම්නයක් හොයල දීලයි කිය&#3505

    බූරුවකු සොයා දුන් රන් නිම්නය !!

    valy.jpg



    බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’ (Valleys of the Golden Mummy) ලෙස සලකනු ලබන පිරමීඩ තැනූවන්ගේ සොහොන් බිමෙහි වැඩ කළ පුරාවිද්‍යා රැකවලකු වූ අබ්දුල් මිගෝඞ් ඒ බිම හරහා පලා ගිය සිය බූරුවා අල්ලා ගන්නට ඌ පසුපස දිව ගියේය. බූරුවා දිය සිඳී ගිය අඳුරු වගුරකට වැටුණේය. ඌ ගලවා ගන්නට ඔහු ඒ අඳුරු වගුරට බැස්සේය. ඒ වළෙන් ඔබ්බෙහි වූයේ කෙටි උමඟකි. එය වැටී තිබුණේ මෙතෙක් සොයා නොගත් සොහොන් ගැබකටය. හදිසියේ ම ඔහුට දැක ගන්නට ලැබුණේ රනින් දිළිසෙන ඇතුළු ගැබකි. එහි පිරී තිබුණේ රනින් ආවරණය කළ මමී ය. වහා ගොඩට ආ ඔහු ඒ බව තම උසස් නිලධාරිනට දැන්වීය.

    මිසරයේ පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ මහ ලේකම් වූ ආචාර්ය සාහි හවාස් (Zahi Hawass) එහි ගියේ ඒ අනුවය. "1996 මාර්තු 2 වැනිදා, මට කිසිදාක අමතක නොවන දිනයක්. ඒ ආරංචිය ලැබෙන වෙලාවෙ මම හිටියෙ ගිසාවල, පිරමීඩ ඉදි කළ අයගේ සොහොන් ගැබක කැණීම් අධීක්ෂණය කරමින්. එදා සවස මම ඒ මහා පිරමීඩ ඉදි කිරීමට හවුල් වූ අයකුගේ ඇටසැකිල්ලක් පිරිසිදු කරමින් හිටියා. හදිසියේ ම මගේ සහායක මන්සූර් බොරේක් මා වෙත ආවා. ඔහුගේ මුහුණේ තිබුණේ විස්මයට පත් වූ බවක්. අලූත් විස්මිත සොයා ගැනීමක් ගැන දැනුම් දෙන්න, ඈෂ්රි ෂේකර් පැමිණ ඇති බව කීවා. ඔහු පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ බහාරියා ඔඑසිස් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. මා මුලින් හිතුවේ මන්සූර් මට විහිළුවක් කරනවා කියලයි. ඒත් ඈෂ්රිගේ මුහුණ දුටු මට එහි ඇති බැරෑරුම්කම් අවබෝධ වුණා. ඔහු කීවා පුරාවිද්‍යා රැකවලකු වූ අබ්දුල් මිගෝඞ් සිය බූරුවා සොයා යද්දී ඔහුට පොළොවේ සිදුරක් හමු වුණු බව. ඒ සිදුරෙන් එබී බැලූ ඔහුට රනින් දිළිසෙන යමක් ඒ ඇතුළෙන් දැක ගන්නට ලැබී ඇති ඔහු මට දැනුම් දුන්නා. මා වහාම එහි ගියා.”


    Hawass.jpg

    ”එක් සොහොනක සිවිලිම සිදුරු වී හිරු රැස් ඒ සොහොන තුළට වැටෙමින් තිබුණා. මම ඒ ඇතුළට ගිහින් ගිහින් බැලූවා. හිරු රැස් නිසා මට දැක ගත හැකි වූයේ රත්තරන් විතරයි.” හවාස් ඒ සිද්ධිය පුවත්පත්වලට විස්තර කළේ එසේය.

    තමා එක්වර ම දුටු දෙයින් විස්මයට පත් හවාස් ආපසු ගියේ මිසරයේ මෙතෙක් නොවූ විරූ දැවැන්ත ගවේෂණය අරඹනු පිණිස කටයුතු පිළියෙල කරන්නටය. මේ අති විශිෂ්ට සොයා ගැනීම හා ඒවා සුරැකී තිබුණු ආකාරය ඔහුගේ මිතුරු පුරාවිද්‍යාඥයන් මවිත කරවනසුලූ විය. සුප‍්‍රකට ටුටන්කාමන්ගේ සොහොන වැනි පැරණි සොහොන් රාශියක් එහි විය. එහි කොටසක් කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුවී තිබුණ ද සෙසු කොටස ඉන් වසර 2000කට පෙර ඒවා මුද්‍රා තැබූ අයුරින් ම සුරැකිව තිබුණේය. ඒ කාලයේ මිසරයත් මැදපෙරදිගත් රෝම අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණේය.


    බහාරියාහී ඇති සොහොන් බිම් වැඩි හරියක් අයත් වන්නේ යුග දෙකකටය. එකක් කි‍්‍ර.පූ. 6 වන සියවසේ පැවති 26 වන රාජ වංශයට අයත් කාලයටය. එකල මේ නගරය වැදගත් වෙළෙඳ හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් වූ මුල් යුගය විය. අනෙක කි‍්‍ර.ව. 1 වන 2 වන සියවස්වලට අයත් විය. ඒ මිසරය රෝමයේ පාලනයට යටත් වූ සමය විය.


    GoldenMummyValley.jpg

    මෙහි ශේෂව තිබූ මමි සිව් ආකාරයකින් සුරක්ෂිත කර තිබුණේය. එක් වර්ගයක මමියක් තුනී රන් පටලයකින් ආවරණය කර තිබුණේය. තවත් මමියක් මිනිස් ප‍්‍රමාණයට ලිනන් හා ප්ලාස්ටර යොදා තැනූ වෙස් මුහුණක් ඇති මමි පියනකින් ආවරණය කර තිබුණේය. ඒ ආවරණය වැසෙන සේ අයිසිස්, ඔසයිරිස්, හෝරස් හා අනුබිස් යන දෙවිවරුන්ගේ හා දෙව්වන්ගේ රූප පින්තාරු කර තිබුණේය. අනිකුත් ඒවා බොහොමයක් පිඟන් මැටිවලින් තැනූ මිනිස් මුහුණක් සහිත මිනිස් රුවට සමාන බහලූ තුළ තැන්පත් කර තිබිණ. ස්වල්පයක් පමණක් ලිනන් රෙදිවලින් ඔතා තිබුණේය. වළලූ, සුර, වැලපෙන කතුන්ගේ පිළිම, පිඟන් මැට්ටෙන් තැනූ යාත‍්‍රා, සතුටට හා කාමයට අනුග‍්‍රහය දක්වන වාමන දේවතාවකු වූ බෙස්ගේ කුඩා පිළිම ආදිය මේ සිරුරු සමඟ තැන්පත් තිබුණි.

     
    • Like
    Reactions: sandunrulz.s

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම හිතුවේ අපේ තිස්ස අත්තනායක මහත්තයා ගැන මේ කියන්නේ කියලා.. එයානේ රනිල්ට රන් නිම්නය හොයල දුන්නේ පක්ෂෙ දාලා ගිහින්.. :P:P
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    mole thiyena booruwek


    මම හිතුවේ අපේ තිස්ස අත්තනායක මහත්තයා ගැන මේ කියන්නේ කියලා.. එයානේ රනිල්ට රන් නිම්නය හොයල දුන්නේ පක්ෂෙ දාලා ගිහින්.. :P:P


    good post
    rep added




    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලට :yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7