ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ඇතිකර ගනිමු...
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති ගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශුභෘශිංශන පණිඩිඩය
ශ්‍රී ලංකාද්වීපයෙහි ශ්‍රී සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වූ තැන් පටන් සිංහල නරශ්‍රේෂ්ඨයෝ බුද්ධාගම රාජ්‍යාගම වශයෙන් සලකා මහත් සේ රාජකීය අනුග්‍රහය දක්වමින්, මහා සංඝරත්නය විෂයෙහි සිව්පසයෙන් සංග්‍රහ කොට සම්බුද්ධ ශාසනය මැනැවින් සුරක්ෂිත කොට පෝෂණය කළහ.
ධීරවීර දුටුගැමුණු රජතුමන්ගේ ජාතික ආගමික සේවය රන් අකුරින් ලියැවුණේ මහා සංඝරත්නයට පිං සිදු වන්නට ය. "මාගේ මේ ව්‍යායාමය කිසි විටෙකත් රජ සැප පිණිස නොව ශාසනයේ චිරස්ථිතිය සඳහා ය." යන ශ්‍රේෂ්ඨ අරමුණේ පිහිටා කටයුතු කළ එතුමන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය ඇති කළහ. මෙසේ ලක්දිව සෑම සියලු නර ශ්‍රේෂ්ඨයෙක්ම තම රාජ්‍යකරණයෙහිලා මුර දේවතාවුන් වහන්සේ සේ සලකා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවන්හි පිහිටා සඟ සසුන රැක ගැනීමට කටයුතු කළහ.
භික්ෂූන් වහන්සේ ස්වාර්ථය පමණක් සලකන්නෝ නොවෙති. ගිහි පැවිදි දෙපක්ෂයේම විමුක්තිය හා උන්නතිය සඳහාත්, ජාතියේ - සංස්කෘතියේ හා සමාජයේ විමුක්තිය සඳහාත් කටයුතු කරන පරාර්ථ චර්යාවෙන් පූර්ණ වූවෝ වෙති. පැවිදි ජීවිතයෙහි වටිනාකම මෙන්ම ගෞරවයටත්, ථෙරවාදී බුදු දහමේ චිර පැවැත්මටත් එල්ල වූ විවිධ තර්ජන - ගර්ජන හමුවේ නොසැලී තිරසර අදිටනින් ඒවා රැක ගැනීමට මුල් වූයේ මහා සංඝරත්නයයි. ජාතියක් වශයෙන් සිංහලයා විනාශ කිරීමට යත්න දැරූ සෑම අවස්ථාවකම බෞද්ධ සමාජයට පුරෝගාමීත්වය දෙමින් ක්‍රියා කළේ ඒ ඒ වකවානුවලදී වැඩවාසය කළ සුපටිපන්න - උජුපටිපන්නාදී සංඝශෝභන ගුණයන්ගෙන් ශෝභිත වූ මහා සංඝරත්නයමැයි. බටහිර ජාතීන්ගේ ආක්‍රමණයට ලක්දිව නතු වීමත් සමඟ එම උදාර තත්ත්වය ගිලිහී ශාසනික මෙන්ම ජාතික,ආගමික,සමාජයීය, සංස්කෘතික වශයෙන් බලවත් පරිහානියක් සිදු විය. එපමණක් නොව, ගිහි පැවිදි සම්බන්ධතාවය බොහෝ දුරස් කෙරිණි. සිංහලයන්ගේ පොදු ආයතනය වූයේත්, ආගමික හා අධ්‍යාපනික මූලස්ථානය වූයේත් බෞද්ධ සිද්ධස්ථානයි.
රට අත්පත් කරගැනීමේ චේතනාවෙන් පමණක් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට එකඟ වූ ඉංග්‍රීසීහු පසුව එය නොසලකා හැර සම්බුද්ධ ශාසනයේ පරිහානියට කටයුතු කළහ. ඔවුහු සිංහලයන් තුළ ලාමකාකල්ප ඇති කොට විදේශිකයන්ට ගැතිව ආත්මාර්ථකාමීව ක්‍රියා කරන පිරිසක් ඇති කර ගත්හ.
ජාතියේ සියලු අංශයන්හි පැතිර ගිය මෙම පරිහානිය නිදහස ලැබූ පසු හෝ නිවැරදි කරතැයි අපේක්ෂා කළ නමුත්, අද වනවිට ඉංග්‍රීසීන් විසින් කළ දේටත් වඩා දේශපාලන අවශ්‍යතා පිරිමසා ගනු වස් ගිහි පැවිදි සම්බන්ධය වඩාත් දුරස් කොට හරි වැරදි හෝ හේතු සාධක පරීක්ෂා කිරීමකින් තොරව සෑම තැන්හිදීම භික්ෂූන් වහන්සේට නින්දා අපහාස බෞද්ධයන්ගේ කොඳු නාරටිය වන් භික්ෂූන් වහන්සේ අඩපණ කිරීමට හා බේදභින්න කිරීමට කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. එමඟින් සිදු වී ඇත්තේ සසුනේ චිර පැවැත්මට බලවත් හානියකි. භික්ෂූන් වහන්සේගේ ගරුත්වය විනාශ කිරීම වනාහී ජාතිය විනාශ කිරීමකි. ඒ ජාතිය හා සම්බුදු සසුන රැකුණේ උන්වහන්සේලා නිසාවෙනි.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රජය බැඳී සිටී. නමුත් රජය විසින් භික්ෂූන් වහන්සේ හා පන්සල් සම්බන්ධයෙන්ද, බුදු දහම සම්බන්ධයෙන්ද කටයුතු කරන ආකාරයත්, අන්‍යාගමික හා ආයතනයන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයත් අතර වෙනස සලකා බැලූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වන පරිදි එය ක්‍රියාත්මක වේදැයි විමසීමට කාලය එළැඹ ඇත. ජන සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව බෞද්ධයින් 9%කින් පමණ අඩුවී තිබීමත්, පන්සල් ප්‍රමාණය අඩු වී තිබීමත්, සිංහල බෞද්ධ දරුවන්ගේ සංඛ්‍යාව අඩු වී තිබීමත් යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට, සිදු වෙමින් පවතින අනාගත අනතුර මැනැවින් වටහා ගත හැකිය.
සිංහල බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයේත්, ථෙරවාදී සම්බුදු සසුනත් දැනට මුහුන දී ඇති අවාසනාවන්ත තත්ත්වය මැනැවින් අවබෝධ කරගත් අපේ කිරම විමලජෝති නායක ස්ථවීරයන් වහන්සේ සහ ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් "බොදු බල සේනා " නමින් සංවිධානයක් පිහිටුවා ගැනීම කාලෝචිත පියවරක් සේ සලකමු. බෞද්ධ අයිතිය ගැන කථා කිරීම පිණිසත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එල්ලවන අසත්‍යය දුර්මත සමනය කිරීම පිණිසත් එමඟින් ඉටු කළ හැකි සේවය අපමණය.
සිංහල බෞද්ධ අභිමානය හා ගිහි පැවිදි දෙපක්ෂයේම ගෞරවය, අභිමානය සර්වප්‍රකාරයෙන්ම සුරක්ෂිත වී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ඇති වේවා යි ශාසනාලයෙන් ආශිංශනය කරම්හ.
ඒ වගත් මෙසේ ම,
මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති
තිබ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන
මහා විහාර වංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්ථවීරයන් වහන්සේ,
මල්වතු මහා විහාරය; මහනුවර
http://www.facebook.com/photo.php?f...85688702.136090.476952092355438&type=1&ref=nf
bump