බුල් ඩෝගගේ 2500

May 5, 2014
42
5
0
බන්දුල කිව්වට 2500 කින් බෑ: පවුලක මාසික වියදම රු. 59,000/- යි -අමුණුගම---


(ලංකා ඊ නිව්ස් -2014.ජූලි.25, ප.ව.6.30) මෙරට නාගරික ප්‍රදේශවල පදිංචි සාමාජිකයන් හතර දෙනකු සිටින පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් පනස්නම දහස් එකක් (රු.59,001/-) බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කීවේය.


ග්‍රාමීය ප්‍රදේශවල පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් තිස්හත් දහස් පන්සිය හැට එකක් (රු.37,561/-) බවද, වතුකරයේ පවුලක මාසික වියදම රුපියල් විසිනව දහස් හත්සිය හැත්තෑ නමයක් (රු.29,779/-) බව ද ඇමැතිවරයා කීවේය.


නාගරික ගෘහ ඒකකයක ආහාර සඳහා රුපියල් දහ අටදහස් පන්සිය දහතුනක්ද, (රු.18,513/-) ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් හතළිස් දහස් හාරසිය අසූහතක්ද (රු.40,487/-) මාසික වියදම වන අතර ග්‍රාමීය ගෘහ ඒකකයක ආහාර සඳහා රුපියල් දාහතර දහස් හත්සිය හතරක්ද,(රු.14,704/-) ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් විසිදෙදහස් අටසිය පනස් හතක් (රු.22857/-) වැය වන බව ද ඇමැතිවරයා කීවේය.
වතු ක්ෂේත්‍රයේ ගෘහ ඒකකයකට ආහාර සඳහා රුපියල් දාහතර දහස් හත්සිය හෑත්තෑ නමයක්ද (රු.14,779/-) ආහාර නොවන ද්‍රව්‍ය සඳහා රුපියල් පහළොස් දහසක්ද (රු.15,000/-) මාසිකව වැයවන බව කී ඇමැතිවරයා එක් පවුලක් සඳහා මාසිකව වැඩිම වියදම දරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බවද කීය. ඔවුන්ගේ මාසික වියදම රුපියල් හැටතුන්දහස් තිහක් (රු.63,030/-) බවද ඉන් ආහාර සඳහා රුපියල් දහනව දහස් දෙසිය හතළිස් හයක්ද, (රු.19,246/-) ආහාර නොවන වියදම් සඳහා රුපියල් හතළිස් තුන්දහස් හත්සිය අසූහතරක් (රු.43,784/-)වියදම් කරන බව ද ඇමැතිවරයා කීවේය.


(ස්තූතිය -දිවයින)








බුල් ඩෝග් මහත්තයා නම් ඊයේ පෙරේදා පචවාහිනියට ඇවිත් කිව්වා දැන්නං 2500න් මාසෙටම කෙලවන්න බැ කීයලා:D

එතකොට ජඩ මාද්දිය වෙිදියා ඇහුවා දැං කීයක් යයිද කියලා

අපේ බුලඩොග් මහත්තයා කිව්වා 3000ක් විතර ඇතිය කියලා:sorry:

ඉතිං බලහං බං මල්ලියේ ගීතක්කගේ ඉනාවක්වත් ලෙව කාලාද:P මන්ද මුංදැ මේ ගල් පැලෙන කෙබර දෙසාබාන්නේ:baffled:

චින්තන ආර්ථීකේ ආස්චර්යද මොකකදො නැගලා යද්දි මෙහෙම වෙන්න පුලුවන්ද නේද ආයිබොං
:eek: