බෙබා සින්හලු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,138
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලංකාව මත්පැන් ​පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත.

    ඒ අනුව මෙරට ජනගහයෙන් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් ඉන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව මෙම සමීක්ෂණය සිදු කර ඇත. මෙම සංගණනයට අනුව මත්පැන් පානය කරන පිරිමි තිස්ලක්ෂ දාහතර දහස් පන්සිය පනස් හතකි. කාන්තාවන් විසි දහස් පන්සිය අසූ හය දෙනකු මද්‍යසාර භාවිත කරන බව හෙළිව ඇත. වයස අවුරුදු 18ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි එක්ලක්ෂ විසි එක් දහස් එකසිය හැත්තෑවක්ද කාන්තාවන් නවසිය හය දෙනෙක්ද මද්‍යසාර භාවිතයට යොමුව ඇත.

    අවුරුදු 18 වයස් සීමාව ඉක්මවූ පිරිස අතුරින් මද්‍යසාර භාවිත කරන පුරුෂයන් සංඛ්‍යාව විසි අටලක්ෂ අනූතුන්දහස් තුන්සිය අසූ හතරක්ද, කාන්තාවන් සංඛ්‍යාව දහනවදහස් අටසිය අසූවක්ද වන බව පැවසේ.

    මෙම වාර්තාවට අනුව මධ්‍යම පළාතේ හාරලක්ෂ හතළිස් පන්දහස් විසි නව දෙනකු මද්‍යසාර භාවිතයට යොමුව තිබේ. ඉන් 442529 ක් පිරිමි වන අතර කාන්තාවන් සංඛ්‍යාව 2500කි.

    මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිරිමි පිළිවෙළින් 193,654ක් 82800ක් හා 16,6075ක් මත්පැන් පානය කරන බව හෙළිව තිබේ. එම දිස්ත්‍රික්ක තුනේ කාන්තාවන් මත්පැන් පානයට යොමුව ඇති සංඛ්‍යාව 812ක්, 332ක් හා 1410ක් ලෙස දක්වා ඇත.


    :(