බෝතල් ගැන වැදගත් කථාවක්.........

herosl

Member
Jul 27, 2011
61
26
0
බෝතල් ගැන වැදගත් කථාවක්.........




[FONT=&quot]අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරදු වෙලා තියෙනවා.[/FONT]
[FONT=&quot]‘‘ඉතින් විසි කරනවට වැඩිය ඒක හොඳයිනේ? කැඩෙන්නේ බිදෙන්නේ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්නේ.“[/FONT]
[FONT=&quot]ඔව්.... ඒත්.... දන්නවද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුවයි ඒවා නැවත පාවිච්චි කරන්න හොඳ ද නැද් ද කියන එක තීරණය වෙන්නෙ. [/FONT]
[FONT=&quot]‘‘ඉතන් කොහොම ද ඒක හොයාගන්නෙ?‘‘[/FONT]
[FONT=&quot]ඔය බෝතල් වල පතුලේ ත්‍රිකෝණාකාර සලකුණක් ඇතුලේ අංකයක් සඳහන් කරල තියෙනවා. මෙන්න මේ වගේ.......[/FONT]






[FONT=&quot]ඒ අංක‍යෙන් කියවෙන්නේ ඒ බෝතලය නිපදවා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද කියල යි. මේ බෝතල් ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියේ දී එක් එක් ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමට මේ අංකය යොදා ගන්නවා. ඒ වගේම නැවත නැවත භාවිතයට සුදුසු, නුසුදුසු බෝතල් තෝරාගැනීමටත් මේ අංකය භාවිතා කරන්න පුළුවන්. බෝහෝ විට අපි එදිනෙදා වෙළඳපොලෙන් මිලදී ගෙන භාවිතා කරන බෝතල් නිපදවීමේදී මේ අංකය 1,2,4 හා 5 ලෙස සඳහන් ප්ලාස්ටික් යොදාගැනෙනවා.[/FONT]
[FONT=&quot]බෝහෝ වතුර බෝතල් වල, බීම බෝතල්වල මේ අංකය 1 ලෙස සඳහන් වෙනවා. මේ අංකය 1 ලෙස සඳහන් බෝතල් නිර්දෙශ කරන්නේ එක් වතාවක් පාවිච්චි කිරීමට පමණයි. හිරු එලියට නිරාවරණය වීමේදී ජලය හා එම ප්ලාස්ටික් නිපදවා ඇති අමුද්‍රව්‍ය අතර සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් ශරීරයට ඉතා අහිතකර මරාන්තික විෂ වර්ග ජලයට එකතුවීමේ දැඩි අවදානමක් පවතිනවා. අංක ක්‍රමයෙන් ඉහළට යද්දි මෙම අවදානම තරමක් අඩු බවයි කියැවෙන්නේ. මෙම පහල අගයන්නේ යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නොකරන ලද්දක්.මේවා නැවත භාවිතයේදී සිදුවන සීරීම්, හිර එලියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතල් අඩියේ ලවණ වර්ග තැම්පත්වීම් ආදී ක්‍රියාවලීන් හේතුවෙන් මෙම විෂ වහනය වීම වඩාත් සීඝ්‍ර වෙනවා. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වු මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිරැර තුල තැම්පත් වන රසානික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක්‍රියාත්මක වෙනවා. [/FONT]
[FONT=&quot]මේ අංකය 5 ලෙස සඳහන් බෝතල් ඔබ දැක ඇති...... ඒවා නැවත නැවත භාවිතයට නිර්දේශ කරනවා. විසිතුරැ ලෙසට සකස් කර තිබෙන නැවත පාවිච්චියට සුදුසු යැයි කියන බෝතල් වෙළඳපොලේ තිබෙනවා. මේවා මිලදී ගැනීමේ දී මේ අංකය පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම කුඩා දරැවන් සඳහා ප්ලාස්ටික් බෝතල් තෝරා ගැනීමේදී ඔබ වඩාත් මේ ගැන සැළකිලිමත් විය යුතු යි.[/FONT]
[FONT=&quot]එක් වරක් පමණක් භාවිතා කිරීමට නිර්දේෂිත බෝතල් භාවිතයෙන් පසු බැහැර කීරීමේ දී ඒවා ක්‍රමවත්ව බැහැර කීරීමත් අප කාගේත් වගකීමක්. අපගේත් පරිසර‍යෙත් හිත සුව පිණිස පවතින්නේ එක් වතාවක් පමණක් භාවිතාකර ඒ බෝතල් අක්‍රමවත්ව බැහැර කිරීම නොව, නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කිරීම යි.
referance:www.mangsuwu.blogspot.com
[/FONT]
 
Last edited: