මම දැක්ක දේ තමයි මචන්ලා අම්මට තාත්තට කරන කෙනෙහිලි කම් මේ භවයෙම පටිස්වන් දෙන විත්තිය. සැබැ ලෝකේ උදාහරණ තුනක් මම දැකලා තියනවා
1 තමන්ගේ තාත්තට කෙනෙහෙලි කම් කරපු කෙනෙක් . මේ කියන පුද්ගලයා තමන්ගේ තාත්තට කියන්නේ පරයා කියලා , ලෙඩ ඇඳෙදි ඉන්දැද්දි තමන්ගේ තාත්තට කනේ පහරක් ගහන්න තරම් කෲර වුන කෙනෙක්. අන්තිමට මම දැක්කේ මෙයාව එක්තරා පහත් තැනක. මේ පුද්ගලයාගේ පුතා මෙයාව එලියට දැම්මේ බෙල්ල මිරිකලා.කොහොමද කල කරුමේ මේ ආත්මෙදිම පටිසන් දීම.
2. තමන්ගේ අම්මට නොහොබිනා වචන වලින් බැනපු කෙනෙක්, මෙයාව දැක්කේ අන්තිමට ගිය අවුරුද්දේ වගේ කුෂ්ට රෝගයක් වැලඳිලා ඉතාම දුක්බර අවස්තාවක හොයන්න බලන්න කවුරුත් නෑ.
3. මේ කියන ගැහැණු කෙනා තමන්ගේ අම්මට ඉතාමත් දුක් දුන්න කෙනෙක්, අන්තිමේදි තමන්ගේ වයස් ගත් අම්මව එලියට දාලා එලවපු කෙනෙක්. හිතන්න පුලුවන්ද වුනේ දේ. මෙයාට ලමයි තුන් දෙනෙක් හිටියා .තියපු දේපල ඔක්කොම වගේ තුන් දෙනාටම බෙදල දුන්නා. ඉතින් බෙහල දුන්නම අරහෙ ටික කාලයයි මෙහෙ ටික කාලයි හිටියෙ ඔහොම මාරුවෙන් මාරුවට ඉන්න කොට දරුවන්ගේ එක් එක්කෙනා එන්න එපැයි කියල කිව්වා. අන්තිමට හිටිය දරුවගේ ලේලි මේ ගැණූ කෙනාට හුඟක් වද දුන්නා . එහේ ඉන්න බැරුව අන්තිමේදි නැ ගෙවල් වල තමයි හිටියේ .කොහොම හරි මැරෙන කොට මෙයාට 70ක් වගේ වුනා ඒ වෙනකම් ම දවස් තුනෙන් තුනට එක තැනකින් තව තැනකට යන්න වුනා අන්තිම අන්තිම වෙද්දි මෙයා කොලඹින් මාතර යනවයි එහෙන් තව කොහේ හරි යනව වගේ තමයි තිබ්බේ,ඔහොමපාරවල් ගානේ දුක්විඳ තමයි මලේ. මේක මෙතැනින් නැවතුනේ නෑ. අර දරුවන්ටත් වුනේ මේ ආනිසංසෙම තමයි.