බෝතලයේ_ඇතුල්_පැත්ත . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බෝතලයේ_ඇතුල්_පැත්ත . . .

    බෝතලයේ ඇතුල් පැත්ත . . .

    01-38.jpg

    අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා නේද ?

    ඉතින් විසි කරනවට වඩා, ඒක හොඳයි නෙ නේද ? කැඩෙන්නෙ බිඳෙන්නෙ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්නෙ . . .

    ඔව් . . . ඒත් . . . දන්නවද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුව තමයි ඒවා නැවත නැවත පාවිච්චි කරන්න හොඳද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නෙ . . .

    02-37.jpg

    ඉතින් කොහොමද ඒක හොයාගන්නෙ කියන එක සමහර අයට දැනටමත් ප්‍රශ්නයක් වෙලා ඇති නේද ? මේ ගැන දන්න අයත් එලකිරි සයිට් එකේ ගොඩක් ඇති. එත් ඒ ගැන නොදන්න අය වෙනුවෙන් මම කියලා දෙන්නම් ප්ලාස්ටික් බොතල් නැවත නැවත පවිච්චි කරන්න සුදුසුද ? නැද්ද ? කියලා හොයා ගන්න විදිය . . .

    ඔයලා ප්ලාස්ටික් බොතලයක් අතට අරගෙන හොදට පරික්ෂා කරලා බලන්න, ඒ බෝතල්වල පතුලේ ත‍්‍රිකෝණාකාර සලකුණක් ඇතුලේ අංකයක් සඳහන් කරල තියෙනවා, මෙන්න මේ වගේ . . .

    04-31.jpg

    අපි දැන් බලමු මේ බෝතල්වල පතුලේ ඇති ත‍්‍රිකෝණාකාර සලකුණ සහ එහි ඇතුලේ ඇති අංකයෙන් මේ ප්ලාස්ටික් බොතලය නැවත නැවත පාවිච්චියට සුදුසුද නැද්ද කියලා හඳුනගන්නේ කොහොමද කියලා . . .

    ඒ එක් එක් අංකයෙන්ගෙන් කියවෙන්නෙ එම බෝතලය නිපදවා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද කියන එකයි. මෙම බෝතල් ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියේ දී එක් එක් ප්ලාස්ටික් වර්ග වෙන්කර හඳුනා ගැනීමට මෙම අංකය යොදා ගන්නවා. ඒ වගේම නැවත නැවත භාවිතයට සුදුසුද ? නුසුදුසුද ? කියලා තීරණය කිරීමටත් මෙම අංකය භාවිතා කරන්න අපට පුළුවන්. බොහෝ විට අපි එදිනෙදා වෙළඳපොලෙන් මිලදී ගෙන භාවිතා කරන බෝතල් නිපදවීම සඳහා අංකය 1, 2, 4 හා 5 ලෙස සඳහන් ප්ලාස්ටික් වර්ඟ යොදා ගනු ලබනවා . . .

    පලමුවෙන්ම අපි මෙම සලකුණු වලින් හැදින්වෙන ප්ලාස්ටික් වර්ඟ ටික හදුනාගෙන ඉමු . . .

    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    14867_PET.gif
    - PETE - Polyethylene Terephthalate

    >>>>>>>>>>>>>>>>>>>>>>>
    14868_HDPE.gif
    - HDPE - High Density Polyethylene

    >>>>>>>>>>>>>>>>>>>>>>>
    14869_PVC.gif
    - Polyvinyl Chloride

    >>>>>>>>>>>>>>>>>>>>>>>
    14870_LDPE.gif
    - LDPE - Low Density Polyethylene

    >>>>>>>>>>>>>>>>>>>>>>>
    14871_PP.gif
    - PP - Polypropylene

    >>>>>>>>>>>>>>>>>>>>>>>
    14872_PS.gif
    - PS - Polystyrene

    >>>>>>>>>>>>>>>>>>>>>>>
    14873_other.gif
    - OTHER - Unallocated References


    බොහෝ වතුර බෝතල්වල, බීම බෝතල්වල මේ අංකය 1 ලෙස සඳහන් වෙනවා. එවැනි අඩු අගයන්ගෙන් සඳහන් බෝතල් හිරු එළියට නිරාවරණය වීමේදී ජලය සහ එම ප්ලාස්ටික් නිපදවා ඇති අමුද්‍රව්‍ය අතර සිදුවෙන ප‍්‍රතික‍්‍රියා හේතුවෙන් ශරීරයට ඉතා අහිතකර මාරාන්තික විෂ වර්ග නිෂපාදනය වී ජලයට එකතුවීමේ දැඩි අවදානමක් පවතිනවා. අංක ක්‍රමක් ක‍්‍රමයෙන් ඉහළට යද්දී මෙම අවදානම තරමක් අඩු බවයි කියැවෙන්නේ. පහළ අගයන්ගෙන් යුත් අංක සහිතව නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත කිරීමට නොහැකිය. මෙවැනි බෝතල් එක් වරක් භාවිතා කිරීමෙන් පසු යළි භාවිතා නොකරන එක තමයි මේ දේවල්වලින් ඇතිවන අහිතකර බලපෑම් වළක්වන්න අනුගමනය කළ යුතු නිවැරදිම වැඩ පිළිවෙල. මේවා නැවත නැවත භාවිතයේ දී සිදුවන සීරීම්, හිරු එළියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතලේ අඩියේ ලවණ වර්ග තැන්පත්වීම් ආදී ක‍්‍රියාවලීන් හේතුවෙන් එවායේ අන්තර්ගත විෂ වහනය වීම වඩාත් ශීඝ‍්‍ර වෙන්න පුළුවන්​. ඒ වගේමයි මේ ආකාරයෙන් නැවත නැවත පවිච්චියට නුසුදුසු බොතල් වල ජලය හෝ වෙනත් දියර වර්ඟ පානය කිරීමෙන් සිරුර තුළ තැන්පත් වන රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක‍්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේමයි මෙම විෂ වර්ඟ ශරීර ගතවීම නිසා ක්ෂණික මරණ පවා සිදුවෙන්න හැකියාව තියෙනවා . . .

    මෙම අගය අංකය 5 ලෙස සඳහන් බෝතල් ඔබ බොහෝ විට දැක ඇති. ඒවා නැවත නැවත භාවිතය සඳහා සුදුසු ලෙස නිර්දේශිත ප්ලස්ටික් වර්ඟ වලින් නිෂ්පාදනය කර ඇත . . .

    විසිතුරු ලෙසට නිර්මාණය කර තිබෙන, නැවත පාවිච්චියට සුදුසු යැයි කියන බොතල් වෙළඳපොළේ අපට බොහෝ විට දක්නට ලැබෙනවා. ඒවා මිළදී ගැනීමේදී මේ අංකය පරීක්‍ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන් සඳහා ප්ලාස්ටික් බෝතල් තෝරා ගැනීමේදී ඔබ වඩාත් මේ ගැන සැලකිලිමත් විය යුතුයි . . .

    03-36.jpg

    ඒ වගේමයි එක් වරක් පමණක් භාවිතා කිරීමට නිර්දේශිත බෝතල් භාවිතයෙන් පසු බැහැර කිරීමේදී ඒවා ක‍්‍රමවත්ව බැහැර කිරීමටත් අප වගබලා ගත යුතුය. අප සැමගෙත්, පරිසරයේත් හිත සුව පිණිස අප කල යුත්තේ එක් වතාවක් පමණක් භාවිතා කර ඉවත දමන බොතල් ක‍්‍රමවත් ලෙස බැහැර කිරීමයි, ඊට අමතරව නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කිරීම මඟින් පරිසරයට මෙවැනි ප්ලාස්ටික් ද්‍රවය වැඩිපුර එකතුවීම වැලැක්වීමටත් අපට පුළුවන් නේද ?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්
    දන්නේ නැති දේවල් ගොඩාක් දැනගත්තා
    ස්තුතියි ඔයාට
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Meka gana mata issara mail ekak ava..:yes:
    Mama use karanne mevayin ekak..:cool:

    1_SKYY_Vanilla.jpg

    Honda post ekak.. TFS... :)
    ++