බොක්කෙන්_ලව් කරලා උන් දේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    බොක්කෙන්_ලව් කරලා උන් දේ

    පෙම් පළහිලව්වක් නිසා විනාශ වුණු ජීවිතයකට පොලීසිය පිහිට වුණු හැටි

    උතුරු කළුතර පොලිස් ස්ථානයේ නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති සංජීව් විජේවීර මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් එකතුවෙලා කරපු සත්කාරයක් ගැන වාර්තා වනවා.

    ඔහු වැඩට එන ගමන් පාර අයිනේ කිළිටි වුණු ඇඳුම් ඇඳගෙන ඉන්න පුද්ගලයෙක් හමුවෙලා තියෙනවා. තමන්ගේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වගේම අනෙත් පිරිසත් එක්ක ගිහින් එම පුද්ගලයාව පොලිසියට එක්ක ඇවිත් පිරිසිදු කරලා, පසුව වැවිලා තිබුණේ කොණ්ඩය සහ රැවුල කපලා, වැවිලා තිබුණු නියපොතුත් කපා අලුත් ඇඳුම් අන්ඳවලා තියෙනවා.

    පොලීසිය පිහිටවුණු එම පුද්ගලයාගේ නම සුසිල් පුෂ්පකුමාර. මෙයාගේ වයස අවුරුදු 50ක්. ඔහු ගුරුවරයෙක් විදියට තමයි කලින් සේවය කරලා තිබෙන්නේ. ඔහු තරුණියකට ආදරය කරලා තියෙනවා හැබැයි ඒ තරුණියගේ ගෙවල් වලින් මේ සම්බන්ධයට කැමති නැතිවුණු නිසා ඔහුට එම ආදරය තමන්ගේ කරගන්න බැරිවෙලා තියෙනවා. පසුව තමයි ඔහු මේ තතත්වයට පත්වෙලා තියෙන්නේ.

    ඔහුගේ මව පවසා තිබෙන්නේ කලින් ආදර සම්බන්ධය තියෙන දවසේ ගෙදර අය එක්ක රණ්ඩු වුණු නිසා සුසිල් ගෙදරින් ගිය බවයි.

    අද (3) එම පුද්ගලයාව වෛද්‍යවරයෙක් ළඟට එක්ක යන්න තමයි තීරණය කරලා තිබෙන බවයි වාර්තා වන්නේ.




    12670100_929786600450091_5699749763866170687_n.jpg


    12662534_929786663783418_6131511770364027932_n.jpg


     
    • Like
    Reactions: TheRockSays