බෝතල් වතුර බොනවා නේද ??????

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    බෝතල් වතුර බොනවා නේද ??????

    521847_297091173725246_595050922_n.jpg


    මෙන්න බලන්න යාළුවනේ ඔයාලා අපි බස් එකේ, කෝච්චියේ යනකොට හැදෙන තිබහට බොන්නේ මොනවද කියලා. මොවුන් කරන්නේ හෝටල් වල රේස්‍ටුරන්ට් වල සුද්දෝ බීලා විසිකරන හිස් වතුර බෝතල් අරගෙන මේගොල්ලොම පාරේ ටැප් එකෙන් වතුර පුරවලා මුඩියට සීලුත් ගහලා අළුත් බෝතල් වගේ විකුණනවා.

    කොළඹ, කළුතර, මාතර වගේ ගොඩාක් ස්ථාන වල මේ ජාවාරම ජයටම කෙරෙනවා. P.H.I මහත්තුරුන්ට මෙවා ගැන හොයන්න වෙලාවක් නැතුව ඇති නේද. බොතල් කල පානීය ජල බොතලයක් (50...
    0 ml) Rs. 35 කට වෙළද සැල් වල විකුණන අතර මොවුන් අලෙවි කරනු ලබන්නේ Rs. 50 වැනි මුදලකටයි.

    එසේම පිරිසිදු කම ගැන නොසිතන මොවුන් බෝතල් ශීත කිරිම සදහා නියමිත ක්‍රම වේදයක් නොතිබීමට පුළුවන්. මාළු මුදලාලිලගේ හෝ මස් වෙළඳුන්ගේ ශීත කාමර වල පවා ජල බෝතල් ශීත කිරිමට යොදාගන්නව විය හැකියි.

    මෙම පින්තූරනම් ඉන්දියාවේ ඒවා. නමුත් ශ්‍රී ලංකාවේ අගනගර වල බස් වල වෙළෙන්දන් ගැන දන්නා උදවිය ට මේ ගැන අළුතෙන් කීමට අවශ්‍ය නැහැ. එසේම කඩෙන් ගන්නා බෝතල් වතුර වල රසයත්, බස් වෙළෙන්දන්ගෙන් මිලට ගන්නා බෝතල් වතුර වල (අමි)රසයේත් වෙනස ඔබට හොඳට මතක ඇති.

    වෙළඳාමක් කරගෙන කීයක් හරි සොයාගන්නා වෙළෙන්දන්ගේ බඩට ගහන්නට අපිට වුවමනා නෑ. නමුත් ඔබගේ බඩට මොනවා හරි වුණ විට ඔබ වෙනුවෙන් ඔය වෙළඳුන් කවුරුවත් පෙනී සිටින්නේත් නැහැ. එනිසා නගරබද ආහාර ගැන P.H.I මහත්වරු සැලකිළිමත් වෙනවා මෙන්ම, විශ්වාසවන්ත තැනකින් පමණක් ආහාර ගැනීම ඔබෙත් වගකීමක්.

    ජලය හරහා බෝ වෙන හෙපටයිටීස් පාචනය කොළරාව වැනි රෝග බහුල මේ වැසි කාලයේ මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ සහෘද ඔබව අපට ඉතාමත් වැදගත් නිසයි.

    ෆේස්බුක් එකෙන් දැකලා ඉස්සුවේ
    රීපොස්ට් නම් සොරි
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ubatanam pinsidda wenawa. thawath nam mama bus ekata nagina ewngen wathura bonnee...
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මාර කේස් එකක් තමඊ. මූඩියේ සීල් එකෙන් හොයා ගන්නත් බැ වගේ. Thank you අපිව දැනුවත් කලාට.

    :baffled::no: