ගලබොඩ අත්තෙල ,රිශාඩ් බදුරදින්ල , රායප්පුල ඔක්කොම මටයනම් එක සමානව අප්පිරියයි .කාලකන්නි .... සමහරුන්ට කැලෙ ගැන දුක වෙන ආගමක් අදහන උන් විනාස කරන නිසා , නැත්තම්
//අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2011 පමණ සිට කරගෙන යන ජෛව-සංචාරක ගොවිපලක් වන "HVඇ Fඅර්ම්" සඳහා අක්කර 300ක් මේ වන සංරක්ෂණයෙන් ම වෙන් කර ඇත //
මටනම් හම්බයද කුරුසයද දෙමලද සින්හලයද නෙවෙයි , මෙන්න ප්‍රශ්නෙ ....
මෙන්න සෙනාවත් හම්බයොවත් කියන්නෙ නැති කතාව , .උපුටා ගැනිම වැද්දාගෙන්
විල්පත්තු වන රක්ෂිතය සහ එහි යාබද පෙදෙස්වල අක්කර සිය ගණනක් එලිකොට LTTEය නිසා උතුරෙන් අවතැන් වූ මුස්ලිම් පවුල් වලට නිවාස ඉදි කරන වැඩපිළිවෙලක් ගැන මේ දිනවල මාධ්‍ය ලහි-ලහියේ කතා කරති.
බොදුබලසේනාවට මේ ගැන ඇති ප්‍රධාන කැහිල්ල ඒ ගම්මාන වලට සිංහල නම් නොදැමීම සහ මැදපෙරදිග ආධාර වලින් ඒවා ඉදිකිරීමයි. ඔවුන්ට අනුව, මේ ඉඩම් අල්ලාගෙන ඇත්තේ ද අනවසරයෙනි. බදුර්ඩීන් ඇතුළු මුස්ලිම් පිල පවසන්නේ මේ ඉඩම් අවසර ගෙන එලි කළ ඒවා බවත්, මේ කොලනි වලට නම් දමා ඇත්තේ ඒවා ඉදිකිරීමට ආධාර දුන් රටවල් සිහි වීමට බවත්ය. තම නමට කැළැලක් කළ නිසා ඔහු බොදුබලසේනාවෙන් වන්දියක්ද ඉල්ලා සිටියි.
නමුත් මෙතන ඉතා ලස්සනට යටගසා ඇති සැබෑ ප්රශ්නය ගැන දෙපිලම කථා නොකරති:
විල්පත්තු රක්ෂිතය වටා ඉඩම් හෙළි කිරීමට පිරිස් උනන්දු වූයේ අද-ඊයේ සිට නොවේ. යුද්ධය අවසන් වූ වහාම වාගේ කල්පිටිය අවට දූපත්වාසීන් බලෙන් ඉවත් කර ඒ දූපත් වසර 99යේ බදු වලට විදේශිකයන්ට පවරා දෙන ලදී. දැන් මීගමුවටම අධිවේගී මාර්ගයක් ඇත. ඉන් උතුරට වන්නට නව සංචාරක කේන්ද්‍රයක් බිහිවෙමින් පවතී. මේ පෙදෙසේ ඉදිකිරීම් සිදු කිරීමට ඇති අවහිරතා දෙකකි. ඉන් එකක් විල්පත්තු රක්ෂිතයයි. අනෙක මන්නාරම අසල රක්ෂිත වගුරුබිමයි. විවිධ උපක්‍රම භාවිතා කරමින් විල්පත්තු රක්ෂිතය තුළ හා අවට ඉඩම් හෙළි කරන කැලෑ කපන්නෝ ඒ සඳහා යොදාගෙන ඇති හොඳම නිදහසට කරුණ මෙම "නැවත පදිංචි කරවීමේ" ගුණ්ඩුවයි.
අවතැන්-වූවන් පදිංචිකරවීමට වන රක්ෂිත වලට අයත් ඉඩම් හැර වෙනත් ප්‍රදේශ නැද්ද? පැහැදිලිවම ඇත. නැගෙනහිර සීමාවේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මීට කදිම නිදසුනකි. 1988 දී මහවැලි "L" කලාපය ලෙස නම් කළ වැලිඔය සීමාවේ ඉඩම් අක්කර දහස් ගණනක් පවුල් සඳහා වෙන් කර දීමට ඉතිරිව ඇත. එසේ තිබියදී පවුල් පදිංචි කරවීමට වන රක්ෂිතයක් එලි කරන්නට අවසර දෙන්නේ මොන මෝඩයෙක්ද?
වනරක්ෂිතයක් නොවීම සහ අමතර ඉඩම් රැසක් තිබීම හැර, වැලිඔය මුස්ලිම් පවුල් පදිංචි කරවීම සුදුසු වීමට තව ඉතා වැදගත් හේතුවක් ඇත.
LTTE සංවිධානය සහ දෙමල ඩයස්පෝරාව චෝදනා කරන්නේ, වැලි ඔය ඇත්තේ පාරම්පරික දෙමල ඉඩම් බවත්, 1960 ගණන් වලදී රජය පෞද්ගලික ආයෝජකයන්ට අත් කරදුන් බවයි. ඒ නිසාවෙන්, 1984 දී LTTE සංවිධානය සිදු කළ මුල්ම සිංහල ඝාතන වූ කෙන්ට් හා ඩොලර් ෆාම් ඝාතන සිදු වූයේද වැලි ඔය ප්‍රදේශයේ ය. 1988දි මහවැලි L කලාපය ලෙස නම් ව කෘෂි ඉඩම් වෙන් කළද, සිංහල පවුල් වැලිඔයට යෑමට මැලි වූයේ එබැවිනි. මේ දිනවල පවා, සිංහල පවුල් වැලි ඔය පදිංචි කරවන හැම වාරයක් පාසාම අන්තර්ජාතික LTTE-පක්ෂී පිරිස් සහ ඩයස්පෝරා මාධ්‍ය එය වාර්තා කරන්නේ "පාරම්පරික ද්‍රවිඩ නිජබිම් වල සිංහලයන් පැල කිරීම" ලෙසයි. වැලි ඔය සිංහලයන් වෙනුවට මුස්ලිම් සරණාගතයන් පදිංචි කරවිය යුත්තේ එබැවිනි. වැලිඔය මහවැලි L කලාපයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 13,041 කි. දැනට මෙහි පොකුරු 5ක් මහවැලි ක්‍රමය යටතේද, වෙහෙරවැව කොටස ශ්‍රී ලංකා හමුදාව යටතේ ද, පිරිස් පදිංචි කරවීමට යොදා ගැනේ.
මේ තත්වය යටතේ, LTTE සංවිධානය විසින්ම බලෙන් උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් සරණාගතයන් වැලි ඔය පදිංචි කරවීම සුදුසු වන්නේ ඇයි දැයි ඔබට දැන් වැටහෙනු ඇත. අන්තර්ජාතික මාධ්‍යයට "සිංහල කුමන්ත්‍රණ" ගැන කියන්නට දෙයක් නැති වේ. සිංහලයන් යන්නට අකමැති ඉඩම් ප්‍රදේශයක් මහවැලිය යටතේ වගාකිරීමට හැකි වේ. එසේම, විල්පත්තු රක්ෂිතය විනාශ වීම වලක්වාගත හැකි වේ.
ඉතින් මොන ලබ්බටද මෙහෙම මෝඩ තීරණයක් ගත්තෙ? සංචාරක කේන්ද්‍රයක් ඉදිවන ප්‍රදේශයට යාබද විල්පත්තු රක්ෂිතය එලි කරන එකෙන් කාටහරි අනාගත වාසියක් තියන නිසා නේද? ඒත් එක්කම, 2013 අප්‍රේල් මාසේ වන සංරක්ෂණ එකෙන් කැලේ කපන්න බදුර්ඩීන් ට අවසර දුන්න බව හොඳටම දැන දැනත්, වසරක් යනකං බොදුබලසේනාව කට වගහෙන හිටියේ මොන ලබ්බටද? "කැලේ එලි කරාට කමක් නෑ, එතන ගෙවල් හදනකං කෑ ගහන්න එපා" කියල කවුරු කියපු නිසාද?
එම 2013 අප්‍රේල් මාසයේම ප්‍රසිද්ධ ගැසට් නීති පත්‍රයකින් නැගෙනහිර සහ පුත්තලම ප්‍රදේශ වල ශරියා නීති උගන්වන ආගමික පාසල් දෙකක් පිහිටුවීමට අවසර දුන් බවත්, ඒ පිළිබඳවද බොදුබලසේනාව නිහඬව සිටි බවත්, ඒ අප්‍රේල් මාසයේම බල සේනාව අමෙරිකාවේ සංචාරයක ගිය බවත්, කාට නැතත් වැද්දාට හොඳට මතක තිබේ. එසේම, මෙකී විල්පත්තු අභයභූමි මායිමේ ම, අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2011 පමණ සිට කරගෙන යන ජෛව-සංචාරක ගොවිපලක් වන "HVA Farm" සඳහා අක්කර 300ක් මේ වන සංරක්ෂණයෙන් ම වෙන් කර දුන් බව බොදු බල සේනාව හොඳාකාරව දනී. නමුත් ඒ ගැන කථා කිරීමට ඔවුන්ට අවසර දී නොමැති සෙයක් පෙනේ.
"බුරපං" කියල බල්ලො ලිහන්නේ හාම්පුතාට ඕනෑ වෙලාවට ලු...
- වැද්දා
යොමුව:
1. http://www.facebook.com/lankadivasi/photos/p.687812211260361/687812211260361/?type=1
2. http://www.idpsrilanka.lk/Doc/Fact-... Mission - Weli Oya Anuradhapura district.pdf
3. http://www.nakkeran.com/colonization3A.htm
4. http://www.uthr.org/Reports/Report8/chapter1.htm