බොදුබලය යනු ආණ්ඩුව මිස වෙන කවරක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බොදුබලය යනු ආණ්ඩුව මිස වෙන කවරක්ද?

f
GR031213.jpg

Image Credit:dbsjeyaraj.com /www.defence.lk
බොදුබල සේනාව, රාවණා බලය සහ සිහළ රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය ජනතාව අවබෝධ කරගන්නේ ගැඹුරු දේශපාලනික විවරණ හරහා නොවේ. ඉතා සරළ දෘෂ්‍ය, වාචික සහ අනුභූතික සාක්ෂි ආශ‍්‍රයෙනි. උදාහරණයක් වශයෙන්, බොදුබල සේනාවේ නායකයන් අත්අඩංගුවට නොගැනීම ගැන අසන ප‍්‍රශ්නයට හමුදාපතිවරයා දෙන පිළිතුර ජනතාවගේ ඇස් අරවන සුළු ය. ඔහු කියන්නේ, රටේ කලබල ඇති විය හැකි නිසා එවැනි අන්තවාදී කොටස් අත්අඩංගුවට නොගන්නා බවයි/ මේ උත්තරය මගින්, බොදුබල සේනාවේ සැහැසි ස්වභාවය, පොලීසියේ අකර්මණ්‍ය භාවය සහ ඒ සමග ඇති ආණ්ඩුවේ සාංගම ගැන මනා අවබෝධයක් සාමාන්‍ය ජනයාට ලැබේ.
එම අවබෝධය ව්‍යාකූල කිරීම සඳහා වරින් වර ආණ්ඩුවේ නායකයෝ අතේ පැළවෙන කතා කියති. ‘අළුත්ගම’ පසුපස බටහිර කුමන්ත‍්‍රණයක් ඇති බව එයින් එකකි. එම බටහිර කුමන්ත‍්‍රණය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය නම්, මුලින්ම ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතු නොවේ දැ යි පෙරලා මිනිසුන් අසන බව ඔවුහූ නොදනිති. මේ ‘බටහිර කුමන්ත‍්‍රණය’ පිළිබඳ ආණ්ඩුවේ දෘෂ්ටිවාදය ඔසවා තබන එක් ලේඛකයෙකු එම භික්ෂුවට ඇමරිකාව අවුරුදු පහකට විසා බලපත‍්‍රයක් ද නිකුත් කොට තිබීම ඊට සාක්ෂියක් වශයෙන් මෑතක දී පෙන්වා දී තිබුණි. එසේ තිබියදී, ඊයේ එම වීසා බලපත‍්‍රය ඇමරිකාව අවලංගු කෙළේය. දැන් තත්වය කුමක් ද? අවුරුදු පහකට තමන්ගේ රටට පැමිණීමට ඇමරිකාව දී තිබූ වීසා බලපත‍්‍රය මෙසේ අවලංගු කිරීම, අපේ ජාතික සහ ආගමික අරගලය මොට කිරීමට ගත් ප‍්‍රයත්නයක් යැයි බොදුබල සේනාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ දැන් කියයි. අප පිළිගන්නේ කවුරු කියන කතාව ද? බොදුබල සේනා ගිහි නායකයාට අනුව, කලින් වීසා බලපත‍්‍රයක් නිකුත් කොට තිබීම, ලංකාවේ ජාතික සහ ආගමික අරගලයට ඇමරිකාව දුන් අනුග‍්‍රහයක් වශයෙන් සැළකිය යුතුව තිබේ. එහෙත් රජයේ නිල දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශකයන්ට අනුව, මෙවැනි පුද්ගලයෙකුට එවැනි දීර්ඝ කාලයකට වීසා බලපත‍්‍රයක් නිකුත් කොට තිබීමම, බටහිර කුමන්ත‍්‍රණයක එක් අංගයකි.
විදේශ ඇමතිවරයාට අනුව, ‘අළුත්ගම’ වනාහී, දේශීය සහ විදේශීය අරමුණු පෙරදැරි කරගත් ‘එක්තරා ව්‍යාපාරයකි’. ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව ආණ්ඩුව සමග නොහොඳ කිරීමට මාන බැලීම, දේශීය අරමුණ වශයෙන් ඔහු හඳුන්වයි. ඊළඟට, මුස්ලිම් රටවල අප‍්‍රසාදයට ලංකාව පත්කිරීම, මේ ‘ව්‍යාපාරයේ’ විදේශීය අරමුණලූ. ඔහුගේම අමාත්‍යාංශයේ විදේශ තානාපති නිලධාරිනියක් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක දී, ඊට වඩා අනුභූතිකව එය පැහැදිළි කළාය. බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු විසින් පහර දීමත්, තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් පන්සලට වැඩම කරද්දී මුස්ලිම් ජාතිකයන් ගල්මුල්වලින් ඔවුන්ට පහර දීමත් මේ කලබලයට හේතු වූ බව ඇගේ හේතුපාඨය විය.
මේ ගැන ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ‘ඬේලි මිරර්’ පුවත්පතට දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණි. බොදුබල සේනාව සහ තමන් අතර සම්බන්ධයක් ඇතැ යි ‘ඔප්පු කළොත්’ තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව එහි දී ඔහු කියයි. මුලින්ම කිව යුත්තේ, රාජපක්ෂ පාලනය යටතේ ‘ඔප්පු කිරීම’ යනු තවදුරටත් අධිකරණයක් සහ නීතියක් ඉදිරියේ කෙරෙන කටයුත්තක් නොවන බවත්, රාජපක්ෂ පවුලේ හුදු අභිමතය මත සිදුවන නිගමනයක් පමණක් වන බවත් ය. ඒ අනුව, සරත් ෆොන්සේකා සහ ශිරානී බණ්ඩාරනායක කළා යැයි කියන වැරදි ඉබේ ‘ඔප්පු’ වන අතර, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වාගේ සිට හම්බන්තොට ප‍්‍රාදේශීය නියෝජිතයා දක්වා අදාළ වන කිසිවක් ‘ඔප්පු’ වන්නේ නැත. එසේ වෙතත්, මේ රටේ සාමාන්‍ය ජනතාව මේ සියලූ දේවල් පසුපස ක‍්‍රියාත්මක වන රාජපක්ෂ හස්තය, හෙමිහිට වුවත් දිනපතා දකිමින් සිටිති. මේ නිසා, පසු ගිය කාලයේ බොදුබල සේනා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සහභාගී වීම සහ බොදුබල සේනා වැනි භික්ෂු ව්‍යාපාර මේ රටේ පැවතිය යුතු බවට විවිධ අවස්ථාවල ඔහු විසින් ප‍්‍රකාශ කොට සිටීම යන කාරණා නැවත මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවේ. ඔහුගේ මේ සම්මුඛ සාකච්ඡාව තුළින්ම පුහුල් හොරා හඳුනා ගැනීමට බැලීම දැනට ප‍්‍රමාණවත් ය.
තමා කිසිවෙකුට චෝදනා කරන්නේ නැති බව මුලින්ම ඔහු කියයි. එහෙත් මුළු සම්මුඛ සාකච්ඡාව පුරාම ඔහු කරන්නේ, බොදුබල සේනාව හැර අනිත් සියල්ලන්ටම චෝදනා කිරීමයි. මෙවැනි දේවල් කරන්නේ බොදුබල සේනාව පමණක් දැ යි ඔහු ප‍්‍රශ්න කරන්නේ එබැවිනි. තවත් සංවිධාන එම වරදම කළත්, ඒ හේතුවෙන් බොදුබල සේනාව එම වරදින් නිදහස් වන්නේ නැති බව ඔහු වසංගයි. ලංකාවේ දැනට නැති මුස්ලිම් ත‍්‍රස්තවාදයක් ගැන කතා කරන ඔහු, බොදුබල සේනාව විසින් කරන ලද වෛරී කතා සහ පල්ලිවලට පහරදීම් ගැන ප‍්‍රශ්න කරන විට පිළිතුරු දෙන්නේ, එසේ වී ඇත්තේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් පමණක් නොවන බවයි. වෙනත් ජාතිකයනුත් එවැනි ප‍්‍රහාරයන්ට ගොදුරු වී තිබීම, මුස්ලිම් ජාතිකයන්ට කළ ප‍්‍රහාරය සාධාරණීකරණය වීමක් නොවන බව නැවතත් ඔහු වසං කරයි. ඔහුට අනුව, ‘අළුත්ගම’ ගැන කතා කිරීම ඇරඹිය යුත්තේ ඥානසාර කළ කුපිතකාරී වෛරී කතාවෙන් නොව, ඊට කලින් වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට කළා යැයි කියන පහරදීමෙනි.
ගෝඨාභය රාජපක්ෂගේ කරේ මොන තරම් අළු ගෑවී තිබේදැ යි පෙනෙන්නේ එහිදී ය. මේ තර්කයට අනුව, 1983 කළු ජූලියේ වගකීම අප පැවරිය යුත්තේ, ඊට දින කිහිපයකට කලින් උතුරේ දී ඝාතනය කළ සොල්දාදුවන් 13 දෙනාගේ සිද්ධියටයි. ඒ අනුව, 83 මහා විනාශය සොල්දාදුවන් 13 ක් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැර කොට අත පිස දමාගත හැකිය. මන්ද යත්, 13 දෙනාගේ ඝාතනය සිදු නොවිණි නම්, ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන තර්ක ක‍්‍රමය අනුව, කළු ජූලියක් ද ඇති නොවන බැවිනි.
කෙසේ වෙතත්, මේ කියන භික්ෂුන් වහන්සේට පහර දී ඇති බවක් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් නොකියැවෙන බව සාකච්ඡාකරු විසින් පෙන්නා දීමේ දී ඔහු පිළිතුරු දෙන්නේ මෙසේය: ‘‘අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව වෙනම දෙයක්. ඒත් හැමෝම කියනවා පහර දීමක් වුණා කියලා. තල්ලූ කළොත් තුවාලයක් වෙන්නේ නැහැනේ. අධිකරණ වෛද්‍ය වාර්තාව සඳහන් කරන්නේ තුවාලයක් තිබුණොත් විතරයි. කොහොම හරි යම් සිද්ධියක් වුණා. එම සිද්ධිය නොවුණා නං මෙහෙම දෙයක් වෙන්නේ නැහැ…’’
මෙය, ‘මුල් පාපයේ’ එල්ලීමක් පමණක් නොව. රටේ නීතිය සහ ඒවා ක‍්‍රියාත්මක කරන ආයතන තිබෙන්නේ කොහේදැ යි නොදැනුවත්ව හෝ ඔහු විසින්ම පෙන්වා දීමක් ද වෙයි. ‘මුල් පාපය’ සිදුවන අවස්ථාවේ පොලීසිය නොසිටියේය. එසේ තිබියදීත් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තවමත් හිරේ රඳවාගෙන සිටී. එහෙත් ඥානසාර භික්ෂුවගේ දෙවැනි පාපය සිදුවන අවස්ථාවේ පොලීසිය බලාගෙන සිටියේය. එම භික්ෂුව, ‘පුලූවන් නං මාව අත්අඩංගුවට ගන්නැ’ යි අභියෝග කිරීමට තරම් තවමත් නිදැල්ලේ ය.
එපමණකින් නොනවතින ඔහු තවත් ප‍්‍රති-ප‍්‍රශ්නයක් මතුකරයි. ඒ මෙසේය: ‘‘ඒත් ඇයි මට වැරදි කියන්නේ? පොලීසිය මගේ යටතේ තියෙන ආයතනයක් නෙවෙයි.’’
රාජපක්ෂලා යටතේ නොපවතින යම් ආයතනයක් තවමත් ලංකාවේ ඉතිරිව ඇතොත් ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණකි යි මීට පෙරත් මේ කොලමේ අප පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, පොලීසිය තමන් යටතේ නොපවතින බව කියන ආරක්ෂක ලේකම්වරයා ඊළඟට එම සම්මුඛ සාකච්ඡාවේ ඊළඟ පේලියේ දී මෙසේ කියයි: ‘‘මං හිටියේ මිහින්තලේ. පොලිස්පතියි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමයි හිටියෙත් එහේ… මං වහාම පොලිස්පතිට උපදෙස් දුන්නා අළුත්ගමට යන්න කියලා. පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම්වරයටත් කිව්වා යන්න කියලා.’’ විවිධ නම්වාසගම් යටතේ තිබුණත් පොලීසිය ක‍්‍රියාත්මක වන්නේ කා යටතේ දැ යි ඔහුම පෙන්වා දුන්නේ එලෙසිනි.
ආගමික සහ ජාතිවාදී සංවිධාන ආණ්ඩුව විසින් නඩත්තු කිරීම පසුපස ඇති දේශපාලනය බොහෝ දෙනා සිතනවාට වඩා සංකීර්ණ ය. එය, හුදෙක් ඌව පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් ඉලක්ක කොට දියත් වන්නක් නොව, (ඒවාට ද එය වාසියක් වීම වෙනම කාරණයකි). ඉන් බොහෝ ඈතට දිවෙන සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකි. රටක් සහ සමාජයක් වශයෙන් ව්‍යර්ථ කළ යුත්තේ ඒ ව්‍යාපෘතියයි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බොදු බලය කියන්නේ ආන්ඩුවේම කොටසක් කියලා ඥාණසාර පිලි අරගෙන තියෙනවා.නමුත් මෙතන ඉන්න හිපා‍ටුවන් එහෙම නෙවෙයි කියලා තටමන්න මාර අමාරුවක් ගන්නේ.ආන්ඩුවේ සම්බන්ධයක් නැත්නම් ප්‍රසිද්දියේ රට ගිනි තියන්න හම්බ වෙයිද?
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    බොදු බලය ආණ්ඩුවේ උනත්,රනිල් ගේ උනත්, ඇමරිකාවේ උනත් මට කමක් නැත. ඥානසාර හාමුදුරුවෝ, මේවා කරන්නේ දේශපාලන වාසි බලාගෙන උවත්, නොවුවත් මට වැඩක් නැත.

    මට වැඩක් ඇති එකම දෙයනම්, ඔවුන් මට අනාගතයේ සිදුවිය හැකි අනතුරක් කල් තියා පෙන්වූ බවයි. ඔවුන් ගේ කතාවලින් පසු ආපසු හරි අතීතය දෙස බැලු මට පෙනුනේ එම කතා කොතරම් නිවැරදිද යන්නයි. මෙතෙක් කල් සිදුව තිබුනේ පිළිකාව ඉතා සෙමින් වර්ධනය වීමයි. කොතර සෙමින් එය විද කියතොත් එවැන්නක් ඇති බවවත් අප කාටවත් නොදැනිණ. බොදු බලය කලේ පිළිකාවක් ඇති බව පෙන්වීමයි. දැන් මම පිළිකාවක් ඇති බව දනිමි. එය කොතරම් හෙමින් වර්ධනය වුවත්, පිළිකාව,පිලිකවමය, එය අනාගතයේ ඔබ මරා දමනු ඇත. නමුත් එය එසේ සිදුවිය හැකි බවට මම දැන් දැනුවත්ය. මට හැකි ආකාරයෙන් පිළිකාව තුරන් කිරීමට මට දැන් කටයුතු කල හැකිය. මට වැඩකට ඇති එකම දේ එයය.

    බොදු බලයට බනිනා මිනිසුන් ගැන මා සිතන්නේ මෙසේය.

    එකතරා දොස්තර වරයෙක් තම ප්‍රදේශයේ සෙමින් පැතිර යන එහෙත් කිසිවෙකුත් නොදන්නා වසංගතයක් ගැන ප්‍රදේශවාසීන් ව දැනුවත් කිරීමට පටන්ගත්තේය. එය දුටු සමහරක් එය ගැන සිතුවේ/කිවේ, මෙය දෙස්තර විසින් තමන් වෙත එන රෝගීන් ගණන වැඩිකර ධනය උපයා ගැනීමට සිදුකරන කුට උපක්‍රමයක් බවය. තවත් කොටසක් ඔහුගේ අනතුරු හැඟවීම සුළු කොට නොතකා වඩා ප්‍රවේශම් වීමට කටයුතු කළහ.

    කවුරු මොනවා සිතුවත් රෝගය රෝගයමය. එය උත්සන්න වූ විට එයට බැන වැදුණු පුද්ගලයන් පසු තැවෙනු ඇත. නමුත් ඒ වනවිට ඔවුන් රෝගයෙන් දිවි ගලවා ගැනීමට ප්‍රමාද වුවා වැඩිය.

    ප.ලි. මට රේප් වලින් වැඩක් නැත
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    11.gif

    +7
     
    හයියො උඹල මුස්ලිම් වසන්ගතේ දන්නේ ඥානයා අවට පස්සෙද. ඕක මිනිස්සු නවසිය පනස් ගනන් වල ඉඳන්ම දන්නවා.උඹලා මේ ලෝකෙද හිටියේ?බලපිය එලකිරි එකේ ත්‍රෙඩ් 2010ට කලින්.ඒවගෙත් ඕවා ගැන ත්‍රෙඩ් ලක්ෂයක්වත් ඇති.ආගමික ත්‍රෙඩ් වල බලපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හයියො උඹල මුස්ලිම් වසන්ගතේ දන්නේ ඥානයා අවට පස්සෙද. ඕක මිනිස්සු නවසිය පනස් ගනන් වල ඉඳන්ම දන්නවා.උඹලා මේ ලෝකෙද හිටියේ?බලපිය එලකිරි එකේ ත්‍රෙඩ් 2010ට කලින්.ඒවගෙත් ඕවා ගැන ත්‍රෙඩ් ලක්ෂයක්වත් ඇති.ආගමික ත්‍රෙඩ් වල බලපන්.

    එහෙනං මොන පකටද පොන්නයෝ bbs වගේ සංවිධාන ත්‍රස්ත ගණයට දාල සිංහලු පිටම වැරැද්ද පටවන්නේ අවජාතක හිවලෝ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    එහෙනං මොන පකටද පොන්නයෝ bbs වගේ සංවිධාන ත්‍රස්ත ගණයට දාල සිංහලු පිටම වැරැද්ද පටවන්නේ අවජාතක හිවලෝ

    බලසේනාව ත්‍රස්තවාදීන් කලේ ජාත්‍යන්තරය.මම නෙවෙයි.ඒක උන්ගෙන් අහපල්ලා.:rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    හයියො උඹල මුස්ලිම් වසන්ගතේ දන්නේ ඥානයා අවට පස්සෙද. ඕක මිනිස්සු නවසිය පනස් ගනන් වල ඉඳන්ම දන්නවා.උඹලා මේ ලෝකෙද හිටියේ?බලපිය එලකිරි එකේ ත්‍රෙඩ් 2010ට කලින්.ඒවගෙත් ඕවා ගැන ත්‍රෙඩ් ලක්ෂයක්වත් ඇති.ආගමික ත්‍රෙඩ් වල බලපන්.

    වෙන්න ඇති, නමුත් මේ ප්‍රශ්නේ නිසි ආකාරයට එලියට අවේ BBS එකත් එක්ක නේද?
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    බොදු බලය ආණ්ඩුවේ උනත්,රනිල් ගේ උනත්, ඇමරිකාවේ උනත් මට කමක් නැත. ඥානසාර හාමුදුරුවෝ, මේවා කරන්නේ දේශපාලන වාසි බලාගෙන උවත්, නොවුවත් මට වැඩක් නැත.

    මට වැඩක් ඇති එකම දෙයනම්, ඔවුන් මට අනාගතයේ සිදුවිය හැකි අනතුරක් කල් තියා පෙන්වූ බවයි. ඔවුන් ගේ කතාවලින් පසු ආපසු හරි අතීතය දෙස බැලු මට පෙනුනේ එම කතා කොතරම් නිවැරදිද යන්නයි. මෙතෙක් කල් සිදුව තිබුනේ පිළිකාව ඉතා සෙමින් වර්ධනය වීමයි. කොතර සෙමින් එය විද කියතොත් එවැන්නක් ඇති බවවත් අප කාටවත් නොදැනිණ. බොදු බලය කලේ පිළිකාවක් ඇති බව පෙන්වීමයි. දැන් මම පිළිකාවක් ඇති බව දනිමි. එය කොතරම් හෙමින් වර්ධනය වුවත්, පිළිකාව,පිලිකවමය, එය අනාගතයේ ඔබ මරා දමනු ඇත. නමුත් එය එසේ සිදුවිය හැකි බවට මම දැන් දැනුවත්ය. මට හැකි ආකාරයෙන් පිළිකාව තුරන් කිරීමට මට දැන් කටයුතු කල හැකිය. මට වැඩකට ඇති එකම දේ එයය.

    බොදු බලයට බනිනා මිනිසුන් ගැන මා සිතන්නේ මෙසේය.

    එකතරා දොස්තර වරයෙක් තම ප්‍රදේශයේ සෙමින් පැතිර යන එහෙත් කිසිවෙකුත් නොදන්නා වසංගතයක් ගැන ප්‍රදේශවාසීන් ව දැනුවත් කිරීමට පටන්ගත්තේය. එය දුටු සමහරක් එය ගැන සිතුවේ/කිවේ, මෙය දෙස්තර විසින් තමන් වෙත එන රෝගීන් ගණන වැඩිකර ධනය උපයා ගැනීමට සිදුකරන කුට උපක්‍රමයක් බවය. තවත් කොටසක් ඔහුගේ අනතුරු හැඟවීම සුළු කොට නොතකා වඩා ප්‍රවේශම් වීමට කටයුතු කළහ.

    කවුරු මොනවා සිතුවත් රෝගය රෝගයමය. එය උත්සන්න වූ විට එයට බැන වැදුණු පුද්ගලයන් පසු තැවෙනු ඇත. නමුත් ඒ වනවිට ඔවුන් රෝගයෙන් දිවි ගලවා ගැනීමට ප්‍රමාද වුවා වැඩිය.

    ප.ලි. මට රේප් වලින් වැඩක් නැත

    Umba wage gonek :yes::yes::yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107

    :yes::yes::yes:
     
    Similar threads