ඕකේ තියෙන්නේ අපායට ගියත් කලින් පලයන් සීන් එක තමයි. මුලින් සෙට් වෙන එවුන්ට සල්ලි හම්බෙනවා. පස්සේ සෙට් වෙන එවුන්ට පොල්ල.
සරලවම මෙහෙමයි.
උඹ තමයි පලවෙනි එකා. උඹ 3 දෙනෙක් සෙට් කරනවා. උන් තුන්දෙනා තව 3දෙනා ගානේ 9ක් සෙට් කරනවා. ඔහොමනෙ ඕක ඉස්සරහට යන්නේ.
එතකොට පලවෙනි වටය මිනිස්සු 3යි
දෙවෙනි වටය මිනිස්සු 9යි
තුන්වෙනි වටය 27යි
හතරවෙනි වටය 81යි
.
.
.
11වෙනි වටය 177,147 නුවර ජනගහනයට වඩා වැඩි
.
13වෙනි වටය 1,594,323 කොළඹ ජනගහනයට වඩා වැඩි
14වෙනි වටය 4,782,969 බස්නාහිර පළාතේ ජනගහනයට වඩා වැඩි
.
.
.
16වෙනි වටය 43,046,721 ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක්
.
.
.
.
23වෙනි වටය 10,460,353,203 ලෝකේ ජනගහනයට වඩා වැඩි
සාමාන්යෙන් ඕව ප්රෝග්රෑම් එකකට මිනිස්සු 20,000ක් සෙට් වෙනවා කියල හිතුවොත් 9වෙනි වටයෙන් පස්සේ එවුන් ටිකට පොල්ල