බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම ඕව පිලිගන්නෙත් නෑ නොපිලිගන්නෙත් නෑ. නමුත් භූතයෙකුට කොන්ක්‍රීට් අස්සෙන් යන්න බැයිද.. එතකොට හොඳට සීල් කරපු කාමරේ කට භූතයන්ට එන්න බැරිද ..මම හිතන්නෙ ඕවා ඇත්තනම් ඔතන වෙලා තියෙන්නෙ ඒ කපුවගෙ හෝ වෙන යම් කෙනාගෙ මොකක් හරි බන්ධනයකට අසු වීමක් මිසක්.. කොන්ක්‍රීට් වලට අසු වීමක් නෙවෙයි. හැබැයි සමහර විට මේ කොන්ක්‍රීට් වලින් එහා යන්න තහනම් වගේ එකක් කලාද දන්නෑ..කොහොමත් ඕක වෙනුවට දානයක් දීලා පිරිතක් කියලා එහෙම බැලුවෙ නැද්ද,
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම ඕව පිලිගන්නෙත් නෑ නොපිලිගන්නෙත් නෑ. නමුත් භූතයෙකුට කොන්ක්‍රීට් අස්සෙන් යන්න බැයිද.. එතකොට හොඳට සීල් කරපු කාමරේ කට භූතයන්ට එන්න බැරිද ..මම හිතන්නෙ ඕවා ඇත්තනම් ඔතන වෙලා තියෙන්නෙ ඒ කපුවගෙ හෝ වෙන යම් කෙනාගෙ මොකක් හරි බන්ධනයකට අසු වීමක් මිසක්.. කොන්ක්‍රීට් වලට අසු වීමක් නෙවෙයි. හැබැයි සමහර විට මේ කොන්ක්‍රීට් වලින් එහා යන්න තහනම් වගේ එකක් කලාද දන්නෑ..කොහොමත් ඕක වෙනුවට දානයක් දීලා පිරිතක් කියලා එහෙම බැලුවෙ නැද්ද,
    ඔතන තියරිය මේකයි, යකැඳුරා බන්ධනයක් කරලා නූලක් හරි කෙන්දක් හරි දේකින් අමනුෂ්‍යයාව අල්ලගන්නවා. ඒ බන්ධනය බෝතලයකට දානවා. බෝතලය කැඩෙන්නෙ නැතිව තියන්න ඕනෙ. බෝතලේ ආරක්ෂාවට තමා කොන්ක්‍රීට් දාන්නෙ. ඉස්සර කාලෙ ඒ වගේ කුප්පි බැමි අස්සට දාලා බදාම දැම්මලු, ගස් බෙන අස්සට දැම්මලු. අද කාලෙ ඒ වෙනුවට කොන්ක්‍රීට් දාල කොහෙටහරි ගෙනිහින් දානවා.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කරදරකාරයින්ට කරන්න ඕන මොනවද කියලා ආටානාටිය සූත්‍රයේ කියලා තියෙනවා... පොඩ්ඩක් ඒ ගැනත් බලන්න.
    https://si.wikipedia.org/wiki/ආටානාටිය_සූත්‍රය

    ආටානාටිය සුත්‍රය දේශනා කරලා තියෙන හේතුව හෝ එහි අන්තර්ගතය බොහෝ දෙනෙක් හරියට කියවලා නෑ. සියලු සත්වයන්ට මෛත්‍රී කරන ලෙස දේශනා කල බුදු හාමුදුරුවෝ යක්ෂ, නාග, කුම්භාණ්ඩ හා ගන්ධබ්බ යන කොටස් 4 විතරක් එලවන්න සුත්‍ර දේශනා කරාවිද ? ඒ වගේම එකම නමින් ඇයි සුත්‍ර දෙකක් සටහන් වෙන්නේ ? (බුද්ධියේ විමසුමට)
     
    • Like
    Reactions: D_Mad

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    LOL ඔය සම්බන්ධව මම ලත් අද්දැකිමක් කියන්නම්.
    මට අවුරුදු 9ක් වගේ වයස කාලෙදි අපේ තාත්තා එක්තරා දෙමහල් නිවසක් මිල දී ගත්තා. ඒ නිවසෙහි හොල්මන් ඉන්නවා කියලා ලොකු මතයක් තිබ්බා. හැබැයි අපේ තාත්තා ඕවා පිළිගන්නේ නෑ. කිසිම දවසක අපේ පවුලේ කවුරුත් ඔය හොල්මන් කතා මාත් එක්ක කියලා නෑ. ඒක නිසා ඔය ගෙදර ඉන්න කාලේ මට ඔය හොල්මන් ඉන්නවා කියන අදහස ඔලුවට ආවේ නෑ. මම අවුරුදු 9 යෙදී ඔය ගෙදර දවල් දවසෙම තනියෙම ඉදලා තියෙනවා. සමහර විට රෑ 7,8 වෙනකම්. කවදාවත් හොල්මන් දැකලත් නෑ. බය වෙලත් නෑ. පස්සේ කාලේ තාත්තගේ ජොබත් එක්ක අපි ඔය ගෙදර විකුණලා වෙන ගෙදරකට ගියා.

    ඊට අවුරුදු ගාණකට පස්සේ ළගදී මට මගේ පරණ යාලුවෙක් හම්බ වුණා. ඌ තාමත් ඉන්නේ අපේ විකුණපු ගෙදර තියෙන ගමේ. මම ඌත් එක්ක කතා කර කර ඉන්න ගමන් ඇහුවා අපේ ගෙවල් පැත්තේ විස්තර මොනවද කියලා. ඌ කිව්වා උබලා ඉදපු ගෙදර හොල්මන් ගුහාවක්. උබලගේ ගෙදර එහා පැත්තේ හිටපු එකත් බය වෙලා නූල් බැන්දා. උබලගේ ගේ ගත්තු එකා ඒ ගේ කඩලා අලුත් ගෙයක් ගහන්න හැදුවා. හැබැයි බාස්ලට ඇවිත් ඒ ඉඩමේ ඉන්න හබ්බ උනේ නෑ. දවසින් දෙකින් බය වෙලා උන් යන්න ගියා. අන්තිමේදි ගේ ගත්තු එකා වහ බීලා මලා. දැන් ඉඩම පාළුවට ගිහිල්ලා තියෙනවා කියලා.
    ඕක අහලා මම තාත්තත් එක්ක කතා කර කර ඉන්න ගමන් දවසක් ඔය ගැන කිව්වා. අපේ තාත්තා කිව්වා "අවුරුදු ගාණකට කලින් මම ඔය ගේ ගන්න කොටත් වටේ පිටේ එවුන් ඔය හොල්මන් කතාව කිව්වා. ගේ ගත්තට පස්සේ අපරාදේ ඔය ගේ ගත්තේ කියලත් කිව්වා. හැබැයි මම කවදාවත් ඔය දේවල් මගේ ඔලුව උඩ තියාගත්තේ නෑ. මගේ පවුලේ අයගේ ඔලුවට වැටෙන්න දුන්නෙත් නෑ. හදිස්සියෙවත් මම ඔය දේවල් විශ්වාස කලා නම් මට වෙන්නේත් වහ බොන්න තමයි." කියලා.
    koheda bn ge idama thiyenne sell karanavaluda?
     
    • Like
    Reactions: D_Mad

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    koheda bn ge idama thiyenne sell karanavaluda?
    colombo, kahatuduwa side එකේ. හරියටම දන්නේ නෑ බන්. ගේ කඩලා දාලා ඉඩම විතරලු තියෙන්නේ. දැන් අයිති කාටද දන්නේ නෑ.
     
    • Like
    • Love
    Reactions: D_Mad and bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    colombo, kahatuduwa side එකේ. හරියටම දන්නේ නෑ බන්. ගේ කඩලා දාලා ඉඩම විතරලු තියෙන්නේ. දැන් අයිති කාටද දන්නේ නෑ.
    elakiri
     
    • Like
    Reactions: D_Mad