බොරුවට Laptop මිලට ගැනීම....

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොරුවට Laptop මිලට ගැනීම....

    මෙකළ බොහෝ දෙනා තම තමන්ගේ හැකියාව අනුව කෙසේ හෝ Laptop එකක් මිලට ගැනීමට සිතයි.



    Laptop එකක් තිබීම තමන්ගේ තත්වය පෙන්වීමක් ලෙසද සමහරු සිතයි. එනිසා Computers ගැන මෙලෝ හසරක් නොදත්තෙකු පවා Laptop එකක් එහෙ මෙහෙ ඔසවාගෙන යාම ගෞරවයක් ලෙස සලකා එවැන්නක් මිලට ගැනීමට කල්පනා කරයි.



    බොහෝ දෙනා ඇත්තටම අවශ්යතාවය සලකා එවැන්නක් මිලට ගනී.



    මෙම පිරිසගෙන් ප්‍රශ්ණ කළහොත් ඔවුන්ගේ අවශ්යතාවයන් වන්නේ බොහෝ විට Email, Internet, Office, Web chatting, Data entry ආදියයි.



    Desktop එකක් අටවා එක තැනක තබා එම අවශ්යතා ඉටු කර හැනීම ඔවුන්ට අපහසුය. Computer Games ක්‍රීඩා කිරීමට Laptops ගන්නෝ විරලය.



    මම මේ ලිපියෙන් මතු කරන අදහස මෙයයි; මෙකළ බොහෝ දෙනා මිලට ගන්නේ තම සැබෑ අවශ්යතාවය ඉටු වන ලෙස නොව කොම්පැනි කාරයාගේ අවශ්යතාවය ඉටු වන ලෙසයි.



    මුදළාලිලා Laptops විකුණන්නේ එහි උපරිම වේගයට මුල්තැන දෙන ප්‍රචාරණ ක්‍රමයකට මුල්තැන දෙමිනි. මේ නිසා බොහෝ දෙනා සකසනයේ (Processor) වේගය පමණක් සළකා Laptops මිලට ගනී.


    මගේ අදහස නම්; තමන්ගේ අවශ්යතාවයන් සලකා බලා අවම මිලට උපරිම ප්‍රයෝජන ගතහැකි ලෙසට Laptop එක මිලට ගත යුතුය.



    ඒ සදහා Laptop එකක මිලට බලපාන සාධක හදුනා ගත යුතුය.



    නිශ්පාදන වියදමින් වැඩි කොටසක් වැය වන්නේ Battery Pack සහ LCD Screen එකටයි. ඉන්පසු Processor, VGA Chip, Memory, HDD , OS ආදියට වැයවේ. Brand Name එක වෙනුවෙන්ද ගෙවීමට සිදුවේ.





    පහත දැක්වෙන මිල ගනන් HITS ADS වලින් ගන්නා ලදී (PCH advertisement).


    16lfrlj.jpg




    මා මෙම උදාහරණ තෝරා ගත්තේ කරුණු කීපයක් පෙන්වා දීමටයි.



    1. එදෙනෙදා සාමාන්ය අවශ්යතාවයන් ඉටු කර ගැනීමට Laptop1 හොදටම ප්‍රමාණවත් වේ.



    2. Laptop4 සදහා ඉතා අධික මුදළක් ගෙවීමට සිදුව ඇත්තේ ප්‍රධාන වශ්යෙන් Brand Name එක වෙනුවෙනි.



    3. හොදම එක මෙයයි. - OpenGL 3D පමණක් යොදා ගන්නා මධ්යම ප්‍රමාණයේ පරිගණක ක්‍රීඩාවක් (Ex- Amnesia, Dark Descent) ධාවනය කළ හැක්කේ ඉතා අඩු මිලට ඇති Laptop1 හි පමණි! Rs. 175000 ක් වටිනා Laptop4 හි එය ක්‍රියා කළ නොහැක! (Intel Onboard VGA doesn’t support OpenGL)


    මෙහිදී නැගෙන ප්‍රශ්ණය නම් අපි රු. 175000 වියදම් කර මහලොකු (එහෙත් වැඩබැරි) Core i7 එකක් මිලට ගන්නේ අහවල් රෙද්දකටද යන්නයි.


    Dual Core වලට වඩා Core i තාක්ශණය කාර්යක්ශමතාවයෙන් වැඩි බව සත්යකි. එහෙත් Email, Internet, Office, Web chatting, Data entry ආදී අවශ්යතාවයන් සදහා මෙතරම් වේගයක් අවශ්ය නොවේ. අනික එම ඉධික වේගය සදහා මෙතරම් වියදමක් කිරීම සාධාරණද?



    මෙය සාදාරණීකරනය කළ හැකි එකම තර්කය නම් කිසියම් දිනක Core i වල පමණක් ධාවනය කළ හැකි මහා බලගතු OS එකක් වෙළදපලට ආවිට ඉතා වේගවත් පරිගණක යන්ත්‍රයක් අවශ්ය වන බවයි.


    Laptop එකක් මිලට ගැනීමේදී පළමුව තම අවශ්යතාවය හදුනා ගන්න. වේගයට මුල්තැන දෙමින් කරන ප්‍රචාරණයට නොරැවටී පරිගණකයේ හැකියාව මත තෝරා ගන්න. Brand Name එකක් වෙනුවෙන් අනවශ්ය අධික වියදම් නොකර විශ්වාසය තැබිය හැකි, බොහෝ දෙනෙක් භාවිතා කරන වෙළද නාමයක් තෝරා ගන්න.



    ඔබගේ අවශ්යතාවයන් අතරට Computer Games ද වැටේ නම් කිසිවිටකත් Intel VGA සහිත යන්ත්‍ර තෝරා නොගත යුතුය. මීට අමතරව වගකීම ගැනද සලකා විශ්වාසය තැබිය හැකි ආයතනයක් තෝරා ගන්න.


    Please add Comments and opinions.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කතාව ඇත්ත. ඒත් අළුත්ම Graphcs softwares, Games වලට නම් laptop1 මදි. අනිත් එක Acer වල පොඩි පොඩි අවුල් එනවා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත කතාව. Laptop computers දැන් අවශ්‍යතාවයකට වඩා රැල්ලක් බවට පත් කරලයි තියෙන්නෙ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    yasas bandara;9307218[SIZE=5 said:
    ]
    [/SIZE]


    3. හොදම එක මෙයයි. - OpenGL 3D පමණක් යොදා ගන්නා මධ්යම ප්‍රමාණයේ පරිගණක ක්‍රීඩාවක් (Ex- Amnesia, Dark Descent) ධාවනය කළ හැක්කේ ඉතා අඩු මිලට ඇති Laptop1 හි පමණි! Rs. 175000 ක් වටිනා Laptop4 හි එය ක්‍රියා කළ නොහැක! (Intel Onboard VGA doesn’t support OpenGL)

    :no:

    The Intel® 82915G/82910GL Express Chipset Family and the Mobile Intel® 915GM/GMS, 910GML Express Chipset Family support hardware acceleration of OpenGL* applications in 16-bit and 32-bit color depths.

    http://www.intel.com/support/graphics/intel915g/sb/cs-011906.htm

    :nerd::nerd:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කථාව ඇත්ත මචන් මේක ඇත්තටම ඩෙස්ක්ටොප් වලටත් අදාලයි.තමුන්ට ඕන නැති ස්පීඩ් එකක් තියෙන මැෂින් ගන්න ගොඩාක් ආසයි.ඒ ඒකෙන් වැඩ කරන්න නෙමෙයි.බොරුවට පෙන්නන්න තමන්ට අළුත්ම වර්ගයේ එකක් තියෙනව කියලා....
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :no:

    The Intel® 82915G/82910GL Express Chipset Family and the Mobile Intel® 915GM/GMS, 910GML Express Chipset Family support hardware acceleration of OpenGL* applications in 16-bit and 32-bit color depths.

    http://www.intel.com/support/graphics/intel915g/sb/cs-011906.htm

    :nerd::nerd:

    That may be true machan. Also there are several methods to improve Onboard Vga Game Compatibility. But my point is, if you're planning to play games, why waste so much money on speed when your machine is already handicapped with Intel vga? Isn't it better to buy a slightly slower machine with better vga?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    100% හරි.මට අද වෙනකන් ලැප් එකක් ගත්තෙ නෑ.මට ඔෆිස් එකෙන් දෙන ලැප් එකත් මම ගත්තෙ නෑ.ඕක උස්සන් ට්‍රේන් එකේ යන්ඩ එන්ඩ ගිහාම පිස්සු හැදෙනව.ඒත් අද ඉතින් වැඩිය තියෙන්නේ ෂෝ එක පෙන්නන එකනේ.කොහොමත් ඉතින් අද සමාජය සරල කම නිහතමානී කම කියන දේ ගැන හිතනවට වඩා තමාගේ ලොකුකම පෙන්නන්ඩ ට්‍රයි කරන ලෝකයක්.මම කොහොමද අනිත් එකාට වඩා උඩින් යන්නේ කියල කල්පනා කරන සමාජයක් ඇතුලේ මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක්.උපේක්ෂාවෙන් ඒ දිහා බලන එක තමා කරන්ඩ තියෙන්නේ.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක තමයි ඇත්ත, ගේම්ස් වලට වෙලාවක් නැත්නම් නෝර්මල් මැෂින් එකක් හොඳටම ඇති.
    ලැප් වලට විතරක් නෙමෙයි හැම එකටම හරි.....
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    kathawa 100% aththa, mama karanne Graphics. Laptop walin eewa karanna behe. man gaawa PC 2 k tiyanawa. eewa Custom built. mata oona hatiyata thamai hada gaththe. AMD Athlon 2 64 bit processors with Asus M2N M/B, 4GB Ram + 1GB x 2 HDD.