බෙදුම්වාදයට පොහොර දැමීම
ජාතික ගීය දෙමළ බසින් ගැයීමට රාජපක්ෂ රෙජීමය මගින් පමුණුවා තිබූ වර්ගවාදී බාධාව වත්මන් යහපාලන රජය විසින් ඉවත්කිරීම සම්බන්ධයෙන් පරාජිත ජාතිවාදීහු තම වර්ගවාදී මතවාද වපුරුවමින් සිටිති.
ආනන්ද සමරකෝනුන් විසින් ජාතික ගීය ලියා තනු සකස් කෙළේ 1940 දී ය. එය ජාතික ගීය ලෙස පිලිගත්තේ 1951 නොවැම්බර් 22 දා සර් එඩ්වින් විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගිනි. ඒ අවස්ථාවේදීම එහි දෙමළ පරිවර්ථනයක්ද දෙමළ භාෂාවෙන් එකම තනුවෙන් ගැයීම සඳහා පිලිගනු ලැබුවේය. දෙමළ පරිවර්තනය කෙළේ එන් නල්ලතම්බි නමැති සිංහල දෙමළ භාෂා විද්වතෙක් විසිනි. එතැන් පටන් මහින්ද රාජපක්ෂ යුද්දය ජය ගෙන 2010 දක්වාම මුළු තිස් අවුරුදු යුද කාලය මුළුල්ලේදීම හෝ ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනවාට විරුද්ධ නොවිණ. 2010 දී ජෝන් සෙනෙවිරත්න විසින් දෙමළ බසින් ජාතික ගීය ගැයීම තහනම් කළ යුතු යැයි කැබිනට් යෝජනාවක් ගෙන ආවද එයට කැබිනට් අනුමැතිය ලැබුනේ නැත. නමුත් නිල නොවන මට්ටමින් එම තහනම ක්‍රියාත්මක කිරීමට නීතියක් නොතැකූ ජාතිවාදී මෘග පාලකයන් වූ රාජපක්ෂ රෙජීමය කටයුතු කෙළේය.
වත්මන් ආණ්ඩුව සිදුකෙළේ අතීතයේ සිට පැවැත ආ නීතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ පෑදීම පමණි.
කෙසේ වෙතත් මෙතෙක් කාලයක් අන්ත ජාතිවාදී පක්ෂයක් වූ ජාතික හෙළ උරුමය අද නිවේදනයක් නිකුත් කරමින් තම ජාතිවාදී ආස්ථානයෙන් බැහැරව වර්තමානයේ ජාතිවාදීන් විසින් ඇති කර තිබෙන සංවාදය ප්‍රමාණය ඉක්මවා ඉස්මතු කිරීම තුළින් අනාගත මාතෘ භූමීය අභියෝග ජයගනු වෙනුවට නැති ප්‍රශ්න ඇති කරමින් වර්ගවාදී බෙදුම්වාදී විෂබීජයන්ට වැඩෙන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව පොහොර දැමීමකැයි පවසා තිබේ.
මේ නිසා යම් සාධනීය මතයක් මතු කර ඇති ජාතික හෙළ උරුමයේ නිවේදනය සම්පූර්ණයෙන් පළ කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළේය. පහත දැක්වෙන්නේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ අත්සනින් අද නිකුත් කරන ලද නිවේදනයයි.
‘‘ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් වාදයක් ඇති වී ඇත. එය මුල්කරගෙන ඇතැම් පිරිස් නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරමින් ඇත. පටු දේශපාලන උවමනාවන් මත ජාතික සංහිඳියාවට හා ජාතික එක්සත් භාවයට හානි කරන ලෙස දක්වන එම මත අදහස් අපි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.
දෙමළ ජනතාවට හෝ දෙමළ දේශපාලන නායකයින් කිසිදිනෙක ජාතික ගීය දෙමළ පද එකතු කරන ලෙස හෝ එහි තනු වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර නැත. දෙමළ ජනයා තම දුක්ගැනවිල්ල ලෙස ඉදිරිපත් කර ඇත්තේ වෙනත් ගැටළුය. ජාතික ගීය අපිට ජාතික වස්තුවකි. ජාතික කොඩිය සේම ජාතික ගීය ද ජාතික සංකේතයකි. එබැවින් එයට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණයත් ලබාදී ඇත. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7වෙනි වගන්තියට අනුව අපගේ ජාතික ගීය ව්‍යවස්ථාවේ තෙවන ඇමුණුමේ දැක්වෙන ‘ශ්‍රී ලංකා මා‘ පද මාලාව හා ‘නාද රටාව‘ එහි සඳහන් කර ඇත. එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය හා ජනමත විචාරණයක් මගින් අනුමත කළ යුතුය. ජාතික ගීයේ පද මාලාව හා තනුව අත්තනෝමතික ලෙස යමෙක් වෙනස් කරන්න යන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධීය. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ජාතික ගීයෙන් මෙරට පුරවැසියන් තුළ ඇති කරන්නට අපේක‍්ෂා කරන හැඟීම කුමක්ද? එය තම භාෂාව තුළින් ගායනා කිරීමෙන් තම රට පිළිබඳවත් දේශය පිළිබඳවත් දේශානුරාගික හැඟීමක් ඇති කරයි.
සමාජයෙන් හෝ සම්ප්‍රදායෙන් එල්ල කරන බලපෑම් මත ජාතික ගීය ඔවුන්ගේ නොවන වෙනත් භාෂාවකින් ගායනා කිරිමෙන් එහි අර්ථය හා හැඟීම දැන ගත හැකිද? රට පිළිබඳව අපේක‍්ෂිත හැඟීම සිංහලෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් ඇතිවේද? මේ පිළිබඳව අප සිහි බුද්ධියෙන් හා තමන්ගේ අනන්‍ය වූ භාෂාව මගින්ම සිතා බැලීම වටී. දෙමළ ජනතාව විසින් දෙමළ භාෂාව කතා කරන ස්ථානයන්හි හා දෙමළ උත්සව වලදී ප්‍රාදේශීය උත්සව වලදී දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම කාලාන්තරයක් තිස්සේ සිදුවන්නෙකි. එය 1951 තරම් ඈතට දිවයන්නෙකි.
තම මව්බිම පිළිබඳව දෙමළ ජනතාව අතර දේශාභිමානය වැඩෙන මෙවැනි යහපත් සම්ප්‍රදායන්ට අප දිරිමත් කළ යුතුය. එබැවින් අප ජාතික උත්සව වැනි නිල උත්සව හැර ජාතික ගීය දෙමළෙන් ගැයීමට අප විරුද්ධ නමුත් ප්‍රාදේශීය උත්සව වලදී හා දෙමළ උත්සව වලදී ජාතික ගීය දෙමල බසින් ගායනා කිරීමට අප විරුද්ධ වෙන්නේ නැත. එය කිසිම අයුරකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිල ජාතික ගීය ගායනා කිරීමක් නොවන නමුත් දෙමළ ජනතාව තම බසින් ජාතීක ගීය ගායනා කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. ජාතික ගීයට මෙන්ම සිංහල භාෂාව ද අප රටටම අනන්‍ය ජාතික සංකේතයක් බැවින් ජාතික ගීය නිල වශයෙන් හෝ ගායනා කළ යුත්තේ සිංහල බසින් පමණක්ය යන්න අපගේ ස්ථාවරයයි. නමුත් දෙමළ ජනතාවට ජාතික ගීයේ අර්ථය හැඟීම තම හදවතට කාවද්දන්නේ දෙමළ බසින් ගායනා කිරීම මගින්ය. එය නිල නොවන අවස්ථා වලදී දෙමළ බසින් ගායනා කිරීමට අප කිසිවිටෙක විරුද්ධ වන්නේ නැත.
මෙවැනි සංවාද ප්‍රමාණය ඉක්මවා ඉස්මතු කිරීම තුළින් අනාගත මාතෘ භූමීය අභියෝග ජයගනු වෙනුවට නැති ප්‍රශ්න ඇති කරමින් වර්ගවාදී බෙදුම්වාදී විෂබීජයන්ට වැඩෙන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව පොහොර දැමීමකි. එබැවින් ආවේග හැගුම් මත නොව තාර්කික මනසින් මේ දෙස බලන මෙන් ජාතිමාමක දේශමාමක ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.“
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ජාතික හෙළ උරුමය
මාධ්‍ය ප්‍රකාශක

Last edited: