බෙල්ලන්විල පන්සලේ අලි හිංසාව අමානුෂිකයි...

පන්සලේ වෙන්නේ අලි හිංසාවක්ද?

  • හිංසාවක් - සියලු පන්සල් අලි හිලෑ නොකර පෙරහැරවල් නැවත්විය යුතුයි

    Votes: 21 75.0%
  • හිංසාවක් - නමුත් මට ඒක ප්‍රශ්නයක් නොවේ

    Votes: 2 7.1%
  • අවිහින්සාවක් - පන්සලේ අලියා කැලා අලියාට වඩා සැපට ඉන්නවා

    Votes: 4 14.3%
  • අවිහින්සාවක් - අලියාට දම්වැල් වලින් බැන්දට කිසිම ගානක් නැහැ

    Votes: 1 3.6%

  • Total voters
    28

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බෙල්ලන්විල පන්සලේ කලින් හාමුදුරුවෝ අපවත්උනේ අලියා ගහල. ඒ අලියා හිරකරගෙන බැඳගෙන හිටියේ. අනික ඌ මෝල් අමාරුවෙන් හිටියේ. හාමුදුරුවෝ ගියා ඒ අස්සේ ඌට සියඹලා කවන්න. මල පැනලා හිටපු අලියා තල්ලු කරා හාමුදුරුවෝව අපවත් වෙන්නම.

    ඊට පස්සේ ඔය අසමජ්ජාති කොල්ලෝ මරු උපහැරණයක් කියන්න පටන් ගත්තේ 'හුකන්න ඕනි වෙලා ඉන්න එකාට සියඹලා කවන්න ගියා වගේ ' කියලා.

    ප.ලි.
    තව දෙයක් එකතු කරන්නම්. ලංකාවේ දළ තියෙන අලින්ගේ ප්‍රමාණය ඉතාම අඩුයි. හැබැයි අනෙකුත් බොහෝ රටවල දළ ඇති අලින්ගේ ප්‍රමාණය ඉතාම වැඩියි. පෙලක් වෙලාවට ඒ රටවල දළ තියෙන අලි වැඩියි, නැති උන්ට වඩා. ලංකාවේ මේක අඩු උනේ දළ තියෙන අලි ටික අල්ලං පන්සල් වල දාගෙන ඉන්න නිසා, උන්ට නිදහසේ වර්ගයා බෝ කරන්න ඉඩ නොදී. මොකද දළ නැති අලින්ගෙන් දළ තියෙන අලි බිහිවෙන්නේ නැහැ. සම්භාවිතාව ඉතාම අඩුයි. ඒකට වගකියන්න ඕනි අලින්ගේ හිමිකරුවන්. දැන් අර නැදුන්ගමුවේ රාජා කියන අලියා ජිවිතේට සංසර්ගයේ යෙදිලා නැහැ. හිමිකරුවන් ඒකට ඉඩ දෙන්නේ නැහැ අලියා දුර්වල වෙයි, උගෙන් පැට්ටු බිහි උනොත් උගේ වටිනාකම අඩුවෙයි කියලා. ඊට පස්සේ රටේ ආණ්ඩු වලට පස්පඩන්ගුවේ බැනලා වැඩක් නැහැ දළ තියෙන අලි නැහැ පෙරහරේ ගෙනියන්න කියලා.

    ඊලග දේ තමයි අලින් ජීවත් වන වයස. කැලේ ජීවත් වෙන අලියෙක්ට වඩා වැඩි කාලයක් මිනිසුන් ලග ජීවත් වෙන අලියෙක් ජීවත් වෙනවා, වනාන්තරයේ තරගය වැඩියි. ආහර හිගයි. ලෙඩ රෝග වලට බෙහෙත් නැහැ. හැබැයි හිලෑ අලීන්ට එහෙම එකක් නැහැ. ආහාර පාන, බේත් හේත් ලැබෙනවා.

    ඒ මොනා හම්බුනත් අලියා කොයි තරම් අඩු කාලයක් ජීවත් උනත් ඌ ඉන්න ඕනා කැලේ. නිදහස් නැතිව කොටු කරන් අවුරුදු 80 ක් ඉන්නවට වඩා නිදහසේ අවුරුදු විස්ස තිහක් ඉදලා මැරිලා ගියත් ඒක උගේ ජිවිතේ.

    කොහොම උනත් අලින් විලංගු දාන් පෙරහැරේ ගෙනියන එක බුදුහාමුදුරුවෝ වැඩ සිටියා නම් අනුමත කරයිද? තක්ශනේ මෙච්චර දියුණු කාලේ අලුත් වාහනයක් හදලා එකේ කරඬුව වැඩමවන්න බැරි කමක් නැහැනි. මාන්නේ නිසානි මේ ඔක්කොම.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    ඊලග දේ තමයි අලින් ජීවත් වන වයස. කැලේ ජීවත් වෙන අලියෙක්ට වඩා වැඩි කාලයක් මිනිසුන් ලග ජීවත් වෙන අලියෙක් ජීවත් වෙනවා, වනාන්තරයේ තරගය වැඩියි. ආහර හිගයි. ලෙඩ රෝග වලට බෙහෙත් නැහැ. හැබැයි හිලෑ අලීන්ට එහෙම එකක් නැහැ. ආහාර පාන, බේත් හේත් ලැබෙනවා.

    ඒ මොනා හම්බුනත් අලියා කොයි තරම් අඩු කාලයක් ජීවත් උනත් ඌ ඉන්න ඕනා කැලේ. නිදහස් නැතිව කොටු කරන් අවුරුදු 80 ක් ඉන්නවට වඩා නිදහසේ අවුරුදු විස්ස තිහක් ඉදලා මැරිලා ගියත් ඒක උගේ ජිවිතේ.
    ඇත්ත තමයි!

    බුදුන්ගේ කාලයේ මේ වගේ ඇතුන් භාවිතා කරන පෙරහැරවල් තිබුනේ නැහැ.
    මේක මේ ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ ඉදන් පටන් ගත්ත හින්දු සම්ප්‍රදායක්.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල දැක්කේ බෙල්ලවිල විතරයි.. කෝට්ටේ රජමහ විහාරේ කියන්නේ අලින්ව කොටන් අදින්න දීලා සල්ලි හම්බ කරගන්න තැනක්.

    කෝට්ටේ පන්සලේ එක අලියෙක් මැරෙනවා කොටන් අදින්න ගිහින් ඉද්දී හෙන ගහල,

    තවත් එකෙක් මැරෙනවා කොටන් අදින්න ගෙනිහින් ඉද්දි දරාගන්න බැරි බරල් අද්දවන්න ගිහින් ලිස්සල වටිල ඔලුව ඇනිලා අවුරුදු ගානක් පිස්සු හැදිල ඉදල.

    තව එකෙක් බෙල්ලන් විල පෙරහැරේ යද්දි ඇත්ගොව්වගේ වරදින් කුලප්පු වෙලා කල බලේට සිහිය නැති කරන බෙහෙත් ඩෝස් එක වැඩියෙන් දීලා ආයෙ සිහිය ගන්න බැරුව මැරෙනවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ ලංකාවේ ඕව කතා කරනකොට ටෞත්තිගේ පුතාල එනවා "අනීම් උම්බම්ලාම් NGOම් සල්ලිම් අරම්න්" ගාගෙන හැමිනෙන්න. ඒ නිසා මන් නං දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ දැන්.. කැලේ ඉන්න සත්තුන්ට කැලේ ඉන්න තියෙන්න ඕනේ , ඕව පව් වැඩ
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    බුදු දහමට සම්පූර්ණයෙන් පරස්පර දෙයක් පෙරහැර කියන්නෙ. ඔය අලි ඉන්න ලොකු ලොකු පන්සල් වල ඝණයො ලබන ආත්මේ ප්‍රේතයො වෙලා උපදින්නෙ.
     
    • Like
    Reactions: Ragna_SL