බේරේ වැවේ බැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සිදුවූ දේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පසුගිය 9 වනදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමට පැමිණි බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් නැවත නිවසට ගොස් ඇත්තේ දින 3කට පමණ පසුව බව හෙළිවී තිබේ.

    ඒ ආරක්ෂක පියවරක් වශයෙනි.

    අරගලකරුවන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ බේරේ වැවේ දියනෑමට සිදුව ඇති අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනා එලෙස ආරක්ෂක පියවරක් ලෙස දින 3කට පසුව අවමංගල්‍ය රථයක් සූදානම් කරගෙන නිවසට ගොස් තිබේ.

    වැඩිදුරටත් වාර්තා වෙන්නේ ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරුන් බවය.

    අදාළ මන්ත්‍රීවරුන් තිදෙනා ඇතුළු සිව්දෙනෙක් එලෙස 9 වනදා අරගලකරුවන්ට හසුවී තිබූ අතර එහිදී ඔවුන්ට දැඩිලෙස පහරදී බේරේ වැවට දමා තිබුණි.

    පසුව ඔවුන් අසල ස්ථානයක සැඟව සිට දින 3කට පසු එලෙස නිවෙස් බලා ගොස් ඇත.

    මල්ශාලාවක් පවත්වාගෙන යන හිතවතෙකු දුරකථනයෙන් අමතා ඔහුන් අදාළ රථය සූදානම් කරගෙන තිබේ.

    ඒ අනුව ඔහුන් සිව්දෙනා අවමංග්‍ය රථයේ වැතිරී එලෙස නිවෙස් බලාගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

    සවස් කාලයේදී අවමංග්‍ය රථයක් හදීසියේම නිවසට පැමිණීමෙන් නිවැසියන් ද කලබලයට පත්වී ඇති බවද වාර්තා විය.

    අවමංගල්‍ය රථයක් පැමිණීම ගැන අසල්වැසියන් ද විපරම්කර බැලීමේදී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබුණි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    "සවස් කාලයේදී අවමංග්‍ය රථයක් හදීසියේම නිවසට පැමිණීමෙන් නිවැසියන් ද කලබලයට පත්වී ඇති බවද වාර්තා විය."
    Meka nam boru. Unta gedarata call ekak denna thibunaney. :-)
     
    • Like
    Reactions: Dhanushka.N

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,960
    113
    ප*යාගල
    sorry.com
    "සවස් කාලයේදී අවමංග්‍ය රථයක් හදීසියේම නිවසට පැමිණීමෙන් නිවැසියන් ද කලබලයට පත්වී ඇති බවද වාර්තා විය."
    Meka nam boru. Unta gedarata call ekak denna thibunaney. :-)
    ඔව් බම්.බොරුව ඒක නම්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    "සවස් කාලයේදී අවමංග්‍ය රථයක් හදීසියේම නිවසට පැමිණීමෙන් නිවැසියන් ද කලබලයට පත්වී ඇති බවද වාර්තා විය."
    Meka nam boru. Unta gedarata call ekak denna thibunaney. :-)

    හැමතැනම වගේ උනේ ගෙදර උනුත් ගෙදර හිටපු නැති එක. හරිනං මූ පුදුම වෙන්න ඕනේ දවස් තුනකින් ගෙදර එවුන් ගෙදර හිටපු එකට. :lol: :lol:

    • Haha
    Reactions: hasithayad

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බේරේ වැවට පිරානාහ් මාළු ටිකක් දාන්න ඕන බෝවෙන්න.අායෙත් වේස බයියො ගහන්න අාවොත් ඕකට දැම්මහම මරුවට තියෙයි..🤪
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    "සවස් කාලයේදී අවමංග්‍ය රථයක් හදීසියේම නිවසට පැමිණීමෙන් නිවැසියන් ද කලබලයට පත්වී ඇති බවද වාර්තා විය."
    Meka nam boru. Unta gedarata call ekak denna thibunaney. :-)

    යා බං, ඌට කෝල් දාල හර්ස් එකක් ඇරේන්ජ් කර ගන්න පුලුවං ට්‍රාන්ස්පෝට් එකට
    ගෙදරට කෝල් එකක් දීල යන්න බෑ
    ඕකුංගෙ පොයියම තමා තියෙන්නෙ