බේකර් වීදියේ නූතන ෂර්ලොක්

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    බේකර් වීදියේ නූතන ෂර්ලොක්

    බේකර් වීදියේ නූතන ෂර්ලොක්!!

    sherlockjpg_2777748b.jpg


    නොම්මර 221 බී, බේකර් වීදියෙන් වයලීන හඬක් ඇසෙන්නට ක්‍රමයක් නැති විටත් එතුළින් රමණීය වයලින් වාදන ඇසෙයි. හඩ්සන් මැතිණිය යටි ගිරියෙන් කෑ ගසනු ඇසෙයි. ෂර්ලොක් මිනී ඔළුවක් අතැතිව කාමරය තුළ එහා-මෙහා ඇවිදිනු පෙනෙයි. දොරවල් ඇරෙන වේගයෙන් ඒවා වැසෙනු ඇසෙයි. යුරෝපීය ඇඳුම් ඇඳගත් මහතුන් කරදරකාරී මුහුණින් 221 බී දොර‍ටුව අසලය. පැත්තෙන් වමට බෙදූ ක්‍රේල් කොණ්ඩයක් හිමි කඩවසම් ෂර්ලොක් හෝම්ස් ඒ පඩිපෙළ තරණය කළ පසු හමු විය හැකිය. නිතර ට්ව්ටර් පණිවුඩ කියවන, ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් භාවිත කරන හෙතෙම නව සියවසේ රහස් පරීක්ෂකවරයෙකි. අයරීන් ඇඩ්ලර් කෙරෙහි ප්‍රේමයෙන් බැඳුණ අයෙකි. විටෙක තම සහායක දොස්තරවරයා පවා නොතකන්නෙකි. මෙට්‍රොපොලිටන් පොලීසියේ රහස් පරීක්ෂකවරයකු වන ග්‍රේග් ලෙස්ට්‍රේඩ් වෙත කැමැත්තෙන් සහ අකමැත්තෙන් තම සහය සපයන්නෙකි. ෂර්ලොක්ගේ සදාකාලික සතුරා වූ ජිම් මොරයාටි පසුපස හඹා යන අතරතුර ෂර්ලොක් මිනි සීරීසය ගලාගෙන යයි.

    සුප්‍රකට ආතර් කොනන් ඩොයිල්ගේ රහස් පරීක්ෂක කතා ඇසුරින් කරන ලද නව නිෂ්පාදන අතර නූතනම මුහුණක් ‍රැගෙන ආ ෂර්ලොක් 2010 වසරේදී බීබීසී වන් නාලිකාවේ විකාශය වූවකි. ස්ටීවන් මොෆාට් සහ මාක් ගැටිස් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද අපරාධ නාටක ගණයට වැටෙන ෂර්ලොක් ටෙලි කතා මාලාව සම්මාන රාශියක් දිනා ගත්තකි.



    ෂර්ලොක් හෝම්ස්ට රඟන බෙනඩික් කම්බර්බැච් සහ දොස්තර ජෝන් වොට්සන්ට රඟන මාටින් ‍ෆ්‍රීමන් මේ කතා මාලාවේ ආකර්ශනීය පාර්ශවය නියෝජනය කරන්නෝය. සුරූපී අයරින් ඇඩ්ලර්ට රඟන ලාරා පල්වර් ඇති කරන ලලාසමය ආකර්ශනය ඇත්තේ ඊටත් ඉහළ තැනකය. විශේෂයෙන්ම නූතන ෂර්ලොක් විසින් තම රහස් පරීක්ෂණ සඳහා තාක්ෂණය භාවිත කරන ආකාරය වඩාත් විශේෂය.
    ෂර්ලොක් කතා මාලාවල ඇති බැරෑරුම්කම වඩාත් සරල කර ජනප්‍රිය සංස්කෘතියෙන් ෂර්ලොක්ව පෙනෙන හැටි පෙන්වන මේ කතා මාලාව වඩාත් ප්‍රකට යොවුන් පරපුර අතරය.
    ෂර්ලොක්හි පළමු වෙළුමේ පළමු කථාංගය විකාශය වූයේ 2010 ජූලි 25 වැනිදාය. 'අ ස්ටඩි ඉන් පින්ක්' නමින් නම් කර ඇති මේ කථාංගය යුරෝපය පුරා පැතිර ගියේ පුදුමාකාර වේගයකිනි. මිලියන 8.83ක නරඹන්නන් ප්‍රමාණයක් පළමු කථාංගය නරඹා ඇති අතර දෙවැන්න නැ‍රැඹූ ප්‍රමාණය 10.24කි. තෙවැන්න වන විට එය මිලියන 11.83ක් දක්වා ඉහළ ගොස් ඇත. පළමු වෙළුමට කථාංග තුනක් පමණක් අයත් ෂර්ලොක් රූපවාහිනී කතා මාලාවේ වඩාත් උත්කර්ෂයට නැංවෙන්නේ එහි දෙවැනි වෙළුමත් සමඟය. එහිද කොටස් තුනක් පමණි. පළමු වැන්න ප්‍රකට 'ස්කැන්ඩ්ල් ඉන් බෙල්ග්‍රෙවියා' නමින් විකාශය විය. මිලියන 10.66ක් නැ‍රැඹූ මේ කථාංගයට පසුව විකාශය වූ 'ද හවුන්ඩ් ඔෆ් බැස්කර්විල්' නරඹා ඇති පිරිස මිලියන 10.27කි. දෙවැනි වෙළුම විකාශය වූයේ 2012 වසරේදීය.
    තෙවැනි වෙළුම සඳහාද සුපුරුදු ලෙස කථාංග ත්‍රිත්වයකි. එය විකාශය වූයේ 2013-2014 දෙවසර තුළදීය. ෂර්ලොක් හතර වැනි වෙළුම නිකුත් වීමට නියමිත 2015 වසරේදීය.
    වඩාත් කුතුහලාත්මක, වඩාත් ත්‍රාසය දනවන, ඒ මැදින් කියන-නොකියන පෙම් කතාද ගලා යන මේ අපූරු ෂර්ලොක් රූපවාහිනී කතා මාලාවට සුප්‍රකට අයි.එම්.ඩී.බී වෙබ් අඩවියේ ලබා දී ඇති අගය 9.03කි. එනම් උපරිමයට ඉතාමත් ආසන්නයේය.



    එපමණක් නොව එමි සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නිර්දේශ වූ ෂර්ලොක් 66 වැනි එමි සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනාවක් දිනාගත් රූපවාහිනී කතා මාලාව ලෙස ඉතිහාසයට එකතු විය. ඒ අතර හොඳම නළුවාට හිමි සම්මානයත්, හොඳම තිර රචනයත්, සහය නළුවාට හිමි සම්මානයත් අන්තර්ගතය.
    අලුත් කතාන්දර සහසක් අතර ඉතිහාසය විසින් නැවත, නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ෂර්ලොක් හෝම්ස් හි පැ‍රැණි කතන්දරයම ප්‍රේක්ෂකයන් විස්මයට පත් කරන ආකාරය ගැන යළිත් වරක් හැරී බැලිය යුතු තරම්ය.
    සුරූපී අයරින් ඇඩ්ලර් නිරුවතින් ඇවිදින අයුරු , දොස්තර ජෝන් වොට්සන්ගේ විවාහ මංගල්‍යය මෙන්ම ෂර්ලොක් අයරීන් ඇඩ්ලර් සමඟ ප්‍රේමයෙන් බැ‍ඳෙන සැටි බලන්නට ෂර්ලොක් නැ‍රැඹීම වටී. මීට සමකාලීනව විකාශය වූ තවත් ෂර්ලොක් හෝම්ස් රූපවාහිනී කතාවක් වූ එලිමන්ට්‍රි ද ඒ සමඟම නරඹනු වටී. පරස්පර විරෝධී වූද, අසාමාන්‍යය කුතුහලයක් ජනිත කරන්නා වූද එලිමන්ට්‍රි ද එවන්ම වූ නූතන ෂර්ලක් හෝම්ස් පොකුරු කතාවකි.
    බේකර් වීදියෙන් යළිත් මට වයලීන හඬක් ඇසෙයි. කලබලයෙන් තරප්පු පෙළේ ඇවිදිනු ඇසෙයි. ෂර්ලොක්ගේ කඩවසම් වූත්, මායාකාර වූත් මුහුණ කවුළුවකි ඇතුළින් එළියට දමනු පෙනේ. එළිපත්ත මත කහ පාට ටැක්සියකි. ඒ ෂර්ලොක් කැදවාගෙන යනු පිණිස පැමිණියකි. ඊළඟ වෙළුමේ කතාවක ආරම්භයකි.

    ඉස්සුවෙ: කාංචනා අමිලානි ගෙන්
     
    Last edited:
    • Like
    Reactions: Tyrion_Lannister

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    බලපු ටීවී සීරීස් වලිස් ඉහලින්ම තියෙන ටීවී සීරීස් එකක්.
    බෙනඩික්ට ආස උනෙත් මේ හින්දමයි.

    ෂර්ලොක් පොත් කියවපු ඕනම කෙනක්ට මේක නම් අනිවා සෙට් වෙනවාමයි.

    සීසන් 4 එනකම් බලන් ඉන්නේ.

    රෙප්+
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    බලල තියන tv series වල ටොප් 10 ඇතුලෙ තියනව ඕකත් xD

    eke podi comedy gathiyakuth thiyenawa. oka hit wenna ekath hethuwenna athi

    Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...Miss Me ... Miss Me...


    පට්ට කතාව.. මම සීසන් 1,2,3 බැලුවා :cool:

    බලපු ටීවී සීරීස් වලිස් ඉහලින්ම තියෙන ටීවී සීරීස් එකක්.
    බෙනඩික්ට ආස උනෙත් මේ හින්දමයි.

    ෂර්ලොක් පොත් කියවපු ඕනම කෙනක්ට මේක නම් අනිවා සෙට් වෙනවාමයි.

    සීසන් 4 එනකම් බලන් ඉන්නේ.

    රෙප්+

    You must spread some Reputation around before giving it to Supunqw again.

    aniwa balapu pattama tv series ekak :D

    Aluth sherlock maxxa widiyata abirahas wisandanne


    පට්ටනේ ඩෝ


    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලට :yes: