බොලිවුඩයේ තරු (මරු) දරුවෝ ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ❤️

    Bollywood කියන්නේ අම්මටසිරි වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඔය ඉන්ඩස්ට්‍රි එක 90 ගණන් වලින් පස්සේ වෙනස් වෙන්න ගන්නවා. නලුවො තුන් දෙනෙක් නිසා. ඉන්ඩස්ට්‍රි එකම කන්ටෙන්ට් පැත්තක තියලා මේ තුන් දෙනා පස්සේ දුවන්න ගන්නවා. එකිනෙකට වෙනස් අසාමාන්‍ය තරු පෞර්ශයන් තුනක් මේ අය Maintain කරගෙන යනවා. ශාරුක් සහ සල්මන් ගොඩක් මිනිස්සු අතරට යනවා. එතනින් සල්මන් කියන්නේ ටිකක් අමුතු විදිහක මනුස්සයෙක්. සල්මන් දාගන්න ප්‍රශ්න එක්ක ඒක පේනවා. අමීර් වැඩිය මිනිස්සු අතරට යන්නැති ගුප්ත චරිතයක්. ඒ වගේම අමීර් සහ සල්මන් තමන්ගේ ඥාති සහයෙන් Industry එකට ආපු උදවිය.
    සල්මන්ගෙ තාත්තා සලීම් ඛාන් කියන්නේ තිර රචකයෙක්. ඒ වගේම නලුවෙක්. ආමීර්ගේ තාත්තා ටහීර් හුසේන් ඛාන්. අධ්‍යක්ශකවරයෙක්. නලුවෙක්. තිර රචකයෙක්. නිශ්පාදකවරයෙක්. ආමීර්ගෙ සහ සල්මන්ගේ සහෝදරයන් සියලු දෙනා බොලිවුඩයේ වැඩ. ඒ දෙන්නා එක්ක බැලුවම ශාරුක් කියන්නේ තනිව ගොඩනැගුණු චරිතයක්.
    හැබැයි මේ තුන් දෙනාම මොන පවුලෙන් ආවත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න සමත් වෙනවා. ඒ අතරින් ශාරුක් ඛාන් Global Icon එකක් බවට පත් වෙනවා.
    සල්මන්ටයි ආමීර්ටයි කවුරුවත් Star Kids කිවුවේ නැහැ. බොලිවුඩය අද වුනත් සල්මන්ගෙ තාත්තා, ආමීර්ගේ තාත්තා ගැන දන්නැති වුනාට, සල්මන් සහ ආමීර් ගැන දන්නවා. හේතුව දශක ගාණක් බොලිවුඩය ඔය අද තියෙන තැනට ගේන්න උං දෙන්නා මහන්සි වුන නිසා.
    2010 දි 2011 දි වගේ Bollywood එක මේ Star Driven තත්වයෙන් වෙනස් වෙලා Content Driven තත්වයට හැරෙන්න ගන්නවා. මිනිස්සු Quality Contents ඉල්ලන්න ගන්නවා. ශාරුක්ලා සල්මන්ලා ආමීර්ලා කියලා නොසලකා හොඳ Content ඉල්ලන්න ගන්නවා. අවුරුදු ගාණක් මේ තත්වය ඇදෙනවා. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුනේ 2018. ශාරුක්, ආමීර් සහ සල්මන් කියන තුන් දෙනාම Fail වෙනවා. Content Driven සුනාමිය එද්දි ඒකට අනුගත වුණ ආමීර් පවා Fail වෙනවා මේ අවුරුද්දෙදී. සල්මන් 2019 දි ආයෙ Dabang 3 කරලා ඒකත් Fail වෙනවා.
    මේ සුනාමියට හරියටම අනුගත වුන මනුස්සයො දෙන්නෙක් ඉන්නවනම් ඒ Ayushman Khuranna සහ Aakshay Kumar විතරයි.
    අර උඩ කියපු තුන්දෙනාගෙ Failure එකෙන් වෙච්ච එකම හොඳ දේ තමයි බොලිවුඩයට අලුත් තරු ගොන්නකට ඇතුල් වෙන්න චාන්ස් ලැබෙන එක.
    ඒක හරියට ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ මහේල, සංගා, දිල්ශාන් තුන් කට්ටුව ගියාම හැට හුට හමාරක් ටීම් එකට එන යන සීන් එක වගේ එකක්.
    මේ අය එන්නෙ කොහොමද..?
    එන ක්‍රම දෙකක් තියෙනවා.
    1. Pure Talent එකෙන් මහන්සි වෙලා කට්ටක් කාලා Bollywood එකට එනවා
    2. තාත්තගෙ, අම්මගෙ, මාමගෙ, අයියගෙ නම නිසා Bollywood එකට එනවා
    ඔය දෙවෙනි සිද්ධිය තමයි Nepotism කියලා හඳුන්වන්නේ. ඔය දෙකේම Boxoffice දත්ත අනුව Fail වුන අය අය සහ Pass වුන අය ඉන්නවා.
    නමුත් Acting Capacity එක ගත්තම Nepotism හින්දා ආපු බහුතරයක් අයට කැපෑසිටියක් ඇත්තෙම නෑ.
    ඒ වගේම අර මහන්සි වෙලා කට්ට කාල ආපු සෙට් එකේ සමහර අයටත් පොඩි පොඩි Bollywood සම්බන්ධතා තියෙනවා. නැත්තෙ නෑ. විකී කෞශාල්ගේ තාත්තා Stunt Director කෙනෙක්. අන්න ඒ වගේ. නමුත් ලොකු Back Support එකක් ලැබිල නෑ විකීගේ ගමනට.
    දැන් Bollywood එකේ පැහැදිලි කොටස් දෙකක් තියෙනවා. එකක් මේ එක එක ලොකු පවුල් ගස් වලට අයත් සෙට් එක සහ ඒ අය වෙනුවෙන් කත් අදින සෙට් එක. අනික මහන්සි වෙලා ආපු උදවිය සහ ඒ අය වෙනුවෙන් කත් අදින සෙට් එක.
    ඔය කතා අස්සේ තමා Karan Johar තමන්ගේ Dharma Productions හරහා කරන සෑම නිර්මාණයක් ඇතුලෙම මේ Nepotism කියන සාධකය Promote කරන්නේ. කරන්ව බොලිවුඩ් රසිකයෝ අද හඳුන්වන්නේ Father Of Nepotism කියලා.
    ඔය මැද ඉන්න අයත් ඉන්නවා. ආමීර් සහ ශාරුක් ඔය මැදට වෙලා ඉන්න අය. ඒ දෙවිදිහකට. ආමීර් ඔය දෙපැත්තෙම නෑ. ශාරුක් ඔය දෙපැත්තෙම ඉන්නවා. හැබැයි සල්මන් එහෙම නෑ. කරන් තාත්ත නම්, සල්මන් නිකන් Nepotism වල බාප්ප වගේ.
    සුසාන්ත් මිය ගියපු හන්දා මේ Nepotism කියන කතාව ආයෙ උඩට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Twitter එකේ #BoycottBollywood කියලා කැම්පේන් එකකුත් පටන් අරගෙන තියෙනවා බොලිවුඩ් රසිකයන් විසින්. ඒ වගේම අද වෙද්දි #BoycottKaranJohar කියන කැම්පේන් එකත් Trending වෙලා තියෙනවා.
    මේ හන්දා පරණ අප්‍රකට කතා ගොඩක් එලියට එමින් තියෙනවා.
    සිය දිවි නසාගනිපු සුසාන්ත් සිං රාජ්පුත් සහ සල්මන් ඛාන් අතර ලොකු ආරෝවක් ගිහිල්ලා තියෙනවා එක දවසක "සුරාජ් පන්චෝලි" සම්බන්ධව. ඒක ඒ දවස් වල Hit News එකක් වුනා. ඒ වගේම Salman Khan Films කියන Production House එක සුසාන්ත් ට Film දෙන එක නවත්තලා කියන එකත් කතාවක් යනවා.
    ඒ වගේම මාධ්‍ය වලින් එක වෙලාවකදි සල්මන් ගෙන් සුසාන්ත් ගැන ඇහුවම, සල්මන් ඔහුගේ Crew එකේ දිහාට හැරිලා "කවුද සුසාන්ත්..? ඔයාල ජැකලින්‍තුයි එයයි දාලා ෆිල්ම් එකක් කරනවද..?" කියලා අහනවා.
    ඒ වගේම ශාරුක් සහ සුසාන්ත් අතර IIFA සම්මාන උළෙලකදී වුන සංවාදයකුත් මේ දවස් වල Viral යනවා. හැබැයි ඒක අනිත් පැත්තෙන් Defend වෙන්නේ ඒක Scripted සිද්ධියක් බව කියමින්.
    ඒ වගේම 2019 Filmfare සම්මාන උළෙලෙදි Gully Boy ලබාගත්තු සම්මාන බොහොමයක් හරිනම් යන්න ඕන සුසාන්ත් රඟපාපු Chhichhore චිත්‍රපටයට බව ඊයේ Kangana Ranaut වීඩියෝ එකකින් සඳහන් කලා. Kangana කියන්නේ මේ Nepotism වලට විරුද්ධ සටනේ ඉන්න Extreamist කෙනෙක් කියලයි ලියුම්කරුගේ පෞද්ගලික අදහස.
    "සුශාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමක් ද..?සැලසුම් සහගත මිනී මැරුමක් ද..? සුශාන්ත්ගේ එකම වැරැද්ද වුනේ ඔහු තමන්ව "වටිනාකමක් නැති එකෙකු ලෙස සලකපු මිනිස්සුන්ව" විශ්වාස කරපු එක."
    ඊලඟට තව එලියට එන කතාවක් තමයි සුශාන්ත් සිං රාජ්පුත් "පද්මාවතී" තිරගත වීමට එරෙහිව දැඩිව හින්දු විරෝධය වර්ධනය වෙද්දි සුශාන්ත් Twitter එකෙන් ඔහුගේ නමේ තියෙන රාජ්පුත් කියන කෑල්ල අයින් කරගෙන තිබුණා. එයින් පස්සේ සමාජ මාධ්‍ය ජාලා වල දැඩි විරෝධයක් මේ හින්දු අන්තවාදීන්ට එරෙහිව එල්ල වෙන්න ගත්තා. ඒ දැඩි රැල්ල හදන්නේ සුසාන්ත්.
    එහෙම සුශාන්ත් ට තමන්ගේ විවාහයට ආරාධනා කලේ නැත්තේ ඇයි කියලා ප්‍රේක්ශකයෝ ඊයේ දීපිකා සහ රන්වීර්ගෙන් අහලා තිබ්බා ?
    ඒ වගේම තවත් Tweet එකකින් කියපු විදිහට YRF, Dharma Productions, Salman Khan Films, T Series, Dinesh Vijan, Balaji කියන ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ නිශ්පාදන ආයතන සියල්ලෙන්ම සුශාන්ත්ව Bann කරලා තිබුණා. ඒ වගේම Bhansali Films වලිනුත් සුශාන්ත් ව Ban කරලා තිබුණ බවයි කියවෙන්නේ.
    ඒ වගේම Cofee With Karan වැඩසටහනකදී ආලියා සහ කරන්ගේ හාස්‍යයට සුශාන්ත් භාජනය වීම ගැනත් විවිධ කතා Viral යනවා.
    දැන් මේ ඔක්කොම අස්සේ තව තවත් තරු කතා කිහිපයක් එලියට එනවා.
    ආයුශ්මන් ඛුරානා ලියපු ඔහුගේ ස්වයං චරිතාපදානය වන Cracking The Code කියන පොතේ සඳහන් වන දෙයක් මේ දවස් වල Viral යනවා.
    "කරන් මට ෆෝන් නම්බර් එකක් දුන්නා. ඊලග දවසේ මම කරන් දුන්න නම්බර් එකට කතා කලා. කරන් එදා ඔෆිස් එකේ හිටියෙ නෑ. ඊලග දවසේ කරන් බිසි කියලා කිවුවා. ඊලඟ දවසේ ඔවුන් මට කිවුවා 'අපි වැඩ කරන්නේ තරු එක්ක විතරයි. ඔයත් එක්ක වැඩ කරන්න බෑ' කියලා.
    හිතාගන්න පුලුවන්නේ මේ ඥාති සංග්‍රහයේ සැර.
    ඊට අමතරව අනුශ්කා ශර්මා ට චිත්‍රපටයක් ලබා දීම කරන් ජොහාර් ගේ Dharma Productions ප්‍රතික්ශේප කරපු බව කියවෙනවා. එයට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ ඇය හමුදා පසුබිමක් සහිත පවුලකින් පැවත ඒම. එහිදී කරන් ක්‍රියා කරපු ආකාරය නිසා, අනුශ්කා සහ ඇයගේ පවුල දැඩි මානසික කඩාවැටීමකට ලක්වුණ බවත්, අවසානයේ ශාරුක් සිය Rab De Banadi Jodhi චිත්‍රපටය හරහා ඇයට අවස්ථාවක් ලබා දීමට තීරණය කල බවත් කියවෙනවා.
    ඒ වගේම Dabang පළමු චිත්‍රපටයේ අධ්‍යක්ශක, අනුරාග් කාශ්‍යප්ගේ සහෝදරයා, Abhinav Kashyap ඊයේ සිය Facebook පිටුවේ තැබූ සටහනක් අද මුලු ඉන්දියාවේම අවධානය දිනාගෙන තිබෙනවා. එහිදී ඔහු සෘජුවම සල්මන් ඛාන් සහ ඔහුගේ සහෝදර සමාගමට විරුද්ධව ප්‍රසිද්ධියේ පහර දෙනවා.
    Dabang චිත්‍රපටයෙන් අනතුරුව සල්මන් සහ ඔවුන්ගේ සහෝදර සමාගම විසින් ඔහුව සරදමට සහ වාචික හිංසනයට ලක් කරන්නට වූ නිසා Dabang 2 චිත්‍රපටය අධ්‍යක්ශනයෙන් තමා ඉවත් වූ බව ඔහු පවසනවා. ඉන් අනතුරුව ඔවුන් තමා අධ්‍යක්ශණය කිරීමට නියමිතව තිබූ චිත්‍රපට දෙකකට අදාල නිශ්පාදන සමාගම් දෙකකට බලපෑම් කල තමා එම ව්‍යාපෘති වලින් ඉවත් කල අයුරු ඔහු විස්තර කරනවා.
    ඉන් අනතුරුව, Besharam චිත්‍රපටය වෙනුවෙන් Reliance සමාගම ඔහු සමග එක්වූ බවත් එහි දී චිත්‍රපටය නිකුත් කිරීමට සති කිහිපයක් තබා සල්මන් ඛාන් සහ පවුල විසින් "විරෝධී ව්‍යාපාරයක්" ගෙන ගිය බවත් ඔහු කියනවා. මේ හේතුව නිසා චිත්‍රපටය මිලදී ගැනීමට සිනමා ශාලා හිමියන් බය වූ බව ත්, චිත්‍රපටයේ TV හිමිකම් සහ Satelite හිමිකම් ලබා දීමේදී ද ඔවුන්ගේ අනවරත බලපෑම් එල්ලවූ බවත් ඔහු සඳහන් කරනවා.
    Besharam වලින් පසුව ඔහුගේ සිනමා දිවිය එසේ අවසන් වුනා.
    ඊට පස්සේ තමන්ගේ හිටපු පෙම්වතිය අයිශ්චර්යා රායිගේ සිනමා දිවිය කෙලවර කිරීම වෙනුවෙන් සල්මන් ඛාන් වෙහෙස වුන හැටි ගැන කතන්දර ආයෙත් උඩට එනවා. ඒ වගේම ඒ කාලේ අයිශ්චර්යාගේ හිත පතාගෙන ආපු විවේක් ඔබරෝයිගේ සිනමා දිවිය අවසන් කරන්න සල්මන් බලපෑම් කරපු හැටිත් කියවෙනවා.
    ඒ වගේම ගායක අර්ජිත් සිං ප්‍රසිද්ධියේ සල්මන් ගැන කියූ කතාවක් ඔහු විසින් වරදවා වටහා ගැනීම නිසා හට ගත් ගැටලුවක් දිගින් දිගටම ප්‍රශ්නකාරී වෙනවා. ඒ වගේම ගීත රචක මිතූන්ටත් සල්මන් සහ සහෝදර සමාගම විසින් දිගින් දිගටම ප්‍රශ්න ඇති කර බව සඳහන් වෙනවා.
    මේ ඔක්කොම අතරේ තවත් Star Kid කෙනෙක් වන සෝනම් කපූර් Tweet එකක් දාල තිබුණා ඊයේ.
    "Blaming a girlfriend , ex girlfriend, family , colleagues for someone’s death is ignorant and fucking mean spirited."
    බැලුවම ඒකත් ඇත්ත. හැබැයි ඉතින් කවුරුහරි කෙනෙක්ව මරණයට යොමු වෙන්න, තව කෙනෙක් දායක වෙලානම් ඒකත් Expose වෙන්න ඕන දෙයක් කියලයි ඉන්දීය ප්‍රේක්ශකයෝ ආයෙ ආයෙත් කියන්නේ.
    මේ හැමදේම අද දවසේ බොලිවුඩ් ප්‍රේක්ශකයා අතර සංවාදයට බඳුන් වෙනවා. විශේෂයෙන්ම සල්මන් ඛාන්, කරන් ජොහාර්, ආලියා භාට් යන අයට විරුද්ධව දැඩි රැල්ලක් බොලිවුඩය පැත්තෙන් වර්ධනය වෙමින් තිබෙනවා.
    මේ රැල්ලේ ප්‍රතිඵලය අපට බලාගන්න පුලුවන් වෙන්නේ COVID 19 වලින් පස්සේ සිනමා ශාලා විවෘත වුනාම තමයි. එතකන් අපි බලන් ඉමු.
    | මහේල හෙට්ටිආරච්චි
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට හින්දි ෆිලුම් වැඩිය හිතට අල්ලනේ නෑ.හැබැයි සින්දු නම් පට්ට.
     
    • Like
    Reactions: sidathsaumya

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    Across Facebook, Twitter and Instagram, social media users have unfollowed those who are being accused of fuelling nepotism in the film industry. Between Monday night and Tuesday evening, actor Kangana Ranaut saw an increase in Instagram followers (from about 2 million to 3.2 million and counting) while Karan Johar’s profile registered a rapid drop (from 11 million to 10.9 million, which was within 20 mins on Tuesday afternoon). The numbers are changing dynamically as you read this story, since social media users are enraged by the non-recognition of outsider talent in Bollywood.
     
    • Love
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේක ස්ම්පූර්ණ ඇත්ත මචන්ස්ලා! ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ස්ටාර් කිඩ්ස්ලා වෙච්චි පලියටම සක්සස් වෙන්න බැහැ!! ඒ වගෙම තමයි දක්ෂයොන්ව ලේසියෙන් අත අරින්නෙත් නැහැ!!!
    EanNPHUU4AAmEfz.jpg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය ගොබ්බ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න පටන් ගත්තේ අක්ෂය,john,අයුෂ්මන්,අජේ .
    දැන් ඛාන්ලා චෝර වෙලා තියෙන්නේ ..මිනිස්සු බලන්නේ හොද ෆිල්ම් විතරයි ..මල් ගස් වටේ
    දුවන ෆිල්ම් බලනවා අඩුයි.අපි උනත් ආසයිනේ හින්දි ෆිල්ම් එකකට වඩා මලයාලම් තෙලිගු ඒවා බලන්න .
    අලුත් සෙට් එකෙන් රන්වීර් සිං ඇරෙන්නේ අනිත් උන් ඔක්කොම මෙලෝ රහක් නැහැ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේකේ සමහර කාරණාවල ගත යුත්තක් තියෙනවා හැබැයි සමහර ඒවා බොරු.
    උදාහරණයක් විදියට මෑත ෆිල්ම් වලින් අමීර් කාන්ගේ three idiots ,PK ,dangal වගේ ඒවා අති සාර්ථකයි. හැබැයි ෂාරුක් ,සල්මන්ගේ අළුත් ඒවා මෙලෝ රහක් නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මට හින්දි ෆිලුම් වැඩිය හිතට අල්ලනේ නෑ.හැබැයි සින්දු නම් පට්ට.
    my niggaa :love:
    මේකේ සමහර කාරණාවල ගත යුත්තක් තියෙනවා හැබැයි සමහර ඒවා බොරු.
    උදාහරණයක් විදියට මෑත ෆිල්ම් වලින් අමීර් කාන්ගේ three idiots ,PK ,dangal වගේ ඒවා අති සාර්ථකයි. හැබැයි ෂාරුක් ,සල්මන්ගේ අළුත් ඒවා මෙලෝ රහක් නෑ.
    90 ගණන් වල තිබ්බෙ අර ගොබ්බ ටයිප් එව්වා. කොල්ලා දුප්පත් කෙල්ල පොසත් නැත්තම් කෙල්ල දුප්පත් කොල්ලා පොසත්.
    ඔය වගෙ ආදර කතා. පස්සෙ කාලයක් ආවා අර යුරොපෙ ඇමරිකාවෙ ජිවත් වෙන ඉන්දියානු පවුල් වල ලයිෆ් එකෙ කතා.
    එව්වත් ගොබ්බයි එත් මිනිස්සු වැළඬ ගත්තාඅ.
    කොටින්ම කල්හොනා හො වග් ගොබ්බ ෆිල්ම් එකක් ( සින්දුව නම් පට්ට ඈ හැබැයි )
    හිට් වෙන කොට ස්වදෙස් වගෙ ශාරුක් ඛාන්ම ඉන්න ෆිල්ම් එකක් කොලිටි කන්ටෙන්ට් එකක් තියෙන ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් ෆ්ලොප් වෙනවා.
    ඔය කාලෙ තමා ශාරුක් ගෙ පීක් එක බොලිවුඩ් වල.
    ආමීර් අර ගොබ්බ මල් ගස් වටෙ නටන ට්‍රෙන්ඩ් එකෙන් හැලිලා වෙනම ලයින් එකක් ඇදගෙන ගියා. 2001 ලගාන් ආවා,
    ඊට පස්සෙ මිනිහාම අධ්‍යක්ෂනය කරපි තාරෙ සමීන් පර් ෆිල්ම් එක ,පස්සෙ 3 ඊඩියට්ස් වගෙ ෆිල්ම්
    අන්න කොලිටි කන්ටෙන්ට්ස් තිබ්බ ෆිල්ම්.එව්වායෙ තරු ගුණය තිබුණෙ නැහැ ෆිල්ම් කොලිටි.
    සල්මන් කාරයා තනිකරම දෙමළ ෆිල්ම් වල කොපි වල තමා රඟ පෑවෙ.

    ඉන්ටර්නෙට් එක නිසා ගොඩක් උන් පිටරට ෆිල්ම් ඩවුන්ලොඩ් කරන් බලන්න ගත්තා.
    එක නිසා බොලිවුඩ් වල දැණ් කොන්ටෙන්ට් හොයන්නෙ මිනිස්සු.
    ඒකනෙ අමිතාබ් සහ ආමිර් දෙන්නාම ඉන්න තග්ස් ඔෆ් හින්දුස්තාන් ෆෙල් උනෙ
    ශාරු ඉන්න ෆිල්ම් පවා ෆේල්.
    ඒකක් කන්ටෙන්ට් කොලිටි නොවීමම නෙමෙ නරෙන්ද්‍ර මොදි නිසා හින්දු ජාතික වාදය තියෙනවා රටෙ.
    ඛාන්ලා මුස්ලිම් වීමත් බලපෑව. ඒකන් බාහුබලි වගෙ කතාව හිට් වෙන්නෙ ,මිනිස්සුන්ට ජාතික වාදය සම්බන්ධ ෆිල්ම් ඔනි
    අපෙ මහින්දගෙ කාලෙ රජාතා හැදුනෙ.
    අන්න ඒ වගෙ.
    මන් දැක්කා ලොකු බජට් එකකට මහා භාරතය, රාමායණය ආයෙත් හදන්න යනවා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: rejectzion