බෙදුම්වාදී ෆෝබියාව
මෙක දේමල සින්හල ජතිවදි ප්රශ්නය පිලිබද ජවිපේ ස්තවරය පිලිබද විවෙචනත්මක සන්වදයකි. දැක්කේ බුන්දියේ. අපේ අයගේ අදහස් මොක්ක්ද මෙ ගැන.
[SIZE=+2]
අමතක කළ නොයුතු ඉතිහාසය
යූ.ඇන්.පීය තුළ නායකත්වය පිළිබඳ ඩී.එස්. සේනානායකගේ සැලැස්ම තුළ තමන් ගිලිහෙන බව දුටු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යූ.ඇන්.පීයෙන් ඉවත්ව ශ්‍රී.ල.නි.පය පිහිටුවාගත්තේය. 56 ඡන්දයේදී ඒ වන විට මතුවෙමින් තිබූ සිංහල බෞද්ධ බලවේගය ඉති සූක්ෂ්ම ලෙස තමන් වෙත ඇද ගන්නා ඔහුගේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ "සිංහලය පමණක්" රාජ්‍ය භාෂාව කිරීමයි. මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ ඔහු එම පොරොන්දුව ඉටු කළේය. සිංහල ස්වෝත්තමවාදී බලවේගයන් සතුටු කරන්නට කළ එහි රාජ්‍යතාන්ත්‍රික වරද වටහා ගත් අගමැති බණ්ඩාරනායක උතුර නියෝජනය කළ ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සමඟ ගිවිසුමක් අත්සන් කළේය. එමගින් දමිළ භාෂාව ලංකාවේ සුලුතර ජාතිකයන්ගේ භාෂාවක් ලෙස පිළිගැණුනු අතර උතුරු නැගෙනහිර පළාත් පාලන භාෂාව ලෙස සලකනු ලැබීය. එමෙන්ම රට සභා ලෙසින් හඳුන්වනු ලබන පරිපාලන ඒකකයන් ස්ථාපිත කර එම ප්‍රදේශ සංවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බලතල ලබා දීමට නියමිත විය. එහෙත් එවකට ආසන 8කට බලය පල්ලම් බැස සිටි එ.ජා.ප.ය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රට බෙදන යෝජනා යැයි කියමින් ජාතිවාදී ලෙස ෆෝබියාවක් ජනතාව තුළ රෝපණය කරන්නට කටයුතු කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් අසාධාරණ අයුරින් ඒක පාර්ශවීය ලෙස මෙම ගිවිසුම ඉරා දමන්නට බණ්ඩාරනායක මහතා කටයුතු කළේය.
මේ සඳහා වන අනෙක් ප්රයත්නය දරණ ලද්දේ 1965 දී බලයට පත් යූ.ඇන්.පීය විසිනි. යළිත් අගමැති ඩඩ්ලි සේනානායක, චෙල්වනායගම් මහතා සමඟ ගිවිසුමකට එළඹුණි. එමඟින් දෙමළ භාෂා විශේෂ විධිවිධාන පණතක් ගෙන ඒම හා උසාවි භාෂා පණත සංශෝධනය කිරීම මඟින් දෙමළ භාෂාවට ඊට හිමිවිය යුතු සාධාරණ තැන ගෙන ඒමට උත්සාහ කරන ලද අතර බලය විමධ්‍යගත කෙරෙන ඒකකයක් ලෙස දිස්ත්‍රික් සභා පිහිටුවීමට නියමිත විය. මෙහිදී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගෙනා ශ්‍රී.ල.නි.පය අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී ෆෝබියාව අවුස්සා එම ප්රයත්නය ද ව්‍යර්ථ කළේය. යළිත් තමන් රැවටුණු බව දෙමළ ජනයා සිතූහ.
සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කළ දා පටන් සිදුවූ දෑ සියල්ල තුළ දෙමළ ජනතාව තුළ සිංහල පාලනය කෙරේ තිබූ විශ්වාසය බිඳෙමින් තිබිණි. 1958 ජාතිවාදී කෝලහාලය ද 1960 උසාවි භාෂා පණත මඟින් උසාවියේ භාෂාව සිංහල පමණක් කිරීම ද මේ තත්ත්වයට විරුද්ධව 1961 දී සිදුකළ අහිංසාවාදී සත්යග්රහණයට හමුදා හා පොලිස් ප්‍රහාර එල්ල කිරීම නිසා මුතූර්හි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒගාම්බරම් මහතා මරණයට පත් වීම හා බොහෝ දෙනෙකු තුවාල ලැබීම, හිතාමතා දෙමළ ජනානුපාත වෙනස් කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සිංහල ජනාවාස පිහිටුවීම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ප්රමිතිකරණය යොදා ගැනීම, 72 ව්‍යවස්ථාව මඟින් එතෙක් සුලු ජාතික හා ආගමික කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වීම සඳහා වූ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය ඉවත් කිරීම, රාජ්‍ය භාෂාව යළිත් සිංහල පමණක් වීම හා බුද්ධාගම රාජ්‍යාගම වීම 1974 දමිළ භාෂා සමුළුවට පොලිස් ප්‍රහාර එල්ල කිරීම හා 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වීම වැනි බොහෝ කාරණා එකතුව දකුණේ සිංහල පරිපාලනය කෙරේ ඇති විශ්වාසය බිඳ වට්ටමින් තිබිණි. මෙය වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමක් හා සන්නද්ධ අරගලයක් කරා උතුර තල්ලු කරමින් තිබිණි.
එහෙත් ඒ වන විටත් තරුණ කොටස් වෙතින් ලියලමින් තිබූ එම සටන්කාමීත්වයට හෝ වෙනම රාජ්‍ය සංකල්පයට දෙමළ බහුතරයක අනුමැතිය හෝ අනුග්‍රහය නොවීය. මේ තත්ත්වය තුළ බලය බෙදීමේ හා භාෂාවට සමතැන ලබා දීමේ සාධාරණ ප්‍රතිකර්මයක් කරා යොමුවනු වෙනුවට දකුණේ ආණ්ඩු කළේ තම පොලිස් හා හමුදා බලය යොදමින් උතුරට හයිරං පාට් දැමීමය. 1977 යාපනයේ ශා. පැට්රික් විද්‍යාලයේ පැවති සැණකෙළියේදී පොලිසිය හා සිසුන් අතර ගැටුමක් ඇති විය. මේ එක් හුදකලා සිද්ධිය මුල් කරගෙන ජාතිවාදී කෝලහාලයක් නිර්මාණය වී සිය ගණනක් ඝාතනය වී 50000 කටත් අධික දමිළ ජනතාවකට උන් හිටිතැන් අහිමිව සරණාගත වන්නට සිදුවිය.
මේ තත්ත්වයන් තුළ තව දුරටත් දකුණ සමඟ තම අයිතිවාසිකම් වෙනුවෙන් කෙඳිරිගාමින් සිඟමින් කේවල් කරමින් ගුටිබැට කමින් කල්ගත කරනවාට වඩා අභිමානවත් ලෙස ජීවත් වීමේ වුවමනාව තුළ වෙනම රාජ්‍යය සංකල්පය එන්න එන්නම දෙමළ ජනයා තුළ තහවුරු වීම අසාධාරණ යැයි හදවතක් ඇති කවරෙකුට කිව හැකිද? 1977 මහ මැතිවරණයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර බලයට එන්නේ එය මහ මැතිවරණ සටන් පාඨයක් කර ගැනීමෙනි.
මෙය පුදුම සහගත පරිවර්තනයකි. අතීතයේදී ලංකාවේ වෙනම රාජ්‍යයක් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියේ කන්ද උඩරට සිංහලයෝය. එකල බණ්ඩාරනායක මහතා ද ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ එවැනි ක්‍රමයක් බව තහවුරු කළහ. සිංහලයෝ අධිරාජ්‍යවාදී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ පිළිගනිද්දී ලංකාවට ඒකීය රාජ්‍යයක් තුළ පූර්ණ නිදහස ඉල්ලා සිටියෝ ද්‍රවිඩයෝය. යාපනය තරුණ සංගමයේ ඉල්ලීම පිට ඔවුහු ඩොනමෝර් ඡන්දය වර්ජනය කළහ. 1970 මහ මැතිවරණයේදී කලක් එ.ජා.ප ඇමතිවරයෙකුව සිටි සී. සුන්දරලිංගම් සහ වී. නවරත්නම් යන දෙදෙනා වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් ස්වාධීනව මැතිවරණයට තරඟ කළහ. දකුණ විසින් බෙදුම්වාදී යයි එදත් අදත් චෝදනා කරනු ලබන ෆෙඩරල් පක්ෂය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ රට දෙකඩ කරන යෝජනා ගෙනෙන අපේක්ෂකයන්ට ඡන්දය නොදෙන ලෙසය. මෙහිදී සුන්දරලිංගම් මහතා අන්ත පරාජයට පත් විය. එසේ තිබූ උතුර 1970 දශකය අග භාගය වන විට 180 කින් කැරකී වෙනම රාජ්‍ය සංකල්පයක් කරා තල්ලු වූයේ කෙසේද?
සටන්කාමීත්වය තහවුරු කරදීම
මේ තත්ත්වය සමනය කරමින් වඩා එක්සත්ව බලය බෙදා හදා ගන්නා වූ සහෝදරාත්මක දේශපාලන ක්‍රියාදාමයක් නිර්මාණය කරනවාට වඩා දකුණ, උතුරේ ජනතාව තුළ දකුණ කෙරේ ඇති විශ්වාසය බිඳ වට්ටවන්නට කටයුතු කළ අතර ආගම භාෂාව හා ජනපදකරණය යන කරුණු සම්බන්ධයෙන් 72 ව්‍යවස්ථාවේ වූ ප්‍රතිපත්තිය තහවුරු කළේය. 1979 දී ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ක්‍රියාවට නංවමින් දෙමළ ජනයාගේ සාමාන්‍ය දේශපාලන කටයුතුවලට පවා බාධා ඇති කළේය. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට දකුණෙන් ගිය මැර පිරිස් උතුරේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරමින් ආසියාවේ තිබූ විශාලතම පුස්තකාලයක් වූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළේය. ඡන්ද කොල්ලකෑම්ද කඩසාප්පු විනාශ කිරීම්ද අතර මිනීමැරුම් 5ක්ද සිදු විය.
ජනවාර්ගික ගැටළුව පිළිබඳ ඉතිහාසයේ විශාලතම කළු පැල්ලම වූයේ 1983 ජාතිවාදී කෝලහාලයයි. කොටි සංවිධානයේ ප්‍රහාරයකින් හමුදාවේ 13 දෙනෙකු ඝාතනය වීමේ පළිය ගත්තේ රට පුරා විසිරී සිටින අහිංසක දෙමළ ජනතාවගෙනි. නිල නොවන වාර්තා අනුව 3000කට වඩා ඝාතනය වූ අතර කෝටි ගණන් දේපළ ගිණි තබා විනාශ කරන ලදි. සිර ගෙදර සිටි දමිළ සිරකරුවන්ට පවා දස වධ දී මරා දමා තිබිණි.
ජයවර්ධන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 6 වන සංශෝධනයක් ගෙන එමින් 77 මැතිවරණයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත්ව සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ නියෝජනය සූක්ෂ්ම ලෙස අහිමි කරමින් සර්ව සිංහලවාදී පාර්ලිමේන්තුවක් බිහි කර ගත්තේය. මේ අනුව ප්‍රායෝගිකව උතුරු නැගෙනහිර දෙමළ ජනයාට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ද අහිමි කරන ලදි. මේ ආකාරයට දකුණත් සමඟ සමගියෙන් හා සහයෝගයෙන් බලතල බෙදා ගනිමින් කටයුතු කිරීමේ සියලු බලාපොරොත්තු දකුණේ දේශපාලනය විසින් බිඳ දමන ලදි. මේ තත්ත්වය දකුණෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ වුවමනාවට අවශ්‍ය පසුබිම හොඳින් ඇති කරන්නට සමත් විය. එමෙන්ම ඒ සඳහා වන සන්නද්ධ අරගලයටද අවශ්‍ය ජනපදනම ද මනාව සැකසුණි. තමිල්නාඩුවේ බලපෑම මත ඉන්දීය රජය ද දෙමළ අරගලය කෙරෙහි සානුකම්පිත බවක් දැක්වූ අතර ස්වකීය කලාපීය දේශපාලන අරමුණුවලට වාසිදායක අන්දමින් එය හසුරුවන්නටද ඔවුහු වගබලා ගත්හ. දෙමළ සන්නද්ධ අරගලයට ලැබුණු ජන පදනම මත දෙමළ සටන්කාමීන්ගේ සන්නද්ධ ක්‍රියාකාරකම් වර්ධනය වී උතුරු නැගෙනහිර ප්‍රදේශ බොහෝමයක පාලනය තමන් අතට ගන්නට දෙමළ සටන්කාමීහු සමත් වූහ.
පළාත් සභා ඇරඹුම
මෙය ජයවර්ධන ආණ්ඩුවේ අභිමානයට මරු පහරක් විය. වඩමාරච්චි ප්‍රදේශය යළි නතුකර ගැනීමේ මෙහෙයුමක් අරඹා මඳින් මඳ උතුර යළිත් දකුණේ ආණ්ඩුව යටතට ගැනීමේ සන්නද්ධ ක්‍රියාකාරකම් ආරම්භ විය. මෙම සටනේදී දහස් ගණන් දෙමළ ජනයා තමිල්නාඩුවට පළා ගියහ. මෙය ඉන්දීය මැදිහත්මක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. ඉන්දීය බලපෑම මත යුද මෙහෙයුම් නතර විය. රජීව් ගාන්ධි හා ජේ.ආර්.ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමට ලංකාවේදී අත්සන් තැබූහ. එම ගිවිසුම ප්‍රකාර 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා ස්ථාපිත කෙරුණි. ඉන්දියානු මැදිහත්වීමට මෙන්ම පළාත් සභාවලට විරුද්ධව ද මහා විරෝධයක් මතු කරන්නට එවකට විපක්ෂය වූ ශ්‍රී.ල.නි.පය හා අසාධාරණ ලෙස තහනමට ලක්ව සිටි ජ.වි.පෙ කටයුතු කළහ. කෙසේ වුවද පළාත් සභා ස්ථාපිත විය. පළාත් සභා ඡන්දයට යන මුල්ම ඡන්දදායකයන්ට වෙඩි තබන බවට ජ.වි.පෙ සටන්කාමීන් වෙතින් වූ තර්ජනය මධ්‍යයේ ස්ථාපිත වූ පළාත් සභාවල අදවන විට ජ.වි.පෙ නියෝජිතයෝ ද ක්‍රියාකාරී වී සිටිති.
තවද රජීව් ගාන්ධිද ජේ.ආර්. ද එක්වී දෙමළ ජනයා රවටා තිබිණි. ඒ පළාත් සභා පණතේ වූ සමගාමී ලැයිස්තුව හරහාය. බෙදන ලද බලය ආපසු ගැනීමේ සටකපට විධි විධාන එහි විය. අවසානයේදී උතුරු නැගෙනහිර වෙනුවෙන් බලය බෙදීම බලය නොබෙදීමක්ම වීමෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව හා මහ ආණ්ඩුව අතර වූ ගැටුම උත්සන්න වීමේ ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමයි. උතුරු නැගෙනහිර සඳහා බිහි වූ පළාත් සභා ක්‍රමය උතුරු නැගෙනහිරට අහිමි වූ අතර අනෙක් පළාත්වල සමගාමී ලැයිස්තුවෙන් කප්පාදු කරන ලද බලතල සහිතව පළාත් සභා ක්‍රියාත්මක විය. මේ තත්ත්වය දෙමළ ජනයාට කළ අසාධාරණය විද්වතුන්ගේද ජාත්‍යන්තරයේද අවධානයට ලක් විය.
බලතල බෙදීමේ යෝජනා හා ප්‍රෝඩාවන්
මහජනතාව ජාතිවාදී ගොහොරුවේ ඔබා රැවටීමේ කලාවේ කොතෙක් නියැලුනද පාලන බලය අපේක්ෂා කරන ප්‍රධාන පක්ෂ ජාත්‍යන්තරයට බයය. මේ නිසා ජාතිය මෙන්ම ජාත්‍යන්තරයද රැවටීමේ උපක්‍රම ද නොඅඩුව ක්‍රියාත්මක කරන්නෝය. පළාත් සභාවලට එරෙහිව විශාල ආන්දෝලනයක් ඇති කළ ශ්‍රී.ල.නි.පය ජ.වි.පෙ ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධානය 1988 දී ඉදිරිපත් කළ බලතල බෙදීමේ යෝජනා පළාත් සභාවලට ද එහා ගිය යෝජනා විය.
ඉන්පසු 1981 දී මංගල මුණසිංහ තේරීම් කමිටුවට සහභාගි වූ ශ්‍රී.ල.නි.පය ඇතුළු ප්‍රධාන පක්ෂ හා දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයකට එකඟ වූහ. 1994 දී චන්ද්‍රිකාගේ මහමැතිවරණ යෝජනාවලිය ජාතික ගැටළුවට සාධාරණ විසඳුමක් දෙන බවට පොරොන්දු විය. එම වසරේම ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ මහ මැතිවරණයට ආ ජ.වි.පෙ මැතිවරණ ප්රකාශනය සුළු ජාතීන්ට ස්වයං පාලනයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. එම වසරේම ජනපතිවරණය සඳහා ඉදිරිපත් වූ ගාමිණී දිසානායක යෝජනා අනුව පළාත් සභාවල බලය පවරා ගැනීමට ජනපතිවරයාට ඇති අයිතිය අහෝසි කරන බවද උතුරු නැගෙනහිරට බලය බෙදීමේ ඒකකය එම ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණය කරන බවද පවසා තිබිණි. 1995 පොදු පෙරමුණු යෝජනාවලිය ඊටත් එහාට යමින් මූල්‍ය කටයුතු හා අධිකරණ බලතල පවා විමධ්‍යගත කරන බව පවසා තිබිණි. 1997 දී යළිත් පොදු පෙරමුණ ගාමිණි දිසානායක යෝජනා ද අභිබවා යමින් පළාත් සභාවලට විදේශාධාර ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම පිළිබඳව විධිවිධාන ද ඇතුළත් කර තිබිණි.
ක්‍රි.ව.2000 නව සහශ්රකය ආරම්භයත් සමඟම එ.ජා.පය හා පොදු පෙරමුණ එක්ව බලය බෙදීම පදනම් කරගත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළහ. මෙහි වැදගත් යෝජනාවක් වූයේ උතුරු නැගෙනහිර සඳහා අන්තර්වාර පාලනයකි. මෙය පාර්ලිමේන්තු ගත වූ අවස්ථාවේදී එ.ජා.ප.යේ සමහර මන්ත්‍රීවරු එය සම්මත කිරීම වෙනුවට පාර්ලිමේන්තු ගර්භය තුළදී එයට ගිණි තැබීම නායකයා බකුසු වතින් බලා සිටි අන්දම ඓතිහාසික දර්ශනයකි.
2002 දී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරණ කළ එල්.ටී.ටී.ඊ. සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදි. එමඟින් තායිලන්තයේ සිට ජපානය දක්වා සාකච්ඡා වට 6ක් සිදු කෙරුණි. එක්සත් ලංකාවක් තුළ ෆෙඩරල් ව්‍යුහයක් මත පදනම්ව දෙමළ කථා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමිවල අභ්‍යන්තර ස්වයං තීරණ ගැනීමේ අයිතිය මත පදනම්ව විසඳුම් යෝජනා කිරීම, පුනරුත්ථාපන කටයුතු සඳහා දෙපාර්ශවයේම නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් උතුරු නැගෙනහිර ගොඩනැගීමට අරමුදලක් පිහිටුවීම, ළමා ජීවිත ප්‍රකෘතිමත් කිරීමේ සැලැස්මක් සැකසීම, මානව හිමිකම් රැකීමට සැලසුම් සැකසීම වැනි තීන්දු ගණනාවක් මෙම රැස්වීමේදී ගෙන තිබිණි. එහෙත් රජයේ පාර්ශවයෙන් මේවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම නිසා එල්.ටී.ටී.ඊ.ය සාකච්ඡාවලින් තාවකාලිකව ඉවත් විය. එහෙත් ගිවිසුමෙන් ඉවත් වූයේ නැත.
කෙසේ වුවද චන්ද්‍රිකා ජනපතිනිය ජ.වි.පෙහි උදව්ද ඇතිව එ.ජා.ප බලය අස්ථාවර කර පෙරමුණු බලය තහවුරු කර ගත්තාය.
දෙමළ ජනතාවගේ ඉතිරිව තිබූ අංශුමාත්‍රයක තරම් වූ බලාපොරොත්තුවද කඩ විය. අනතුරුව දේශීය වශයෙන් යුදවාදී හා දමිළ විරෝධී හෙළ උරුමයේ හා ජ.වි.පෙ සහයද, ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාව, චීනය, පකිස්ථානය, එංගලන්තය යනාදී රටවල්වල සහයද ඇතිව එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට සාධාරණ විසඳුමක් ලබා දෙන බව කීවේ 2009 මැයි 18 වන දාය. එපමණය.
බෙදුම්වාදී ෆෝබියාව හා ජ.වි.පෙ
ලංකාවේ දේශපාලනය තුළ ජ.වි.පෙ. භූමිකාව විසින් කරන ලද අභියෝගය පිළිබඳ ගෞරවණීය හැඟීමක් පැවතිය ද ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් බරපතලම හානිය කළේ ජ.වි.පෙ. බව කිව යුතුමය.
[/SIZE]

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත්රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කීවෝය. මෛත්රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ නොකරන බවද, උතුරෙන් හමුදා නොකැඳවන බව ද අවධාරණය කළෝය. මේ සියල්ල පැහැදිළි කරන්නේ ඓතිහාසිකව සිංහල ජනයා තුළ ජනිත වී ඇති ෆෝබියාව හෙවත් භීතිකාවයි. ඒ පිළිබඳව හරවත් සංවාදයකට මුල පිරීමටයි මේ ප්රයත්නය.