බෝගල මිනිරන් පතල

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
බෝගල මිනිරන් පතල

එදා පතල් කම්කරුවන් විසින් අසීමිත දුක් කම්කටොළු මැද සිදු කළ එම රැකියාව අද වනවිට නවීන තාක්ෂණයෙන් සන්නද්දව අපූරු ලෙස සිදුවන අයුරු දැක ගැනීමටනම් ඔබ යා යුත්තේ බෝගල මිනිරන් පතල වෙතයි. ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල ආරම්භ කරන ලද්දේ 1847 දි බවට එවකට කෑගල්ල දිසාපතිවරයාගේ දිනපොත් සටහනක් සාක්ෂි දරන අතර එය දැනට ද පතල් භූමියෙහි කාර්යාල ගොඩනැගිල්ලෙහි අපූරු පුවරුවකින් දක්වා ඇත.
කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ පතල් හන්දියෙන් හැරි කිලොමීටර් 04 ක් පමණ ගිය විට බෝගල පතල් භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම හමු වේ. ගල් තලාව මත බෝ ගසක් තිබීම නිසා බෝගල වූවායැයි සැළකෙන මෙම ග්‍රාමයෙහි මහ බෝගල, කරදවත්ත, හා පුංචී බෝගල ලෙස පතල් තුනක් තිබුණු බවට සක්ෂි ඇති අතර දැනට මෙයින් ඇත්තේ මහබෝගල පතල පමණි.
බෝගල පතල පිළිබඳ තොරතුරු ලබා ගන්නට එම ස්ථානයෙ ඇති කුඩා අනුරුව මහත් ප්‍රයොජනවත්වන්නකි, මෙයින් පතලෙහි මිහිතුල මෙන්ම මිහිපිට සැලැස්ම පැහැදිලිව තේරුම් ගත හැකි ය. එමෙන්ම අතීතයෙහි පතල්වල පාවිචිචි කළ උපකරණ ද ඔබට මෙහි දි දැක ගත හැකි අතර නවීන තාක්ෂණය මුසු කරමින් පතල් කැණීම සිදුවන අයුරු ද සියැසින්ම දැක ගත හැකි ය.
bogala bo tree1950 වර්ෂයේ දි පමණ නවීන තාක්ෂණය බෝල පතලට මුසුවුණු අතර එම වකවානුවේ දී ම විදුලි සෝපාන ද පතල් ආකරවලට සවි කෙරුණා, මිනිසුන්, සහ මිනිරන් හා ගල් පිර වූ ඩක්කු පවා ඉහළ පහළ කරවිය හැකි සේ මෙම සෝපාන සවි සක්තියෙන් අනූන ය.
පළමුව බුදු දහම සිහිකර මිහි තුලට…
මිනිරන් පතලක් රැඳි තිබෙන්නෙ එහි ඇති මිනිරන් නිධි මත යන්න මා පැවසිය යුතු නොවේ. මිනිරන් නිධියක් සාමාන්‍යෙන් අඟල් කිහිපයක සිට මීටර් සිය ගනනක් දක්වා විහිදි තිබිය හැකි ය. දැනට බෝගල පතලෙහි ද මිනිරන් නිධි කිහිපයක් තිබුණ ද ඒවා විශේෂිත ආකාරයකට සාම්ප්‍රදායිකව නම් කර තිබේ. බෝගල පතල තුළ දැනට ප්‍රධාන මිනිරන් ඉල්ලම් 03 ක් ඇත. එනම්,
නා ඉල්ලම
කුඹුක් ඉල්ලම
මී ඉල්ලම
මෙහි දී මෙම නම් භාවිතා කර ඇත්තේ මෙම ඉල්ලම් ලබා ගැනීමට කණින උමග සවි ශක්තිය වැඩි කිරීම සඳහා එකල යොදා ගැනුණු ලී වර්ගය පදනම් ව බව වාර්තා වේ. එක් එක් උමගවල්වල ජල මට්ටම වෙනස් බැවින් මෙසේ විවිධ ලී වර්ග යොදා ගන්නට ඇතැයි සැළකේ. අදට ද මෙම ඉල්ලම් සඳහා මෙම ලී යොදා ගැනුනොත් කිසිදු හානියක් නොවන බව ඉංජිනේරු මතයයි. සාමාන්‍යෙන් මෙම උමගක් මීටර් 80ක් පමණ කැණීමට අවුරුදු 10 ක් පමණ ගතවන බව පැවසේ.
පිරිසිදු කරන ලද 99% කාබන් ඇති මිනිරන් කිලෝ 1000 ක් රුපියල් ලක්ෂ 04 කට පමණ අලෙවි කළ හැකි ය. කෙසේ වෙතත් පතල් තුළ සෑම විටම ජලය එකතු වේ. එය කොතරම්දැයි කිවහොත් දිනකට ජල ගැලුම් දශ ලක්ෂයකට වැඩි මිස අඩු නැත. මේ ජලය ද පොම්ප යොදා මිහිපිටට ගෙන ආ යුතු ය. බෝගල පතල් මෙසේ විවිධ කාර්යන් සඳහා යන්ත්‍ර රැසක් භාවිතාවන අතර මේවා ඇතුළු මුළු මාසික විදුලි බිල පමණක් ලක්ෂ 35 අභිබවයි.
(උපුටා ගැනීම Kegalla බ්ලොග් අඩවියෙනි)
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    5-copy.jpg

    IMG_0801-resamp.jpg

    maxresdefault.jpg
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mamath ooke athulata gehin theyanawa.....pathale banglo ekak theyanawa thanikara kalu gal walin hadapu...... Supiri......