බොමු බොමුද තේ....

ඔබ කැමතිම

  • ප්ලේන් ටී

    Votes: 20 47.6%
  • කිරි තේ

    Votes: 22 52.4%

  • Total voters
    42

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    ලංකාවෙ හැමෝම පුරුද්දක් ලෙසින් තේ පානය කලත් තේ ගැන ඔබ හරියටම නොදන්නවා වෙන්න පුලුවන්. නොදන්නවා නම් මෙන්න දැනගන්න ‍තේ ගැන ඔබ නොදත් දේ...

    දන්නවා නම් ආයෙත් බලන්න මොනාහරි මඟඇරිලද කියලා..

    :cool::cool::cool::cool:

    ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප‍්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය.මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි‍්‍රතාන්‍ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්‍රව්‍යයක් ලෙස තේ කුඩු භාවිත කළේය.

    මෑතක සිට ශ්‍රී ලංකාවේ තේ ප‍්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත. :cool:
    ශ්‍රී ලංකාවේ සාර්ථක තේ වගාව කි‍්‍රයාත්මක කිරීමට පස සංරක්‍ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල නිරතවන පහතරට තේ ගොවීහු හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 2300ක ප‍්‍රමාණයක් ලබාගැනීම් ඔස්සේ සාර්ථක තේ වගාවක නිරතව සිටිති.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ”හරිත තේ” (Green Tea) පිළිකා හා හෘද රෝග සඳහා දිව ඔසුවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වීමත් සමග ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපළේ හොඳ ඉල්ලූමක් ඇති වී තිබේ. තවද දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව එකතු කළ අගය මත (Value Added) ශ්‍රී ලංකාවේ පහතරට තේ, කුරුඳු, ඉඟුරු, කරපිංචා ක්‍ෂණික තේ :baffled: (Sliming Tea)දියවැයඩියා තේ (Diabetic Tea) ටි‍්‍රපල තේ වශයෙන් විවිධ වර්ගයන්ගෙන් නිෂ්පාදනය කරන අතර ඒවාට දේශීය වෙළඳපළේ විශාල ඉල්ලූමක් ද පවතී. උඩරට තේ වගාවෙන් දැනට තේ වර්ග 10කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, පහතරට තේ වගාවෙන් එය වර්ග 20ක් දක්වා ව්‍යාප්ත කර ඇත.


    උඩරට හා පහතරට තේ වගාව මගින් ඍජුව හා වක‍්‍රාකාරයෙන් ලක්‍ෂ 30කට ආසන්න ජනතාවක් යැපෙන අතර උඩරට තේ වතු සමාගම් 23ක් යටතේ කළමනාකරණය සිදු කෙරේ.
    ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉන්දියාව හා කෙන්යාව වැනි රට වලින් අභියෝග පැවතියද, විදේශිකයන් ඉතා හොඳම ගුණවත් තේ ශ්‍රී ලංකාවෙන් යනුවෙන් (Best Tea in Sri Lanka) හැඳින්වෙන නිසා එකී අභියෝග ජය ගැනීමේ අසිරුවක් නොවන බව තේ වගාව පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. ඉකුත් කාලයේ මැද පෙරදිග කලාපයේ පැවති යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතා පහළ මිලක් ලැබූණද එය මේ වනවිට ස්ථාවර මිල මට්ටමකට පැමිණෙමින් පවතින බව තේ වතු සමාගම් හිමියෝ පවසති. ;)


    තේ බීජ වලින් හා තේ රිකිළිවලින් තේ පැළ තවාන් කර එම පැළ සිටුවා අවුරුදු දෙක හමාරක (මාස 30ක) කාලයකින් අනතුරුව අස්වැන්න නෙළීම සිදු කෙරේ. වැඩුණු තේ දල්ලේ කොළ දෙකක හා මොටෙයියා තේ කුඩු නිෂ්පාදනය සඳහා තේ ගසෙන් ලබා ගැනීම තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් විසින් නෙළන තේ දළු රැුස් කරන ස්ථානවලදී කිලෝ 10 ඇසුරුම්වලට බහා නොතැළෙන සේ තේ කර්මාන්තශාලාව වෙත ප‍්‍රවාහනය කරයි. අනතුරුව ”තව් මැරීම” (Wedaring) සඳහා ලණු ගෝනි වලින් සැකසූ තට්ටුවල සඳහා අසුරනු ලබයි. එම අමු තේ දළු හතරැස් අඩි 01කට කිලෝ දෙක හමාරක් පමණ තවටු වලට බහාලයි. එහිදී පැය 1214ක කාලයක් ස්වභාවික හා කෘති‍්‍රම ආකාරයේ තෙතමනය ඉවත් කෙරේ. එහිදී අමු තේ දළුවල තෙතමනය 55%ක් ඉතිරි කර 45%ක් ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය සිදුවෙයි.


    අනතුරුව තේ දළු ඇඹරීම සඳහා ඇඹරුම් කාමරය (Rolling Room) වෙත යොමු වෙයි. විනාඩි 40කට වරක් අමු තේ දළු කිලෝ 775ක් ඇඹරුම් කාමරය තුළට ගන්නා අතර එය ඇඹරුම් යන්ත‍්‍ර (Rolar) තුනකින් අඹරා විනාඩි 20ක කාලයක් තව් මැරීම කරයි. එහිදී උෂ්ණත්වය ෆැරන්හහයිට් අංශක 12-75ක අගයක පවත්වා ගනී.
    මෙහිදී අඹරණ ලද තේ කොළවල රසායනික කි‍්‍රයාකාරීත්වය ආරම්භ කෙරේ. රොට වෑන් තුළට දැමීමෙන් තේ කොළ කුඩා කැබලිවලට කඩා ගැනීම සිදුවෙයි. මෙහිදී උෂ්ණත්වය ෆැරන් හයිට් අංශක 94-95ක අගයක තිබිය යුතුය.


    අනතුරුව කුඩා කැබලි කර ගත් තේ පෙනෙර මාර්ගයෙන් හලා ගනී. ඉන්පසු වර්ගීකරණය සිදු කරයි. මේ සඳහා පැය 03ක පමණ කාලයක් ගත වේ. මෙම කි‍්‍රයාවලියේ දී තේ කුඩුවල වර්ණය වෙනස්වීම හා ස්වභාවික සුවඳ එක්වීම වෙයි. අනතුරුව බොයිලේරුවේ උෂ්ණත්වයෙන් විනාඩි 22ක පමණ කාලයක් වේලීම කර යන්ත‍්‍රානුසාරයෙන් තේ කොළයේ මැද දණ්ඩ ඉවත් කර පිරිසුදු කිරීම කරයි. දණ්ඩ කොටස ඉවත කරන තේ කුඩු කසළ තේ වන අතර පිරිසුදු කර ගන්නා තේ ”කළු තේ” (Black Tea) ලෙස හැඳින්වේ. අමු තේ දළු කිලෝ 100කින් නිමි තේ කුඩු කිලෝ 25ක් ලබා ගත හැකිය. :yes:


    තේ කුඩු වර්ගීකරණ කි‍්‍රයාවලිය අවසන් වශයෙන් සිදු කෙරෙන අතර එහිදී නැවතත් දුවිලි ඉවත් කර පිරිසුදු කරයි. අනතුරුව නිෂ්පාදන කි‍්‍රයාවලිය කිලෝ 50, 57 හා 60 වශයෙන් ඇසුරුම් කරන අතර මෙහිදී බී. ඕ.පී. (B.O.P. - Broken Orange Packo) ඩස්ට් (Dust) වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කෙරේ.

    එසේ ඇසුරුම් කරන තේ කුඩු කොළඹ වෙළඳපළට යැවීමට ප‍්‍රථම වතු අධිකාරිවරු විසින් තේ කුඩුවල රස බැලීම කර්මාන්තශාලා තුළ දී සිදු කරනු ලබයි. :P කොළඹ තේ වෙළඳපළේ වෙන්දේසියේ දී නියම කෙරෙන මිල ගණන් අනුව අදාළ තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීම කරනු ලැබේ.


    තේ කුඩු නිෂ්පාදනය සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දෙන කාර්මාන්ත ශාලාවල සේවය කරන එක් වතු කම්කරුවකට මාසයකට හොඳ තේ කුඩු කිලෝ එක හමාරක් හා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට මාසයකට කිලෝ ග‍්‍රෑම් 500ක් වතු පාලනාධිකාරිය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ.
    :rofl: ඊට අමතරව වතු කම්කරු වන්ගේ සෞඛ්‍ය ඇතුළු සියලූ සුබසාධන කටයුතු සඳහා වතු පාලනාධිකාරිය මගින් වසරකට විශාල මුදලක් වැය කෙරේ.
    කොටස් වෙළඳපළේ තේ මිලේ උච්චාවචනය අනුව වතු කම්කරුවන් සඳහා වාර්ෂිකව ලාභාංශ බෙදීමද සිදුවෙයි. එම ලාභ ප‍්‍රතිශතය මත රාජ්‍ය අනුග‍්‍රහයද ඇතිව තේ නැවත වගාව කෙරේ.


    DSCF1319.jpg

    ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික (තේ අලෙවිය සඳහා)
    DSC03871.jpg

    තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන
    DSC03869.jpg

    තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන
    DSC03866.jpg

    වේළීම සඳහා දමා ඇති අඹරාගත් තේ කුඩු
    DSC03888.jpg

    නිමි තේ රස බලන ”ටී ටෙස්ටර්” වරයෙක්
    DSC03620.jpg

    තේ කර්මාන්ත ශාලාවට තේ කොළ රැගන එන අයුරු
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සිගරට් එකක් එක්කල ප්ලේන්ටියක් ගහන වෙලාවට...
    අප්පා........... සැප කණේ.......!!!​
    :yes::yes:
    ඊට කලින් සැර මොනව හරි කාල තිබ්බම සැප කනෙනුත් බේරෙනවා :cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිගරට් එකක් එක්කල ප්ලේන්ටියක් ගහන වෙලාවට...
    අප්පා........... සැප කණේ.......!!!​

    malak gahala passe the eka biwuwama sapa thappe:rofl:
    :yes::yes:
    ඊට කලින් සැර මොනව හරි කාල තිබ්බම සැප කනෙනුත් බේරෙනවා :cool::cool:
    :yes:fatat arasayi
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුන්සද පායල ඇති රෑක
    ගග ලග අති පොඩි අතු ගේක
    නැති කර ගන්නට දුක සෝක
    හැමදාමත් කරනව මේක

    සිය රට අපගෙ සිරි සැප ගෙනදේ
    ගහන අයයි ඒවා දන්නේ
    මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ
    පොඩි ගානයි මේකට යන්නනේ

    ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ
    සුදු කොලයක ඔතලයි බොන්නෙ
    බිව්වට වෙරි නැ කල බලයක් නැ
    කට්ටිය පඩුවෙමයි ඉන්නෙ

    තන මල් විල හා අබිලිපිටියෙ සිට ලොරි බස් යට සැගවිල එන්නේ
    ඉන් පසු කොලබින් හොරෙන් හොරෙන්මයි මේවා රට වට විසෙරෙන්නනේ
    බාදක මැදගෙන ආවොත් දුර සිට අහුවුනොතින් කෙලවිල යන්නෙ
    කොපමන සුර සැප තිබුනත් මොකටද නිතිය නැහැ ආතල් ගන්නේ
     
    Last edited:
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පුන්සද පායල ඇති රෑක
    ගග ලග අති පොඩි අතු ගේක
    නැති කර ගන්නට දුක සෝක
    හැමදාමත් කරනව මේක

    සිය රට අපගෙ සිරි සැප ගෙනදේ
    ගහන අයයි ඒවා දන්නේ
    මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ
    පොඩි ගානයි මේකට යන්නනේ

    ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ
    සුදු කොලයක ඔතලයි බොන්නෙ
    බිව්වට වෙරි නැ කල බලයක් නැ
    කට්ටිය පඩුවෙමයි ඉන්නෙ

    තන මල් විල හා අබිලිපිටියෙ සිට ලොරි බස් යට සැගවිල එන්නේ
    ඉන් පසු කොලබින් හොරෙන් හොරෙන්මයි මේවා රට වට විසෙරෙන්නනේ
    බාදක මැදගෙන ආවොත් දුර සිට අහුවුනොතින් කෙලවිල යන්නෙ
    කොපමන සුර සැප තිබුනත් මොකටද නිතිය නැහැ ආතල් ගන්නනේ

    rep++
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පුන්සද පායල ඇති රෑක
    ගග ලග අති පොඩි අතු ගේක
    නැති කර ගන්නට දුක සෝක
    හැමදාමත් කරනව මේක

    සිය රට අපගෙ සිරි සැප ගෙනදේ
    ගහන අයයි ඒවා දන්නේ
    මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ
    පොඩි ගානයි මේකට යන්නනේ

    ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ
    සුදු කොලයක ඔතලයි බොන්නෙ
    බිව්වට වෙරි නැ කල බලයක් නැ
    කට්ටිය පඩුවෙමයි ඉන්නෙ

    තන මල් විල හා අබිලිපිටියෙ සිට ලොරි බස් යට සැගවිල එන්නේ
    ඉන් පසු කොලබින් හොරෙන් හොරෙන්මයි මේවා රට වට විසෙරෙන්නනේ
    බාදක මැදගෙන ආවොත් දුර සිට අහුවුනොතින් කෙලවිල යන්නෙ
    කොපමන සුර සැප තිබුනත් මොකටද නිතිය නැහැ ආතල් ගන්නනේ
    :lol::(
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සිගරට් එකක් එක්කල ප්ලේන්ටියක් ගහන වෙලාවට...
    අප්පා........... සැප කණේ.......!!!​

    කිවුවත් වගේ... :yes::yes::yes:


    ප්ලේන්ටියේ ඇති ගුණයත්
    සිගරට්ටුවේ ඇති අමා රසයත්
    බොන උතුමෝ මිස.. නොබොන අධමයෝ..
    කෙසේ පවසත්...!
    :lol::lol::lol: