බුල්ඩා්සර්_හතරක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බුල්ඩා්සර්_හතරක්

පසුගිය රාජපක්ෂ සමයේ මහජන මුදල් විශාල ලෙස විනාශ කරමින් ගසා කෑම් මතින් ඉදි වූ සුදු අලියා නොහොත් මත්තල රාජ පස්ස ගුවන් තොටුපොල පිලිබදව ලොව සිටින අංක එකේ ගුවන් නියමුවෙකු , ගුවන් නියමුවන් පුහුණු කරන්නකු සහ දැනට ඇමරිකාවේ බෝයින් සමාගමේ සේවය කරන ශ්‍රේෂ්ට ගුවන් නියමු එල්මෝ ජයවර්ධන විසින් තැබූ සටහනකි.

fdgdfgf.png



මත්තල තොටුපොළට විසඳුම බුල්ඩා්සර් හතරක් යැවීම වේ.


හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි.”

වසර 45ක් ගුවන් නියමුවකු ලෙස සේවය කළ කපිතාන් එල්මෝ ජයවර්ධන එයා ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවා විය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 20ක් ගුවන් නියමු උපදේශකවරයකු ලෙස සේවය කළ ඔහු මේ වන විට බෝයිං ගුවන් සමාගමේ නියමුවන් පුහුණු කරවන්නකු ලෙස කටයුතු කරයි. මිහිතලය වටා ගුවන අරා සැරි සරා ඇති එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා මත්තල ගුවන් තොට පිළිබඳ මෙසේ සටහනක් තබයි.


“මංතීරු හතරේ අධිවේගී මාර්ගයේ යාලට යද්දී කෙතරම් වාරයක් මත්තල පසු කර ගියද මා එතැනට කිසිදා ගොඩ වූයේ නැත. එහි ඉදි වූ මහා ගුවන් තොටුපොළක් සහ ඒ පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඇති බව මම දැන උන්නෙමි. දේශපාලනය විසින් සුදු හුණු ගාන්නට වූ නිසාම හම්බන්තොටට එන යන ගුවන් යානා පිළිබඳ මඳක් අවධානය යොමු කරන්නට සිත් විය. මෑතකදී මා කියවූ ඉංග්‍රීසි පුවත්පතක මත්තල ගුවන් තොටුපොළේ මඳ වේග ධාවන තීරු පිළිබඳ ලියා තිබුණි.


ඒ මාධ්‍යවේදිනියගේ ලියවිල්ල මා විශ්වාස නොකළත්, කුතූහලය නිසා මත්තලට ගොඩබස්වන ගුවන් යානා වගුව පිරික්සීමි. රුපියල් දස ලක්ෂ 280ක් වැය වූ මේ ගුවන් තොටේ ධාවන පථ (runway) හා මඳ වේග ධාවන පථ (taxiway) සැලැස්ම දැකීමෙන් මම මවිතයට පත් වීමි. සෙර්වන්තේස් නමැත්තාගේ ප්‍රකාශයක් මා සංක්ෂිප්ත කොට සඳහන් කළොත් එයින් කියැවෙනු ඇත්තේ ‘එක මිනිසකුගේ ගුවන් තොටුපොළ තවත් මිනිසකුට තකතීරුකමක් වේ’ යන්නය.
වාණිජ කරුණු අතහැර දමමු. මා මේ සඳහන් කරන්නේ හුදු ඉදි කිරීම් ගැටලු සහ ඉතා පැහැදිලිව පෙනෙන ඇතැම් මූලික කරුණු ඔළමොට්ටල ලෙස වරද්දාගැනිම පිළිබඳවය. ගුවන් තොටේ ධාවන පථ දෙක වෙත ප්‍රවේශ වීමට එහි කෙළවර මඳ වේග ධාවන පථ නොමැති වීමෙන් යානා පසුගමනය කිරීමට ක්‍රමයක් නැත.


සත්‍යය වශයෙන්ම එවැනි ගුවන් තොටු පොළ තවත් තිබේ. මාලදිවයිනේ හුලලේ ගුවන් තොටුපොළ එවැන්නකි. එහෙත් මාලදිවයිනට එවැනි පසුගමන් ධාවන පථයක් ඉදි කිරීමට හේතු ඇත. ඒ, ඔවුන්ගේ කුඩා දූපත් තීරුවල, වෙනම මඳවේග ධාවන පථ ඔස්සේ ඇරඹුම් ස්ථානයට ළඟාවීමට තරම් ඉදි කිරීමකට ඉඩහසරක් නැති වීමය.


එහෙත් අපි.? අපට උරුම ගුවන් සේවාවට මහා නිගාවක් කරන්නේ කෙසේද.? භූමිය… අපට ඕනෑ තරම් මඳ වේග ධාවන පෙත් ඉදි කරන්නට තරම් ඉඩහසර තිබේ. ඕනෑ නම් බූන්දලටම ගොස් ආපසු පැමිණ ධාවන පථයට එළැඹීමට තරම් ඉඩකඩක් අපට තිබේ. එහෙත් යමකු, සහ තවත් අය පොදු එකඟතාවකින් මේ මඳ වේග ධාවන තීරු රහිත ගුවන් තොටුපොළ ඉදි කර ඇත.


මත්තල ගුවන් තොට, මීටර් සියයේ ඉසව්ව දුවන්නට සැරසී සිටින අත්වාරුවෙන් යන අබ්බගාතයකු ලෙස නිම කිරීමට හේතු වූ කරුණ අල්ප මාත්‍රයකින් හෝ පහදන්නට සමතෙක් වේ නම්, ඒ ඕනෑම අයකු සමඟ කරුණු දැක්වීමට මමද සූදානම් වෙමි. ඇතැම් විට එය ‘රජාගේ අලුත් ඇඳුමේ’ සහලක්ෂණයේ ශ්‍රී ලාංකික පුනරුත්පත්තිය විය හැකිය. ඕනෑම දෙයකට ‘එසේය ස්වාමීනී’ කියමින් දියවන්නා ඔයට ආවඩන්නට සැදීපැහැදී සිටින ඇම්බැට්ටයන් නිසා හම්බන්තොට නිරුවත් ගමනක යෙදෙයි.


දැන් අපට මඟීන් ගෙන යාමට ඒමට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් ඇත. එහෙත් මඟීන් නැත. නවීන දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්වීමට ශක්තිය හා අවකාශය ඇත. එහෙත් ගුවන් යානා නැත. විසුළු පෙනුමැති විහිළුකාර විද්‍යුත් ගොඩබැස්වීම් ක්‍රමයක් ඇත. එහෙත් ජෙට් යානා ගොඩ බැස්සවීමේදී අංශක 180ක් හරවාගෙන විත් ධාවන පථයට ඇතුළු කිරීමට වඩා මඳ වේග ධාවන පථයක් යෙදීම සුදුසු බව ඇතැම් අමනයින්ට අමතක වී ඇත..


මඳ වේග ධාවන පථයක් නැති වීම හා සසඳන විට, සුළු කාරණා බවට පත් වන, ධාවන පථයේ සම්පාත වීම හා හරස් සුළං හැමීම වැනි කරුණු ගැන සඳහන් කිරිමට මා යුහුසුලු වන්නේ නැත. මඟීන් නැති කතාවද අපි පසෙක ලමු. ඒ සියල්ල දේශපාලනික කරුණු නිසාය. එහෙත් මේ දෝෂ සහිත ඉදි කිරීම අදක්ෂතාව මොනවට පැහැදිලි කරන්නක් වන අතර, එයට වගකිව යුතු වැරැදිකරුවා මරණ මංචකයේදී හෝ මේ පව ගෙවා නිම කළ යුතුය.


මේ ගුවන් තොටු‍පොළට ඉහළින් පියාසර කරන ගුවන් යානාවල ගමනාගමනයෙන් විශාල මුදලක් උපයන බව, කෝප් කමිටුවට යමකු දැනුම් දුන් බව පුවත් පත් මඟින් දැනගතිමි. එහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් මං ඔස්සේ සිය යානා ඉගිළ යෑම පිළිබඳ ගුවන් සේවාවන් කැමැත්තක් දක්වන්නේ, හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බැස්විය හැකි බැවිනි.
හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි.


අපි සුළු සැසඳීමක් කරමු. සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ධාවන පථ රැස අතරින් විශාලම පථය මීටර 3600ක් දිගින්ද මීටර 45ක් පළලින්ද යුතුය. මත්තල, දිගින් මීටර 3500ක් හා පළලින් මීටර 60ක් වේ. ඒ අනුව පළලින් සැන් ෆ්රැන්සිස්කෝවටත් වඩා වැඩි වූත්, දිගින් මීටර 100ක් පමණක් අඩු වූත් මේ ගුවන් තොටේ කැපී පෙනෙන ලෙස තිබිය යුතු මද වේග ධාවන පථය කෝ දෙවියනේ.!


දැන් පෙර පාසල් මට්ටමේ තර්කයක් ගොඩනඟමු. කවුරුන් හෝ මත්තල හැදූ බව ඇත්තය. තවත් කෙනකු එය වැසුවායැයි සිතමු. එහි බර මාතෘ භූමියේ පෙට්ටගමෙන් දරා ගත්තත්, මෙය සෑදූ හෝ වැනසූ දෙදෙනාගෙන් අයකු වැරැදි විය යුතුමය.


එහෙත් කිසිවකු වැරැදිකරුවකු වන්නේ නැත. හේතුව ඉතා සරලය. දේශපාලනයේදී ඔබේ අතේ තැවරෙන ලේ පවා හිම මෙන් සුදු වන නිසාය. විසඳුම කුමක් විය යුතුද? මඳ වේග ධාවන තීරුවල ගැටලුව, ඒ ගැන ඇස් ඇරුණු කාගේ හෝ මැදිහත් වීමෙන් අලුතෙන් ඉදිකෙරුව හොත් විසඳාගත හැකිය. එහෙත් ගුවන් තොටුපොළ හා එහි වාණිජ වටිනාකම සැලකූ විට එය අලුත් සූදුවකි. එසේත් නැත් නම් ජාත්‍යන්තරයේ ගුවන් යානා මෙහි පැමිණ, ගොඩබස්සවා මත්තලින් ගුවන්ගත කර, ටජ් මහලේදී මෙන් කදමලු බැඳගත් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සපුරාලීම‍ හැර වෙන යමක් නැත.


සත්‍ය වශයෙන්ම තවත් විසඳුමක් තිබේ. ඒ බුල්ඩා්සර් හතරක් මත්තලට යැවීමය. එවිට පාඩුව රුපියල් දස ලක්ෂ 280ක් පමණි. නැත හොත් රට කරවන්නන්ගේ බලකාමය නිසා ඇති වන හදිසි ආශාවන් හා අරුමෝසම් වෙනුවෙන් ඊට වඩා වැඩි පිරිවැයක් රටට දරන්නට සිදු වනු ඇත.


කපිතාන් එල්මෝ ජයවර්ධන
 
Last edited:

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,669
    25,685
    113
    ලොව විශාලාතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට ගොඩබස්වයි (PHOTOS / VIDEO)

    අයහපත් කාලගුණය නිසා මත්තලට ගුවන් යානා දෙකක් ගොඩබස්වයි

    කටුනායකට ආපු ගුවන් යානා දෙකක් හැරී මත්තලට යයි

    කටුනායක ගුවන් තොට අද සිට වරුවක් වැසේ

    නිශ්චිත කාල සටහනක් නොමැති හෙවත් ඇඩ්හොක් ගුවන් යානා මෙහෙයුම් සදහා ද මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල භාවිත කෙරෙන්නේ නැහැ. අදාළ ගුවන් මෙහෙයුම් නිසි අවසරයකින් පසුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා පමණක් සිදු කෙරෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කියා සිටියේ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Can’t believe what UNPers say. Can’t believe what Mahinda is saying. Can’t believe what JVP guys say. Can’t believe what Maithripala pakaya is saying. Can’t believe what anybody is saying. Because all these have let down our innocent ordinary people. They have sold our motherland to foreign powers. Ultimately these evil demons have earned massive amounts and are continuing to destroy Sri Lanka. So these all are in the same boat.
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඉතින් එකනේ අපී වී ගබඩාවක් විදියට පාවිච්චී කලේ.
     

    Similar threads