බෙන්යූ ග්‍රහකයට ගිය යානයෙන් ජීවය පිළිබඳ &#3465

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බෙන්යූ ග්‍රහකයට ගිය යානයෙන් ජීවය පිළිබඳ &#3465

    තරු පිරි අහස


    image_7818d2e6d4.jpg



    විශ්වය පුරා පාවෙමින් තිබෙන ග්‍රහක පර්යේෂණයට ලක් කිරීම පෘථිවියේ ජීවය පිළිබඳවත්, සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳවත් තොරතුරු සොයා ගැනීමට ඇති හොඳම මඟ බව විද්‍යාඥයෝ විශ්වාස කරති.


    ඒ අනුව පෘථිවියට ආසන්නයෙන් ඇති බෙන්යූ ග්‍රහකය වෙතට ඔසිරිස් – රෙක්ස් යානාව දියත් කළේ 2016 සැප්තැම්බර් මාසයේදීය. එය බෙන්යූ ග්‍රහකය වෙතට ළංවීම ඇරඹුණේ මේ වසරේ අගෝස්තු මැද සිටය. පසුගිය සතියේදී රෙක්ස් යානාව බෙන්යූ මත ගොඩ බැස්සවීය.


    “බෙන්යූ ග්‍රහකය කාබනීකරණය වුණු ග්‍රහකයක්.. ඒ කියන්නේ එහි ජීවයට සුදුසු වාතය තියෙනවා කියන එකයි..”


    නාසා ආයතනය පවසයි.


    බෙන්යූ මතට ගොඩබැසි රෙක්ස් යානාව සතියක් ගෙවී යත්දීම එහි සජලනය වූ ඛනිජ තිබෙන බවට හෙළිදරව් කළේය. මෙම සජල ඛනිජ නිධිය අඩි 1640ක භූමි භාගයක් පුරාවට පැතිරී ගොස් ඇතැයි ඔවුහු සඳහන් කරති.


    “මේ තොරතුරෙන් අපිට හෙළිදරව් වෙනවා බෙන්යූ ගේ මව් ග්‍රහලෝකය දියරමය වතුරින් පිරිලා තිබුණා කියලා.. එයින් කොටසක් තමයි බෙන්යූ මත තියෙන්නේ..”
    පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම පවසයි.


    image_f5bd6fe81d.jpg


    ග්‍රහකය මතට ගොඩ බැසි රෙක්ස් යානාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇරඹුම පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පර්​ෙ‌ය්ෂකයින්ට සහයවීමයි. පෘථිවිය මතට ජලය හා විවිධ ජීව රසායනිකයන් ගෙන ඒම ග්‍රහක විසින් සිදු කරන්නට ඇතැයි පර්​ෙ‌ය්ෂකයින් මීට පෙර මත පළ කර තිබිණි. බෙන්යූ මතින් ජලය හමුවීම නිසාවෙන් එම මතය තහවුරු කරන්නට හැකි වෙනු ඇතැයි ඔවුහු පවසති.


    “අපි රෙක්ස් යානාව බෙන්යූ මතටම යවන්න තීරණය කළේ එහි ජලය රඳවා ගන්න ඛනිජ වර්ග හා කාබනික වාතය ඇති කියලා හිතලමයි. මීට කලින් අපිට ලැබුණු තොරතුරු එක්කයි අපි ඒ තීරණේට ආවේ. කොහොම වුණත් මේ තරම් ඉක්මනට අපිට වැදගත් තොරතුරක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. අපි සෞරග්‍රහ මණ්ඩලය ගැන තොරතුරු හොයන්න හරිම ග්‍රහකය තෝරගෙන තියෙනවා කියලා හිතෙනවා.”


    ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ඔසිරිස් රේක්ස් යානාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩැන්ටේ ලොරේටා සඳහන් කරයි.


    ඔසිරිස් මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 800ක මුදලක් වැය කර ඇත. 2020 වන තුරු බෙන්යූ මත රැඳී එහි සාම්පල් එකතු කිරීම හා ඒ මත සිදුවෙන වෙනස්කම් ආදිය නිරීක්ෂණය කිරීම ඔසිරිස් සිදු කරනු ඇත. අනතුරුව විශේෂ කැප්සියුලයකින් 2023 වන විට යළිත් පෘථිවිය වෙතට පැමිණෙනු ඇත.


    යානාව ගොඩ බැස්සවූ බෙන්යූ ග්‍රහකය අඩි 165ක් උස හා අඩි 180ක් පළල එකක් බව මෙහෙයුම් කටයුතු භාර නිලධාරියෙක් සඳහන් කළේය.


    බෙන්යූගෙන් දූවිලි සාම්පල හා එහි ඇති වෙනත් ද්‍රව්‍යමය දේවල් ද රැගෙන ඔසිරිස් යානාව පෘථිවියට පැමිණි පසුව එම සාම්පල පරීක්ෂාව මඟින් බොහොමයක් අලුත් තොරතුරු හෙළිදරව් කර ගත හැකි වෙනු ඇතැයි නාසා ආයතනය පවසයි. විශේෂයෙන්ම බෙන්යූ වැනි ග්‍රහකවල ඇති සම්පත් පිළිබඳවත්, ඒවා අභ්‍යවකාශයට ජලය සැපයීමට සමත්දැයි ආදී කරුණු විශ්ලේෂණය කර ගත හැකිවෙනු ඇතැයි ඔවුහු පවසති.


    “ග්‍රහකයක් මතට යානාවක් ගොඩ බස්සවන්න පුළුවන් වෙයි කියලත් අපිට වැඩි විශ්වාසයක් තිබුණෙ නෑ.. කොහොම වුණත් මේක අපිට හීනයක් සැබෑ වුණා වගේ දෙයක්. බෙන්යූ විශ්වය ගැන අපිට අලුත් කරුණු කාරණා ගොඩක් හෙළිදරව් කරලා දේවි. අපි මඟ බලාගෙන ඉන්නේ ඒ වෙනුවෙන්.”


    ලොරේටා පැවසීය.






    පවනි උමයංගනා
     
    • Like
    Reactions: Utumesh

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    ඒ අනුව පෘථිවියට ආසන්නයෙන් ඇති බෙන්යූ ග්‍රහකය වෙතට ඔසිරිස් – රෙක්ස් යානාව දියත් කළේ 2016 සැප්තැම්බර් මාසයේදීය. එය බෙන්යූ ග්‍රහකය වෙතට ළංවීම ඇරඹුණේ මේ වසරේ අගෝස්තු මැද සිටය. පසුගිය සතියේදී රෙක්ස් යානාව බෙන්යූ මත ගොඩ බැස්සවීය.

    මේක කාළතරණ සීන් එකක්ද බන්z
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,570
    113
    Colombo
    ඒ අනුව පෘථිවියට ආසන්නයෙන් ඇති බෙන්යූ ග්‍රහකය වෙතට ඔසිරිස් – රෙක්ස් යානාව දියත් කළේ 2016 සැප්තැම්බර් මාසයේදීය. එය බෙන්යූ ග්‍රහකය වෙතට ළංවීම ඇරඹුණේ මේ වසරේ අගෝස්තු මැද සිටය. පසුගිය සතියේදී රෙක්ස් යානාව බෙන්යූ මත ගොඩ බැස්සවීය.

    මේක කාළතරණ සීන් එකක්ද බන්z

    මූ මේ දාල තියෙන්නෙ ගිය අවුරුද්දෙ නිවුස් එකක් මම හිතන්නෙ