බෝතලයේ තිබ්බේ මෙතිල් ඇල්කොහොල් ..?☠️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    methanol_EN_1.png


    මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයන් පස්දෙනෙක් මළහ.

    බෝතලයේ තිබෙන්නේ විදෙස් මත්පැන් කියා සිතා ධීවරයන් එම දියරය පානය කර ගී ගයමින් යාත්‍රාව තුළ විනෝද වී රාත්‍රි නින්දට ගොස් පසුදින උදෑසන බලන විට ස්කිපර්වරයා ලෙස කටයුතු කළ ධීවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව දැනගත් අතර දියරය පානය කළ අනෙක් ධීවරයන්ට හිසරදය කලාන්තය සෑදී ඔවුන්ගේ ඇස් නොපෙනී අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ දියර පානය කළ 6 දෙනාගෙන් 5 දෙනෙකුම ජීවිතක්ෂයට පත් විය.

    යාත්‍රාවේදී ඔවුන් එම බෝතලයේ දියර පානය කරන්නට පෙර සෙල්ෆියක්ද ගසා තිබූ අතර එහි එකී බෝතලයද තිබේ.

    මෙම ලේබලයක් නැති බෝතල ආකාර බෝතල වලින් රසායනික වර්ග කිහිපයක්ම අලෙවි කෙරේ.නයිට්‍රික් ඇසිඩ්, මෙතිල් ඇල්කොහොල්, අයිසොප්‍රොපිල් ඇල්කොහොල්, මෙතිලින් ක්ලෝරයිඩ් හා ෆෝමැල්ඩිහයිඩ් ඒවා අතරින් කිහිපයකි.

    ධීවරයන්ට එය හමුවෙද්දී ලේබලයක් නොතිබුණ නමුත් බෝතලයෙන් ඇල්කොහොල් සුවඳ දැනුණ බවත් එය මත්පැන් යයි සිතා පානය කළ බවත් පවසා තිබුණි.

    අනුමාන කරන ආකාරයට නෞකා පිරිසිඳු කිරීම සඳහා යොදාගන්නා 'මෙතිල් ඇල්කොහොල් ' මෙම බෝතලයේ තිබෙන්නට ඇත.

    එතිල් ඇල්කොහොල් බීවාට විස නැති නමුත් මෙතිල් ඇල්කොහොල් බීවාම විසවන බව ඔවුන් තේරුම් නොගන්නට ඇතැයි මේ අනුව අනුමාන කෙරේ.

    මෙතනෝල් Antifreeze ලෙසත්, වීදුරු පිරිසිදු කිරීමටත්, තීන්ත නිෂ්පාදනය හා තනුක කිරීමට තිනර් ලෙසත් බහුලව භාවිතා වන බව පැවසේ.
    නෞකාවල පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා මේවා යොදාගන්නා බවද පැවසේ.


    මෙතනෝල් ශරීරය තුලට ඇතුළු වූ පසු එන්සයිම ක්‍රියාවලියේදී අතරමැදි ඵලයක් ලෙස "ෆෝමැල්ඩිහයිඩ්" එනම් එම්බාම් කිරීමට ගන්නා "ෆෝමලීන්" නිෂ්පාදනය වෙයි.

    ශරීරය තුල ෆෝමලින් සෑදී ප්‍රෝටීන ,ඇමයිනෝ ඇසිඩ් අක්‍රීය වී මරණයට පත්වීම සිදුවන බව පැහැදිලි කර තිබේ.

    මෙතිල් ඇල්කොහොල් (CH3OH) යනු දැඩි ගන්ධයක් සහිත අවර්ණ ද්‍රව්‍යයක් බවත් එයින් ඇස්, සම, පෙනහළු සහ ආහාර ජීර්ණ පද්ධතිය හරහා අවශෝෂණය කළ හැකි විෂක් බවත් පැහැදිලි කර තිබේ. අධික ලෙස නිරාවරණය වීම මරණයට හේතු වන නමුත් හානියේ මට්ටම මාත්‍රාව, කාලසීමාව අනුව එය වෙනස් විය හැකි බවද පැවසේ.
    FB-IMG-1720091364161.jpg
     
    • Wow
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    මෙතිල් රනිල් එක සමාන නම් දෙකක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුල්ල කුජීත මරණයක් නේද ලැබිල තියෙන්නේ. 🤔 ඇස් අන්ධ වෙලා වකුගඩු අක්මාව නැවතිලා ඒ. අස්සේ ඇඟේ ෆෝමලීනුත් හැදෙනවලු. බිව්වා වගේ නෙමෙයි පණ පිට්න් එම්බාම් කරා වගේ ඇති.
    පව් මොනව වුනත්. 😐
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Youtube comment

    "

    @skyphone8133

    1 day ago
    ධිවරයින් 04 දෙනෙකු රෝගි වි මැරී වැටෙනුයේ ජුනි 29වන දිනය.. ඒ අතර කාලයේ ඇල්ලු මාලු ධිවර බෝට්ටු දොකෙම ඇති අතර ඇනිත් බෝට්ටුවට පැටෙවුවද තව විශාල පමාණයක් ඉතිරිය. මේ නිසා එය පැටවිමට වෙන බෝට්ටුවක් යැවීමට කාලය ගැනීම සදහා මේසේ ධිවර බෝට්ටු කැඩි ඇතැයි ඈදගෙන පැමීනිය යුතූ යයි කියමින් මාලු මුදලාලිලා රගනුයේ ඇල්ලු මාලුටික වෙලදපොල වෙත රිංගවාගැනිමේ මෙහෙයුමකි. ඒ අනුව මාලු මුදලාලිලා සතරවරං ගසනුයේ බහුදින ධිවර බෝට්ටුව අධිකරණය භාරයට ගත්පසු රසපරීක්ෂක වාර්තා එන තුරැ මාලු ටික ගැනිමට නොහැකි නිසා ඊට පෙර වෙනත් බෝට්වූවකට මිනි හතර සමග තිබු මාලු ටික මාරැකර ඒ වෙනුවට කුණු මාලු හා වීකිණිමට නොහැකි මාලු දමා ගෝඩබීමට ගෙනැවිත් පොලිසියට භාරදීමටය.
    mini tika awe devon 5 tamai mam dakka widiyata.. wena bottu walata maru karala nam thibbe naa... mini tika gatteth malu stock karana ice room walin... ee video eka dakke nam fb eken...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මීතයිල්, ඊතයිල්ද, අයිසො ප්‍රොපයිල් ද මොනව හරි කමක් නෑ ඇල්කොහොල් නම් එච්චරයි සිංහලුන්ට