බෝතලේ භූතයා ඇත්ත කතාව

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බෝතලේ භූතයා ඇත්ත කතාව

    භූත ආත්ම ගැන එක්තරා රූපවාහිණී නාලිකාවක් සටහනක් මගින් කරපු වැඩසටහනක් පහත ඇත.මේවා ගැන බුද්ධිමත්ව බැලිය යුතුය.එහෙත් මේවා ගැන කිසිත් නොදන්නා ජන සමාජය මේවා විමර්ෂනාත්මකව බලා නිගමනය කරනවා වෙනුවට කෙරෙන්නේ එක්වරම යම් අඩු වැඩි ප්‍රමාණයන් සහිතව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි.පිළිගන්නේ නම් කුමන නිර්නායක මතද නොපිළිගන්නේ නම් කුමන නිර්නායක මතද යන්න බොහෝ දෙනෙක් නොදනී.මේ සඳහා බුදුන් වහන්සේ දේශනා කල පරිදිම උපන් දේශය,වටපිටාව,කුලය දෙමාපියන්ගේ දෘෂ්ටි ප්‍රමාණයන්ගේ තීර්වතාවය අනුවද තරුණ බුද්ධිය කෙරෙහි ඇති වන්නාවූ බලපෑම අති විශාලය.එම නිසා මේවා තීරණය කලයුත්තේ බාහිර බලපෑම් වලින් තොරවූ බුද්ධිමත් මනසක් තුලින්ය.ඒ විචාරශීලී බුද්දිමත් මනස නිර්මාණය කරගැනීමට නම් ඒ සඳහා වූ වපසරිය තමා විසින්ම ස්වයොත්සාහයෙන්ම නිර්මාණය කරගත යුතුවේ.එලෙස එම විචාරශීලී බුද්ධිමත් මනසට ඔබට ලඟාවිය නොහැකි නම් ඔබට නොපෙනෙන ලෝකය පිළිබඳව ආවැඩීම හෝ විවේචන කිරීමෙන් වළකින්න.


    ඉහත පිවිසුම ගණදෙව්යන් සිහිකර සටහන් කලෙමි~~~






    යොදාගෙන ඇති තාක්ෂණය

    වැඩි විස්තරයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් සුළු වශයෙන් කියාදීම මැනවියි සිතමි.

    හතු පිපෙන්නා ලෙස විශ්මිත ජ්‍යෝතිෂ‍ය අනාවැකි කීමට,ඉහත වීඩියෝ පටයේ පරිදි භූතයන් හෝ පෙරේත ආත්ම දැකිම හතු පෙපෙන්නා විෂ්මිත ආයුරුවේද වෙදකම් කිරීම අද රූපවාහිනියේ සුලබ දෙයකි.මේ සඳහා ඔවුන් විසින් යොදාගන්නා මලගිය පෙර තමාට හිතවත් ප්‍රේත හෝ භූත ආත්මයක් පුද පඬුරු දී ලංකර ගැනීම සිදු කරයි.මෙයට මුණ්ඩ ක්‍රමය කියා හැඳින්වෙයි.

    මුණඩ ක්‍රම වර්ග කීපයකි.
    1.කර්ණ මුණ්ඩය
    2.නයන මුණ්ඩය
    3.ස්පර්ශ මුණ්ඩය

    කර්ණ මුණ්ඩය- ජ්‍යෝතිෂ්‍යයේදී බහුල ලෙස යොදා ගැනේ.ලංකර ගත් ප්‍රබල ප්‍රේත හෝ භූත ආත්මයක් කනට කර කියන දෙය එලෙසම තම සේවා දායකයාට පවසයි.
    උදාහරණ- මෙකල තරුණ ප්‍රකට ජ්‍යෝතීර්වේදියෙක් විසින් පලාපල කතනයේදී බහුල ලෙස භාවිතා කෙරේ.

    නයන මුණ්ඩය - භූත විද්‍යාවේදී යොදාගනී.එක්තරා අපට පියවි ඇසට නොපෙනෙන රූප සමාන්‍ය ඇසට දෘෂ්ඨිකර දෙයි.
    උදාහරණ- ඉහත වීඩියෝවේ සාමාන්‍ය ඇසට නොපෙනෙන චරිත තමාට පෙනෙනවායි පවසයි.ඔහුගේ මාමණ්ඩිය විසින් තම නැගනියගේ දරුවාට නයන මුණ්ඩ ක්‍රමය පුහුණු කරවා අත.එහෙත් මාමණ්ඩිය එම බලය ලබාගෙන නැත.රහස දන්නෝ දනිති.

    ස්පර්ශ මුණ්ඩය-දේෂීය සහ ගුප්ත වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වේ.වරදින සහ භූත විද්‍යාව හා දේශීඉය වෛද්‍ය විද්‍යාව සම්බන්ද කරගෙන වඩ කරන අය අඩු හෙයින් ඔබ දන්න උදාහරණයක් කීමට නොහැක. දඩයම වරදී ගිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ගැන ඔබට මතකයක් ඇත්නම් ඒ එවන් අවස්ථාවකි.

    මෙලෙස තමාගේ මිතුරු භූත ආත්මයක් බන්ධනය කර ප්‍රයෝජන ගත හැක්කේ උඅපරිම වසර 5ක් හෝ 6ක් වැනි කෙටි කලෙකි.ඉන්පසු ????


    මෙය ඉතාමත්ම භයානක සහ අවදානාත්මක භූත විද්‍යා ක්‍රමයක් බැවින් කිසිලෙසකින් හෝ මේවාගේ සහාය ලබාගැනීමට නොසිතිය යුතුය.ඒ ගැන විස්තර පළකිරීමද අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමද උචිත නම් පමණක් සිදුකරමි.:yes:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උපන්දිනේ සහ අංකයක් අහලා අනාවැකි කියනවා නෙත් FM එකේ,
    ඒක නම් මොකක්ද කියන්ඩ දන්නේ නෑ.
    නිමිති ශාස්ත්‍රය කියල එකක් තියෙනව තත් කාලේ බලල කියන එකක්.ඔය කියන එක කොහොම කියනවද කියල බලන්ඩ අපිට පේන්නේ නෑනේ.
     
    • Like
    Reactions: kellsupun

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    උන් බොරුවට බයකරන්නත් එක්ක මගුලක් දානවා අන්තිමට අප අවට මොකක්ද එකක් කියලා.
    උදාරිගේ Photo එකක් බලලයි ඒක අමතක කරගත්තේ :rofl: :lol:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෙම වීඩියෝ පටයේ මුල් කොටස අදාල රෑපවාහිනී ආයතනයෙන් ලබාගෙන පරික්ෂා කලොත් නිවැරදි බව මෙහි සඳහන් කරමි...ගුප්ත විද්‍යාවේදී කිසිවක් නිවැරදිව ප්‍රකාශ කිරීම බොහෝ විට අපහසුය. අප නොදන්නා දේ ඕනෑතරම් මේ විශ්වය තුල පවතී....
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    පුලුවන්නම් බොතලයකට යකෙක් දාල දෙන්න.
    ebay එකෙ හොද ගානකට විකුනන්න පුලුවන්.
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    නයන මුණ්ඩය - භූත විද්‍යාවේදී යොදාගනී.එක්තරා අපට පියවි ඇසට නොපෙනෙන රූප සමාන්‍ය ඇසට දෘෂ්ඨිකර දෙයි.
    උදාහරණ- ඉහත වීඩියෝවේ සාමාන්‍ය ඇසට නොපෙනෙන චරිත තමාට පෙනෙනවායි පවසයි.ඔහුගේ මාමණ්ඩිය විසින් තම නැගනියගේ දරුවාට නයන මුණ්ඩ ක්‍රමය පුහුණු කරවා අත.එහෙත් මාමණ්ඩිය එම බලය ලබාගෙන නැත.රහස දන්නෝ දනිති.


    මම නොදනිමි...කරුනාකර පැහැදිලි කර දෙන්න​..
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    බොරුවක්ම කියලා අහක දාන්නත් හොද නැ..:no::no::no:
    ඇත්ත කියල බදාගන්නත් හොද නැ.....:no::no::no::no:
    මේවා තේරුම් ගැනීමට මද්‍යස්තව සිතිය යුතුයි.....
     

    Similar threads