බෝඩිං මල්ලී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තම ස්වාමි පුරුෂයා හදිසියේ අසනීප වූ බව පවසා ඊට එහා කිසිදු කරුණක් නොදක්වා බිරියක හා නිවසේ බෝඩිමක සිටි තරුණයකු විසින් පානදුර රෝහලට භාරදුන් පුද්ගල මළ සිරුරක් වැඩි දුර පරීක්ෂාවේදී එය ඝාතනයක් බවට කරණු අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
    පානදුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි දෙදරු පියකු වූ මෙම පුද්ගලයාගේ
    ගෙල සිරකර තිබූ අතර මරණය සිදුවන අවස්ථාවේ නිවසේ සිටි බිරිය හා නිවසේ බෝඩිං කාමරයක වාසය කළ පුද්ගලයා සම්බන්ධ ඇතිවූ සැකය මත පොලිසිය පරීක්ෂණ සිදු කරන්නට යොමු විය. ඒ අනුව නිවසේ තාවකාලිකව පදිංචිව සිටින තිස් හැවිරිදි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව
    මෙය ගෙළ සිර කිරීමෙන් සිදු කළ ඝාතනයක් බවට තහවුරුවී තිබේ.
    මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වාද්දුව දෙල්දූව රන්මුතු උයන පදිංචිව සිටි ගුරුගේ ලලිත් පෙරේරා
    (39 ) දෙදරු පියෙකි.
    ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්වූයේ කවර කරුණක් නිසාද යන්න තවම අභිරහසකි.පෙරේදා5 අළුයම 2.00 ට පමණ මෙම පුද්ගලයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර රෝහලට භාරදී ඇති අතර හදිසියේ අසනීපවූ බව පමණක් බිරිය හා 'බෝඩිං මල්ලී' ලෙස හඳුනාගත් පුද්ගලයා පවසා ඇත.

    එකි පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබී ඇතැයි රෝහල් ආරංචි තහවුරු කර තිබුණි.
    හදිසියේ අසනීප වුණා යයි කීම නිසා අදාළ මරණය සාමාන්‍ය මරණයක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍යවරයා මළ සිරුර පරික්ෂා කිරීමේදී ගෙලෙහි සීරීම් ,හිසෙහි හා අත් පා වල සීරීම් තුවාල දක්නට ලැබී ඇති අතර මරණය සම්බන්ධයෙන් කරුණු සඟවා තිබෙන බවක් ඉව වැටී ඇත.
    ඒ අනුව මහේස්ත්‍රාත් නියෝගයක් අවශ්‍ය බවට දැනුම් දී ඇත.

    ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු
    මහත්මිය මෘත ශරීරාගාරය වෙතපැමිණ සිරුර පරීක්ෂාකර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මූ ගේමක් දුන්න නම් කෙලින්ම මලකඩ මන්න පාරක් rambo pihi parak rambo ඊතල පාරක් තමයි දෙන්නෙ. අනික මැරුණා මිනිහට ගූ ගිහිල්ලත් නෑ නෙ.

    මුගේ මන්නෙන් කෑවොත් මෑරෙන්නේ එක්කෝ පිට ගෑස්ම හෑදිලා නෑත්නම් තෑල්මට.. මලකඩ කාපු මන්නයක් නේ. මරණ පරීක්ෂණේදි කියන්නේ මොට ආයුධයකින් පහරදීමෙන් උන මරනයක් කියලා
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මන් හිත්න්නෙ මොනා කරි කර කර ඉද්දි මාට්ටු වෙන්න ඇති. ක්ශනික ක්‍රියාත්මක වෙන්න ඇති
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    aniya.JPG
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙ දවස් ටිකට ගෑනු කී දෙනෙක් තව මිනිස්සු එක්ක එකතු වෙලා කොල්ලො, මිනිස්සු කීයක් මැරුවද..මොකක්ද මේ ගෑනුන්ට වෙලා තියෙන්නේ?

    බෝඩිම් කතා බොරු වෙන්න ඇති...මේකිගෙ හොර සීන් එකක්...කොහොම නමුත් ගෙවල් ඇතුලට තව මිනිස්සු නම් ගෙනත් දාගන්නෙපා...ඔතනින් තමෛ නවතින්නේ අනිවා...මිනි මැරුම් නැතිඋනත් ගෑනි නම් පිට යනව අනිවා .:lol:
     
    • Like
    Reactions: niyomax

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    update:
    එම කාන්තාවගේ සැමියාගේ මරණය පිළිබඳ සැකසහිත බවට ලැබුණ ආරංචි අනුව ඒ ගැන ප්‍රශ්න කිරීමේදී සිය ස්වාමි පුරුෂයා පපුවේ සහ කොන්දේ අමාරුවලින් පෙළෙන බවත් එම
    වේදනාවන් ඉවසාගත නොහැකිව සිය දෑතින් ගෙල මිරිකාගත් බවට බිරිය සාක්ෂි සපයා ඇත. ඊට පෙර ඇය ලබාදුන් සාක්ෂි ඊට වෙනස්වී තිබුණ අතර මියගොස් ඇති පුද්ගලයාගේ බිරිය ඉකුත් පස්වැනිදා අලුයම දෙකට පමණ සැමියාව පානදුර මූලික රෝහලට රැගෙනවිත් පවසා ඇත්තේ හදිසියේ තමාගේ සැමියා මියගිය බව පමණි.