බෙබා

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
සිමයියා හොද බේබද්දා. එයාගේ වයිෆ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.

හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා. මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ.


වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ සිමයියා ඉතින් හැමදාම හවසට පොඩි ශොට් එකක් දානවා. ඉතින් කාන්තා පාර්ශවය ඕකට කොහොමටත් ඉතින් කැමති නෑ නේ. ඉතින් බීලා ගිය හැමදාම සිමයියාට ගෙදර දුක් සීන්. කනක් අහිලා ඉන්න නෑ. ඉතින් බීපු දවසට පොර සද්දයක් වත් නෑ මීයා වගේ.
බිව්වා ද කියලා ඇහුවාම නෑ රත්තරන් පිස්සු ද?? මම බොනවද?

ඔන්න දවසක් ඔෆිස් එකේ පොරක් ගේ ෆෙයාවෙල් පාටියක් තිබ්බා. බොන්න නෙවේ එක එක එක්කෙනා ට බුලිය ගානේ දීලා එකේ බැහලා නාන්න පුලුවන් තරමට බොන්න තිබ්බ ලු.

සිමයියා ශොට් එක දෙක දානවා . කන රත් වෙනවා. හීන් ආතල් එකක් එනවා. සින්දුවක් දෙකක්
ඇහෙද්දී පට්ට ෆන් එක. දැන් සින්දුවත් එක්ක පොර ශොට් නෙවේ හොදට කරටි කැඩෙන්න බීලා හිටියේ.

ඔන්න දැන් පොරට වයිෆ් වත් මතක් වෙනවා. සිමයියා මොනවා උනත් වයිෆ් ට ආදරෙයි. එයා දන්නවා වයිෆ් බනින්නේ ආදරේට කියලා!! පොර ඉතින් වයිෆ් කොච්චර බැන්නත් අහගෙන ඉන්නවා.

සිමයියා ෆුල් (බැලැක්අවුට් ) දැන් ඔන්න පොර පාරට බැස්සා බස් එකක් ගන්න. මුට කලින් පාර යනවා ඉස්සරහින් මු පාර අල්ලන්න දුවනවා. ගස් එහෙම මුත් එකක කතා කරන්න එනවා.


මු බය වෙලා අඩෝ අයේ නම් මම බොන්නේ නෑ මේ පිස්සු නේ මට වෙන්නේ.

හුටා බස් නෑ! කොහොමද ගෙදර යන්නේ. ඔන්න පොර ගත්තා වයිෆ් ට කොල් එකක් (හනී!! අයි විල් බී ලේට් ටුඩේ අයි හැඩ් අ මීටින්!!!) වෙලාව කීයද 11 .30

වයිෆ් දැනගත්තා මූ හොන්දටම බීලා තමා කියලා. ඔන්න ඇතින් බස් එකක් එනවා මූ එල්ලිලා ගියා ගෙදර.බස් එකම ගදයි.


බස් එකේ ඉන්න හැමොම බීලා සිමයියා බැන බැන බැස්සා. ආ බස් එකේ ගිය සින්දුව කියන්න අමතක උනා නේ. රටක් වටිනවා මගේ මව්පියො දෙන්නා මලක් සේම දැඩි කරලා මට සැප දුන්නා මම කල පව් කියලා දෙපතුල දන වටිලා දඩි කල මව්ට වදිනවා.

මේක අහද්දි සිමයියාට පපුව පැලෙන්න වගේ ආවා අම්මවයි තාත්තවයි මතක් වෙලා. කොහොම හරි පොර බස් එකෙන් බස්සා ඔන්න පොර ගියා කටු කම්බියක් ඉබින්න.

හුටා! මුතුවාල කරගත්තා පිටයි පස්සයි.මු ශේප් එකේ වේදනාව ඉවසගෙන ගෙදර ගියා. වයිෆ් නිදි.

1.30 නේ. සිමයියා ගියා කන්නාඩිය ඉස්සරහට.

කන්නාඩියෙන් බලාගෙන බෙහෙත් දාගත්තා. ටක් ගාලා ඇදට පැනලා නිදා ගත්තා. සිමයියාට හෙන සැටිස් වයිෆ් දන්නේ නෑ නේ බිව්වා කියලා.

හැබයි ඉතින් තුවාලේ තාමත් රිදෙනවා. ඔන්න උදේ උනා. වයිෆ් ඇහුවා සිමා ඔයා ඊයෙත් බිව්වා නේ. ඔයා නම් හැදෙන්නේ නෑ.

සිමයියා කිව්වා නෑ හනී මම බිව්වේ නෑ.

බිව්වේ නෑ මම දැනගත්ත බීල තමා කියලා කන්නාඩියට බෙගෙත් දාලා තියන කොට.

හික්ස්! මු ඩොප් වැඩිකමට කන්නාඩියෙන් බලාගෙන කන්නාඩියට බෙහෙත් දාලා.


:D:yes::rolleyes::rofl::dull:

Source From - http://jokesnoop.blogspot.com/2015/02/drunken-man-sinhala-joke-story.html