බෝතල් වතුර

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    ඔබත් බෝතල් කළ ජලය පානය කරනවා නම් නොවරදවා මෙය කියවන්න.

    ඔබ භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතලයට ශරීරයට අයහපත් රසායනික සංඝටකයන් නිකුත් කිරීම කළ හැකිය. එම නිසා බෝතලය අඩියේ තිබෙන්නාවූ විශේෂ සලකුණු ගැන විශේෂ අවධානයක් යොමු කිරීම නුවණට හුරුය. ඉහත රූපයේ තිබෙන පරිදි තිකොණාකාර සලකුණෙන් කියවෙන්නේ එම බෝතලය සාදා ඇති ප්ලාස්ටික් විශේෂය පිලිබඳවය.



    14903160-29624760-6767-0-1498649675-1498649678-650-1-1498649678-650-a9de60d758-1498853683.jpg



    • මෙහි තිබෙන PET 1 or PETE 1 ලෙස දැක්වෙන සලකුණෙන් අදහස් වෙන්නේ මෙම බෝතලය එක් වරක් පමණක් භාවිතයට සුදුසු බවය. මෙවැනි බෝතල් ඔක්සිජන්, අදික තාපය හෝ හිරු එළියට නිරාවරණය වූ විට අහිතකර විෂ ද්‍රව්‍ය ජලය වෙත මුදා හරී.
    • 3 හෝ 7 (PVC හා PC) යනුවෙන් ලේබල් ඇති ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් වළකින්න. එහි ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍ය නිසා ඔබට දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට පුළුවන.




    14903210-29620710-182765-0-1498648836-1498648873-650-1-1498648873-650-0cfa9ee5b6-1498853683.jpg



    polyethylene (2 and 4) and polypropylene (5 and PP) යනුවෙන් සඳහන් වන්නාවූ බෝතල් භාවිතයට සුදුසුය. එසේ වන්නේ ඔබ සිසිල් ජලය පමණක් ගබඩා කර ඇති විට පමණි. මිට අමතරව එම ජලය නිතර මාරු කිරීමද කල යුතුමය.




    14903260-29772910-7-0-1498722423-1498722449-650-1-1498722449-650-25e20e99d0-1498853683.jpg



    භාවිතා කරන ලද වතුර බෝතලයත් වැසිකිළි ආසනයත් අතර වෙනසක් නොමැති බව විද්‍යාඥයන් පවසයි. එසේ පවසන්නේ එහි ඇති බැක්ටීරියා මට්ටම ඉතා ඉහල අගයක් ගන්නා නිසාය. බෝතලය නොසෝදා රත් වූ ජලය එහි තැබීමෙන් බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය කරණ පරිසරය අප විසින්ම සාදා දෙයි. ඒ නිසා බෝතලය නිතර සෙදීම, සිසිල් ජලය පමණක් ගබඩා කිරීම කළ යුතුය.




    14903310-29615460-182763-0-1498646679-1498646699-650-1-1498646699-650-23a7f8aeec-1498853683.jpg



    බෝතලය හොඳින් සේදුවත් ඇතැම් විට ආහාර විෂ වීම, Hepatitis වැනි රෝගයන් ඇති වීම සුලභ දෙයකි. එසේ වන්නේ බෝතල් මුඩියේ සහ බෝතලයේ ඉහළ කොටස් නිසියාකාරව පිරිසුදු නොවීමයි. එම නිසා බටයක් ආධාරයෙන් ජලය පානය කිරීම වඩා සුදුසු වේ.



    15004360-31062060-41-0-1499422908-1499422913-650-1-1499422913-650-f03471ecb2-1499687779.jpg


    ඔබ දැක ඇති සෑම වතුර බෝතලයකම එහි ජල මුලාශ්‍රය (Water Source) සඳහන් වී තිබෙන බව. නමුත් එම ජලයත් ඔබ නිවසේ ඇති නළ ජලයත් අතර කිසිම වෙනසක් නැති බව ඔබ දැන සිටියාද? ඒ බව වතුර බෝතලයේම ඉතා කුඩා අකුරෙන් සටහන් වී තිබේ. බොහෝ දෙනා මෙය නොසලකා හරී. කෙසේ නමුත් ජළ මුලාශ්‍රය බෝතලයේ සඳහන් කිරීමට එම ආයතන බැඳී සිටී.


    15004410-31257660-3465011-0-1499658592-1499658608-650-1-1499658608-650-944a36096b-1499687779.jpg


    ලංකාවේ දැකීමට අඩු උවත් බොහෝ ආයතන ජලයට රසකාරක දමා එය සාමාන්‍ය ජලයට වඩා හිතකර යයි කියමින් අලෙවි කරනු ලබයි. එනමුත් එහි ඇති සීනි නිසා සාමාන්‍ය ජලයට වඩා බැක්ටීරියා වලට වර්ධනය වීමට සුදුසු පරිසරයක් සාදයි.

    ජය වේවා!
     
    Last edited:

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Eth 1 keyanne 1parak pavichchiyata sududui keyana eka nemei neda.. E Plastic wargaya.. E warga karanne kohomada keyalanm danne na,,,
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    Eth 1 keyanne 1parak pavichchiyata sududui keyana eka nemei neda.. E Plastic wargaya.. E warga karanne kohomada keyalanm danne na,,,


    1 කියලා තියෙන්නේ 1 time කියලා නෙවෙයි. එත් එක් වතාවකට වඩා පාවිච්චී කරණ එක සුදුසු නැහැ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වගේ ත්‍රෙඩ් වලට දෙන්න තමයි රෙප් කියල ජාතියක් තියෙන්නෙ
    රෙප්+6
    පට්ට ත්‍රෙඩ්. වටිනවා බං
    :yes::yes::yes::yes: