බුලත් විට තහනම්

kaddm

Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    බුලත් විට තහනම්

    දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත අනුව ශ්‍රී ලංකාවේ තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳ නියෝගය (2016 අංක 01 දරන) පැනවීමට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කටයුතු කර ඇත.
    මෙම රෙගුලාසිය අනුව කිසිම තැනැත්තෙකු විසින් උපලේඛනවල සඳහන් කර ඇති දුම්කොළ නිෂ්පාදනයක් හෝ දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක් හෝ යම් පැණිරස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රසගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුයි.
    මෙම පනතේ විධිවිධාන අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර පරීක්ෂකවරු, සුරාබදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් බලයලත් නිලධාරීන් වශයෙන් කටයුතු කෙරේ.
    දුම්රහිත දුම්කොළ නිෂ්පාදන බොහොමයක් දුම්කොළ හා පුවක් අඩංගු වෙයි. මෙම ද්‍රව්‍යයන් දෙකම පළමුවන කාණ්ඩයේ පිළිකා කරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වර්ගීකරණය කර ඇත.
    පිළිකා පිළිබඳ ජාතික ලේඛන අනුව ලියාපදිංචි වී ඇතුළු මුළු පිළිකා රෝගීන්ගෙන් සියයට 14.3ක් මුඛ පිළිකාවන් වන අතර වාර්ෂික ව මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් දල ඒ අනුව දිනකට මරණ 03කට වඩා වැඩි සංඛ්‍යාවක් ද සිදුවන බවට ගණන් බලා ඇත.
    මුඛ පිළිකා රෝගීන් 2400කට ආසන්න සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝහල්වලින් වාර්තා වෙයි.

    2hg9504.jpg



    http://sinhala.adaderana.lk/news/75396/දුම්-රහිත-දුම්කොළ-නිෂ්පාදන-තහනම්

    http://epaper.ada.lk/

     

    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    දුම් සහිත ඒවත් තහනම් කරානම් නරකද

    ඒවයෙන් කුට්ටිය අතට එනවා නේ, ගමේ බුලත් විට විකුනන ආච්චි අම්ම ගෙන් එහෙම සල්ලි එන්නේ නැ නේ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බුලත් විකුණල ජීවන වෘත්තිය ගෙනියන අය පව්. ඕක සාර්ථක වෙන්නෙ නෑ කොහොමත්. සිරිසේන පිස්සා.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    බුලත් විකුණල ජීවන වෘත්තිය ගෙනියන අය පව්. ඕක සාර්ථක වෙන්නෙ නෑ කොහොමත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ගොයියල බුලත් විටක් හපලත් හමාරයි ආයුබොවන්ඩ...මහ බැoකු හොරා බුලත් විට කන්නෙ නැ..කන්නෙ චුයින්ගම්..:rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිස් නිලධාරීන් බලයලත් නිලධාරීන් වශයෙන් කටයුතු කෙරේ.
    පොලිස් කැන්ටිමෙත් විට විකුණනනවා තවම :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    හොඳ වැඩක්. උඹලට දුම්කොළ නැතුව විට කන්න බැරිද?

    කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
    ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි
    මේවා නිසි පදමට ගෙන කටට රහට
    සිරි සාර බුලත් විට කාලා බලන්!! :D:D:D:D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හොඳ වැඩක්. උඹලට දුම්කොළ නැතුව විට කන්න බැරිද?

    කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
    ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි
    මේවා නිසි පදමට ගෙන කටට රහට
    සිරි සාර බුලත් විට කාලා බලන්!! :D:D:D:D
    සාර විට වලට මත් වෙන්න දාන්නෙ පරන ටයර් අලුත් පාට කරන්න ස්ප්‍රේ කරන කෙමිකල් එක :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    සාර විට වලට මත් වෙන්න දාන්නෙ පරන ටයර් අලුත් පාට කරන්න ස්ප්‍රේ කරන කෙමිකල් එක :baffled:

    ඔය කයියෙ එහෙම එකක් තියෙනවද :angry:
    ඔව්වා විතරක් තියෙන එව්වා කාපල්ල එව්වා නැත්නම් චුවිංගම් එකක් කාල නිකං හිටපල්ල ඇයි යකෝ :angry:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    bulath vita kana tharuna kollo thamawa innawada bang lankawe ?gaalu paare saram andagena yana tharuna kollonwa nam mama ona tharam dakala thiyenawa. pradana nagara wala saram andina ekath thahanam karanna one
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඔය කයියෙ එහෙම එකක් තියෙනවද :angry:
    ඔව්වා විතරක් තියෙන එව්වා කාපල්ල එව්වා නැත්නම් චුවිංගම් එකක් කාල නිකං හිටපල්ල ඇයි යකෝ :angry:
    සාරවිටක් 80ක් 100ක් වෙනවානෙ බන්
    ඔය ලිස්ට් එක කඩෙන් අරන් දැම්මොත් විටක් 500ක් විතර වෙයි :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    සාරවිටක් 80ක් 100ක් වෙනවානෙ බන්
    ඔය ලිස්ට් එක කඩෙන් අරන් දැම්මොත් විටක් 500ක් විතර වෙයි :P

    නෝමල් විට ලාබ වෙයි නෙ දුම්කොළ නැතුව දුන්නම :cool:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සාරවිටක් 80ක් 100ක් වෙනවානෙ බන්
    ඔය ලිස්ට් එක කඩෙන් අරන් දැම්මොත් විටක් 500ක් විතර වෙයි :P

    ඒ ගානට ගල් කාලක් ගහනවා ඊට වඩා හොඳා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෝමල් විට ලාබ වෙයි නෙ දුම්කොළ නැතුව දුන්නම :cool:

    මට නම් දුන්කොල නැතිව විට තිබුනොත් ඇති