බොන එවුන් බලාපියව්!
රට අරක්කු ගහන මුක්කු
මම අඩියක් ගැසීමට කැමැත්තක් දක්වනවා. සමහර විටෙක එය වෙරිය පදමට පැමිණෙන තෙක්ම සිදු වෙනවා. කැරම් ගැසීමට හෝ දාම් ඇදීමට මා ප්‍රිය නොකිරීම, චෙස් ඇදීම සඳහා ප්‍රතිවාදියෙක් නොසිටීම සරලව අඩි ගැසීමට මා පෙලඹ වන කරුණ විය හැකියි. ගොල්ෆ් හෝ බි්රජ් ක්‍රීඩාව මා උපන් පන්ති සමාජයට දුරස්ථව පැවැතීමත්, අඩි ගැසීම මිතුරු ඇසුරක් වර්ධනය කිරීමේ සාධකයක් ලෙස ඉස්මතු වන්නට හේතු වන්නට ඇත. කෙසේ වුණත් මම බේබද්දෙක් නම් නෙවෙයි. මා පුරුදු පුහුණු වූ රටාව අසාමාන්‍ය නිසා උණක් හෙම්බිරිස්සාවක් වැලඳී එහි අනුෂාංගික ලක්ෂණ පිටතට පෙනෙන්න ගත්තොත් බොහෝ මිතුරන් විමසන්නේ ඊයේ හොඳ ෆන් එකක් ගහලා වගෙයි කියා. එහිදී ඔවුන් සැබෑවට විමසන්නේ ආ.... අපිට (මාව) අමතක වුණා නේද වැන්නක් නිසා එය නෝක්කාඩුවක ආරම්භයක් ලෙස මම භාර ගත්තේ නැහැ. මේ කතාවටත් මූලික පදනම මා පිළිබඳ එවැනි අදහසක සිටින්නන්ගෙන් වැටුණක්.
දැන් මචං ගල් පොල් වගේ බඩු කලවම් කරනවාය. ඒවායේ ස්පී්රට් පිටරටින් ගෙන්වනවාය, කියනවානේ. ඒක ඇත්ත. එහෙම දේ වෙනවා. ඒකනේ ඊතයිල්, මීතයිල් ගෝඩා බැරැල් ගාණකට අහු වුණේ ඒත් දැන් ලෝකල් බඩු නෙවෙයි. හොරට ගහන්නේ බ්‍රෑන්ඩඩ් බඩු කියල අපි ගන්න ඒවා ඔක්කොම හොරට ගහනවා. මෙතැන වැදගත්ම කතාව තමයි ඉස්සර අරක්කු කලවම් කළා. ඒ කියන්නේ ඔරිජිනල් ගල් බෝතලයෙන් අරක්කු කාලක් අයින් කරල ඒ කාලට කසිප්පු එහෙම නැත්නම් මොනව හරි කෙමිකල් එකක් දැම්මා. ඒ වගේ බෝතල් 3කින් අලුත් බෝතලයක් හදා ගත්තා. ඒකට ඕන වුණේ ලේබල් මූඩිය ගහන මැෂින් එකක්. සාමාන්‍ය කටවහරට මිනිස්සු කිව්වේ, උණු වතුර එකට මුඩිය එබුවා, කලවම් කළා ඊට පස්සේ ආයේ මූඩි මැෂින් එකට ඇල්ලුවා කියලා.
ඒ කලවම් බඩු ඉතිහාසය. දැන් එහෙම නැහැ. කෙළින්ම කෙමිකල් එක ගෙනාව. බ්‍රෑන්ඩඩ් බෝතලය මෙහෙදීම එසෙම්බල් කළා. උදාහරණයකට විස්කි කැටගරි එක ගමු. විස්කි වල දිග කැටගරි එකක් එතැන තියෙනවා. ඒක නිකම් උප්පැන්න සහතිකය වගේ. ඒ වගේ අරක්කු ගොඩක් 'ස්මූත්' දැන් අපිට ලෝකල් මාකට් එකේදි අහුවෙනවා. ඒ කැටගරි එකේ නැති අරක්කු ජාති. පළමුවැනි ෂොට් එක ගහල. දෙවැනි එකට යද්දි දන්න කෙනාට කියන්න පුළුවන් අරක්කුවල කොලිටි එක. මේ විදියට වැඩේ වෙන්න පටන් ගන්නේ දැනට අවුරුදු 3 - 4කට කලින් ඉඳල. ඊතයිල්, මීතයිල් කියන වර්ග දෙක මේ ළඟකදී ඉඳල ගෙන්නපුව නෙවෙයි. දැනට අවුරුදු ගාණකට කලින් ඒ කියන්නේ 95ට පස්සේ මේව ලංකාවට ආව. හැබැයි ටිකයි. ඒ ටික ආවෙත් වෙනස් දේකට මුවා වෙලා.
ඉස්සර හඳුන්කූරු ගෙන්වූයේ පිටරටින්. ලංකාවේ හඳුන්කූරු හදන්න ගත්තේ මේ අරක්කු කෙමිකල් කතාව එක්ක. හඳුන්කූරුවලට ගහන එසන්ස් විදියට තමයි ඊතයිල් ඒ කාලේ රේගුවට කොළේ වහල ලංකාවට ගෙනාවේ. හඳුන්කූරු එසන්ස්වලින් එක එක කොලිටිවල මද්‍යසාර ප්‍රමාණ අරගත්තා. ඒක අපි හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ගොඩක් බල පුළුවන්කාරයෝ තමයි මේ වැඩේ හිටියේ. 95න් පස්සේ ගොඩක්ම වුණේ හඳුන්කූරු එසන්ස්වලට මුවාවෙලා ඊතයිල් ලංකාවට ආපු එක. ඊට පස්සේ තත්ත්වය තව ටිකක් වෙනස් වුණා. ඊතයිල් කැට විදියට ගේන්න ගත්ත. ඒක මෙහෙමයි. අපි හිතපු ඕඩිකොලොන් කියලා.
ඕඩිකොලොන් ලෝකල් විදියට ලංකාවට එන්නේ කැට විදියට. ඒ ඒවා ගේන්න පුළුවන් ලේසි ක්‍රමය ඒක හින්ද. ලංකාවේදී කැට උණු කරලා පෙරලා අනෙක් කෙමිකල් ජාති එක්ක කලවම් කරල තමයි ඕඩිකොලොන් කියන එක හදන්නේ. මේ හැම දේම කරන්නේ බදුවලින් ගැලවෙන්න. ඊතයිල් මද්‍යසාර නිෂ්පාදනයට කියල ලේබල් කරල ගෙන්නුවොත් ටැක්ස් එක වදින්නේ කෝටි ගණන්වලින්. ඊතයිල්ම හඳුන්කූරු එසන්ස්, එහෙමත් නැත්නම් ඕඩිකොලොන් කැට කියල ගෙන්වද්දී ටැක්ස් එක වදින්නේ ලක්ෂ ගණන්වලින්. ඔය විදියට ගෙන්නපු ඊතයිල් තමයි මෑතකදී බැරල් ගණන් අහු වුණේ.
ඊතයිල් ගෙන්වන එක දැන් වෙන වෙන දේවලට මුවාවෙලා සිද්ධ වෙනවා. දැන් කෙළින්ම ෆොරින් ලිකර් ජාති තමයි මේ ගෙන්වන ඒවායින් හදන්නේ. මොකද ලංකාවේ ලෝකල් අරක්කු ජාති ගොඩක් කලවම් නැත්නම් මද්‍යසාර ප්‍රමාණය පදම ඉක්මවලා හදපුවා. බියර් ජාතිත්, සීනි අධි සාන්ද්‍රණ මාත්‍රාවකින් අරගෙන හදපුව කියල මිනිස්සු දන්නවා. ෆොරින් ලිකර් හදන මිනිසුන්ගේ වැඩි ආතයික් නැහැ. ඒක හින්දා තමයි ෆොරින් ලිකර් ගෙන්ව ගත්තේ. ඒක වෙන තැන ගැන ඔත්තුවක් මම දෙන්නම්. වැඩේ කෙරෙන හැටිත් පෙන්නල දෙන්නම්.
අඩි ගැසීමට මාගේ ඇති කැමැත්ත මත පදනම් වී ලැබූ අවස්ථාව එය නිසාම ගිලිහී යාදෝ යන බියද සහිතව එම ගමන් සඳහා මා පිටත් වුණේ කසිප්පු ලෙස අප ප්‍රාථමික මට්ටමින් හඳුන්වන නිෂ්පාදනයට පරසිදු දන්කොටු නගරය කරා. දන්කොටුව සිට පන්නල හරහා කුරුණෑගල දෙසට ඇදී එන මහා මාර්ගය ඉද්ද ගැසුවාක් බඳුයි. අප ප්‍රථම අවස්ථාවේදී කෙටි විවේකයක් ලබා ගත්තේ නගරයට නුදුරු ආපන ශාලාවකදී. මහත - දෙහත තලතුනා වියේ ගැහැනු මනුස්සයෙක් ව්‍යාපාරයක් ලෙස කරන මෙම ආපන ශාලාව වඩාත් ප්‍රචලිත කටට රසට ගැළපෙන උෟරු මස් වෑංජන ඇති තැනක් ලෙසට. දන්කොටුවට පැමිණ ස්පී්රට් ටිකත් ගහලා උෟරු මස් කෑල්ලක් නොකෑවොත් ඒක අඩුවක් ලෙස කියැවුණු නිසා ප්‍රථමව එම කාර්යයෙහි නිරත වෙමු යැයි යන්න පිරිසේ සාමූහික අදහස වුණා.
සාමූහික ලෙස අදාළ කාර්යයේ නිරතව සිටියදී පිරිස අතර ඇති වුණේ මෙවැනි එකඟතාවක්.
අප දිවයිනේ ඇති විදේශීය මත්පැන් අලෙවිසල් හිමියන් හඳුනතත් විවිධ උත්සව අවස්ථාවන් සඳහා විදේශීය මත් පැන් වර්ග විශාල ප්‍රමාණයක් අවශ්‍ය කරන පුද්ගලයන්ගේ මිත්‍රයන් ඒ සමඟ මෙතෙක් කාලයකට මෙවැනි ගනුදෙනුවක් වෙනවා යන්න දැන සිටි පුද්ගලයන්. එම එකඟතාවත් පිළිබඳ සාවධාන වූ මඟ පෙන්වන්නා ඒවා නිසි ආකාරව ඒත්තු ගන්නවන්ට නොහැකි වුවහොත් ඇති විය හැකි බැරෑරුම් තත්ත්වය පිළිබඳ යම් හැඳින්වීමක් කළා. ඒවා මෙලෙසින්.
ඔවුන් අප ඔත්තුකරුවන් නැතිනම් ආරක්ෂක අංශයක පුද්ගලයන් ලෙස වර්ග කරාවි. නැතහොත් අපගෙන් ඔවුන් මේ වන විටත් දන්නා හඳුනන පුද්ගලයන් පිළිබඳ විමසා නිවැරැදි තොරතුරු බලාපොරොත්තු වේවි. නොඑසේ නම් අප ප්‍රතික්ෂේප කර බලහත්කාරී බලය යෙදවීමක් කර මාරු වේවි.
එවැනි එකඟතාවන් සහ හැඳින්වීම්වලට අනුගතව අප අබ යෙදූ උෟරුමස් තසිම් කීපයකට සමු දුන්නා. අප හමුවීමට නියමිත වුණේ මැදිවියේ පුද්ගලයෙක්. නමුත් හමු වුණේ වයස අවුරුදු 22 නොඉක්මවූ තරුණ කොලුගැටයෙක්. අතරමැදියා පැමිණි කාරණය පවසා සිටින අවස්ථාවේදී කොලුගැටයා එහි කාරණාවකට සාපේක්ෂව අපව නිරීක්ෂණය කරන්නට යෙදුණා. මෙම ප්‍රදේශයට ආවේණික ගැමි රටාවකට හුරුව සිටි කොලුගැටයා දුටු පමණින් ඔහු මෙවැන්නෙක් බවට උෟනනය වීමට පරම්පරාවේ බලපෑම පිළිබඳ අදහසක් මතු වුණා. ඒ මෙවැනි ආකාරයට.
මේ කොල්ලා නිකම්ම නිකම් කොල්ලෙක්ගෙන් වෙනස් වන තැන මේ ව්‍යාජ වෙළෙ¼දාම. නමුත් මීට පෙර කාලයක සිට මේ අන්දමට ව්‍යාජ වෙළෙ¼දාම එක එක හැඩ රටාවන් මතින් සිදුව තිබෙනවා. උදාහරණයකින් එය පැහැදිලි කළෝතින් මේ කොලු ගැටයාගේ පිය පාර්ශ්වය දිගු කලක් තිස්සේ කසිප්පු ජාවාරමේ නිරත වූ අයෙක් විය හැකිය.
අප ඔහු සමඟ ගනුදෙනුව පිළිබඳ කිසිවක් කතා කළේ නැහැ. කතා කළේ ව්‍යාජ ලෙස මත්පැන් නිෂ්පාදනය පිළිබඳ. ඔහු ඒවට පිළිතුරු බැන්දේ කිසිදු සැකයකින් තොරව. ඒ මේ ආකාරයට.
මේවයේ ඔරිජිනල් කොලිටි එක තියනවා. පැකින් එක සීල් එක ලේබල් එක ඔක්කොම ඔරිජිනල්. ඒවා අපිට හම්බවෙනවා මේවට ඇත්තටම අපි වියදම් කරනව. ඒ කියන්නේ අපි හිතමු... විස්කි බෝතලයක් කියලා. ඒ බෝතලයේ කවර් එක ඒ විදියට ගහන්න පුළුවන් එකම එක කම්පැනි එකයි ලංකාවේ තියෙන්නේ. ඒ කම්පැනි එක ඒ කවර් එක ගහන්න පුළුවන් කාඩ් බෝඩ් ගෙන්වන්නේ පිටරට යවන තේ කොළ පැකට් ගහන්න. ස්ටිකර් එක ප්‍රින්ට් කරන්නේ සිංගප්පූරුවල. අනෙක් ඔක්කොම ඔරිජිනල් විදියට තියා ගන්න.
ඒ අවස්ථාවේදී මා විමසා සිටියේ මෙවැන්නක්. ඔරිජිනල් විදිය කියන්නේ පිට ඔපයනේ. ඒ වුණාට මේව ලෝකල් එහෙමත් නැත්නම් මෙහේ හදන කියන එක තේරෙන්නෙ කොලිටි එක අල්ලන කෙනාටනේ. එතකොට මොකද වෙන්නේ?.
(ඔහු පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයට)
අපි කෙළින්ම කෙමිකල් එක පෙන්වන්නේ නැහැ. බෝතල් 100කට 200කට ඕඩර් එක හදාගත්තට පස්සේ තමයි අපි කෙමිකල් ගෙන්වන අයට ඕඩර් එක දෙන්නේ. මෙතැනදි විස්කි, වොඩ්කා කියන වර්ග දෙක විතරයි අපිට ලැබෙන්නේ. විස්කි එක බ්‍රෑන්ඩඩ් ලේබලයකින් එනවා. වොඩ්කා එන්නේ රුසියන් ලේබල් එකකින්. වොඩ්කාවලදී කියන්නේ ඒක පිටරටින් කෙළින්ම ගෙන්වනවා කියන එක. දෙකම හදන්නෙ ෆ්ලේවර් එකයි, එසන්ස් එකයි මද්‍යසාරයි කලවම් කරලා. සාමාන්‍ය පැණි බීම ජාතියක් හදන මෙතඩ් එක අරගෙන මේක තේරුම් ගන්න පුළුවන්. එහෙම පලතුරු බීම හදන්න තරම් පලතුරු ලංකාවේ වැවෙන්නේ නැහැ. එතැනදි වෙන්නේ එසන්ස් එකයි, ෆ්ලේවර් එකයි කොලිටි එකට යූස් කරන එක.
දැන් ලංකාවේ බාර්වල තියෙන්නේ එක එක අරක්කු ජාති ඔක්කොම ෆ්ලේවර් ඇන්ඩ් එසන්ස් මෙතඩ් එකෙන් යන ඒවා. හැබැයි ඒවාට වඩා කොලිටි එකට තමයි අපි බ්‍රෑන්ඩඩ් බෝතලය හොරාට ගහන්නේ. අනෙක මෙතැනදි මම මෙහෙම දෙයක් කියන්න ඕනෑ. ඒ එසන්ස්, ෆ්ලේවර්, ඊතයිල් වගේ දේවල් ඇත්තටම ගණන්. අපි සාමාන්‍යයෙන් මේ ලීටර් එකේ බෝතලයක් විකුණන්නෙ 3250කට. මේක හදන්න ඇත්තටම රු. 1500ක් විතර වියදම් වෙනවා. වොඩ්කා වුණත් එහෙමයි.
ඉස්සර මේ පළාත ප්‍රසිද්ධ ගිනි ගහගෙන කාඩි රත් කරල අතේ පෙරන එකටනේ. දැන් ජොබ් එක එහෙම කරන්නෙ පරණ අය විතරයි. අලුතින් ඒ විදියේ රස්සාවල් කරන්න ගොඩක් අය කැමැති නැහැ. ඒ හින්ද තමයි මේ විදියට අලුත් රස්සාවල් හොයාගත්තේ. බෝතල් 100ක ඕඩර් එකක් මට මාසෙකට අල්ලගන්න ලැබුණොත් ඇති. වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ විස්කි බ්‍රැන්ඩි එකට. වොඩ්කා කියන එක පුරුදු නැහැ. මිනිස්සු නිකමට කියන්නේ විස්කි, බ්‍රැන්ඩ් ගහමු කියලනේ. කොටහළු මඟුල් ගෙවල්, ගෙට ගෙවැදිලිවලදී විස්කි වගේ බ්‍රෑන්ඩ් එකක් දෙන එක මිනිස්සු හිතන්නේ තමන්ගේ තත්ත්වය ප්‍රදර්ශනය කරන එකක් විදියට. ඒ වුණත් 300% ටැක්ස් එකක් ආණ්ඩුවට ගෙවලා පාටි දාන්න ඔය කාටවත් එහෙම ලොකු වත්කමක් නැහැ. ඇත්ත කතාව ඒක. ඒ හින්ද තමයි මේ වගේ අල්ලන්න බැරි වල් බ්‍රෑන්ඩ්වලට ඉල්ලුම. අනෙක මේක අල්ලන්න අමාරුයි. ඇහැව්වොත් උත්තර ඕනෑ තරම් තියෙනවා. උදාහරණයක් ගනිමු.
මඟුල් ගෙදරකදි විස්කි වගේ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කළොත් ඒ ගෙදර අය කියන්නේ ටික ටික එකතු කර ගත්තුවා. මගෙ යාළුවෙක් ඩියුටි ෆ්‍රී එකේ වැඩ එයාට කියල බෝතලය දෙක ගෙන්න ගත්තා. පර්මිට් එකකට එම්බසියකට ගෙනාපු බඩු. එතැනින් ගත්තා වගේ රටේ නැති වැදගත් කතා. එතකොට මිනිස්සු රැවටෙනවා. අපි හිතමු හොඳට දන්න කෙනෙක් වැඩේ ඇල්ලුවා. ඒ කියන්නේ මේක ලෝකල් බ්‍රෑන්ඩ් එකක් කියල දැනගත්තා. ඒ වුණාට එයාට එළියට මේ කතාව කියන්න බැහැ. උගුරට හොරෙන් බෙහෙත් බොනවා වගේ වැඩේ කරගෙන යන්නම වෙනවා.
ඉන් පසු මට අවශ්‍ය වුණේ තත්ත්වය එසේ නම් මෙවැනි ව්‍යාජ නිෂ්පාදනයක් හඳුනාගන්නේ කෙසේද යන්න හරි හැටි දැනගැනීමට. ඒ සඳහා ඉඩහසර වෙන් කරවා ගන්න ඉව අල්ලන අතරතුරේදී තරුණ කොලුගැටයා ඒ ජාතියේ බ්‍රෑන්ඩ් එකකින් ටිකක් අරගෙන ඉමු යැයි යෝජනා කළා.
ඔහු අප ඉදිරියේ තැබුවේ කළු පැහැති ඉස්තරම් විස්කි බෝතලයක්. ආවරණයෙන් බෝතලය පිටතට ගත්ත පසු දිස්වන්නේ සාමාන්‍ය බෝතලයක ලූ මද්‍යසාර ලෙසමයි. මේසය මතට පැමිණි බෝතලය කඩා දැමීමේ වාරය හිමි වුණේ අප සගයෙක්ට. (ඔහු පසුව පවසා සිටියේ එය සාමාන්‍ය බෝතලයක් සේම විණැයි කියා) හිස් වීදුරු මතට මද්‍යසාර වක් කරන විට මා බෝතලයේ කර දෙස වැඩි අවධානයක් යොමු කළා. එයින් මද්‍යසාර ගලා ආවේ පාලනයකින් යුතුව. මම ඒ දෙස අවධානය යොමු කළ බව දුටු තරුණයා බෝතලය මා වෙත දිගු කළා. ඒ අවශ්‍ය නම් පිරික්සා බලන්න යැයි පවසමින්. සෑම අතකින්ම එම බෝතලය නියමිත ප්‍රමිතියේ
නිෂ්පාදනයට සමානයි.
කාලයක ඒ කියන්නේ දැනට මාස 6-7කට ඉස්සර අපි ගහන අරක්කු ජාතිය ආවේ මේ නොබ් එක නැතිව. ඒ කියන්නේ සාමාන්‍ය බෝතලයක් විදියට. ඒක චාටර් වැඩක්. දන්න කෙනා දන්නවා. ඒ පාර තායිලන්තය, සිංගප්පූරුව වගේ රටවලින් මේ බෝතලයට නොබ් එකක් හොයලා තිබෙනවා. ඒත් අන්තිමට නොබ් එක හොයා ගන්න පුළුවන් වුණේ ඉන්දියාවෙන්. නොබ් එක ආවට පස්සේ වැඩේ ලේසි වුණා. ඒක තමයි එකම අල්ලන්න පුළුවන් ක්‍රමය. දැන් ඒකත් අපි පන්නල තියෙන්නේ. අනික මේ ඩ්‍රින්ක් එක "ස්මූත්" ගතියෙන් වැඩියි. ස්මූත් කියන්නේ ටේස්ට් එකක්. හැබැයි ඉක්මනින් වාෂ්ප වෙන හැම ඩ්‍රින්ක් එකක්ම "ස්මූත්". හරියට ඕඩිකොලොන් වගේ. ඒකනේ මෙහේ කසිප්පු ගහහ ඉන්න අය පිටරටවල ගියාට පස්සේ සික් එක හැදුණාම ඕඩිකොලොන් බොනවා කියන්නේ. අප සියලුදෙනා අත වූ මධු (?) බඳුන් හිස්ම කළයුතුව තිබුණත් ඒ සඳහා සිත එකඟ කරගත නොහැක්කේ දැන දැන වැරැද්දක් කිරීම අපහසු නිසා.
කතාව - පින්තූර
ප්‍රභාත් අත්තනායක
(http://www.mawbima.lk/56-65435-news-detail.html)