බෙදුම්වාදයට පොහොර දැමීම

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    බෙදුම්වාදයට පොහොර දැමීම

    ජාතික ගීය දෙමළ බසින් ගැයීමට රාජපක්ෂ රෙජීමය මගින් පමුණුවා තිබූ වර්ගවාදී බාධාව වත්මන් යහපාලන රජය විසින් ඉවත්කිරීම සම්බන්ධයෙන් පරාජිත ජාතිවාදීහු තම වර්ගවාදී මතවාද වපුරුවමින් සිටිති.

    ආනන්ද සමරකෝනුන් විසින් ජාතික ගීය ලියා තනු සකස් කෙළේ 1940 දී ය. එය ජාතික ගීය ලෙස පිලිගත්තේ 1951 නොවැම්බර් 22 දා සර් එඩ්වින් විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගිනි. ඒ අවස්ථාවේදීම එහි දෙමළ පරිවර්ථනයක්ද දෙමළ භාෂාවෙන් එකම තනුවෙන් ගැයීම සඳහා පිලිගනු ලැබුවේය. දෙමළ පරිවර්තනය කෙළේ එන් නල්ලතම්බි නමැති සිංහල දෙමළ භාෂා විද්වතෙක් විසිනි. එතැන් පටන් මහින්ද රාජපක්ෂ යුද්දය ජය ගෙන 2010 දක්වාම මුළු තිස් අවුරුදු යුද කාලය මුළුල්ලේදීම හෝ ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනවාට විරුද්ධ නොවිණ. 2010 දී ජෝන් සෙනෙවිරත්න විසින් දෙමළ බසින් ජාතික ගීය ගැයීම තහනම් කළ යුතු යැයි කැබිනට් යෝජනාවක් ගෙන ආවද එයට කැබිනට් අනුමැතිය ලැබුනේ නැත. නමුත් නිල නොවන මට්ටමින් එම තහනම ක්‍රියාත්මක කිරීමට නීතියක් නොතැකූ ජාතිවාදී මෘග පාලකයන් වූ රාජපක්ෂ රෙජීමය කටයුතු කෙළේය.

    වත්මන් ආණ්ඩුව සිදුකෙළේ අතීතයේ සිට පැවැත ආ නීතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ පෑදීම පමණි.

    කෙසේ වෙතත් මෙතෙක් කාලයක් අන්ත ජාතිවාදී පක්ෂයක් වූ ජාතික හෙළ උරුමය අද නිවේදනයක් නිකුත් කරමින් තම ජාතිවාදී ආස්ථානයෙන් බැහැරව වර්තමානයේ ජාතිවාදීන් විසින් ඇති කර තිබෙන සංවාදය ප්‍රමාණය ඉක්මවා ඉස්මතු කිරීම තුළින් අනාගත මාතෘ භූමීය අභියෝග ජයගනු වෙනුවට නැති ප්‍රශ්න ඇති කරමින් වර්ගවාදී බෙදුම්වාදී විෂබීජයන්ට වැඩෙන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව පොහොර දැමීමකැයි පවසා තිබේ.

    මේ නිසා යම් සාධනීය මතයක් මතු කර ඇති ජාතික හෙළ උරුමයේ නිවේදනය සම්පූර්ණයෙන් පළ කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළේය. පහත දැක්වෙන්නේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ අත්සනින් අද නිකුත් කරන ලද නිවේදනයයි.

    ‘‘ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් වාදයක් ඇති වී ඇත. එය මුල්කරගෙන ඇතැම් පිරිස් නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරමින් ඇත. පටු දේශපාලන උවමනාවන් මත ජාතික සංහිඳියාවට හා ජාතික එක්සත් භාවයට හානි කරන ලෙස දක්වන එම මත අදහස් අපි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.

    දෙමළ ජනතාවට හෝ දෙමළ දේශපාලන නායකයින් කිසිදිනෙක ජාතික ගීය දෙමළ පද එකතු කරන ලෙස හෝ එහි තනු වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර නැත. දෙමළ ජනයා තම දුක්ගැනවිල්ල ලෙස ඉදිරිපත් කර ඇත්තේ වෙනත් ගැටළුය. ජාතික ගීය අපිට ජාතික වස්තුවකි. ජාතික කොඩිය සේම ජාතික ගීය ද ජාතික සංකේතයකි. එබැවින් එයට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණයත් ලබාදී ඇත. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7වෙනි වගන්තියට අනුව අපගේ ජාතික ගීය ව්‍යවස්ථාවේ තෙවන ඇමුණුමේ දැක්වෙන ‘ශ්‍රී ලංකා මා‘ පද මාලාව හා ‘නාද රටාව‘ එහි සඳහන් කර ඇත. එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය හා ජනමත විචාරණයක් මගින් අනුමත කළ යුතුය. ජාතික ගීයේ පද මාලාව හා තනුව අත්තනෝමතික ලෙස යමෙක් වෙනස් කරන්න යන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධීය. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ජාතික ගීයෙන් මෙරට පුරවැසියන් තුළ ඇති කරන්නට අපේක‍්ෂා කරන හැඟීම කුමක්ද? එය තම භාෂාව තුළින් ගායනා කිරීමෙන් තම රට පිළිබඳවත් දේශය පිළිබඳවත් දේශානුරාගික හැඟීමක් ඇති කරයි.

    සමාජයෙන් හෝ සම්ප්‍රදායෙන් එල්ල කරන බලපෑම් මත ජාතික ගීය ඔවුන්ගේ නොවන වෙනත් භාෂාවකින් ගායනා කිරිමෙන් එහි අර්ථය හා හැඟීම දැන ගත හැකිද? රට පිළිබඳව අපේක‍්ෂිත හැඟීම සිංහලෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් ඇතිවේද? මේ පිළිබඳව අප සිහි බුද්ධියෙන් හා තමන්ගේ අනන්‍ය වූ භාෂාව මගින්ම සිතා බැලීම වටී. දෙමළ ජනතාව විසින් දෙමළ භාෂාව කතා කරන ස්ථානයන්හි හා දෙමළ උත්සව වලදී ප්‍රාදේශීය උත්සව වලදී දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම කාලාන්තරයක් තිස්සේ සිදුවන්නෙකි. එය 1951 තරම් ඈතට දිවයන්නෙකි.

    තම මව්බිම පිළිබඳව දෙමළ ජනතාව අතර දේශාභිමානය වැඩෙන මෙවැනි යහපත් සම්ප්‍රදායන්ට අප දිරිමත් කළ යුතුය. එබැවින් අප ජාතික උත්සව වැනි නිල උත්සව හැර ජාතික ගීය දෙමළෙන් ගැයීමට අප විරුද්ධ නමුත් ප්‍රාදේශීය උත්සව වලදී හා දෙමළ උත්සව වලදී ජාතික ගීය දෙමල බසින් ගායනා කිරීමට අප විරුද්ධ වෙන්නේ නැත. එය කිසිම අයුරකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිල ජාතික ගීය ගායනා කිරීමක් නොවන නමුත් දෙමළ ජනතාව තම බසින් ජාතීක ගීය ගායනා කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. ජාතික ගීයට මෙන්ම සිංහල භාෂාව ද අප රටටම අනන්‍ය ජාතික සංකේතයක් බැවින් ජාතික ගීය නිල වශයෙන් හෝ ගායනා කළ යුත්තේ සිංහල බසින් පමණක්ය යන්න අපගේ ස්ථාවරයයි. නමුත් දෙමළ ජනතාවට ජාතික ගීයේ අර්ථය හැඟීම තම හදවතට කාවද්දන්නේ දෙමළ බසින් ගායනා කිරීම මගින්ය. එය නිල නොවන අවස්ථා වලදී දෙමළ බසින් ගායනා කිරීමට අප කිසිවිටෙක විරුද්ධ වන්නේ නැත.

    මෙවැනි සංවාද ප්‍රමාණය ඉක්මවා ඉස්මතු කිරීම තුළින් අනාගත මාතෘ භූමීය අභියෝග ජයගනු වෙනුවට නැති ප්‍රශ්න ඇති කරමින් වර්ගවාදී බෙදුම්වාදී විෂබීජයන්ට වැඩෙන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව පොහොර දැමීමකි. එබැවින් ආවේග හැගුම් මත නොව තාර්කික මනසින් මේ දෙස බලන මෙන් ජාතිමාමක දේශමාමක ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.“

    නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
    ජාතික හෙළ උරුමය
    මාධ්‍ය ප්‍රකාශක
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තම මව්බිම පිළිබඳව දෙමළ ජනතාව අතර දේශාභිමානය වැඩෙන මෙවැනි යහපත් සම්ප්‍රදායන්ට අප දිරිමත් කළ යුතුය. එබැවින් අප ජාතික උත්සව වැනි නිල උත්සව හැර ජාතික ගීය දෙමළෙන් ගැයීමට අප විරුද්ධ නමුත් ප්‍රාදේශීය උත්සව වලදී හා දෙමළ උත්සව වලදී ජාතික ගීය දෙමල බසින් ගායනා කිරීමට අප විරුද්ධ වෙන්නේ නැත. එය කිසිම අයුරකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිල ජාතික ගීය ගායනා කිරීමක් නොවන නමුත් දෙමළ ජනතාව තම බසින් ජාතීක ගීය ගායනා කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. ජාතික ගීයට මෙන්ම සිංහල භාෂාව ද අප රටටම අනන්‍ය ජාතික සංකේතයක් බැවින් ජාතික ගීය නිල වශයෙන් හෝ ගායනා කළ යුත්තේ සිංහල බසින් පමණක්ය යන්න අපගේ ස්ථාවරයයි. නමුත් දෙමළ ජනතාවට ජාතික ගීයේ අර්ථය හැඟීම තම හදවතට කාවද්දන්නේ දෙමළ බසින් ගායනා කිරීම මගින්ය. එය නිල නොවන අවස්ථා වලදී දෙමළ බසින් ගායනා කිරීමට අප කිසිවිටෙක විරුද්ධ වන්නේ නැත.

    මේවට කොහෙන් හිනාවෙන්නද? කන්න ඕන උනාම බරගොයා තලගොයා කරගනී. දැන් හෙල උරැමයේ ස්ථාවරය මෙයද? හෙල කරැමයක් වු හෙල අරැමය
    මේ තර්ක සිංහලය රවට්ටන්න හොදයි. දේශය ගැන අභිමානය තියන එකාට ඕක මොන භාෂාවෙන් කීවත් ඒක ඇතිවෙනවා. මේක එහෙම දේකට කරපු දෙයක් ද
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    එදා අපේ ජාතික ගීය රීමික්ස් කිරීමට ගිය අෂ්රොෆ්ට අපේ සෝම හාමුදුරුවන් දුන් පිළිතුර, අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද වැඩ සිටියානම් මේ තණකොළ බුදින පාලකයන්ගේ මොලේ පාදන්න තිබුනා

    https://www.facebook.com/video.php?v=809042505849003
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වැද්දන්ටත් ekak relese wela tiyenne ..

    ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්දර සිරිබරිනි හිත් පොජ්ජ මන්දු කරන ලංකා
    මී පැණි ටික නෙක මල් පලු පිරි ජය බිම් පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත් සාන්ති මන්දෝ කරනා
    ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්ති පොජ්ජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ සත්ති
    මෙයැත්තන්ගේ හඳුන් පොතේ භක්ති
    තොපන් වේ මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් වේ මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාණ වීර්ය වඩවමින මන්ගච්චමු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගේ පැටවුන් බැවිනා මන්ගච්චමු වී නොපමා
    ආල වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    meke barapathala kama iyapu eka danne na ,,
    apa nathuwa hire thiyanna puluwan
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් තමිල්නාඩුවට ඩයස්පෝරාවට කියන්න බෑ දෙමල බසට දෙවනි තැන කියන එක.. ඒ වගේම දෙමළ මිනිස්සුන්ගෙ හිතට මේ අපෙත් රට කියල හැඟීමක් එයි....
    තවම ඒත් ඉවර නෑ.... දැන් මේ ජාතීන්ගේ අද්‍යාපන ක්‍රමය වෙන්ස් කරල දෙමළ සන්ස්කෘතියේ හරය සින්හල දරුවාටත්, සින්හල සන්ස්කෘතියේ හරය ද්‍රවිඩ දරුවාටත් ඉගැන්විය යුතුයි.. උතුරේ සිට ද්‍රවිඩ ගුරුවරු දකුණට පැමිණිය යුතුයි.. සින්හල ගුරුවරු උතුරට යා යුතුයි... පෙළ පොත් සමාන්තර විය යුතුයි.. රජයේ අනුමත නොවන කිසිදු ජාතිවාදී ඉගැන්වීමක් අඩන්ගුවන පෙළපොත් තහනම් විය යුතුයි.... බලමු ඊලඟ පියවර දිහා...
    බයියොන්ගෙ මොලෙ හැටියට මේ රට කැඩිමක්ලුනෙ ,ඊලම බිහිවිමක්ලු . මුන්ට පුකෙ ඉදන් පික්සු ඔයි
     
    උඹව හොඳට අන්දාල තියෙන්නේ.....උන් දැන් දෙමළ භාසාවට දෙවැනි තැනන කියලා කෑ ගහන්නේ නැති වෙයි කියලා හිතනවා නම් උඹ මහා මෝඩයෙක්...උන්ට ඕන කෙහෙල්මල් ජාතික ගීයක් නැ...උන්ට ඕනි ෆෙඩරල් හරි ඊළම හරි ඔය දෙකෙන් එකක්.....
    උඹලාට මේ රටේ අර්බුදය ගැන හරි අවබෝධයක් නැ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    owa dammata wadak na ban. theru ganna puluwan nam un melahakatath therum aragena. jathiwadi prashnaya pululwa balanna danne naha baiyyo.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං යකෝ ඔක 1948 ඉඳන් තිබ්බා නේද? ජාති වාදේ ආව් නැද්ද? යුද්ධයක් ආවේ නැද්ද?

    ethakota uba kiyanne yudde awe oka thibuna nisa kiyalada.? anika echchara kal thibuna dekak 2010 nathi karapu eka jaathiwadi nadda.?
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එදා අපේ ජාතික ගීය රීමික්ස් කිරීමට ගිය අෂ්රොෆ්ට අපේ සෝම හාමුදුරුවන් දුන් පිළිතුර, අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද වැඩ සිටියානම් මේ තණකොළ බුදින පාලකයන්ගේ මොලේ පාදන්න තිබුනා

    https://www.facebook.com/video.php?v=809042505849003

    එදාට වඩා අද උන්වහන්සේගෙ අඩුව හොදට දැනෙනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹව හොඳට අන්දාල තියෙන්නේ.....උන් දැන් දෙමළ භාසාවට දෙවැනි තැනන කියලා කෑ ගහන්නේ නැති වෙයි කියලා හිතනවා නම් උඹ මහා මෝඩයෙක්...උන්ට ඕන කෙහෙල්මල් ජාතික ගීයක් නැ...උන්ට ඕනි ෆෙඩරල් හරි ඊළම හරි ඔය දෙකෙන් එකක්.....
    උඹලාට මේ රටේ අර්බුදය ගැන හරි අවබෝධයක් නැ...

    උබ සින්හල දෙමල ප්‍රශ්නෙට දෙශපලනික විසදුමක් දෙන්ඩ ඔනි කියල හිතනවද ? යුද්දෙ දිනුම් එත් උතුරෙ මිනිස්සු තාම අපිට කැමති නැ ඇයි එ ? බෙදුම්වාදි අදහසක් එ මිනිස්සුන්ගෙ ඔලුවල තියනවනම් එ බෙදුම්වාදි අදහස් අයින් කරන්ඩ ගත හැකි ක්‍රියමාර්ග මොනවද ? යුද්දෙ දිනුම් , වහල්ලු වගෙ හිටපල්ල , අවොත් ගහනව , උතුරෙ දෙශපලකයොන්ට බැන බැන බොලෙ පාස් කර කර බෙදුම්වාදි අදහස නැතිකිරිම වෙනුවෙන් ගන්ඩ ඔනි තිරන , විසදුම් වශයෙන් ඉදිරිපත් කල යුතු කිසිවක්ම නොකර හිටියොත් අවුරුදු 10/20 එන අලුත් පරම්පරාවක් ඔය බෙදුම්වාදි අදහසින් ආපහු යුද්දෙකට යන්නෙ නැති වෙද ?
    මමනම් ඇදගෙන නැ එත් උබ ඇදගෙන ඉන්නෙ බන්කොලොත් දෙශපලුවොන්ගෙ බොලද මඩ වලටයි , මෙ ප්‍රශ්නෙට හැමදාම මුල් උනු උග්‍ර ජතිවදින්ගෙ ගොත්‍රික අදහස් වලටයි (උග්‍ර ජතිවාදි ගොත්‍රික අදහස් සින්හල දෙමල දෙගොල්ලොන්ගෙම තියනව එ දෙකම පරජය වෙන්ඩ ඔනි ජතිවාදි නොවන අදහස් වලින් , ඔය වල්බුරු ගොත්‍රික අදහස් නිස අවුරුදු 30ක් බැට කැWඅ මදිද ? තමත් හිතනවද මෙක එක ජතියක විතරක තනි අයිති රටක් ලන්කවෙ ඉපදුනු ලන්කවෙ හැදුනු වැඩුනු දෙමල මිනිහට මෙ රට අයිති නැ ,උන් ඉන්ඩ ඔනි යටත් වෙල 2 පන්තියෙ පුරවැසියො වගෙ කියල ? මාව අන්දන්ඩනම් කවුරුත් ආවෙ නැ මම දකින දෙයි කියන්නෙ මෙ , උබ ජතිවදි ගොත්‍රිකයොන්ගෙ ටොපි නොක උබම හිතල බලපන් ඩෙපැත්තෙම මිනිස්සුන්ගෙ තිබුන මොන විදිහෙ අදහස් ද මෙ ප්‍රශ්නෙ ඇති කරෙ කියල . එ අදහස් නැතිකරන්ඩනම් අපි මොනවද කරන්ඩ ඔනි කියල
     
    මහින්ද UN එකට ගිහිල්ල මුළු ලෝකෙටම රට නියෝජනය කරද්දී දෙමලෙන් කතාකිරීම හොඳයි. එත් තම රට ඇතුලේ කෙනෙක් තමන්ගේ (අඩ සියවසක් පැරණි) ජාතික ගීය දෙමලෙන් කීම නරකයි. මේ මොන වගේ තර්කන ක්‍රමයක් යටතේද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    උබ සින්හල දෙමල ප්‍රශ්නෙට දෙශපලනික විසදුමක් දෙන්ඩ ඔනි කියල හිතනවද ? යුද්දෙ දිනුම් එත් උතුරෙ මිනිස්සු තාම අපිට කැමති නැ ඇයි එ ? බෙදුම්වාදි අදහසක් එ මිනිස්සුන්ගෙ ඔලුවල තියනවනම් එ බෙදුම්වාදි අදහස් අයින් කරන්ඩ ගත හැකි ක්‍රියමාර්ග මොනවද ? යුද්දෙ දිනුම් , වහල්ලු වගෙ හිටපල්ල , අවොත් ගහනව , උතුරෙ දෙශපලකයොන්ට බැන බැන බොලෙ පාස් කර කර බෙදුම්වාදි අදහස නැතිකිරිම වෙනුවෙන් ගන්ඩ ඔනි තිරන , විසදුම් වශයෙන් ඉදිරිපත් කල යුතු කිසිවක්ම නොකර හිටියොත් අවුරුදු 10/20 එන අලුත් පරම්පරාවක් ඔය බෙදුම්වාදි අදහසින් ආපහු යුද්දෙකට යන්නෙ නැති වෙද ?
    මමනම් ඇදගෙන නැ එත් උබ ඇදගෙන ඉන්නෙ බන්කොලොත් දෙශපලුවොන්ගෙ බොලද මඩ වලටයි , මෙ ප්‍රශ්නෙට හැමදාම මුල් උනු උග්‍ර ජතිවදින්ගෙ ගොත්‍රික අදහස් වලටයි (උග්‍ර ජතිවාදි ගොත්‍රික අදහස් සින්හල දෙමල දෙගොල්ලොන්ගෙම තියනව එ දෙකම පරජය වෙන්ඩ ඔනි ජතිවාදි නොවන අදහස් වලින් , ඔය වල්බුරු ගොත්‍රික අදහස් නිස අවුරුදු 30ක් බැට කැWඅ මදිද ? තමත් හිතනවද මෙක එක ජතියක විතරක තනි අයිති රටක් ලන්කවෙ ඉපදුනු ලන්කවෙ හැදුනු වැඩුනු දෙමල මිනිහට මෙ රට අයිති නැ ,උන් ඉන්ඩ ඔනි යටත් වෙල 2 පන්තියෙ පුරවැසියො වගෙ කියල ? මාව අන්දන්ඩනම් කවුරුත් ආවෙ නැ මම දකින දෙයි කියන්නෙ මෙ , උබ ජතිවදි ගොත්‍රිකයොන්ගෙ ටොපි නොක උබම හිතල බලපන් ඩෙපැත්තෙම මිනිස්සුන්ගෙ තිබුන මොන විදිහෙ අදහස් ද මෙ ප්‍රශ්නෙ ඇති කරෙ කියල . එ අදහස් නැතිකරන්ඩනම් අපි මොනවද කරන්ඩ ඔනි කියල

    :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    දැන් තමිල්නාඩුවට ඩයස්පෝරාවට කියන්න බෑ දෙමල බසට දෙවනි තැන කියන එක.. ඒ වගේම දෙමළ මිනිස්සුන්ගෙ හිතට මේ අපෙත් රට කියල හැඟීමක් එයි....
    තවම ඒත් ඉවර නෑ.... දැන් මේ ජාතීන්ගේ අද්‍යාපන ක්‍රමය වෙන්ස් කරල දෙමළ සන්ස්කෘතියේ හරය සින්හල දරුවාටත්, සින්හල සන්ස්කෘතියේ හරය ද්‍රවිඩ දරුවාටත් ඉගැන්විය යුතුයි.. උතුරේ සිට ද්‍රවිඩ ගුරුවරු දකුණට පැමිණිය යුතුයි.. සින්හල ගුරුවරු උතුරට යා යුතුයි... පෙළ පොත් සමාන්තර විය යුතුයි.. රජයේ අනුමත නොවන කිසිදු ජාතිවාදී ඉගැන්වීමක් අඩන්ගුවන පෙළපොත් තහනම් විය යුතුයි.... බලමු ඊලඟ පියවර දිහා...
    බයියොන්ගෙ මොලෙ හැටියට මේ රට කැඩිමක්ලුනෙ ,ඊලම බිහිවිමක්ලු . මුන්ට පුකෙ ඉදන් පික්සු ඔයි

    100% true . mole tiyena ekek dakinna labeema bhagyak rep++
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැද්දන්ටත් ekak relese wela tiyenne ..

    ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්දර සිරිබරිනි හිත් පොජ්ජ මන්දු කරන ලංකා
    මී පැණි ටික නෙක මල් පලු පිරි ජය බිම් පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත් සාන්ති මන්දෝ කරනා
    ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්ති පොජ්ජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ සත්ති
    මෙයැත්තන්ගේ හඳුන් පොතේ භක්ති
    තොපන් වේ මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් වේ මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාණ වීර්ය වඩවමින මන්ගච්චමු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගේ පැටවුන් බැවිනා මන්ගච්චමු වී නොපමා
    ආල වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    :lol::lol::lol:
     
    අපේ ජාතික ගීය පටන්ගන්නේ "නමෝ නමෝ මාතා" කියල බවත්, ඒක ආනන්ද සමරකෝන්ගේ විරුද්ධත්වයත් නොසලකා "ශ්‍රී ලංකා මාතා" කියා විකෘති කළේ දේශප්‍රේමීන් කියා තමාටම කියාගන්න පිරිසක් බවත්, එයින් කනස්සල්ලට පත් ආනන්ද සමරකෝන් දිවි නසාගත් බවත් පශ්චාත්-83 පරම්පරාවත්, වත්පොත පරම්පරාවත් දන්නේ නැතුව වගෙයි දෙමළ පරිවතනය ගැන කතා කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අපේ රටේ සිංහල නායකයන්ට කවදාවත් කොන්දක් පණ තිබුණෙ නෑ.
    ~ සෝම හාමුදුරුවො~

    එදා අපේ ජාතික ගීය රීමික්ස් කිරීමට ගිය අෂ්රොෆ්ට අපේ සෝම හාමුදුරුවන් දුන් පිළිතුර, අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද වැඩ සිටියානම් මේ තණකොළ බුදින පාලකයන්ගේ මොලේ පාදන්න තිබුනා

    https://www.facebook.com/video.php?v=809042505849003
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මෙහෙම ප්‍රශ්නයක් ආපු එකත් එක අතකට හොදයි. කොන්දක් නැති පිම්පි සෙට් එක හොදට බලා ගත්ත හැම තැනම ඉන්න.