බොරුවට Laptop මිලට ගැනීම....
මෙකළ බොහෝ දෙනා තම තමන්ගේ හැකියාව අනුව කෙසේ හෝ Laptop එකක් මිලට ගැනීමට සිතයි.
Laptop එකක් තිබීම තමන්ගේ තත්වය පෙන්වීමක් ලෙසද සමහරු සිතයි. එනිසා Computers ගැන මෙලෝ හසරක් නොදත්තෙකු පවා Laptop එකක් එහෙ මෙහෙ ඔසවාගෙන යාම ගෞරවයක් ලෙස සලකා එවැන්නක් මිලට ගැනීමට කල්පනා කරයි.
බොහෝ දෙනා ඇත්තටම අවශ්‍යතාවය සලකා එවැන්නක් මිලට ගනී.
මෙම පිරිසගෙන් ප්‍රශ්ණ කළහොත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වන්නේ බොහෝ විට Email, Internet, Office, Web chatting, Data entry ආදියයි.
Desktop එකක් අටවා එක තැනක තබා එම අවශ්‍යතා ඉටු කර හැනීම ඔවුන්ට අපහසුය. Computer Games ක්‍රීඩා කිරීමට Laptops ගන්නෝ විරලය.
මම මේ ලිපියෙන් මතු කරන අදහස මෙයයි; මෙකළ බොහෝ දෙනා මිලට ගන්නේ තම සැබෑ අවශ්‍යතාවය ඉටු වන ලෙස නොව කොම්පැනි කාරයාගේ අවශ්‍යතාවය ඉටු වන ලෙසයි.
මුදළාලිලා Laptops විකුණන්නේ එහි උපරිම වේගයට මුල්තැන දෙන ප්‍රචාරණ ක්‍රමයකට මුල්තැන දෙමිනි. මේ නිසා බොහෝ දෙනා සකසනයේ (Processor) වේගය පමණක් සළකා Laptops මිලට ගනී.
මගේ අදහස නම්; තමන්ගේ අවශ්‍යතාවයන් සලකා බලා අවම මිලට උපරිම ප්‍රයෝජන ගතහැකි ලෙසට Laptop එක මිලට ගත යුතුය.
ඒ සදහා Laptop එකක මිලට බලපාන සාධක හදුනා ගත යුතුය.
නිශ්පාදන වියදමින් වැඩි කොටසක් වැය වන්නේ Battery Pack සහ LCD Screen එකටයි. ඉන්පසු Processor, VGA Chip, Memory, HDD , OS ආදියට වැයවේ. Brand Name එක වෙනුවෙන්ද ගෙවීමට සිදුවේ.
පහත දැක්වෙන මිල ගනන් HITS ADS වලින් ගන්නා ලදී (PCH advertisement).
මා මෙම උදාහරණ තෝරා ගත්තේ කරුණු කීපයක් පෙන්වා දීමටයි.
1. එදෙනෙදා සාමාන්‍ය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට Laptop1 හොදටම ප්‍රමාණවත් වේ.
2. Laptop4 සදහා ඉතා අධික මුදළක් ගෙවීමට සිදුව ඇත්තේ ප්‍රධාන වශ්යෙන් Brand Name එක වෙනුවෙනි.
3. හොදම එක මෙයයි. - OpenGL 3D පමණක් යොදා ගන්නා මධ්‍යම ප්‍රමාණයේ පරිගණක ක්‍රීඩාවක් (Ex- Amnesia, Dark Descent) ධාවනය කළ හැක්කේ ඉතා අඩු මිලට ඇති Laptop1 හි පමණි! Rs. 175000 ක් වටිනා Laptop4 හි එය ක්‍රියා කළ නොහැක! (Intel Onboard VGA doesn’t support OpenGL)
මෙහිදී නැගෙන ප්‍රශ්ණය නම් අපි රු. 175000 වියදම් කර මහලොකු (එහෙත් වැඩබැරි) Core i7 එකක් මිලට ගන්නේ අහවල් රෙද්දකටද යන්නයි.
Dual Core වලට වඩා Core i තාක්ශණය කාර්යක්ශමතාවයෙන් වැඩි බව සත්‍යකි. එහෙත් Email, Internet, Office, Web chatting, Data entry ආදී අවශ්‍යතාවයන් සදහා මෙතරම් වේගයක් අවශ්‍ය නොවේ. අනික එම ඉධික වේගය සදහා මෙතරම් වියදමක් කිරීම සාධාරණද?
මෙය සාදාරණීකරනය කළ හැකි එකම තර්කය නම් කිසියම් දිනක Core i වල පමණක් ධාවනය කළ හැකි මහා බලගතු OS එකක් වෙළදපලට ආවිට ඉතා වේගවත් පරිගණක යන්ත්‍රයක් අවශ්‍ය වන බවයි.
Laptop එකක් මිලට ගැනීමේදී පළමුව තම අවශ්‍යතාවය හදුනා ගන්න. වේගයට මුල්තැන දෙමින් කරන ප්‍රචාරණයට නොරැවටී පරිගණකයේ හැකියාව මත තෝරා ගන්න. Brand Name එකක් වෙනුවෙන් අනවශ්‍ය අධික වියදම් නොකර විශ්වාසය තැබිය හැකි, බොහෝ දෙනෙක් භාවිතා කරන වෙළද නාමයක් තෝරා ගන්න.
ඔබගේ අවශ්‍යතාවයන් අතරට Computer Games ද වැටේ නම් කිසිවිටකත් Intel VGA සහිත යන්ත්‍ර තෝරා නොගත යුතුය. මීට අමතරව වගකීම ගැනද සලකා විශ්වාසය තැබිය හැකි ආයතනයක් තෝරා ගන්න.
Please add Comments and opinions.