බොකෝ හරාම්' මඩින්න ශ්‍රී ලංකාවේ උපක්‍රම
'බොකෝ හරාම්' මඩින්න ශ්‍රී ලංකාවේ උපක්‍රම
නයිජීරියාවේ “බොකෝ හරාම්” ඉස්ලාම් අන්තවාදීන් ට එරෙහිව ගෙනයන සටනේදී යොදාගැනීම පිණිස දෙමළ කොටි කැරලිකරුවන් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් භාවිතා කළ උපාය උපක්‍රම අධ්‍යයනය කරමින් සිටින බව නයිජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සමාන තත්වයක්
අබුජා හි ඇති නයිජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාවෙන් පැමිණි ඉහල මට්ටමේ නියෝජිත පිරිසක් සමග පැවති මුලික වටයේ අදහස් හුවමාරුවෙන් පෙනී යන ආකාරයට ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්වය සහ නයිජීරියාවේ වර්තමාන තත්වය අතර බොහෝ සමානතා ඇති බවයි.
“ශ්‍රී ලංකා හමුදාවෙන් නයිජීරියානු ප්‍රතියෝගීන්ට ත්‍රස්තවාදය මැඩලීමේ සහය” මැයෙන් නයිජීරියානු පෞද්ගලික රුපවාහිනී චැනලයකට අයත් වෙබ් අඩවියක ජුනි මස 12 වෙනිදා පළවූ වාර්තාවකයි මේ බව සඳහන් වන්නේ.
එම වාර්තාවට අනුව ජුනි10 වැනි අඟහරුවාදායි මූලික වටයේ සාකච්ඡා පැවැත්වී ඇත්තේ.
කදිම අවස්ථාවක්
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසුරිය විසින් මෙහෙයවුණු මෙම සාකච්ඡාවට නයිජීරියානු යුද හමුදාපති, නාවික හමුදා ප්‍රධානී, නයිජීරියානු ජාතික ඔත්තු සේවාවේ ප්‍රධානී මෙන්ම වෙනත් ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට මුහුණ දී සිටි යුගයේ රට මුහුණ දුන් තත්වය හා වර්තමානයේ නයිජීරියාව් පවතින තත්වය අතර බොහෝ සමාන කම් ඇති බව පැවසූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකයා සඳහන් කර ඇත්තේ මෙම හමුව තම අත් දැකීම් හුවමාරු කර ගැනීමට කදිම අවස්තාවක් බවයි
සාකච්ඡාව අවසානයේ නයිජීරියානු ආරක්ෂක අංශ ප්‍රධානී එයාර් චීෆ් මාෂල් ඇලෙක්ස් බදෙහ් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සහභාගිත්වය පැසසුමට ලක්කර තිබේ.
නයිජීරියාවේ නැගී එන ත්‍රස්තවාදය මැඩලීමේ දී ශ්‍රී ලංකාවේ අත් දැකීම් පිලිබඳ ව දැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ඔහු තම ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නයිජීරියානු හමුදාව කැපවී සිටින බවයි අවධාරණය කර ඇත්තේ.