බේකර් වීදියට යමු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
බේකර් වීදියට යමු

ලන්ඩන් නගරයේ පිහිටා තිබෙන බේකර් විදියේ 221/B, ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයා ගැන ඇසුවොත් ඔබ මම හැමදෙනාම දන්නවා ඒ කවුරුන්ද කියලා..:D ඒ තරමටම ඒ ලිපිනය අපිට සමීපයි. :love:

රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහතා නැවතී සිටියේ අංක 221 B,බේකර් විදිය, ලන්ඩන් යන ලිපිනයේ ඇති හඩ්සන් මහත්මියගේ නිවසේ උඩු මහලේයි.
නමුත් ඇත්ත නම් ලන්ඩනයේ පිහිටි ධනවතුන් පදිංචිව සිටින පෙදෙසක් වන බේකර් විදියේ අදාළ ලිපිනය වන අංක 221 දක්වා ලිපිනයන් එහි නොතිබීමයි.
එහෙත් බොහෝ ෂර්ලොක් හෝම්ස් රසිකයන් ෂර්ලොක් යනු සත්‍ය චරිතයක් බවත් ඔහු අදාල ලිපිනයේ පදිංචිව සිටින බවත් එකල විශ්වාස කර තිබු අතර
කොනන් ඩොයිල් විසින් කතා මාලාව අවසන් කල පසුද එම ලිපිනය වෙත ලිපි එවීම සිදු කර තිබෙනවා.

වර්තමානයේදී බේකර් විදියේ අංක 221 B ලිපිනය ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයට හිමිව ඇති අතර අදාල ලිපිනයට ලැබෙන ලිපි සියල්ල කෞතුකාගාරයට යොමු කෙරෙනවා.
ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය තුල එවකට විස්තර වූ ආකාරයට ෂර්ලොක් හෝම්ස් ගේ කාමරය සකසා තිබීමත් විශේෂත්වයක්.
එහි පියගැට පෙලේ පියගැට 17 ක් ද සකසා ඇත්තේ නවකතාවන්ගේ විස්තර වන ආකාරයයි. වර්තමානයේදී එම කාමරයේ ෂර්ලොක් ගේ අඩුව පුරවනු ලබන්නේ ඉටි වලින් සාදන ලද ෂර්ලොක් ගේ පිළිරුවක් විසිනුයි.
එසේම එයට ඇතුළු වන තැනම ‘විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ,1881-1904’ යනුවෙන් සඳහන් වූ පුවරුවක් ද තබා ඇත්තේ ලොව වටෙන්ම එන
ෂර්ලොක් රසිකයන්ට පහසුවෙන් ඒ සුපිරි රහස් පරීක්ෂකවරයා ගේ නිවස හඳුනා ගැනීම සඳහායි.

IRdZ6Jp.jpg


REUkOwt.jpg


b1xbdHS.jpg


QdjDtmu.jpg


wnYuurT.jpg


YkPmFqh.jpg


AqqdRQS.jpg


3a4VqWl.jpg


dd47q8f.jpg


eFMuXEB.jpg


kTwB78L.jpg


1MJ1B5M.jpg




- ඡායාරූප සහ තොරතුරු අන්තර්ජාලයෙන් -
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බේකර් විදියේ බේකරියක් හෙම තිබිලා නැද්ද :oo:?
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    බේකර් විදියේ බේකරියක් හෙම තිබිලා නැද්ද :oo:?


    :cool::cool::cool: TFS



    :sorry::sorry:You have given out too much Reputation in the last 24 hours, try again later.

    :love::love::love:

    rep denna ba lu :(

    අඩේ හිතේ මැවිලා තිබුණ කාමරේ ඒ විදිහටම තියෙනවා කියහංකෝ..:shocked:
    +Rep​





    :D:love: