බූරුවෙක් මෙන් හැසිරුණු නැගෙනහිර මහ ඇමති
බූරුවෙක් මෙන් හැසිරුණු නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් ශිෂ්ඨාචාරගත ශ්‍රී ලාංකිකයාගෙන් සමාව ගත යුතුය
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.25, පෙ.ව.4.20) නැගෙනහිර පළාත් ප‍්‍රධාන ඇමති නසීර් අහමඞ් විසින් නාවික හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධ වේදිකාවකදී ඉතා පහත් ලෙස බැණ වදිනු විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණ. මෙම තිරිසන් හැසිරීම වාර්ථාවන්නේ සාම්පූර් මහා විද්‍යාලයට නව විද්‍යාගාරයක් සහ පරිඝණක ඒකකයක් පරිත්‍යාගකිරීමේ උත්සව අවස්ථාවේදීය. මෙහි මූල්‍ය බරපැන ඩේවිඩ් පීරිස් ආයතනය විසින් දරා තිබූ අතර අනෙක් සියළු මානව සම්පත් දායකත්වය ලබාදුන්නේ ශ්‍රි ලංකා නාවුක හමුදාව විසිනි. පළාත් සභා අමාත්‍යංශය විසින් සිදුකලයුතු මෙවැන්නක් සඳහා පෞද්ගලික අංශයේ සහ නාවුක හමුදාවේ මැදිහත්වීම පැසසිය යුතුය. මෙහිදි නාවුක හමුදා නිලධාරියෙකුට වේදිකාවේදී පහත් ලෙස බැනවැදීම ශිෂ්ඨ සමාජයේ කිසිවෙකු අනුමත නොකරන තත්ත්වයකි මෙම තත්ත්වයත් රාජපක්ෂ යුගයේ ආචාරියාගේ හැසිරීමත් අතර කිසිදු වෙනසක් අපටනම් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම ඇමරිකානු තානාපතිවරයා සහ දූත පිරිසක් ඉදිරියේදී, කුඩා පාසල් ලමුන් ඉදිරියේදී ගමේ චන්ඩියෙකුටත් අන්ත ආකාරයෙන් පළාතක ප්‍රධාන අමාත්‍යවරයා හැසිරීම නින්දා සහගතය. පිළිකුල් කළ යුතුය.
මේ පිලිබඳව සොයාබැලීමේදී අපට අනාවරණය වූයේ මෙම උත්සවය සඳහා එම අවස්ථාවේ රටින් බැහැරව සිටි ප්‍රධාන අමාත්‍යවරයාට කිසිදු නිල ආරාධනාවක් නොතිබුනද රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහභාගීවන මෙම අවස්ථාවට සහභාගීවන ලෙස දැනුම්දී ඇත්තේද ආණ්ඩුකාර ලේකම් විසින් බවයි. නමුත් මෙවන් අවස්ථාවක මෙලෙස සිදුකළ උන්මත්තක හැසිරීමෙන් පැනනගින ගැටළු කිහිපයකි.
ප්‍රධාන අමාත්‍යවරයාට සාම්පූර් නැවත පදිංචිකිරීම් සාර්ථකව සිදුවනු දැකීමට කැමැත්තක් නොමැතිද?
ඔහු ද්‍රවිඩ ජනතාවට පහසුකම් සැලසීමට අකමැතිද?
අහිංසක ද්‍රවිඩ දරුවන් වඩා හොඳ අධ්‍යාපනයක් ලැබීම ඔහු අනුමත නොකරන්නේද?
සාම්පූර් හරහා රජය ගොඩනගාගත් කීර්තිනාමට විනාශකිරිමට ප්‍රධාන අමාත්‍යවරයාට අවශ්‍යද?
එය එසේනම් එවැන්නකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ඔහු මේ සූදානම් වන්නේ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමටද?
මේ පළාත් එකාබද්ධ කර ගැනීම සඳහා දුබල හමුදා හා පරිපාලන ව්‍යුහයක් ඇතිකර ගැනීමට පාර කපා ගැනීමේ ආරම්භයක්ද?
මන්ද යහපාලන රජය බලයට පත්වීමත් සමගම ඒවන විට ජාත්‍යන්තරයේ තිබූ ප්‍රතිරූපය ධානාත්මක අතට යොමුකිරීමට සාම්පූර් නැවත පදිංචිකිරීම් මනාපිටිවහලක් විමය. මේ සඳහා රජයේ දායකත්වය , දේශපාලන මැදිහත්වීම, රාජ්‍ය නිලධාරීන්ගේ සහය, ආරක්ශක අංශවල සහය, ප්‍රදේශවාසීන්ගේ සහය සහ සිවිල් සමාජ සංවිධාන යන සියල්ලෙහිම එකතුව මෙම කාර්යයන් වඩා කාර්යක්ෂම වීමට හේතු විය.
කාලයකට ඉහතදී ජාත්‍යන්තර තලයේදී විවිධ චෝදනාවන්ට භාජනය වූ හමුදාවක කීර්තිනාමය ගොඩනැගෙන මෙවැනි කටයුතු කවුරු කවුරුත් අගය කල යුතුය. විශේෂයෙන්ම සාම්පූර් නැවත පදිංචිකිරීම් වලදී නාවුක හමුදා දායකත්වය පළාත් ආණ්ඩුකාරවරයාට නොලැබෙන්නට මෙවන් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමකට පාත්‍ර ක්‍රියාවලියක් සිදු නොවීමට ඉඩ තිබිනි. එහිදී
සාම්පූර් වැසියන්ට නිවාස ඉදිකිරීම
වැසිකිලි පහසුකම් නොමැති ජනතාවට වැසිකිලි ඉදිකරදීම
නව විදුර කඳවුර ඉදිකිරීම් කඩිනම් කිරීම හරහා නැවත පදිංචිකිරීම් දෙවන අදියර සාර්ථක කරගැනීමට ලබාදුන් සහය.
නාවල්අඩි - සාම්පූර් මාර්ගය ඉදිකිරීම
සාම්පූර් මහා විද්‍යාලය නැවත භාරදීමේදී අංගසම්පූර්ණව පවරාදීම
විද්‍යාලය සඳහා අවශ්‍ය ජල ටැංකිය හා වැසිකිලි පහසුකම් ලබාදීම
විද්‍යාගාරය සහ පරිඝණක ඒකකය ඉදිකිරීමට සහය වීම
සාම්පූර් ප්‍රදේශයේ වැන්දඹු පවුල් 45 සඳහා ජීවනාධාර ලබාදීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම.
වැනි බොහෝ කරුණු නාවුක හමුදාව අතින් සිදුකලේ අද වන විට කුලප්පු වී දඟලන දේශපාලකයින් පැත්තකවත් නොසිටින විටය. සාම්පූර් ආරංචි මාර්ග පවසන්නේ පළාත් ආණ්ඩුකාරවරයාත්, ත්‍රිකුණාමල දිසාපතිවරයාත්, මුතූර් ප්‍රාදේශීය ලේකම් වරයාත්, කොළඹ අමාත්‍යංශ හා ත්‍රිකුණාමලේ දෙපාර්තමේන්තු සහායත් රාජ්‍ය නොවන සංවිධානත් ආධාර කරගෙන සාම්පූර් ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරන විට මෙ මහා ඇමතිවරයා එක්දිනකවත් පැමිණ වත ගොත විමසා හෝ සහභාගිත්වයක් දක්වා නැති අතර ජනාධිපති වරයා හෝ අන් ප්‍රභූවරයෙකු පැමිණෙන විට පමණක් මූනිච්චාවට සාම්පූර්වලට ගොඩ බහින බවය. එහෙත් දෝෂයට ලක්වූ නාවුක නිලධාරියා නැවත පදිංචිකිරීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළ කැපවුණු නිලධාරියෙකු බවද වාර්තා වේ..
සාම්පූර් නැවත පදිංකිරීම් ක්‍රියාවලියේදී උත්සව අවස්ථාවන් කිහිපයකදී පමණක් මුහුණ දමාගැනීමට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා දැන් සැරසෙන්නේ උතුරේ අවස්ථාවාදය නැගෙනහිරටත් බෝ කිරීමටදැයි මධ්‍යස්ථ කාටත් සිත්හි නැගෙන කුකුසකි. රාජපක්ෂ යුගයේ මෙන් යහපාලන යුගයේත් දේශපාලනඥයින් අමනෝඥව හැසිරුනහොත් සිදුවන්නේ ජනවාරි 08 දා වෙනසට උරදුන් මහජනතාවට කොකා පෙන්වීමකි.
එම නිසා විදෙස් තානාපතිවරයෙකු ඉදිරියේ ආන්ඩුකාරයා ඉදිරියේ පමණක් නොව දරුවන් ඉදිරියේ නින්දා සහගත ලෙස හැසිරුණු මහ ඇමැති නසීර් අහමඩ් තම ක්‍රියාව සම්බන්ධයෙන් ශිෂ්ඨාචාරගත ශ්‍රී ලාංකිකයාගෙන් සමාව ගත යුතුය. ඔහුගේ දේශපාලන නායකත්වය ඔහුට එසේ කරන ලෙස බල කළ යුතුය.
කෙසේ වෙතත් මහා ඇමති පැමිණෙන ප්‍රජා මූලික රැස්වීමට මින් මතු සහභාගී නොවීමට ආරක්ෂක ප්‍රධානීන් සියළු දෙනාම අදහස් කර ගෙන සිටින බවද දැන ගන්නට ඇත.
-හැරිස් කනකරත්න නැගෙනහිර සිට-