බොදු බලසේනාව අගමැතිගේ පැත්ත ගනී..!
කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පළ කරන ලද තොරතුරුවලින් සෙවිය යුත්තේ සැබෑවටම කුඩු කන්ටේනරයක් ගෙනා පුද්ගලයන් කවුරුන්ද යන්න බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලබොඩ අත්ථෙ ඤාණසාර හිමියෝ පවසති.
නියමින් හෝ අනියමින් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් සෙවීම පසක තබා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් හෝ පූජ්‍ය ඕමල්පේ නායක හිමිපාණන් වහන්සේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර පෑම ප්‍රඥ්ඥාගෝචර නොවන බව ස්වාමීන්වහන්සේ කියා සිටියහ.
ලියුම් කෑල්ලක් සම්බන්ධයෙන් අවධානය යොමු කොට ක්‍රියා කර ඇතත්, එම ලිපිය රේගුවට නිකුත් කළ එකක් නොවන බවත් එය භාණ්ඩ ගබඩාකල සමාගමට නිකුත් කළ එකක් බවත් එමගින් භාණ්ඩ නිදහස් කිරීමට පෙර සදහන් නොකර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අද (03)දහවල් කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස වූ විසුම්පායේදී පැවැති හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.
අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මහතා හා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්ථෙ ඤාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය අතර එම හමුව පැවැත්විණ.
නිකුත් කළා යැයි පැවසෙන ආකාරයේ ලියුම් ඔනෑම කෙනෙකුට දිය හැකි බවත් එම ලියුමෙන් සෘජු ලෙසම වැරදි කරුවෙක් සොයා ගැනීමට සංඥාවක් නොලැබෙන බවත් පූජ්‍ය ගලබොඩ අත්ථෙ ඤාණසාර හිමියන් පැවසූහ.
'' අග්‍රාමාත්‍යතුමා කන්ද උඩරට සිංහල බෞද්ධ සටන්කාමී නායකයෙක්. එතුමා රටට විශාල වැඩ කොටසක් සිදු කළ කීර්තිමත් දේශපාලන නායකයෙක්. තමන්ගේ දේශපාලන ජීවිතයේ කැප කිරීමක් කොට අග්‍රාමාත්‍යධූරයට පත්ව සිටින විට නොකළ දෙයකට චෝදනා කරන විට එතුමට වුවද විශාල වේදනවක් සිදුවන දෙය සාමාන්‍ය දෙයක්...'' යයි පැවසු උන්වහන්සේ, බෞද්ධ නායකයන් අතර ඇතිවූ ගැටළුවක් සංසිදුවීමට මෙහි පැමිණි බවත් සදහන් කළහ.
සංඝාධිකරණ පනත ගෙන්න :
මහා සංඝරත්නයේ සුභ සිද්ධිය උදෙසා ගෙනඒමට නියමිත පනත් කඩිනමින් සකස් කරන ලෙස ද උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියහ.
සංඝාධිකරණයක් අවශ්‍ය බව තමන් වහන්සේ කලක සිට කළ ප්‍රකාශයක් බවත්, එමෙන්ම පොලිස් ස්ථානවලට ස්වාමීන්වහන්සේලාගේ ගැටළු සාකච්ඡා කිරීම සදහා දැනුම ඇති පොලිස් නිලධාරී ඒකක ස්ථාපනය කළ යුතු බවත් පැවසු උන්වහන්සේ, එය කඩිනමින් ඉටු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියේය.
ඇතැම් භික්ෂූන් වහන්සේලා අකටයුතුකම්වලට හුරු කරවීමට චීවරධාරීහු කටයුතු කරන බවත්, එවැනි සිද්ධීන් කිහිපයක් තම සංවිධානය හෙළි කර ගත් බවත් උන්වහන්සේ කියා සිටියේය.
ස්වාමීන් වහන්සේලගේ පැවිදිභාවයට හානි පමුණුවන ක්‍රියා සිදුව ඇත්නම් උන්වහන්සේලා පුනරුත්තාපනය කිරීමට පුනරුත්තාපන මධ්‍යස්ථානද ක්‍රියාත්මක කළ යුතු යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.
වෛරයෙන් ක්‍රියා නොකරමි :
මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමා ඉතාම පිරිසිදු පෞද්ගලික හා දේශපාලන ජීවිතයක් ගත කරන බවයි. විරුද්ධ පක්ෂයේ අයෙකුට පවා ක්‍රියා නොකළ බවත් රාජ්‍ය සේවක පත්වීම් දීමේදී පවා පක්ෂ භේදය නොසලකූ බවත් සදහන් කළ අග්‍රාමාත්‍යවරයා, තමා වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ක්‍රියා නොකරන බවත් කියා සිටියේය.
තමාට දිවංගත ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට ආරාධනා කළ බවත්, බණ්ඩානායක මැතිණිය ද එවැනි ආරාධනයක් කළ බවත් තමා එවැනි පරිත්‍යාග කිරීම් පක්ෂය වෙනුවෙන් ක්‍රියා කළ බවත් කියා සිටි අග්‍රාමාත්‍යවරයා, කුල භේදයට විරුද්ධව තරුණ වියේ සිට ක්‍රියා කළ බව ද කියා සිටියේය.
මේ අවස්ථාවේදී අනගාරික ධර්මපාලතුමාගේ 150වන ජන්ම දින සැමරුම් උත්සවය ද උත්සවාකාරයෙන් සැමරිය යුතු යැයි සාකච්ඡා කළහ.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර, අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් රොෂාන් මද්දුමගේ යන මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.