බේසික්, ෆෝට්‍රාන්, ජාලිය

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    බේසික්, ෆෝට්‍රාන්, ජාලිය

    බේසික්, ෆෝට්‍රාන්, ජාලිය



    ඉස්කොලෙ යන කාලෙ විතරක් නෙමේ අදත් මට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමා විෂයය කරුණක්
    ගැන අළුත් වචන දෙක තුනක් එකපාර ඔළුවට දා ගත්තම, ඒව එකිනෙකින් වෙන් කරල හඳුන
    ගන්න එක.

    මේක අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්. උදාහරණ විදියට, 1/2, 3/2 වගේ භාග

    සංඛ්‍යාවක ඉරෙන් උඩ තියෙන්නේ ලවය ද හරය ද? හෘදය වස්තුවේ උඩ කුහර කර්ණිකා ද,
    කෝෂිකාද? කෝණයක සයින් අගය එන්නේ විරුද්ධ පාදය කර්ණයෙන් බෙදුවාම ද, බද්ධ පාදය
    කර්ණයෙන් බෙදුවාම ද, ඔන්න ඔය වගේ අති සරල, නමුත් ඉතා අසීරු ප්‍රශ්ණ.


    අපි හුඟ දෙනෙක් දන්නව වගේ මේව මතක තියාගන්න පොඩි පොඩි උපක්‍රම තියෙනව.



    ලවය හරය කියන උභතෝකෝටිකය විසඳන්නේ ලවයට ළමයාත්, හරයට හරකාත් ආදේශ

    කිරීමෙන්. හරකා ගෙ පිට උඩ ළමයා මිස ළමයා ගේ පිට උඩ හරකා වෙන්න බෑනෙ. ඉතිං ජීවිතේට
    ලවය හරය මාරුවෙන්නෙ නෑ.


    මතකද, ආවර්තිතා වගුවෙ එක් එක් මූල ද්‍රව්‍ය තියෙන පිළිවෙල මතක තියාගන්න තිබුණ උපක්‍රම.

    බෝතලේ ඇලී, ගැලී ඉන්නා තැලියා. නිමල්ගෙයි පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා වගේ සරල
    ක්‍රම.

    මේ කතන්දරයත් ඔන්න ඔය ලයින් එකේ එකක්.



    ඔන්න එක පන්තියක දි පාඩම යන වෙලේ, එක කොල්ලෙක් නිදා ගෙන ඉන්නව වගේ දැක්ක

    ගුරුවරයා එක පාරටම ඌට දමල ගැහැව්ව ප්‍රශ්ණයකින්.

    හා කියනව බලන්න, මොනවද තුන්වෙනි පරම්පරාවෙ පරිගණක භාෂා වලට උදාහරණ කිහිපයක්.


    අපේ යාළුව අඩ නින්දෙන් ඇහැරුණා. පොරට යාන්තං මතකයි මේකට උත්තරේ. එකක් බේසික්,

    තව එකක් ෆෝට්‍රාන්. තුන් වෙනි එක මොකක්ද කියල එක පාරට කටට ආවෙ නෑ.

    ඔන්න, ගඟෙන් එහා පැත්තෙ ඉස්කෝලෙ කොල්ලෙක් හිටිය උගෙ නම කීර්ති. කවුරුත් පොරට

    කීවෙ පැස්කුවල් කියලයි, ඒ කීර්ති පැස්කුවල් කියන ගායකයා හින්දයි. පැස්කුවල් එක්ක නිතරම
    ගැවසුන පැස්කුවල් ගෙ හොඳම යාළුවෙක් තමා ජාලිය.

    ඔන්න සර් බලන් ඉන්නව අපේ පොර උත්තර දෙනකං. එක පාරටම උත්තරේ කටට ආව.


    බේසික්, ෆෝට්‍රාන්, ජාලිය!


    මුළු පන්තියම හිනාවෙන කොටයි මෑන් ට තමන් ට වුනු වරද තේරුණේ.


    ඉස්සර සයන්ටිෆික් වැඩ වලට පාවිච්චි කරපු කම්පියුටර් ලැන්ග්වේජ් එකක් තමයි පැස්කාල්. අපේ

    යාළුවා ලේසියට මේක මතක තියා ගෙන ඉඳල තියෙන්නෙ පැස්කුවෙල් කියලයි. පැස්කුවෙල්
    කියන්නෙ ගඟෙන් එගොඩ ඉස්කෝලෙ කොල්ලෙක් නේ. ඉතිං, නිදිමත පිටම එක පාටරම කටට
    ආවෙ පැස්කුවෙල් ගෙ නම නෙමේ පැස්කුවෙන්ගෙ හොඳම යාළුව ජාලිය ගෙ නම යි.

    තව ටිකක් නිදිමත තිබුන නං කියයි ක්‍රිෂ්ණජිනා කියල!


    -කතන්දර කාරයා
     
    • Like
    Reactions: chint and randext86